ර/හංගමුව හ්‍රී රත්නෝදය ම.වි ප්‍රථමාධාර ඒකකය පිහිටු වීම සදහා නන් අයුරින් උදවි උපකාර කළ සැමට
වීඩියො දර්ශණ
එලවළු - පළතුරු - ජලය – ව්‍යායාම
මලබද්ධය මඟහරවන මඟක්
මලබද්ධය යනු කුමක්ද?
බොහෝ දෙනෙක් තමන්ට දින 2ක් හෝ 3ක් වැසිකිළි යාමට අවශ්‍ය නොවූ විට එය මලබද්ධය ලෙස හඳුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක් සතියකට අවම වශයෙන් තුන්වරක් වත් වැසිකිළියට යනවා.

එසේ වුවත් බොහෝදෙනෙක් දිනකට වරක් හෝ දෙවරක් වැසිකිළි යනවා. ඒ තමයි සාමාන්‍ය තත්ත්වය. සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ අවස්ථා කීපයක්ම මලබද්ධය ලෙස හඳුනාගැනෙනවා. ඇතැමුන් දිනපතාම වැසිකිළියට ගියත් ඔවුන්ට මල පිටවන්නේ ඉතා වියළිවයි. එයත් මලබද්ධය ලෙස හඳුන්වනවා.
එමෙන්ම ඇතැමුන් දිනපතාම වැසිකිළි යනවා; ඔවුන්ට මල පිටවන්නේත් වියළිව නොවේ; එහෙත් ඔවුන් වැසිකිළි යාමට අධික ආයාසයක් ගත යුතුයි. එම තත්ත්වයත් මලබද්ධය ලෙස හඳුන්වනවා. තවත් පිරිසක් සිටිනවා, ඔවුන් දිනපතාම වැසිකිළි යනවා.
එහෙත් ඔවුන්ට දැනෙනවා තමන්ට මලබද්ධය ඇතැයි කියා. ප්‍රායෝගික වශයෙන් මෙය විස්තර කිරීම අපහසු වූවාට මෙම තත්ත්වය හඳුන්වන්නේත් මලබද්ධය ලෙසයි. තවත් පිරිසක් සිටිනවා, ඔවුන් වැසිකිළියට යනවා; මලපහකර පැමිණෙනවා; නමුත් ඔවුන්ට දැනෙනවා තවමත් තමන් මලපහකර අවසන් නැති බව. මෙම තත්ත්වය සලකන්නේත් මලබද්ධය ලෙසයි. අවසන් වශයෙන් දැක්වූ කරුණ ඉතා වැදගත් රෝග ලක්ෂණයක් ලෙස සැලකෙනවා.
මලබද්ධයත් සමඟ තවත් රෝග ලක්ෂණ කීපයක්ම තිබෙනවා. විශේෂයෙන්ම වැසිකිළි යාමේදී එන වේදනාව, මලපහකිරීම ආරම්භ කරනවිටත් මලපහ කරනවිටත්, මලපහකර අවසන් වූ විටත්, අධික වේදනාවක් දැනෙන පිරිසක් සිටිනවා. ඇතැමුන්ට එම වේදනාව සමඟම රුධිරය පිටවීමක් ද සිදුවෙනවා. මෙහිදී ඇතැමුන්ට මලපහකිරීම ආරම්භයේදීම රුධිරය පිටවෙනවා.

එහි අවසන් ඵලය වන්නේ නැවත මලබද්ධය ඇතිවීමයි; මලබද්ධය වර්ධනය වීමයි. මලබද්ධය ඇතිවූ විට පහවන මල ඉතා ඝන වෙනවා. අපගේ මහා අන්ත්රය දිගේ මල එක්තරා වේගයකින් ගමන් කළ යුතුයි. එසේ ගමන් කරන විට මලවල තිබෙන ජල කොටස් නැවත මහා අන්ත්රයට උරාගන්නවා.
මහා අන්ත්‍රයේ වැඩිවේලාවක් මල රඳුණොත් එම මලවල තිබෙන ජලය මහා අන්ත්රය මගින් වැඩියෙන් උරාගන්නවා. එසේ ජලය උරාගත්විට එම මල ඝන වෙනවා. ඒ නිසා මහා අන්ත්රය තුළ මල එයට නියමිත වේගයකින් ගමන් කළ යුතුයි. මේවා මලබද්ධය හා බැඳුණු ගැටලු.
මලබද්ධය ඇතිවන්නේ ඇයි?
මලබද්ධය ඇතිවීමට මූලික වන හේතුව අහිංසක කරුණක් විය හැකියි. එසේ නැතිනම් කිසියම් සරල රෝග ලක්ෂණයක් විය හැකියි. එසේත් නැතිනම් භයානක රෝග ලක්ෂණයක් විය හැකියි.
මලබද්ධයට හේතු වූ කරුණු අහිංසක හේතුවක් නම්, චර්යාවන් වෙනස් කිරීමෙන් එම මලබද්ධ තත්ත්වය සුවපත් කළ හැකියි. ඉතා සුළු පිරිසකට පමණක් මලබද්ධය ඇතිවීම භයානක රෝගයක රෝග ලක්ෂණයක් විය හැකියි. මලපහ කිරීම ඉතා සරල කි්රයාවක් ලෙස පෙනුණ ද එය සංකීර්ණ කි‍්‍රයාවලියක අවසන් ඵලයයි.
අප වැසිකිළියට ගියවිට ඉතා ඉක්මනින් මලපහ කිරීමට අපට බෝහෝවිට හැකිවෙනවා. එහෙත් ඉතා සුළු ගැටලුවකින් එම කි‍්‍රයාවලියේ සමතුලිතතාවය නැතිවිය හැකියි. එවිට ඉතා පහසු කටයුත්තක් වූ වැසිකිළි යාම ඉතා අපහසු කටයුත්තක් බවට පත්වෙනවා. මලපහ කිරීමට බොහෝ තත්ත්වයන් නිවැරැදි විය යුතුයි. ඒ සඳහා මානසික සූදානමක් තිබිය යුතුයි.
යමෙකුට මානසික ගැටලු තිබේනම් එය මලපහ කිරීමට තදින්ම බලපානවා. බොහෝ දෙනෙකුට වැසිකිළි යාමට අවශ්‍යතාවක් ඇතිවන්නේ, කිසියම් ආහාරයක් හෝ පානයක් ගත් පසුවයි. එයට හේතුවන්නේ කිසියම් ආහාරයක් ආහාර මාර්ගයට ඇතුළු වූ විට ක්රමාකුංචන කි‍්‍රයාවලිය මඟින් මහාන්ත්‍රය යම්කිසි චලනයකට ලක්වීමයි.
ඒ නිසයි බොහෝ දෙනෙක් උදෑසන අවදි වී වැසිකිළි යාමට ප්‍රථම තේ කෝප්පයක් පානය කිරීමට පෙළඹී සිටින්නේ. යමෙකු නිවෙසින් පිටවී ඇති අවස්ථාවක වැඩිපුර මලපහ කිරීමේ අවශ්‍යතාවක් දැනෙන්නේ නෑ. ඒ; වැසිකිළි යාමට සිටින පරිසරය තදින්ම බලපාන නිසයි. නියමිත වේලාවකට නියමිත ආකාරයකට වැසිකිළි යාමේ පුරුද්දක් පුංචි දරුවන් තුළ ඇතිකළ යුතුයි. (Toilet training).
කිසියම් අයකු මලපහ කිරීම නිතිපතා කල් දැමුව හොත් එය පුරුද්දක් බවට පත්වෙනවා. ඒ නිසා මලපහ කිරීමට උත්තේජනයක් ඇතිවූ විට එය කල් නොදැමිය යුතුයි. ඇතැම් විටෙක කල්දැමිය යුතු අවස්ථාද එළඹෙනවා. එසේ නොමැතිව මලපහකිරීම නිතර නිතර කල්දැමීම මඟින් මලබද්ධය නම් කරදරකාරී රෝගය ඇතිවිය හැකියි.
වර්තමානයේදී ඇතැම් දෙනා වැසිකිළියට ගොස් පොත් කියවීමට පත්තර බැලීමට පවා පෙළඹී සිටිනවා. මෙය ඉතා නරක පුරුද්දක්. යමෙකු වැසිකිළියට යා යුත්තේ මලපහ කිරීමට අවශ්‍යතාවක් ඇතිවුවොත් පමණයි.
වැසිකිළියට ගියවිට මලපහ කිරීමට අවශ්‍යතාවක් නැති බව හැඟේ නම් එයින් පිටවිය යුතුයි. නැවත ඒ සඳහා උත්තේජනයක් ඇතිවූ විට නැවත වැසිකිළියට යා හැකියි. වැසිකිළියේ අනවශ්‍ය ලෙස කාලය ගතකිරීම ගුද මාර්ගය ආශ්රිත රෝග රැසකටම ආරම්භය බව නවතම පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙන කරුණක්.
වැසිකිළියට ගොස් මලපහ කිරීමට උත්සාහ කරමින් වැඩි කාලයක් ගතකිරීමෙන් ගුද මාර්ගය හා සම්බන්ධ අනෙකුත් කොටස්වලට විශාල බලපෑමක් ඇති කරනවා. අර්ශස් රෝගය ඇතිවීමට මූලික වන්නේ මෙයයි. වර්තමානයේදී ගැස්ට්‍රයිටිස් රෝගයට, හෘද රෝගවලට, මානසික රෝග, ස්නායු රෝගවලට නියම කරන ඖෂධ විවිධ විටමින වර්ග ගැනීම මඟින් මලබද්ධය ඇතිවීමේ හැකියාවක් තිබෙනවා.
ගුද මාර්ගය ආශ්රිත රෝගාබාධ නිසාම මලබද්ධය ඇතිවන අවස්ථා තිබෙනවා. විශේෂයෙන්ම Fisher නම් රෝගය නිසා මලබද්ධය ඇතිවෙනවා. ගුද මාර්ගයේ ඇතිවන පැලීම Fisher රෝගය ලෙස හඳුන්වනවා. මෙම රෝග තත්ත්වය බොහෝ දෙනෙක් අර්ශස් රෝගය ලෙස වරදවා වටහා ගන්නවා. මෙය ඉතාම වේදනාකාරී රෝග තත්ත්වයක්.
![]() කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සී.කේ.පතිරණ |
වැසිකිළියෙන් පිටතට පැමිණි පසුවත් ඔවුන් පසුවන්නේ ඉතා වේදනාකාරීවයි. වැසිකිළි යාමෙන් පසුව ඔවුන්ට වාඩිවී සිටීමට පවා අපහසුයි. ඒ වේදනාව නිසාම ඔවුන් වැසිකිළි යාමට කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ නිසාම ඔවුන්ගේ මලබද්ධය එන්න එන්නම වැඩිවෙනවා.
එහි ප්‍රතිඵලය වන්නේ නැවත මල ඝන වී ගුද මාර්ගය නැවත නැවතත් තුවාලවීමයි; පැලීමයි. ගුද මාර්ගය පැලීමේ මෙම රෝගයට වහාම ප්‍රතිකාර ගත යුතුයි. මීට අමතරව අර්ශස් රෝගය නිසාද මලබද්ධය ඇතිවිය හැකියි. ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන ගෙඩි නිසාද මලබද්ධය ඇතිවීමේ හැකියාවක් තිබෙනවා.
එම ගෙඩි ඇතැම්විට අහිංසක ගෙඩි විය හැකියි. ඇතැම්විට ඒවා පිළිකා වැනි දරුණු ගෙඩි විය හැකියි. ගුද මාර්ගයේ ගෙඩි ඇතිවූ අයකු වැසිකිළියට ගොස් අවසන් වූ විට රුධිරය ද සමඟ සෙම වැනි සීදම් (ශ්ලේශ්මල) යා හැකියි. මෙම රෝග ලක්ෂණත්, වැසිකිළියට ගොස් පැමිණි විට නැවත වැසිකිළියට යාමේ අවශ්‍යතාව දැනීමත් තිබේනම්, එය විශේෂ රෝග තත්ත්වයක් ලෙස සලකා වහා පරීක්ෂාවට ලක්විය යුතුයි. එමෙන්ම මහා අන්ත්‍රයේ ඇතිවන ඇතැම් ආසාදන තත්ත්වයන් නිසා ද යමෙකුට මලබද්ධය ඇතිවිය හැකියි.
මලබද්ධයෙන් මිදෙන්නේ කෙසේද?
මූලික වශයෙන්ම මලබද්ධයට හේතුවන කරුණ සොයා එයට ප්‍රතිකාර කළ යුතුයි. මලබද්ධය නම් රෝග ලක්ෂණය පෙන්නුම් කරන්නේ 90%ක්ම කිසිදු රෝගයක් නොමැතිව මලබද්ධය ඇතිවූ උදවියයි.
දිනක් දෙකක් වැසිකිළි යාම ප්‍රමාද වූවාට වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු වන්නේ නෑ. එසේ වුවත් මලබද්ධය හා බැඳුණු රෝග ලක්ෂණ සමඟ මලබද්ධය පවතීනම්, වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. බොහෝ දෙනෙකුගේ මලබද්ධයට හේතුවී තිබෙන්නේ චර්යාවන්ගේ ඇතිවූ අඩුපාඩුකම්. එම චර්යාවන් වෙනස් කරගත්විට එම මලබද්ධ තත්ත්වය පහවී යනවා.
අප ගන්නා ආහාරත් පානය කරන ජලය ප්‍රමාණයත් මලබද්ධයට බෙහෙවින්ම බලපානවා. මලබද්ධය ඇතිවන්නේ මලවල තිබෙන ජලය මහාඅන්ත්රයේදී ශරීරයට උරා ගැනීම නිසා බව දැන් ඔබ දන්නවා. ඒ නිසා වැඩියෙන් ජලය පානය කළ යුතුයි.
එසේම අපගන්නා ආහාරයට අලුත් එළවළු සහ පලතුරු වැඩිපුර එකතු කර ගැනීමෙන් ද මලබද්ධයෙන් මිදිය හැකියි. පිෂ්ටය, මේදය අඩංගු ආහාර අපගේ ශරීරයට උරාගන්නවා. එළවළු, පලතුරු පළාවර්ග වැනි කෙඳි සහිත ආහාර එලෙස ශරීරයට උරාගන්නේ නෑ. ඒ නිසා මහා අන්ත්‍රයේ ක්රමාකුංචන කි‍්‍රයාවලිය හොඳින් සිදුවීමට එළවළු පලතුරු කෙඳි සහිත ආහාර වැඩිපුර ගැනීම ඉතා වැදගත්.
මලබද්ධයෙන් මිදීමට ව්‍යායාම කිරීමත් ඉතා වැදගත්. හොඳින් ඇවිදීම මඟින් මහා අන්ත්රයට ඉතා හොඳට ව්‍යායාම ලැබෙනවා. නිවෙසට වී ආහාර ගනිමින් විවේකීව කලක් සිටින විටත් මලබද්ධය ඇතිවෙනවා. මෙය විශ්‍රාමික වැඩිහිටියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්.
කෝපි, කෝලා බීම වැනි පානයන් මලබද්ධය ඇතිකිරීමට හේතුවෙනවා. එමනිසා එළවළු පලතුරු වැඩිපුර ආහාරයට එක්කර ගැනීම, වැඩිපුර ජලය පානය, දිනපතා ව්‍යායාම කිරීම මඟින් මලබද්ධයෙන් වැළැකී සිටිය හැකියි.
සාකච්ඡාවකින් සකස් කළේ ගාමිණී සුසන්ත
නිරෝගීව ජීවත්වන්නට කැමැතිද?
ඔබ දන්නවාද? ඔබේ ශරීරයට ව්‍යායාම අඩු වීමෙන් ඔබට මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට නොහැකි වන බව. ඒ වගේම රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව ආදී විවිධ රෝගයන්ටත් ඔබට ගොදුරු වීමට තිබෙන ඉඩ කඩත් වැඩිය. මේ නිසා නිරෝගිව දිවි ගෙවන්නට නම් ඔබ අනිවාර්යයෙන් ම ව්‍යායාම කළ යුතුයි.
අපි ඒ පිළිබඳ දැනුමක් ලබාදී, ඔබට නිරෝගිව, සතුටින් දිවි ගෙවන්න උපකාර කරන්නම්.

ඒ ඒ අවස්ථාවලට ගැලපෙන ව්‍යායාම අප ඉදිරි සතිවලදී ඔබට ගෙන එනවා. ඒ නිසා ඔබ ව්‍යායාම කිරීමට සුදුසු වේලාවක් වෙන් කර ගැනීමට ඒ තරම් ආයාසයක් දැරිය යුතු නෑ. එහෙත් ඔබට හැකි නම් උදෑසන හෝ සවස ඒ සඳහා සුදුසු කාලයක් වෙන් කර ගැනීම ඔබේ දිගු කාලීන නිරෝගීභාවයට ඒ සුළු කාලය වුවත් විශාල ප්‍රයෝජනයක් වේවි.
ව්‍යායාමයකට පෙර කිරි වීදුරුවක් වැනි සුළු ආහාරයක් පමණක් ගන්න ඔබ මතක තබාගත යුතුයි. ඔබේ ආහාර වේල ගෙන පැය තුනක් පමණ ගත වූ පසු ව්‍යායාම කිරීමත් සුදුසුයි. ව්‍යායාමයෙන් පසු සමබල ආහාර වේලක් ලබාගැනීමට පැය ගණන් ගත කර සිටීම අවශ්‍ය නෑ. ඒ වගේම තමයි ජලය පානය නොකර ව්‍යායාම කරන්න යන්න එපා. ඒ වගේම වැඩිපුර ජලය පානය කිරීමෙන් ද ඔබට ව්‍යායාම කිරීමට අපහසුවක් දැනෙනවා. ඒ නිසා ඔබ පිපාසයේ තරමට පමණක් ජලය පානය කළ යුතුයි. ව්‍යායාම අතරතුරදී ඇතිවන පිපාසයේදී ජලය ස්වල්පයකින් තොල් හා දිව තෙමා ගන්න. ව්‍යායාම කරන අතරතුර වැඩිපුර ජලය පානය කිරීමෙන් මාංශපේශි පෙරලීමකට ලක් විය හැකියි.
ඔබේ ශරීරයට ව්‍යායාම අවශ්‍ය ප්‍රමාණය දැන ගන්නේ කෙසේද යන්න පිළිබඳ ඉදිරි සතියකදී පූර්ණ විස්තරයක් ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබ දැන සිටිය යුතුයි හෘදය ස්ඵන්දනය එකවර වැඩිවන ආකාරයට ව්‍යායාම නොකළ යුතු බව. එය ක්‍රමයෙන් වැඩි කරගෙන, ක්‍රමයෙන් ම අඩු කර ගත යුතුයි. එමෙන්ම ඔබ ගන්නා හුස්ම ප්‍රමාණයම පිට කළ හැකි තරමට වෙහෙස විය යුතුයි. ඒ වෙහෙස ඔබට වචන කීපයක් කතා කර ගැනීමට බාධාවක් නොවන තරමේ වෙහෙසක් විය යුතුයි. ඔබට අපහසුවක් දැනේ නම් ඔබ ව්‍යායාමය නතර කරන්න.
![]() |
ක්‍රීඩා නිලධාරී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංජුලා දමයන්ති |
විනාඩි 20 කට වඩා කාලයක් නොකඩවා හෘදය ක්‍රියාත්මක වන විට ඔබේ ශරීරයේ වැඩිපුර තැන්පත් වී ඇති මේදය දහනය වෙන්න පටන් ගන්නවා. දිවීම, පිහිනීම, නර්තනය වැනි ක්‍රියාකාරකම්වලින් ඔබේ අනවශ්‍ය මේද දහනයක් සිදු කර ගත හැකියි. එපමණක්ද නොවේ මන්ද බුද්ධික දරු උපත්, මළ දරු උපත් මෙන්ම වඳ භාවය පවා ඇති කිරීමට ව්‍යායාම නොකර සිටීම හේතු විය හැකි බව තරුණ කාන්තාවන් මතක තබා ගත යුතුයි.
ලබන සතියේ සිට ව්‍යායාම නිසි අයුරින් කරමු.
නම්‍යශීලිත්වය ඇති කරන දිගැදුම් ව්‍යායාම

අපි ප්‍රථමයෙන් ම මේ දිගැදුම් ව්‍යායාම කළ යුත්තේ ඇයි කියා විමසමු. මේ ව්‍යායාම කිරීම මගින් ඔබේ නමනීයත්වය (නම්‍යශීලී බව) වර්ධනය වෙනවා. එමෙන් ම ඔබේ කය මෙන් ම මනස ද සැහැල්ලු වෙනවා. සිරුර උත්තේජනය වී, ඔබේ දක්ෂතා ඉතා කෙටි කාලයකින් ඉස්මතු කැර ගැනීමට හැකි වෙනවා.
එහිදී සිදුවන්නේ ඔබේ ශරීර උෂ්ණත්වය වැඩිවෙනවා මෙන් ම, රුධිර සංසරණය හොඳින් සිදුවී, ශරීර මාංශපේෂිවලට හොඳින් ඔක්සිජන් ලැබී, සිරුර උත්තේජනය වීම යි. ඔබ මේ ව්‍යායාමයේ යෙදීමෙන් මාංශපේෂිවල තද බව අඩුවී, ශරීරය සැහැල්ලු වෙනවා. එමෙන් ම, එයින් සිදුවන ඉතා වැදගත්ම කාර්යයක් වන්නේ, ඔබේ ශරීරයේ සන්ධිවල චලන පරාසය වැඩිවීම යි.
ඔබේ සන්ධිවල චලනය පාලනය කරන්නේ සන්ධි වටා තිබෙන මෘදු පටක, ටෙන්ඩන්ස්, ලිගමන්ස්වලිනි. එමෙන් ම මේ සන්ධි වටා තිබෙන තරලයේ ඝනත්වය අඩුවීමක් ද මේ ව්‍යායාමයෙන් සිදුවනවා. එයින් ද සන්ධි චලන පරාසය වැඩි වෙනවා. කෙසේ වෙතත් ඔබ මේ දිගැදුම් ව්‍යායාම ඉතා පරෙස්සමින් සිදු කළ යුතු යි. එනම් අපි සඳහන් කළ සන්ධි වටා ඇති මෘදු පටක ආදියට හානි සිදු නොවන ආකාරයෙන් ව්‍යායාමය කළ යුතුයි.
අප ඔබට කලින් සතියක දී කියා දුන් ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම නොකර, දිගැදුම් ව්‍යායාම සිදු කළ හොත්, ඒ මෘදු පටකවලට හානි සිදුවිය හැකි යි. ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම්වලින් ඔබේ ශරීරයේ මාංශපේෂි උණුසුම් වෙනවා. ඒ උණුසුම් වීම නිසා මාංශපේෂි ඉලාස්ටික් එකක් මෙන් ඇදෙන්න ගන්නවා. එවිටයි දිගැදුම් ව්‍යායාම කළ යුතු වන්නේ.
එසේ නොවී, දිගැදුම් ව්‍යායාම කළ හොත් සියුම් මාංශපේෂි ඉරීමකට ලක්වෙන්න පුළුවන්. එමෙන්ම මතක තබාගන්න, මේ ව්‍යායාම ඔබ කළ යුත්තේ පියවරින් පියවරට යි. එමෙන් ම ශරීරයේ සෑම මාංශපේෂියක් ම ඇදීමට ලක් කළ යුතු යි. එය ද ක්‍රමානුකූලව කළ යුතු වෙනවා.
ඔබේ ශරීර මාංශපේෂියක් ඇදීම තත්පර 10 සිට 30 දක්වා කාලයක් සිදු කළ යුතුයි. ආධුනිකයකුට තත්පර 10 සිට 20 දක්වා කාලයක් එය කිරීමට හැකි ය. පුහුණු අයෙක් නම් තත්පර 30 ක් පමණ කිරීම සෑහේ. එනම්, ඔබ එක් ඉරියව්වක සිට, එබඳුම කාලයක් මාංශපේෂි ඇදීමක් කළ යුතු යි.
ඒ අතර ඔබ හොඳින් ආශ්වාස ප්‍රශ්වාස කළ යුතු යි. වඩා වැදගත් වන්නේ අදාළ කාලය එම ඉරියව්වේ සිටීම යි. මේ දිගැදුම් ව්‍යායාම මගින්, ක්‍රීඩාවේ උපරිමයට ම ඔබ ගෙන යාමට ත්, වෙහෙස පමා කිරීමටත්, ව්‍යායාම අතර සම්බන්ධය වැඩි දියුණු කිරීමටත් හේතු වෙනවා. එමෙන් ම කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ වේදනාකාරී බව අඩු කිරීමටත් මේ ව්‍යායාමය පිටිවහලක් වෙනවා.

බෙල්ල වටා ඇත්තේ සියුම් ස්නායු වීම එයට ප්‍රධානත ම හේතුවයි. බෙල්ල අනවශ්‍ය ලෙස ඇදීමක් කළහොත්, එම ස්නායුවලට හානියක් සිදුවිය හැකියි. ඔබ ඇඟිලිවලින් උඩට තෙරපුමක් යොදන ගමන්, හිසෙන් පහළට තෙරපුමක් ඇතිකළ යුතු යි.
බෙල්ල පිටුපස ඇති මාංශපේෂි ඇදීම සඳහා අත්දෙක වැලමිටෙන් නවා, හිස පිටුපසින් තබාගෙන, කකුල්වල ඇඟිලි පෙනෙන තරම් හිස නැවිය යුතුයි. එසේ අතින් හිස පහළට යොමු කරවන ලෙස තෙරපීමක් කරන ගමන්, ඊට ප්‍රතිවිරුද්ධ තෙරපුමක් හිස මගින් ඇති කළ යුතු යි.
ඔබේ ප්‍රධාන ව්‍යායාමයෙන් පසු වෝට් ඩවුන් (ඇග උණුසුම අඩු කිරීම) කිරීම සඳහාත් දිගැදුම් ව්‍යායාම කළ යුතුයි.
පුහුණු සැසිය එවිට පරිපූර්ණ වනවා ඇත. අප ඉහත සඳහන් කළ ව්‍යායාමය තත්ත්පර 10 ක් පමණ කිරීම වෝට් ඩවුන් සඳහා සුදුසු යි. ශරීරය පමණක් නොව, මනස සැහැල්ලු වන ව්‍යායාමයක් ද, ක්‍රීඩාවෙන් පසු අනුගමනය කිරීමට අමතක කරන්න එපා.
සමන් ගුණවර්ධන
කුදු වීම වයස්ගත වීම නිසාම ඇතිවන දුබලකමක් නොවේ. එය එක්තරා රෝගයක රෝග ලක්ෂණයකි. එම රෝගය හැඳින්වෙන්නේ “ඔස්ටියෝපොරෝසිස්” යනුවෙනි.
කලින් හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර සහ චර්යාමය වෙනස්කම් ද සිදු කිරීමෙන් ඉතා පහසුවෙන් ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් මිදීමේ හැකියාව ඇත. කුඩා කල පටන්ම සමබල ආහාර වේලක් ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම මඟින් මේ රෝගයට ගොදුරු නොවී සිටීමට ඔබට පුළුවන.
ඔස්ටියෝපොරෝසිස් යනු අපගේ අස්ථි පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන බෝ නොවන රෝගයකි. ශරීරයේ අස්ථි නිර්මාණය වී ඇති අස්ථි බදාමය දුර්වල වී අස්ථි ව්‍යුහය වෙනස්වීම් වලට භාජනය වීමෙන් මෙම රෝගය ඇතිවන බව සොයාගෙන ඇත.
මෙහිදී සිදුවන්නේ ශරීරයේ තිබෙන අස්ථි ස්කන්ධය (අස්ථි ප්‍රමාණය) ක්‍රමයෙන් අඩුවීම සහ අස්ථි ව්‍යුහයේ ඇතිවන දුර්වලතාව නිසා අස්ථි සතු බර දරා ගැනීමේ හැකියාව අඩුවීමය. එහි අවසන් ඵලය වන්නේ සුළු වැටීමක් පෙරළීමක් නිසා හෝ අස්ථි බිඳී යාමය.
මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ ශරීරයේ සිදුවන අස්ථි බිඳී යාම් සෑම එකකට හේතුව ඔස්ටියෝපොරෝසිස් රෝගය නොවන බවය. යම් කිසි පුද්ගලයකු ගසකින් වැටීම, වාහනයක ගැටීම වැනි අනතුරක් නිසා සිදුවන අස්ථි බිඳී යාම ඔස්ටියෝපොරෝසිස් රෝගය නොවේ.
එමෙන්ම යමකුගේ ශරීරයේ අස්ථි ස්කන්ධය අඩුවූ පමණින්ම ඔස්ටියෝපොරෝසිස් රෝගය ඇති නොවේ. මේ රෝගයට ගොදුරු වන වයස් කාණ්ඩයන් විශේෂයෙන් හඳුනාගත හැකිය. ඒ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයෝය.
ඔස්ටියෝපොරෝසිස් රෝගයට වැඩියෙන්ම ගොදුරු වන්නේ කාන්තාවන් බව හෙළි වී ඇත. ලොව පුරා සිටින මිලියන 200 ක පමණ කාන්තාවෝ මේ වන විට ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පීඩා විඳිති.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 60 - 70 අතර වයසේ පසුවන කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට මේ රෝගයෙන් පීඩා විඳින අතර වයස අවුරුදු 80 ඉක්මවූ කාන්තාවන් තිදෙනෙකුගෙන් දෙදෙනකුම ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු වී ඇති බවත් හෙළි වී ඇත. බොහෝ වැඩිහිටි කාන්තාවන් නිතර කියන කොන්දේ අමාරුවට හේතුව ඔස්ටියෝපොරෝසිස් රෝගය විය හැකිය.
ඔස්ටියෝපොරෝසිස් යනු අස්ථිවල පරිවෘත්තීය ක්‍රියාවලියට සම්බන්ධ එකම රෝගයයි. අස්ථි පද්ධතිය ඇතිවන රෝගාබාධ අතර අස්ථි බිඳීම්, අස්ථි ආසාදනයට ලක්වීම් තිබෙන බව ද මතක තබා ගන්න.
මෙම රෝගය ශරීරය තුළ වර්ධනය වීම සිදුවන්නේ ඉතා සෙමෙන් සහ නිහඬවය. බොහෝ දෙනෙක් තමන් ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු වී ඇති බව තම අස්ථියක් බිඳී යන තෙක්ම දැනගත්තේ නැත. එය එතරම්ම නිහඬ රෝගයකි.
වයස අවුරුදු 50 වැඩි කාන්තාවන් හතර දෙනෙක් සැලකූ විට ඉන් එක් අයකුගේ කොඳුඇට පෙළෙහි අස්ථි බිඳී යාමක් සිදුවිය හැකිය. ඔස්ටියෝපොරෝසිස් රෝගයේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන අස්ථි බිඳී යාම් අතරින් ඉතා සුලබම අස්ථි බිඳී යාම මෙයයි. අස්ථි බිඳීයාම ඔස්ටියෝපොරෝසිස් රෝගයේ සුලභම රෝග ලක්ෂණය වන අතර කොඳු ඇට පෙළෙහි ඇතිවන වක ගැසීම, කල් පවතින කොන්දේ වේදනාව සෘජු කාය විලාශයේ ඇතිවන වෙනස්කම් මෙහිදී ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණ වේ. ශරීරයේ අස්ථි බිඳී යාම ඔස්ටියෝපොරෝසිස් රෝගයේ දී ඇතිවන අවාසනාවන්තම සහ පීඩාකාරීම සංකූලතාවයයි.
ශරීරයේ ඕනෑම අස්ථියක ඇතිවන බිඳී යාමක් ඔස්ටියෝපොරෝසිස් රෝගය නිසා ඇතිවිය හැකි වුවද කොඳු ඇට, උකුල් ඇට, මැණික් කටුව හෝ ඉදිරි බාහුවේ ඇතිවන අස්ථි බිඳී යාම් මෙම රෝගයේ සුවිශේෂී ලකුණු ලෙස දැක්විය හැකිය.
මෙම අස්ථි බිඳී යාම් අතර උකුල් ඇටය බිඳී යාම සෞඛ්‍ය තත්ත්වයට විශාල බලපෑමක් ඇති කරවන කරුණකි. උකුල් ඇටය බිඳී යාම රෝහල් ගත කිරීම් වලට මෙන්ම අස්ථි බිඳීම් නිසා සිදුවන මරණවලට ද බෙහෙවින් හේතු වේ. උකුල් ඇටය බිඳී යාමට ලක්වූ රෝගීනගෙන් සියයට 50 කටම වසරකට පසුව වුවද ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගැනීමේ දී වෙනත් අයකුගේ සහාය අත්‍යවශ්‍ය වේ.
ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු නොවී සිටීමට කළ යුත්තේ කුමක් දැයි දැන් අපි සොයා බලමු. මෙම රෝගයෙන් මිදීම සඳහා අවශ්‍ය වන ප්‍රධානතම සාධකය වන්නේ උපතේ සිට මරණය දක්වා ගෙවන කාලය තුළ පෝෂ්‍යදායි, සමබල ආහාර වේලක් දිනපතා ලබාගැනීමය.
දෙවැනි සාධකය වන්නේ ව්‍යායාම කිරීමය.
පළමුව අපි පෝෂ්‍යදායි ආහාර වේල පිළිබඳව තොරතුරු සොයා බලමු. ප්‍රෝටීන, මේදය, කාබෝහයිඩ්රේට මෙන්ම ඛණිජ ලවණ ද පෝෂ්‍යදායි ආහාර වේලකට ඇතුළත් විය යුතුය. මෙම පෝෂ්‍ය පදාර්ථ නිසි ප්‍රමාණවලින් ලැබිය යුතු අතර ඇතැම් පෝෂ්‍ය පදාර්ථ ශරීරයට වැඩිපුර ලැබීම ද ඔස්ටියෝපොරෝසිස් රෝගය වර්ධනය වීමට හේතු වේ. ඔස්ටියෝපොරෝසිස් රෝගය පිළිබඳව කතා කරන විට කැල්සියම් සහ විටමින් ඩී පිළිබඳව වැඩියෙන් කතා වේ. කැල්සියම් අවශ්‍ය පමණට වඩා ශරීරයට ලැබීම ද බොහෝ ගැටලු ඇති කරවන කරුණක් බව හෙළි වී ඇත.
ඕනෑම පුද්ගලයකුගේ අස්ථි වර්ධනය වන්නේ ළමා අවධියේ දී ය. ඒ සඳහා කැල්සියම් සහ විටමින් ‘ඩී’ ඉතා අවශ්‍ය වේ. වයස්ගත වූ විට ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු වන්නේ අස්ථි වර්ධනය වන ළමා අවධියේ දී නිසි පෝෂණයක් මඟින් විටමින් ඩී සහ කැල්සියම් ශරීරයට නොලැබී යාමනිසාය. එමෙන්ම සෑම වයසකදීම අස්ථි පද්ධතිය නිරෝගී වීම සඳහා නිසි පෝෂණය අත්‍යවශ්‍ය වේ.
යමෙකුට කිසියම් අනතුරක් සිදුවී අස්ථියක් බිඳී ගියා යැයි සිතන්න. එම අස්ථිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට නිසි පෝෂණයක් අවශ්‍යම වේ.
මේ පිළිබඳව කතා කිරීමේදී කැල්සියම් වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. වයස අනුව ශරීරයට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ද වෙනස් වේ. ඕනෑම පුද්ගලයකු ඉපදී මිය යනතෙක් ගත කරන කාලය තුළ වැඩියෙන්ම කැල්සියම් අවශ්‍ය වන්නේ වයස අවුරුදු 10 - 18 අතර කාලයේදීය. ඒ; අස්ථි වර්ධනය සිදුවන සමයයි.
අවශ්‍ය පමණට වඩා ශරීරයට කැල්සියම් ලැබීම ද ගැටලු කීපයකටම හේතු වේ. අධිකැල්සියම් ආහාර අනවශ්‍ය ලෙස භාවිත කිරීම නිසා ශරීරයට අවශ්‍ය වෙනත් පෝෂ්‍ය පදාර්ථ ශරීරයට උරා ගැනීම අඩාල වේ.
උදාහරණයක් ලෙස, ශරීරයට අවශ්‍යම පෝෂ්‍ය පදාර්ථයක් වන යකඩ උරා ගැනීම බාධා කිරීමේ හැකියාවක් කැල්සියම් සතුය. ශරීරයට යකඩ උරා ගැනීම අඩුවීමේ ප්‍රතිඵලය වන්නේ නිරක්තියට ගොදුරු වීමය; ලේ හිඟවීමය.
නීරක්තිය අපගේ වර්ධනයට ක්රියාශීලීභාවයට සෘජුවම බලපාන සාධකයකි. සාමාන්‍ය පුද්ගලයකුට දිනකට අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 800 ක් පමණය. එම ප්‍රමාණය විවිධ ආහාර වර්ග වලින් අපට ලබාගත හැකිය. එමෙන්ම මෙහිදී දැක්විය යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම් කැල්සියම් ශරීරයට උරා ගැනීම අඩුවීමට ද විවිධ සාධක ඉවහල් වන බවය. කෝපි සහ තේවල අඩංගු කැෆේන් නම් රසායනිකය කැල්සියම්, ශරීරයට උරා ගැනීමට ඇති හැකියාව අඩු කිරීමට සමත්ය.
අද තරුණ පරපුර වඩා පි‍්‍රය කරන බොහෝ සිසිල් බීමවල විශේෂයෙන් කෝලා බීමවල කැෆේන් බහුලව අඩංගුය. එම සිසිල් බීම නිතර පානයේ ප්‍රතිඵලය වන්නේ ශරීරයට කැල්සියම් උරා ගැනීම අඩුවී අස්ථි දුර්වල වීමය. වැඩිපුර ලුණු භාවිතයත් කැල්සියම් ශරීරයට උරා ගැනීම වැළැක්වීමට හේතුවකි. දිනකට අපගේ ශරීරයට අවශ්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5 ක් පමණ වේ. එහෙත් බොහෝ දෙනා ලුණු ග්‍රෑම් 10 ක් පමණ දිනකට අනුභව කරති. මත්පැන් පානය ද අස්ථිවල ශක්තිය අඩුවීමට බලපාන තවත් ප්‍රධාන හේතුවකි.
විටමින් ඩී අස්ථිවල සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යාමට විශාල මෙහෙයක් කරන විටමිනයකි. විටමින් ඩී අස්ථි වර්ධනයට අවශ්‍ය වන්නා සේම ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය වීමට උපකාර වේ. ඇතැම් විට අස්ථිවල ශක්තිය වර්ධනයට කැල්සියම්ලට වඩා විටමින් ඩී වලින් මෙහෙයක් සිදුවන බව පෙනේ.
විටමින් ඩී අපට ඉතාම පහසුවෙන් ලබාගත හැකි වුවද ඒ සඳහා අපගේ ශරීරය හිරු එළියට නියමිත වේලාවක් නිරාවරණය වීම අවශ්‍යය. හිරු එළිය මඟින් අපගේ ශරීරයට විටමින් ඩී ලැබීමට නම් පෙරවරු 10 ට හෝ පස්වරු 2 න් පසුව විනාඩි 10 - 15 අතර කාලයක් අපගේ ශරීරය හිරු එළියට නිරාවරණ වී තිබිය යුතුය. එහිදී මුහුණ සහ දෑත් හිරු එළියට නිරාවරණය වීම ප්‍රමාණවත් බව හෙළි වී ඇත.
ඔස්ටියෝපොරෝසීස් රෝගයෙන් මිදීමට එළවළු සහ පලතුරු හොඳින් ගැනීම අවශ්‍ය වේ. පලතුරුවල සහ එළවළුවල විටමින් ඒ සහ ඩී වැඩිපුර අඩංගු නිසා අස්ථි පද්ධතිය ශක්තිමත් වේ.
සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයකු දිනකට එළවළු සහ පලතුරු ග්‍රෑම් 400 ක් පමණවත් ආහාරයට ගත යුතුය. එහිදී පලතුරු වර්ග 2 ක් සහ එළවළු වර්ග 3 ක් වත් ආහාරයට එක් විය යුතුය. අපගේ ආහාර වේල එලෙස සකසා ගන්නේ නම් බොහෝ වෙනත් රෝගවලින් මෙන්ම ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් ද මිදීමේ හැකියාව ඇත.
යමෙකු වයසට සහ උසට නියමිත බරට වඩා අඩු නම්, එම පුද්ගලයා ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු වීමේ හැකියාව වැඩි බව ද පර්යේෂණ මඟින් හෙළි වී ඇත. එසේම දිනකට කෝපි හෝ තේ කෝප්ප 5 කට වැඩි ප්‍රමාණයක් පානය කිරීම පෝෂණය බිඳ වැටීමට හේතුවක් බව හෙළි වී ඇත. ශ්‍රී ලාංකීය, දේශීය පාරම්පරික ආහාර වේලේ කැල්සියම් ලබා දෙන අඩු වියදමකින් යුතු ආහාර වර්ග රාශියක් අන්තර්ගත වේ.
කුඩා මාළු, හාල්මැස්සන් ආහාරයට ගැනීම මඟින් ශරීරයට විශාල කැල්සියම් ප්‍රමාණයක් ලැබෙන අතර තද කොළ පැහැති පළා වර්ග වසර පුරාම, ඕනෑම ප්‍රදේශයකදී ආහාරයට එක්කර ගත හැකි අඩු වියදම් කැල්සියම් ප්රභවයන්ය.
පාසල් යන වයසේ දරුවකුගේ අස්ථිවල ඝනත්වය උපරීම ලෙස වැඩි වුවහොත් වැඩිහිටියකු වූ පසුව එම දරුවා ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු නොවේ. එබැවින් පාසල් දරුවන් ක්‍රීඩාවලට සහ ව්‍යායාමවලට යොමු කිරීම අත්‍යවශ්‍යය. මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම් වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නැවතීමේ හේතුවෙන් ශරීරයේ සිදුවන වෙනස් වීම් නිසා ඔවුන්ගේ ශරීරයේ අස්ථි ස්කන්ධය අඩුවන බවය. ඔස්ටියෝපොරෝසිස් රෝගයට කාන්තාවන් වැඩිපුර ගොදුරු වීමට එය ප්‍රධාන සාධකයක් වන නමුත් පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීමෙන් සහ දිනපතා ව්‍යායාම කිරීමෙන් එම බලපෑම මඟ හරවාගත හැකිය.
අස්ථි පද්ධතියට ව්‍යායාම ලබාදිය යුතුය. කිසියම් අස්ථියක් ක්‍රියාකාරී නොවී දිගු කලක් පැවතීමේ ප්‍රතිඵලය වන්නේ අස්ථිය කැඩී යාමය; අස්ථිය අහිමි වීමය. එබැවින් අස්ථි පද්ධතිය හොඳින් පවත්වාගෙන යාමට ශාරීරික ව්‍යායාම අත්‍යවශ්‍යය.
අප ගන්නා ආහාරවල ඇති කැල්සියම් අස්ථිවලට ඇතුළු වීමට නම්, අස්ථිවලට බලයක් යෙදිය යුතුය. අස්ථිවලට බලයක් ලබා දෙන ක්‍රම දෙකක් ඇත. ඉන් පළමුවැන්න ශරීරයේ බර අස්ථිවලට දැනෙන අයුරින් යමක් කිරීමය. අප සිටගෙන කිසියම් බරක් ඔසවන්නේ නම්, නැතිනම් කිසියම් වැඩක නිරත වන්නේ නම් අපගේ අස්ථි පද්ධතියට ශරීර බර දැනේ. එවිට අපගේ අස්ථිවලට කිසියම් බර ප්‍රමාණයක් දැනේ.
දෙවැන්න අපගේ අස්ථින් මත මාංශපේෂීන් ක්‍රියා කරවීමය. ඒ සඳහා ව්‍යායාම කළ යුතුය. මේ ක්‍රම මඟින් රුධිරයේ තිබෙන කැල්සියම් අස්ථිවලට උරා ගැනීමත්, අස්ථිවල තිබෙන කැල්සියම් මඟින් අස්ථි ශක්තිමත් වීමත් සිදුවේ. ඒ නිසා අස්ථි පද්ධතිය ශක්තිමත් වීමට ව්‍යායාම අත්‍යවශ්‍යය.
ව්‍යායාම වර්ග 3 ක් ඇත. ඇතැම් ව්‍යායාම කළ යුතු වන්නේ ශරීරයේ බර උසුලමිනි. එමෙන්ම ඇතැම් ව්‍යායාම කිරීමෙන් ශරීරයේ බර අස්ථිවලට පටවන්නේ නැතිවය. අනෙක් ව්‍යායාම ක්‍රමය වන්නේ කායවර්ධන ව්‍යායාමය. අපගේ අස්ථි පද්ධතිය ශක්තිමත් වන්නේ බර ඉසිලීමෙන් කරනු ලබන ව්‍යායාම මඟින් මෙන්ම කායවර්ධන ව්‍යායාම මඟිනි. මෙහිදී තමන්ගේ බර උසුලා ගනිමින් කරනු ලබන උඩ පැනීම, දිවීම ඇවිදීම වැනි ව්‍යායාම ඉතා වැදගත්ය.
තරුණ වියේ පසුවන්නෙකු නම් ලණුවක් සේ තැනූ උපකරණයක් යොදා ගනිමින් උඩ පැනීම (ස්කිපින්) සුදුසු වන අතර මැදි වියේ පුද්ගලයන්ට ඉක්මනින් බර අඩි තබමින් ඇවිදීම, දිවීම මෙන්ම සෙමෙන් විවේකීව සිදු කරන දිවීම (ජොගින්) වැනි ක්‍රියාකාරකම් සුදුසු වේ.
වයස්ගත පුද්ගලයන් ව්‍යායාම කිරීම ආරම්භ කිරීමට පෙර වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වේ. පිහිනීම ශරීර වර්ධනයට සහ නිරෝගී භාවයට ඉතාම සුදුසු ව්‍යායාමයක් වුවද ඔස්ටියෝපොරෝසිස් රෝගය සම්බන්ධයෙන් සැලකූ විට පිහිනීම එතරම් හොඳ ප්‍රතිඵල ලබා නොදේ.
නිතර පිහිනීමේ යෙදෙන අයකු ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් මිදීමට නම්, බර ඉසිලීමේ සහ කායවර්ධන ව්‍යායාම වල යෙදීම අත්‍යවශ්‍ය වේ. වොලිබෝල් බැඩ්මින්ටන් ජිම්නාස්ටික් වැනි ඕනෑම ක්‍රීඩාවක් කරන විට තම ශරීර බර උසුලමින් ව්‍යායාම සිදු කෙරෙන නිසා ඒවා අපගේ අස්ථි පද්ධතිය ශක්තිමත් වීමට මහෝපකාරී වේ.
අප ව්‍යායාම හෝ ක්‍රීඩා කරන කාලය තුළ අපගේ අස්ථි ශක්තිමත් වන අතර යම් දිනෙක ව්‍යායාම කිරීම නැවැත්වුවහොත් එතැන් පටන් අස්ථිවල ශක්තිය හීන වීමට පටන් ගනී. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන්නේ බෝ නොවන රෝග වලින් මිදීම සඳහා අප ජීවත්ව සිටින තාක්කල් ක්‍රීඩා කිරීම සහ ව්‍යායාම කිරීම අඩුම තරමින් සතියකට දින 5 ක්වත් කළ යුතු බවය. එහිදී අඩුම තරමින් දිනකට විනාඩි 30 ක්වත් ව්‍යායාම කළ යුතුය.
රූමත් බව රැක ගැනීමට යෝග ව්‍යායාම
කාන්තාවකට තමන්ගේ රූප ශෝභාව යනු වැදගත් අංගයකි. රූමත් බව රැක ගැනීමට නම් කළයුතු දෑ බොහෝ ය. තත්ත්පරයෙන් තත්ත්පරය දිනෙන් දින ගෙවීයන වයස නිසා රූපය මෙන්ම සෞඛ්‍ය සම්පන්න බවෙන් පිරිහී යන ඔබේ ශරීරයෙහි තරුණ බව රැක ගැනීමට යෝග ව්‍යායාම හා භාවනා ක්‍රම බොහෝ වැදගත්වෙයි.
ඔබේ ආකර්ෂණීයභාවය ඔබෙන් ගිලිහී යාමෙන් අන්‍යයන් ඔබ කෙරෙහි දක්වන උනන්දුව හා ඇසුර පවා ඈත්ව යාමට ඉඩ ඇත.
නිරෝගී බව උතුම්ම ලාභය බව ගෞතම බුදුන් වහන්සේ පවා දේශනා කොට ඇත. ශරීරය වියපත් වීම රෝගයක් බව යෝග ශාස්ත්රයේ සඳහන් වෙයි. ඒ රෝගී තත්ත්වයට බලපාන හේතුව වන්නේ කය හා මනස පිරිහීමයි. මනස පිරිහීම කායිකව බලපායි. කය වැහැරෙයි. සම රැලි වැටෙයි. නින්ද නොයයි. පෙනීම දුර්වල වෙයි. අතපය සන්ධි දුqර්වල වෙයි. ජීවිතය නීරස වෙයි.
අෂ්ඨ ලෝක ධර්මයන්ට අනුව ජීවිතය යනු මෙයයි. එහෙත් අප හැම විටක ම උනන්දු වන්නේ තරුණ බවින් පිරිපුන් මනසක් ඇතිව ජීවත් වීමටයි. එය අපට කළ නොහැකිද?
මිය යනතෙක්ම නොවුවත් තරුණ බව මෙන්ම රූමත් බව රැක ගැනීමට අපට කළ හැකිය. තාරුණ්‍ය යනු වයස නොවෙයි. වයසට ගිය බොහෝ අය තරුණ බවින් යුතුව ජීවත් වෙයි. ඔවුන්ගේ වයස පවා හරිහැටි කීමට පවා නොහැකිය.
ඒ සඳහා ඔබ උනන්දු විය කරුණු කිහිපයක් ඇත.
01. ස්වභාවික දෑ නිතරම ඔබේ ශරීරයට යෙදීම කළ යුතුය. (හිසකෙස්, සහ සම සඳහා)
02. හොඳින් ආශ්වාස ප්රාශ්වාස කිරීම (වැඩිපුර ඔක්සිsජන් ලබා ගැනීම)
03. ජලය හොඳින් පානය කිරීම
04. ඔබ ලබාගන්නා ආහාර ස්වභාවික මෙන්ම, පිරිසිදු විය යුතුය. (කෘත්‍රිම මෙන් නරක් නොවුණුq වස විෂෙන් තොර)
05. ව්‍යායාම කය වෙහෙසා වැඩ නොකරන ඔබට ලෝකයේ ශේ්‍රෂ්ඨතම ව්‍යායාම් ක්‍රමය වන යෝග
රිශි පතංජලී නම් මුණිවරයා සොයා දැනගත් මෙම යෝග දර්ශනය ශරීරයෙහි අභ්‍යන්තර ඉන්ද්‍රියන් පවා ප්‍රකෘතිමත් කර සියලු ලෙඩ රෝගවලින් මිදී යහපත් නීරෝගිමත් ජීවිතයක් ගත කිරීමට ඔබට වඩා ඉවහල් වෙයි. ඔබත් මෙය අත්හදා බලන්න. මෙයින් ලබාගත හැකි මහඟු ඵල අදම අත්විඳින්න. විඳවීමෙන් තොරව විඳීමෙන් ජීවත්වීමට සිතේ සතුට රඳවා ගැනීමට උත්සාහ කරන්න.
"සතුට ජීවිතය වෙනස් කරයි." එය අධික සතුටද නොවිය යුතුයි. ඔබ අපේක්ෂා භංගත්වයට පත් නොවී ඔබේ සතුට ඔබේ ජීවිතයේම කොටසක් කරගන්න.
යෝග ව්‍යායාම අභ්‍යාස කිරීමට පෙර ඔබ කළ යුත්තේ කුමක්ද?
යෝග අභ්‍යාස කිරීමට පෙර ශරීරය උණුසුම් කිරීම කළ යුතුවෙයි. එසේ කිරීමෙන් ඔබට පහසුවෙන් යෝගාසන සඳහා යෙදීමේ හැකියාව වැඩිදියුණු වෙයි.
මස් පිඬුවල ඇති තද බව ලිහිල්වීමට සූර්ය නමස්කාර නැමති අභ්‍යාසය ඉතා ම වැදගත් වෙයි.
සූර්ය නමස්කාර
සූර්ය නමස්කාර ඉරියව් දොළසකින් සමන්විත ය. සූර්යා දෙවියකු ලෙස සලකමින් එසේ සූර්යයා දෙස බලමින් මෙම නමස්කාරය. හින්දුන් විසින් අනුගමනය කළහ. එබැවින් සූර්යයා නමස්කාර ලෙස නම්විය. ඇත්තෙන්ම එහි සත්‍යයක්ද ඇත. සූර්යයා, නොහොත් හිරු නොමැති නම් මේ විශ්වයේ ජීවයක්ද නැත.
උදරයේ ඇති වැඩිපුර මේදය අඩුකොට කොඳු ඇට ඇතුළු සියලු අවයව නම්‍යශීලි බව වැඩිදියුණු කොට ලැබෙන විශේෂ ප්‍රතිඵල ඇත.
01. පෙනහළුවල නිරෝගි බව
02. ස්නායු වර්ධනය
03. අක්මාවේ ක්‍රියාකාරීත්වය
04. රුධිර සංසරණ පද්ධතියේ විධිමත්බව
05. කොඳු ඇට පෙලෙහි ශක්තිය
06. ශ්වසන පහසුව
දක්ෂාසන
මෙය සූර්ය නමස්කාරයේ පළමුව කළයුතු ඉරියව්වකි. හිරු දෙස බලා යෙදෙන සූර්ය භාවනාවකි.
යෙදෙන පිළිවෙළ
හිස කෙලින් තබාගෙන බෙල්ල සහ මුළු ශරීරය ම සෘජුව තබාගෙන දණහිස් දෙක ලංකරගෙන උරහිස් නොහකුලවා තබාගෙන දෑත්වල ඇඟිලි ශරීරය දෙසට හරවා තබාගෙන පපුව ඉදිරියට පිම්බෙන ආකාරයට සිටින්න.
ඔබේ ඇස් දෙකෙන් නාසයෙහි කෙලින් ඉදිරිය දෙස බලන්න. ඇඟ ලිහිල් කරන්න. නැවත තද කරන්න කිහිප වතාවක් මෙය කරන්න.
ප්‍රථිඵල
සමෙහි රෝගාබාධ ඉවත්වෙයි. එල්ලා හැලෙන ඉඟටිය ශක්තිමත් වෙයි. සම රැළිවැටීම වලකයි. කොඳු ඇට පෙළ ශක්තිමත් කරයි. සෘජුව තබයි. කුදු බව වලකයි. දෙපා ශක්තිමත් කර වයස නොපෙන්වයි.
ප්‍රවීණ යෝග උපදේශක සුමිත් රොෂාන් නවරත්න
සාකච්ඡා කළේ සමන් චන්ද්‍රරත්න
කැල්සියම් අඩු වුණොත් ලෙඩේ-වැඩි වුණොත් ලෙඩ ගොඩයි
කොන්ද කෙළින් තියන් ජීවත්වෙන්න
ඔක්තෝබර් 20වැනිදාට යෙදී තිබුණු ඔස්ටියෝපොරෝසිස් දිනය නිමිත්තෙනි.
කොන්ද නමාගෙන හැරිමිටි ගහගෙන ඇවිදින ආච්චිලා සීයලා ඔබත් දැක ඇති. “වයසට ගියාම මටත් එහෙම වේවි ද?” කියා ඔබටත් සිතුණ වන්නට පුළුවන.කුදු වීම වයස්ගත වීම නිසාම ඇතිවන දුබලකමක් නොවේ. එය එක්තරා රෝගයක රෝග ලක්ෂණයකි. එම රෝගය හැඳින්වෙන්නේ “ඔස්ටියෝපොරෝසිස්” යනුවෙනි.
කලින් හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර සහ චර්යාමය වෙනස්කම් ද සිදු කිරීමෙන් ඉතා පහසුවෙන් ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් මිදීමේ හැකියාව ඇත. කුඩා කල පටන්ම සමබල ආහාර වේලක් ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම මඟින් මේ රෝගයට ගොදුරු නොවී සිටීමට ඔබට පුළුවන.

මෙහිදී සිදුවන්නේ ශරීරයේ තිබෙන අස්ථි ස්කන්ධය (අස්ථි ප්‍රමාණය) ක්‍රමයෙන් අඩුවීම සහ අස්ථි ව්‍යුහයේ ඇතිවන දුර්වලතාව නිසා අස්ථි සතු බර දරා ගැනීමේ හැකියාව අඩුවීමය. එහි අවසන් ඵලය වන්නේ සුළු වැටීමක් පෙරළීමක් නිසා හෝ අස්ථි බිඳී යාමය.
මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ ශරීරයේ සිදුවන අස්ථි බිඳී යාම් සෑම එකකට හේතුව ඔස්ටියෝපොරෝසිස් රෝගය නොවන බවය. යම් කිසි පුද්ගලයකු ගසකින් වැටීම, වාහනයක ගැටීම වැනි අනතුරක් නිසා සිදුවන අස්ථි බිඳී යාම ඔස්ටියෝපොරෝසිස් රෝගය නොවේ.
එමෙන්ම යමකුගේ ශරීරයේ අස්ථි ස්කන්ධය අඩුවූ පමණින්ම ඔස්ටියෝපොරෝසිස් රෝගය ඇති නොවේ. මේ රෝගයට ගොදුරු වන වයස් කාණ්ඩයන් විශේෂයෙන් හඳුනාගත හැකිය. ඒ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයෝය.
ඔස්ටියෝපොරෝසිස් රෝගයට වැඩියෙන්ම ගොදුරු වන්නේ කාන්තාවන් බව හෙළි වී ඇත. ලොව පුරා සිටින මිලියන 200 ක පමණ කාන්තාවෝ මේ වන විට ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පීඩා විඳිති.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 60 - 70 අතර වයසේ පසුවන කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට මේ රෝගයෙන් පීඩා විඳින අතර වයස අවුරුදු 80 ඉක්මවූ කාන්තාවන් තිදෙනෙකුගෙන් දෙදෙනකුම ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු වී ඇති බවත් හෙළි වී ඇත. බොහෝ වැඩිහිටි කාන්තාවන් නිතර කියන කොන්දේ අමාරුවට හේතුව ඔස්ටියෝපොරෝසිස් රෝගය විය හැකිය.
ඔස්ටියෝපොරෝසිස් යනු අස්ථිවල පරිවෘත්තීය ක්‍රියාවලියට සම්බන්ධ එකම රෝගයයි. අස්ථි පද්ධතිය ඇතිවන රෝගාබාධ අතර අස්ථි බිඳීම්, අස්ථි ආසාදනයට ලක්වීම් තිබෙන බව ද මතක තබා ගන්න.
මෙම රෝගය ශරීරය තුළ වර්ධනය වීම සිදුවන්නේ ඉතා සෙමෙන් සහ නිහඬවය. බොහෝ දෙනෙක් තමන් ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු වී ඇති බව තම අස්ථියක් බිඳී යන තෙක්ම දැනගත්තේ නැත. එය එතරම්ම නිහඬ රෝගයකි.
වයස අවුරුදු 50 වැඩි කාන්තාවන් හතර දෙනෙක් සැලකූ විට ඉන් එක් අයකුගේ කොඳුඇට පෙළෙහි අස්ථි බිඳී යාමක් සිදුවිය හැකිය. ඔස්ටියෝපොරෝසිස් රෝගයේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන අස්ථි බිඳී යාම් අතරින් ඉතා සුලබම අස්ථි බිඳී යාම මෙයයි. අස්ථි බිඳීයාම ඔස්ටියෝපොරෝසිස් රෝගයේ සුලභම රෝග ලක්ෂණය වන අතර කොඳු ඇට පෙළෙහි ඇතිවන වක ගැසීම, කල් පවතින කොන්දේ වේදනාව සෘජු කාය විලාශයේ ඇතිවන වෙනස්කම් මෙහිදී ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණ වේ. ශරීරයේ අස්ථි බිඳී යාම ඔස්ටියෝපොරෝසිස් රෝගයේ දී ඇතිවන අවාසනාවන්තම සහ පීඩාකාරීම සංකූලතාවයයි.
ශරීරයේ ඕනෑම අස්ථියක ඇතිවන බිඳී යාමක් ඔස්ටියෝපොරෝසිස් රෝගය නිසා ඇතිවිය හැකි වුවද කොඳු ඇට, උකුල් ඇට, මැණික් කටුව හෝ ඉදිරි බාහුවේ ඇතිවන අස්ථි බිඳී යාම් මෙම රෝගයේ සුවිශේෂී ලකුණු ලෙස දැක්විය හැකිය.
මෙම අස්ථි බිඳී යාම් අතර උකුල් ඇටය බිඳී යාම සෞඛ්‍ය තත්ත්වයට විශාල බලපෑමක් ඇති කරවන කරුණකි. උකුල් ඇටය බිඳී යාම රෝහල් ගත කිරීම් වලට මෙන්ම අස්ථි බිඳීම් නිසා සිදුවන මරණවලට ද බෙහෙවින් හේතු වේ. උකුල් ඇටය බිඳී යාමට ලක්වූ රෝගීනගෙන් සියයට 50 කටම වසරකට පසුව වුවද ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගැනීමේ දී වෙනත් අයකුගේ සහාය අත්‍යවශ්‍ය වේ.
ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු නොවී සිටීමට කළ යුත්තේ කුමක් දැයි දැන් අපි සොයා බලමු. මෙම රෝගයෙන් මිදීම සඳහා අවශ්‍ය වන ප්‍රධානතම සාධකය වන්නේ උපතේ සිට මරණය දක්වා ගෙවන කාලය තුළ පෝෂ්‍යදායි, සමබල ආහාර වේලක් දිනපතා ලබාගැනීමය.
දෙවැනි සාධකය වන්නේ ව්‍යායාම කිරීමය.
පළමුව අපි පෝෂ්‍යදායි ආහාර වේල පිළිබඳව තොරතුරු සොයා බලමු. ප්‍රෝටීන, මේදය, කාබෝහයිඩ්රේට මෙන්ම ඛණිජ ලවණ ද පෝෂ්‍යදායි ආහාර වේලකට ඇතුළත් විය යුතුය. මෙම පෝෂ්‍ය පදාර්ථ නිසි ප්‍රමාණවලින් ලැබිය යුතු අතර ඇතැම් පෝෂ්‍ය පදාර්ථ ශරීරයට වැඩිපුර ලැබීම ද ඔස්ටියෝපොරෝසිස් රෝගය වර්ධනය වීමට හේතු වේ. ඔස්ටියෝපොරෝසිස් රෝගය පිළිබඳව කතා කරන විට කැල්සියම් සහ විටමින් ඩී පිළිබඳව වැඩියෙන් කතා වේ. කැල්සියම් අවශ්‍ය පමණට වඩා ශරීරයට ලැබීම ද බොහෝ ගැටලු ඇති කරවන කරුණක් බව හෙළි වී ඇත.

යමෙකුට කිසියම් අනතුරක් සිදුවී අස්ථියක් බිඳී ගියා යැයි සිතන්න. එම අස්ථිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට නිසි පෝෂණයක් අවශ්‍යම වේ.
මේ පිළිබඳව කතා කිරීමේදී කැල්සියම් වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. වයස අනුව ශරීරයට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ද වෙනස් වේ. ඕනෑම පුද්ගලයකු ඉපදී මිය යනතෙක් ගත කරන කාලය තුළ වැඩියෙන්ම කැල්සියම් අවශ්‍ය වන්නේ වයස අවුරුදු 10 - 18 අතර කාලයේදීය. ඒ; අස්ථි වර්ධනය සිදුවන සමයයි.
අවශ්‍ය පමණට වඩා ශරීරයට කැල්සියම් ලැබීම ද ගැටලු කීපයකටම හේතු වේ. අධිකැල්සියම් ආහාර අනවශ්‍ය ලෙස භාවිත කිරීම නිසා ශරීරයට අවශ්‍ය වෙනත් පෝෂ්‍ය පදාර්ථ ශරීරයට උරා ගැනීම අඩාල වේ.
උදාහරණයක් ලෙස, ශරීරයට අවශ්‍යම පෝෂ්‍ය පදාර්ථයක් වන යකඩ උරා ගැනීම බාධා කිරීමේ හැකියාවක් කැල්සියම් සතුය. ශරීරයට යකඩ උරා ගැනීම අඩුවීමේ ප්‍රතිඵලය වන්නේ නිරක්තියට ගොදුරු වීමය; ලේ හිඟවීමය.
නීරක්තිය අපගේ වර්ධනයට ක්රියාශීලීභාවයට සෘජුවම බලපාන සාධකයකි. සාමාන්‍ය පුද්ගලයකුට දිනකට අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 800 ක් පමණය. එම ප්‍රමාණය විවිධ ආහාර වර්ග වලින් අපට ලබාගත හැකිය. එමෙන්ම මෙහිදී දැක්විය යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම් කැල්සියම් ශරීරයට උරා ගැනීම අඩුවීමට ද විවිධ සාධක ඉවහල් වන බවය. කෝපි සහ තේවල අඩංගු කැෆේන් නම් රසායනිකය කැල්සියම්, ශරීරයට උරා ගැනීමට ඇති හැකියාව අඩු කිරීමට සමත්ය.
අද තරුණ පරපුර වඩා පි‍්‍රය කරන බොහෝ සිසිල් බීමවල විශේෂයෙන් කෝලා බීමවල කැෆේන් බහුලව අඩංගුය. එම සිසිල් බීම නිතර පානයේ ප්‍රතිඵලය වන්නේ ශරීරයට කැල්සියම් උරා ගැනීම අඩුවී අස්ථි දුර්වල වීමය. වැඩිපුර ලුණු භාවිතයත් කැල්සියම් ශරීරයට උරා ගැනීම වැළැක්වීමට හේතුවකි. දිනකට අපගේ ශරීරයට අවශ්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5 ක් පමණ වේ. එහෙත් බොහෝ දෙනා ලුණු ග්‍රෑම් 10 ක් පමණ දිනකට අනුභව කරති. මත්පැන් පානය ද අස්ථිවල ශක්තිය අඩුවීමට බලපාන තවත් ප්‍රධාන හේතුවකි.
විටමින් ඩී අස්ථිවල සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යාමට විශාල මෙහෙයක් කරන විටමිනයකි. විටමින් ඩී අස්ථි වර්ධනයට අවශ්‍ය වන්නා සේම ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය වීමට උපකාර වේ. ඇතැම් විට අස්ථිවල ශක්තිය වර්ධනයට කැල්සියම්ලට වඩා විටමින් ඩී වලින් මෙහෙයක් සිදුවන බව පෙනේ.
විටමින් ඩී අපට ඉතාම පහසුවෙන් ලබාගත හැකි වුවද ඒ සඳහා අපගේ ශරීරය හිරු එළියට නියමිත වේලාවක් නිරාවරණය වීම අවශ්‍යය. හිරු එළිය මඟින් අපගේ ශරීරයට විටමින් ඩී ලැබීමට නම් පෙරවරු 10 ට හෝ පස්වරු 2 න් පසුව විනාඩි 10 - 15 අතර කාලයක් අපගේ ශරීරය හිරු එළියට නිරාවරණ වී තිබිය යුතුය. එහිදී මුහුණ සහ දෑත් හිරු එළියට නිරාවරණය වීම ප්‍රමාණවත් බව හෙළි වී ඇත.
ඔස්ටියෝපොරෝසීස් රෝගයෙන් මිදීමට එළවළු සහ පලතුරු හොඳින් ගැනීම අවශ්‍ය වේ. පලතුරුවල සහ එළවළුවල විටමින් ඒ සහ ඩී වැඩිපුර අඩංගු නිසා අස්ථි පද්ධතිය ශක්තිමත් වේ.
සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයකු දිනකට එළවළු සහ පලතුරු ග්‍රෑම් 400 ක් පමණවත් ආහාරයට ගත යුතුය. එහිදී පලතුරු වර්ග 2 ක් සහ එළවළු වර්ග 3 ක් වත් ආහාරයට එක් විය යුතුය. අපගේ ආහාර වේල එලෙස සකසා ගන්නේ නම් බොහෝ වෙනත් රෝගවලින් මෙන්ම ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් ද මිදීමේ හැකියාව ඇත.
යමෙකු වයසට සහ උසට නියමිත බරට වඩා අඩු නම්, එම පුද්ගලයා ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු වීමේ හැකියාව වැඩි බව ද පර්යේෂණ මඟින් හෙළි වී ඇත. එසේම දිනකට කෝපි හෝ තේ කෝප්ප 5 කට වැඩි ප්‍රමාණයක් පානය කිරීම පෝෂණය බිඳ වැටීමට හේතුවක් බව හෙළි වී ඇත. ශ්‍රී ලාංකීය, දේශීය පාරම්පරික ආහාර වේලේ කැල්සියම් ලබා දෙන අඩු වියදමකින් යුතු ආහාර වර්ග රාශියක් අන්තර්ගත වේ.
කුඩා මාළු, හාල්මැස්සන් ආහාරයට ගැනීම මඟින් ශරීරයට විශාල කැල්සියම් ප්‍රමාණයක් ලැබෙන අතර තද කොළ පැහැති පළා වර්ග වසර පුරාම, ඕනෑම ප්‍රදේශයකදී ආහාරයට එක්කර ගත හැකි අඩු වියදම් කැල්සියම් ප්රභවයන්ය.
පාසල් යන වයසේ දරුවකුගේ අස්ථිවල ඝනත්වය උපරීම ලෙස වැඩි වුවහොත් වැඩිහිටියකු වූ පසුව එම දරුවා ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු නොවේ. එබැවින් පාසල් දරුවන් ක්‍රීඩාවලට සහ ව්‍යායාමවලට යොමු කිරීම අත්‍යවශ්‍යය. මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම් වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නැවතීමේ හේතුවෙන් ශරීරයේ සිදුවන වෙනස් වීම් නිසා ඔවුන්ගේ ශරීරයේ අස්ථි ස්කන්ධය අඩුවන බවය. ඔස්ටියෝපොරෝසිස් රෝගයට කාන්තාවන් වැඩිපුර ගොදුරු වීමට එය ප්‍රධාන සාධකයක් වන නමුත් පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීමෙන් සහ දිනපතා ව්‍යායාම කිරීමෙන් එම බලපෑම මඟ හරවාගත හැකිය.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති සම්මන්ත්‍රණයක් ඇසුරිනි
ගාමිණී සුසන්ත
ව්‍යායාම නැති අස්ථි දියවෙනවා
නිසි පෝෂණය මෙන්ම නිසි ව්‍යායාම ද ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් මිදීමට උපකාරී වන තවත් වැදගත් සාධකයකි. ඕනෑම රෝගයකට මෙන්ම ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් මිදීම සඳහා ද ඖෂධීය ප්‍රතිකාර මෙන්ම ඖෂධීය නොවන ප්‍රතිකාර ද අවශ්‍යම වේ. ඖෂධීය නොවන ප්‍රතිකාර අතර ව්‍යායාමවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අපගේ අස්ථි පද්ධතිය ශක්තිමත් වීමට නම්, නිරෝගී වීමට නම්, අස්ථි ක්‍රියාකාරී විය යුතුය.අස්ථි පද්ධතියට ව්‍යායාම ලබාදිය යුතුය. කිසියම් අස්ථියක් ක්‍රියාකාරී නොවී දිගු කලක් පැවතීමේ ප්‍රතිඵලය වන්නේ අස්ථිය කැඩී යාමය; අස්ථිය අහිමි වීමය. එබැවින් අස්ථි පද්ධතිය හොඳින් පවත්වාගෙන යාමට ශාරීරික ව්‍යායාම අත්‍යවශ්‍යය.
අප ගන්නා ආහාරවල ඇති කැල්සියම් අස්ථිවලට ඇතුළු වීමට නම්, අස්ථිවලට බලයක් යෙදිය යුතුය. අස්ථිවලට බලයක් ලබා දෙන ක්‍රම දෙකක් ඇත. ඉන් පළමුවැන්න ශරීරයේ බර අස්ථිවලට දැනෙන අයුරින් යමක් කිරීමය. අප සිටගෙන කිසියම් බරක් ඔසවන්නේ නම්, නැතිනම් කිසියම් වැඩක නිරත වන්නේ නම් අපගේ අස්ථි පද්ධතියට ශරීර බර දැනේ. එවිට අපගේ අස්ථිවලට කිසියම් බර ප්‍රමාණයක් දැනේ.

ව්‍යායාම වර්ග 3 ක් ඇත. ඇතැම් ව්‍යායාම කළ යුතු වන්නේ ශරීරයේ බර උසුලමිනි. එමෙන්ම ඇතැම් ව්‍යායාම කිරීමෙන් ශරීරයේ බර අස්ථිවලට පටවන්නේ නැතිවය. අනෙක් ව්‍යායාම ක්‍රමය වන්නේ කායවර්ධන ව්‍යායාමය. අපගේ අස්ථි පද්ධතිය ශක්තිමත් වන්නේ බර ඉසිලීමෙන් කරනු ලබන ව්‍යායාම මඟින් මෙන්ම කායවර්ධන ව්‍යායාම මඟිනි. මෙහිදී තමන්ගේ බර උසුලා ගනිමින් කරනු ලබන උඩ පැනීම, දිවීම ඇවිදීම වැනි ව්‍යායාම ඉතා වැදගත්ය.
තරුණ වියේ පසුවන්නෙකු නම් ලණුවක් සේ තැනූ උපකරණයක් යොදා ගනිමින් උඩ පැනීම (ස්කිපින්) සුදුසු වන අතර මැදි වියේ පුද්ගලයන්ට ඉක්මනින් බර අඩි තබමින් ඇවිදීම, දිවීම මෙන්ම සෙමෙන් විවේකීව සිදු කරන දිවීම (ජොගින්) වැනි ක්‍රියාකාරකම් සුදුසු වේ.
වයස්ගත පුද්ගලයන් ව්‍යායාම කිරීම ආරම්භ කිරීමට පෙර වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වේ. පිහිනීම ශරීර වර්ධනයට සහ නිරෝගී භාවයට ඉතාම සුදුසු ව්‍යායාමයක් වුවද ඔස්ටියෝපොරෝසිස් රෝගය සම්බන්ධයෙන් සැලකූ විට පිහිනීම එතරම් හොඳ ප්‍රතිඵල ලබා නොදේ.
නිතර පිහිනීමේ යෙදෙන අයකු ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් මිදීමට නම්, බර ඉසිලීමේ සහ කායවර්ධන ව්‍යායාම වල යෙදීම අත්‍යවශ්‍ය වේ. වොලිබෝල් බැඩ්මින්ටන් ජිම්නාස්ටික් වැනි ඕනෑම ක්‍රීඩාවක් කරන විට තම ශරීර බර උසුලමින් ව්‍යායාම සිදු කෙරෙන නිසා ඒවා අපගේ අස්ථි පද්ධතිය ශක්තිමත් වීමට මහෝපකාරී වේ.
අප ව්‍යායාම හෝ ක්‍රීඩා කරන කාලය තුළ අපගේ අස්ථි ශක්තිමත් වන අතර යම් දිනෙක ව්‍යායාම කිරීම නැවැත්වුවහොත් එතැන් පටන් අස්ථිවල ශක්තිය හීන වීමට පටන් ගනී. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන්නේ බෝ නොවන රෝග වලින් මිදීම සඳහා අප ජීවත්ව සිටින තාක්කල් ක්‍රීඩා කිරීම සහ ව්‍යායාම කිරීම අඩුම තරමින් සතියකට දින 5 ක්වත් කළ යුතු බවය. එහිදී අඩුම තරමින් දිනකට විනාඩි 30 ක්වත් ව්‍යායාම කළ යුතුය.
රූමත් බව රැක ගැනීමට යෝග ව්‍යායාම
කාන්තාවකට තමන්ගේ රූප ශෝභාව යනු වැදගත් අංගයකි. රූමත් බව රැක ගැනීමට නම් කළයුතු දෑ බොහෝ ය. තත්ත්පරයෙන් තත්ත්පරය දිනෙන් දින ගෙවීයන වයස නිසා රූපය මෙන්ම සෞඛ්‍ය සම්පන්න බවෙන් පිරිහී යන ඔබේ ශරීරයෙහි තරුණ බව රැක ගැනීමට යෝග ව්‍යායාම හා භාවනා ක්‍රම බොහෝ වැදගත්වෙයි.
ඔබේ ආකර්ෂණීයභාවය ඔබෙන් ගිලිහී යාමෙන් අන්‍යයන් ඔබ කෙරෙහි දක්වන උනන්දුව හා ඇසුර පවා ඈත්ව යාමට ඉඩ ඇත.
නිරෝගී බව උතුම්ම ලාභය බව ගෞතම බුදුන් වහන්සේ පවා දේශනා කොට ඇත. ශරීරය වියපත් වීම රෝගයක් බව යෝග ශාස්ත්රයේ සඳහන් වෙයි. ඒ රෝගී තත්ත්වයට බලපාන හේතුව වන්නේ කය හා මනස පිරිහීමයි. මනස පිරිහීම කායිකව බලපායි. කය වැහැරෙයි. සම රැලි වැටෙයි. නින්ද නොයයි. පෙනීම දුර්වල වෙයි. අතපය සන්ධි දුqර්වල වෙයි. ජීවිතය නීරස වෙයි.
අෂ්ඨ ලෝක ධර්මයන්ට අනුව ජීවිතය යනු මෙයයි. එහෙත් අප හැම විටක ම උනන්දු වන්නේ තරුණ බවින් පිරිපුන් මනසක් ඇතිව ජීවත් වීමටයි. එය අපට කළ නොහැකිද?
මිය යනතෙක්ම නොවුවත් තරුණ බව මෙන්ම රූමත් බව රැක ගැනීමට අපට කළ හැකිය. තාරුණ්‍ය යනු වයස නොවෙයි. වයසට ගිය බොහෝ අය තරුණ බවින් යුතුව ජීවත් වෙයි. ඔවුන්ගේ වයස පවා හරිහැටි කීමට පවා නොහැකිය.
ඒ සඳහා ඔබ උනන්දු විය කරුණු කිහිපයක් ඇත.
01. ස්වභාවික දෑ නිතරම ඔබේ ශරීරයට යෙදීම කළ යුතුය. (හිසකෙස්, සහ සම සඳහා)
02. හොඳින් ආශ්වාස ප්රාශ්වාස කිරීම (වැඩිපුර ඔක්සිsජන් ලබා ගැනීම)
03. ජලය හොඳින් පානය කිරීම
04. ඔබ ලබාගන්නා ආහාර ස්වභාවික මෙන්ම, පිරිසිදු විය යුතුය. (කෘත්‍රිම මෙන් නරක් නොවුණුq වස විෂෙන් තොර)
05. ව්‍යායාම කය වෙහෙසා වැඩ නොකරන ඔබට ලෝකයේ ශේ්‍රෂ්ඨතම ව්‍යායාම් ක්‍රමය වන යෝග
රිශි පතංජලී නම් මුණිවරයා සොයා දැනගත් මෙම යෝග දර්ශනය ශරීරයෙහි අභ්‍යන්තර ඉන්ද්‍රියන් පවා ප්‍රකෘතිමත් කර සියලු ලෙඩ රෝගවලින් මිදී යහපත් නීරෝගිමත් ජීවිතයක් ගත කිරීමට ඔබට වඩා ඉවහල් වෙයි. ඔබත් මෙය අත්හදා බලන්න. මෙයින් ලබාගත හැකි මහඟු ඵල අදම අත්විඳින්න. විඳවීමෙන් තොරව විඳීමෙන් ජීවත්වීමට සිතේ සතුට රඳවා ගැනීමට උත්සාහ කරන්න.
"සතුට ජීවිතය වෙනස් කරයි." එය අධික සතුටද නොවිය යුතුයි. ඔබ අපේක්ෂා භංගත්වයට පත් නොවී ඔබේ සතුට ඔබේ ජීවිතයේම කොටසක් කරගන්න.
යෝග ව්‍යායාම අභ්‍යාස කිරීමට පෙර ඔබ කළ යුත්තේ කුමක්ද?
යෝග අභ්‍යාස කිරීමට පෙර ශරීරය උණුසුම් කිරීම කළ යුතුවෙයි. එසේ කිරීමෙන් ඔබට පහසුවෙන් යෝගාසන සඳහා යෙදීමේ හැකියාව වැඩිදියුණු වෙයි.
මස් පිඬුවල ඇති තද බව ලිහිල්වීමට සූර්ය නමස්කාර නැමති අභ්‍යාසය ඉතා ම වැදගත් වෙයි.
සූර්ය නමස්කාර
සූර්ය නමස්කාර ඉරියව් දොළසකින් සමන්විත ය. සූර්යා දෙවියකු ලෙස සලකමින් එසේ සූර්යයා දෙස බලමින් මෙම නමස්කාරය. හින්දුන් විසින් අනුගමනය කළහ. එබැවින් සූර්යයා නමස්කාර ලෙස නම්විය. ඇත්තෙන්ම එහි සත්‍යයක්ද ඇත. සූර්යයා, නොහොත් හිරු නොමැති නම් මේ විශ්වයේ ජීවයක්ද නැත.
උදරයේ ඇති වැඩිපුර මේදය අඩුකොට කොඳු ඇට ඇතුළු සියලු අවයව නම්‍යශීලි බව වැඩිදියුණු කොට ලැබෙන විශේෂ ප්‍රතිඵල ඇත.
01. පෙනහළුවල නිරෝගි බව
02. ස්නායු වර්ධනය
03. අක්මාවේ ක්‍රියාකාරීත්වය
04. රුධිර සංසරණ පද්ධතියේ විධිමත්බව
05. කොඳු ඇට පෙලෙහි ශක්තිය
06. ශ්වසන පහසුව
දක්ෂාසන
මෙය සූර්ය නමස්කාරයේ පළමුව කළයුතු ඉරියව්වකි. හිරු දෙස බලා යෙදෙන සූර්ය භාවනාවකි.
යෙදෙන පිළිවෙළ
හිස කෙලින් තබාගෙන බෙල්ල සහ මුළු ශරීරය ම සෘජුව තබාගෙන දණහිස් දෙක ලංකරගෙන උරහිස් නොහකුලවා තබාගෙන දෑත්වල ඇඟිලි ශරීරය දෙසට හරවා තබාගෙන පපුව ඉදිරියට පිම්බෙන ආකාරයට සිටින්න.
ඔබේ ඇස් දෙකෙන් නාසයෙහි කෙලින් ඉදිරිය දෙස බලන්න. ඇඟ ලිහිල් කරන්න. නැවත තද කරන්න කිහිප වතාවක් මෙය කරන්න.
ප්‍රථිඵල
සමෙහි රෝගාබාධ ඉවත්වෙයි. එල්ලා හැලෙන ඉඟටිය ශක්තිමත් වෙයි. සම රැළිවැටීම වලකයි. කොඳු ඇට පෙළ ශක්තිමත් කරයි. සෘජුව තබයි. කුදු බව වලකයි. දෙපා ශක්තිමත් කර වයස නොපෙන්වයි.
ප්‍රවීණ යෝග උපදේශක සුමිත් රොෂාන් නවරත්න
සාකච්ඡා කළේ සමන් චන්ද්‍රරත්න
ප්‍රථමාධාර කල යුතු අවස්ථා හදුනා ගනිමු
හදිසි ආපදාවකදී ප්‍රථමාධාර
1/ ක්‍රීඩා කිරීමෙදි උලුක්කු වූ විට
දරුවාගේ නාසයේ යමක් සිර වී නම් කළ යුත්තේ කුමක්ද?
හදිසිඅනතුරු අපේ රටේ ඉතාමත් ම බහුලයි. අනතුරක් සිදුවූ විට බාහිර තුවාල වගේම අස්ථි කැඩීමකට ලක් වන්නත් පුළුවන්. අස්ථි භග්නයක් (කැඩීමක්) කියන්නෙ මොකක්ද? එවන් අවස්ථාවක ක්‍රියා කළ යුත්තේ කෙසේද? රෝහල්ගත කිරීමට පෙර ප්‍රථමාධාර ලබා දිය යුතු ආකාරය ආදී කරුණු පිළිබඳ කොළඹ ජාතික රෝහලේ, හදිසි අනතුරු අංශයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය නිලධාරී, විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය නරේන්ද්‍ර පින්තු මහතා සමඟ කළ කතාබහකි මේ.
අතක් පයක් කැඩෙනවා කියලා කියන්නෙ මොකක්ද?
අතක හෝ පාදයක අස්ථියක කැඩීමක්, එහෙමත් නැත්නම් අස්ථි භග්නයක් වීම අතක්, පයක් කැඩෙනවා කියන එකෙන් අදහස් වෙනවා. අස්ථි භග්නයක් වීමට (බිඳීමට), සාමාන්‍ය මෘදු පටක තුවාල වනවාට වඩා වැඩි බලයක් අවශ්‍යයි. තදබල වැටීමකදී හෝ හදිසි අනතුරකදී අස්ථියට දරාගත නොහැකි බලයක් ආවිට මෙවැනි දෙයක් සිදු වන්න පුළුවන්. අස්ථිය කැඩීමට හෝ පිපිරීමට ලක්වීම මෙහිදී සිදුවිය හැකියි. යම් කෙනෙක්ගෙ අස්ථි දුර්වල නම්, සුළු වැටීමකදී වුණත් අස්ථි භග්නයක් වෙන්න පුළුවන්.
අස්ථියක් බිඳුණා යැයි හඳුනා ගන්නෙ කොහොමද?
තදබල වැටීමකදී හෝ හදිසි අනතුරකට ලක්වූ අවස්ථාවක තුවාලයක් සිදු වූවාට වඩා වැඩි වේදනාකාරී බවක් සහ එම ගාත්‍රයේ විකෘති වීමක් සිදු වුවහොත් අස්ථියක් බිඳුණා යැයි සැක කරන්න පුළුවන්. මෙවන් අවස්ථාවක අතේ හෝ පාදයේ ක්‍රියාකාරිත්වය නියම විදිහට සිදු වන්නේ නෑ. ඒ වගේම තමයි පාදයට බර තබා හිටගැනීම පවා අපහසු වන්න පුළුවන්.
අස්ථි භග්නයක් වූ වා යැයි සැක කරන අවස්ථාවක, එක්ස්රේ පරීක්ෂණයක් මගින් අස්ථිය කුමනාකාරයකට බිඳී ඇත්දැයි දැන ගැනීමේ හැකියාව තිබෙනවා. මීට අමතරව සවිස්තරාත්මක අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම්, සමහරවිට CT Scan පරීක්ෂණයකට ලක් කිරීම අවශ්‍යයි.
අස්ථි කැඩීමකදී විය හැකි හානි කවරාකාරද?
අස්ථි භග්නයට අමතරව, ඒ ආශි‍්‍රත මෘදු පටකවල ඇතිවන හානි නිසා බරපතළ විපාක ඇතිවන්න පුළුවන්. උදාහරණයක් විධිහට ගත්තොත්, එම ගාත්‍රයට අවශ්‍ය රුධිර නාලවලට හානි වීම නිසා, නියමිත හදිසි ප්‍රතිකාර නොලැබුණොත්, එම ගාත්‍රය ඉවත් කිරීමට පවා සිදුවන අවස්ථා තිබෙනවා.
ඒ වගේම ස්නායු, බණ්ඩරා (Tendance) සහ පේශිවලට හානි වන්න පුළුවන්. මෙහිදී අධික රුධිර වහනය සහ විවෘත භග්නයකදී රුධිරය වහනය වීමෙන් ජීවිත හානි පවා සිදුවිය හැකියි. කශේරුකා ආශි‍්‍රත භග්නවලදී, ශරීරයේ පහළ ප්‍රදේශය අකර්මන්යතාවට ලක්වෙලා, දීර්ඝකාලීන ආබාධිත තත්ත්වයක් ඇතිවන්න පුළුවන්. දිගුකාලීනව සිරුරේ පවත්නා අස්ථි සවි නොවීම නිසාත්, වැරැදි විදිහට අස්ථි සවිවී තිබීම නිසාත්, පුද්ගලයාගේ අවයව ක්‍රියාකාරිත්වයට හානි සිදුවන්න පුළුවන්. ඒ නිසා තමාගේ එදිනෙදා කටයුතු කරගෙන යාමට නොහැකි වීම නිසා සමාජ, ආර්ථික, අපහසුතාවලට ලක්විය හැකියි.
වසර දහයක පමණ කාලසීමාව හා සසදා බැලීමේදී රෝහල්වලට රෝගීන් පැමිණීමේදී වැඩි වශයෙන්ම එන්නෙ හදිසි අනතුරුවලට ලක්වීම නිසයි. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයෙන් දිනකට රෝගීන් 300ක් පමණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙනවා. නේවාසික ප්‍රතිකාර සඳහා දිනකට 60ක් – 70ක් පමණ රෝගීන් ප්‍රමාණයක් රඳවා ගැනීමට සිදු වෙනවා. ඒ අනුව බලනවිට වසරකට තිස්දාහක්, හතළිස්දාහක් වැනි ප්‍රමාණයක් ජාතික රෝහලෙන් හදිසි අනතුරු නිසා නේවාසික ප්‍රතිකාර ලබනවා.
අස්ථි භග්නයක් යැයි සැක කරන අවස්ථාවක දියයුතු ප්‍රථමාධාර මොනවාද?
ප්‍රථමයෙන්ම රෝගියාගේ ශ්වසන මාර්ගයේ අපහසුතා තිබේදැයි සොයා බලා, හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නියමාකාරයෙන් සිදුවන්නේ දැයි පරීක්ෂා කළ යුතුයි. විනාඩි 3 කට වැඩියෙන් හුස්ම ගැනීම නතර වී තිබුණොත් ඔක්සිජන් නොලැබී යාම නිසා, මොළයේ අකර්මන්‍යතා ඇතිවිය හැකියි. ඒ නිසා හැකි ඉක්මනින් ශ්වසන මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමට ක්‍රියා කළයුතු වෙනවා.
අස්ථි භග්නයත් සමඟ රුධිර වහනය සිදු වේනම්, කළ යුත්තේ කුමක්ද?
විවෘත භග්නයකදී රුධිර වහනය වැළැක්වීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එහිදී කළයුතු සුදුසුම දේ වන්නේ පිරිසුදු රෙදි කැබැල්ලක් අරගෙන, තුවාලය මත තබා තෙරපීමයි. එවිට රුධිර වහනය වළක්වා ගන්න පුළුවන්.
මීට අමතරව භග්නය සිදු වූ අවයවය මත පතුරක් තබා, ස්ථායිතාවට පත් කිරීමෙන් වේදනාව අවම කරගත හැකියි. එමගින් රෝගියා රැගෙන යාමේදී සෙලවීමට ලක්වී, කැඩී තිබෙන අවයවය විවිධ සංකූලතාවලට ලක්වීම වළක්වාලිය හැකියි.
විවෘත භග්ගනයක් නොවන අවස්ථාවක (අභ්‍යන්තර බිඳීමක්), අයිස් භාවිත කරලා, භග්ගය සිදු වූ ස්ථානය සිසිල් කිරීමෙන් පටක ඇතුළත රුධිර වහනය වීම අවම කර ගන්න පුළුවන්. කිසිම විටෙක භග්ගය සිදුවූ ස්ථානය රත් කිරීමට හෝ තැවීම සුදුසු නෑ. එමගින් රුධිර වහනය වැඩිවීම වගේම ඉදිමුම වැඩිවන්න පු‍්‍රළුවන්. මෙවැනි අවස්ථාවක තුවාල වූ අවයවය වෙළුම් පටියකින් බැඳීම මගින් වේදනාව අඩුකර ගන්න හැකි වෙනවා. මෙවැනි භග්ගනයක් සිදු වූ විට, එම අවයවය හදවතේ මට්ටමට වඩා ඉහළට ඔසොවා තැබිය යුතුයි. මේ මූලික ප්ර්රතිකාර විදිහ RICE (Rest Ice Compression Elevation) ලෙස හැඳින් වෙනවා.
අස්ථි බිඳුමකට ලක්වූ රෝගියෙක්, රෝහල වෙත ප්‍රවාහනයේදී පරෙස්සම් කරගත යුත්තේ කෙසේද?
අපට මතුපිටින් පෙනෙන තුවාලවලට වඩා, සමහරවිට කශේරුකා ආශි‍්‍රත කැඩීම් බිඳීම් සිදුව තිබෙන්න පුළුවන්. ඒ නිසා එම රෝගියා එසවීමේදී සහ ප්‍රවාහනයේදී, බිඳී තිබෙන අස්ථී වෙන්වෙලා, තවදුරටත් අනෙක් පටකවලට හානි වෙන්න පුළුවන්. ඊට අමතරව සුෂුම්නාවට හානි විය හැකියි. අනතුරින් පසු සිදුවන මෙවැනි අනතුරු Second Accident ලෙස හැඳින් වෙනවා.
මෙවැනි රෝගියෙක්ව එසවීමේදී අඩුම තරමේ තිදෙනෙක්ගේවත් සහය ලබාගැනීම අවශ්‍යයි. ඒ වගේම රෝගියාව ශල්‍යකර්මවලට භාජනය කිරීමට ඉඩ කඩ තිබෙන නිසා, ඔහු නිරාහාරව තැබීම කළ යුතුයි. අධික පිපාසය ඇත්නම් තොලකට තෙමීම පමණක් ප්‍රමාණවත්. ගෙල ප්‍රදේශයේ කශේරුකා ආරක්ෂා කර ගැනීම සඳහා, පත්තරයක් තබා, තාවකාලිකව කොළරයක් පැළදීම කළ යුතුයි.
මෙවැනි රෝගියෙක්ව රෝහල්ගත කළ යුත්තේ කෙසේද?
ළඟම තිබෙන රෝහලට හැකි ඉක්මනින් ඇතුළු කිරීම අත්‍යවශ්‍යම දෙයක්. කුªඩා රෝහලක් වුණත්, එම රෝහලෙන් වෙනත් රෝහලකට මාරු කිරීමට වගේම, රෝගියාගේ ජීවිත ආරක්ෂාවට ඔවුන් ක්‍රියා කරනු ඇති. කොළඹ, ගාල්ල, කුරුණෑගල වැනි ප්‍රධාන නගරවල හදිසි ගිලන්රථ සේවාවන් යොදා තිබෙන නිසා, මෙවැනි අනතුරකදී 110 අංකයට ඕනෑම දුරකථනයකින් කතාකර, විනාඩි 10 – 15 කාලයක් ඇතුළත ගිලන් රථයක් ලබාගැනීමේ පහසුකම් නොමිලේම ලබාගන්න පුළුවන්.
ගෙදර දොරේ දී අතක් පයක්
ගෙදර දොරේ, මඟ තොටේ සිදුවන විවිධ අනතුරු නිසා බොහෝ දෙනෙකුගේ ශරීරයේ අස්ථීන් කැඩීමකට හෝ බිඳීමකට ලක්වෙනවා. එවැනි අවස්ථාවලදී දේශීය වෛද්‍ය ක්රමයේ සහ ආයුර්වේද වෛද්‍ය ක්රමයේ පිහිට පැතීමට බොහෝ දෙනෙක් පෙලඹෙනවා.
ඒ; කැඩුම් බිඳුම් සඳහා ඉතාම හොඳ ප්‍රතිකාර දේශීය වෛද්‍ය ක්රමයේ සහ ආයුර්වේදයේ තිබෙන නිසයි. අද සුවමඟෙන් තොරතුරු ගෙන එන්නේ ශරීරයේ අස්ථිවල සිදුවන කැඩීම් බිඳීම්වලදී (භග්න) ආයුර්වේදයේ සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්රමයේ එන ප්‍රතිකාර ක්‍රම පිළිබඳවයි. ඒ සඳහා අදහස් දක්වන්නේ කැඩුම් බිඳුම් විශේෂඥ, ආයුර්වේද වෛද්යාචාර්ය එල්. ආර්. සිසිර කුමාර මහතායි.
අස්ථි බිඳීමක් හෙවත් භග්නයක් ලෙස හඳුන්වන්නේ කුමක් ද?
“අපගේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ අස්ථි පද්ධතියකින්. ඒ අස්ථි පද්ධතිය තමයි අපගේ ශරීරයේ සැකිල්ල; සැලැස්ම. මෙම අස්ථිවල සිදුවන බිඳීමක් ‘භග්නයක්’ ලෙස හඳුන්වනවා. අස්ථි බිඳීමකදී ඇතැම් විට අස්ථි කොටස් පිටතට පැමිණිය හැකියි.
ඇතැම් විට අස්ථිය බිඳී එලෙසම තිබිය හැකියි. බිඳීමකින් පසුව එම ස්ථානයේ විශාල වේදනාවක් ඇති වෙනවා. එසේ ම ඉදිමුමක් ඇති වෙනවා. එමෙන්ම එම ස්ථානයේ අස්ථියේ වෙනස්වීමක් දක්නට ලැබෙනවා.
කිසියම් අනතුරකදී අස්ථියක බිඳීමක් සිදු නොවී පිපිරීමක් පමණක් සිදු වුවහොත් එම ස්ථානයේ වෙනස්වීමක් දක්නට ලැබෙන්නේ නෑ. පළපුරුදු වෛද්‍යවරයකු හට රෝගියා වේදනාව දක්වන ස්වරූපයෙන්ම කුමන අස්ථියක් කුමන ආකාරයෙන් බිඳීමකට ලක් වී ඇත් දැයි තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙත් X-ray පරීක්ෂාවකින් අස්ථිය බිඳී ඇති ආකාරය ඉතා නිවැරැදි ලෙස හඳුනාගත හැකියි.
අතක් පයක් බිඳුණු විට වෛද්‍යවරයකු වෙත ගෙන යාමට පෙර කුමක් කළ යුතු ද?
තම පවුලේ අයකු රාත්‍රී කාලයේදී අනතුරකට භාජනය වූවා යැයි සිතන්න. එහිදී වෛද්‍යවරයකු වෙත රෝගියා ගෙන යාමට පෙර සරළ ප්‍රථමාධාරයක් කළ හැකියි.
ඒ; අස්ථිය බිඳී ඇති ස්ථානයේ කිසියම් විකෘතිතාවයක් ඇති බව පෙනී යා නම්, පතුරු දෙකක් ගෙන (නොනැමෙන අඩිකෝදු දෙකක් වුවත් සෑහෙයි) අස්ථිය බිඳුණු ස්ථානයේ දෙපැත්තෙන් තබා රෙදි පටියකින් තද නොවන සේ සරල වෙලීමක් කළ හැකියි. එසේ වෙලා නොසෙල්වෙන සේ තැබීම වැදගත්.
අස්ථිය බිඳීමට ලක්වුණේ අතක නම්, පතුරු දෙකක් තබා අත තද නොවන සේ වෙලා තවත් රෙදි පටියක් ගෙන අත ගෙලෙහි එල්ලා තැබිය හැකියි.
මෙහිදී බිඳුණු අත තිරස් වන සේ තැබීම වැදගත්. වෛද්‍යවරයකු වෙත ගෙන යාමට පෙර කිසි විටෙකත් තෙල් ගා අත ගෑමක් නොකළ යුතුයි.
අනවශ්‍ය ලෙස එසේ අත ගෑමෙන් වෛද්‍යවරයාට අස්ථිය බිඳී ඇති ආකාරය හඳුනා ගැනීමට නොහැකි වනවා සේම, අස්ථින් ද නැවත සකස් කිරීමට නොහැකි වන අයුරින් වෙනස් විය හැකියි.
එබැවින් අස්ථි බිඳීමක් සිදුවූ විට ඉහත දැක්වූ ආකාරයෙන් සරළ වෙලීමක් කර වහා වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි.
භග්නයකදී කරනු ලබන ආයුර්වේද ප්‍රතිකාර මොනවා ද?
පළමුව බිඳීමක් ද පිපිරීමක් ද කියා හඳුනා ගත යුතුයි. පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ආපදාවට ලක්වී ඇති ස්ථානය පරීක්ෂා කිරීමෙන් එය හඳුනාගත හැකියි. එසේ ම X-ray ඡායාරූපයකින් ඉතා පහසුවෙන් නිවැරැදි ආකාරයට භග්නය පිළිබඳ තොරතුරු සොයාගත හැකියි. ඉන් පසුව බිඳුණු හෝ කැඩුණු අස්ථිය සකස් කරනු ලබනවා.
පසුව අවශ්‍ය ඖෂධ වර්ග තබා අස්ථිය නොසෙල්වන සේ පතුරු තබා බඳිනවා. මෙහිදී වැදගත් වන්නේ බිඳුණු අස්ථිය නොසෙල්වෙන සේ, ඇද නොවන සේ තබා ගැනීමයි. වෛද්‍යවරයා විසින් පතුරු තබා බඳින ආකාරයෙන් ම නොවෙනස් ව තබා ගැනීමෙන් කිසිදු විකෘති තාවයකින් තොරව බිඳුණු අස්ථිය යථා තත්ත්වයට පත්කර ගැනීමේ හැකියාව ලැබෙනවා.
එසේම මුලදීම නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාරවලට යොමුවීම ද ඉතා වැදගත්. කැඩුම් බිඳුම්වලදී ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම සහ සාර්ථක ඖෂධ වර්ග ආයුර්වේදයේ තිබෙනවා. බිඳුණු අස්ථිය මත ඖෂධ තබා බැඳ දින පහකින් නැවත ඖෂධ බැඳිය යුතුයි. දින පහකට වරක් පරීක්ෂා කර බලා නැවත නැවත ඖෂධ බැඳීමෙන් ඉක්මන් සුවයක් ලබාගැනීමේ හැකියාව ලැබෙනව.
ආයුර්වේද ප්රතිකාරවලින් බිඳුණු අස්ථියක් දින 21 ක් තුළදී සුවකර ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙත් යම් යම් පුද්ගලයින්ගේ ශරීර ස්වභාවයන් අනුව සහ අස්ථිවල තත්ත්වය අනුව බිඳුණු අස්ථිය සුව වීමේ කාලය වෙනස් වෙනවා.
යමෙකුට දියවැඩියා රෝගය වැළඳී ඇත්නම්, ඔහුගේ බිඳුණු අස්ථියක් සුව වීමට ගතවන කාලය වැඩියි. බිඳුණු අස්ථියක් යම් පමණකට සවිවූ පසුව ආයුර්වේද ඖෂධ යොදා සකසා ගන්නා ලද ඖෂද පොට්ටනිවලින් තවනවා. ඖෂධ පොට්ටනිවලින් තැවීමේදී ඉතා රස්නෙන් තැවීම සුදුසු වන්නේ නෑ.
ඖෂධ පොට්ටනියකින් තැවීමෙන් බලාපොරොත්තු වන්නේ පොට්ටනියේ ඇති ඖෂධ සමට සහ අස්ථියට උරා ගැනීමට සැලැස්වීමයි.
අධික රස්නයකින් තැවීමෙන් අස්ථියේ කැඩුණු ස්ථාන වෙනස් විය හැකියි. පොට්ටනිවලින් තැවීමෙන් පසුව ඖෂධීය තෙල් ගල්වා අත ගානවා. එවිට අස්ථිය හොඳින් සවි වෙනවා. කිසිඳු අවස්ථාවක වැර යොදා බිඳුණු අස්ථියක් පිරිමැදීම සුදුසු වන්නේ නෑ.
එය ඉතාම සීරුවට කළ යුතු කාර්යයක්. අතක පයක තෙල් ගා පිරිමදින විට එය කළ යුත්තේ පහළ සිට ඉහළටයි. සමේ රෝම කූප අසල තිබෙන සිදුරු විවර වී සම තුළට ඖෂධීය තෙල් ගමන් කරන්නේ එවිටයි. වයස අවුරුදු හැට ඉක්මවූ උදවිය වැටීමකට ලක්වූවොත් බොහෝ විට උකුල් ඇටය බිඳෙනවා.
කුහරගෝල සන්ධිය කැඩීමකට හෝ බිඳීමකට ලක්වෙනවා. එවිට රෝගියාගේ පාදය තිබෙන්නේ කඩා වැටුණු ආකාරයෙන්. මෙවැනි අවස්ථාවකදී පාදය කෙළින් කර ගැනීමට නවීන වෛද්‍ය ක්‍රම වල එන POP (පැරිස් බදාම ප්ලාස්ටරයක්) යොදා ආයුර්වේද ප්‍රතිකාර කරනවා.
නිරෝගී අස්ථි පද්ධතියක් පවත්වාගෙන යාමට අප කළ යුත්තේ කුමක් ද?
අපගේ අස්ථි පද්ධතිය නිරෝගීව තබා ගැනීම ඉතාම වැදගත්. එසේ නොවුණහොත් සුළු වැටීමකදී පවා අස්ථි බිඳී යා හැකියි. ඒ සඳහා සමබල මෙන්ම කැල්සියම් අඩංගු ආහාර වේලක් ගැනීම ඉතා වැදගත්. හාල්මැස්සන් සතියකට
කීප වරක් ආහාරයට ගැනීම ඒ සඳහා ඉතා සුදුසුයි. අස්ථි පද්ධතිය ශක්තිමත් කර ගැනීමට දිනපතා ව්‍යායාම කිරීම ද ඉතා ප්‍රයෝජනවත්.
අත් පා වල පේෂි ඉරීමෙන් සිදුවන ආපදා සුවපත් කළ හැකි ද?
මෙය බොහෝ දෙනෙක් මුහුණ දෙන තත්ත්වයක්. ශරීරයේ බර වැඩිකම, ක්ෂණිකව අධික බරක් එසවීම, පාද පෙරළීම වැනි හේතූන් නිසා ශරීරයේ යම් යම් පේෂීන් ඉරී යා හැකියි.
මෙවිට පේෂිවල ඇති පටක ඇදෙනවා. ඉන් පසුව එම පේෂිය වෙහෙසන අවස්ථාවලදී නැවත එම වේදනාව මතු වෙනවා. මෙවැනි ආපදාවකට ලක්වූ විට කළ යුත්තේ කලක් ගත වන තෙක් එම ඉරුණු පේෂිය සහිත පාදය හෝ අත ඉතා පරිස්සමෙන් භාවිත කිරීමයි.
ඉරුණු, ඇදුණු පේෂී යථා තත්ත්වයට පත් කරගැනීමට ආයුර්වේදයේ සහ පාරම්පරික වෛද්‍ය ක්‍රමවල විශේෂ ඖෂධ වර්ග සහ ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. කලක් එම තෙල්, ඖෂධ වර්ග භාවිතා කිරීමෙන් ඇදුණු ඉරුණු පේෂිය යථා තත්ත්වයට පත්කර ගත හැකියි.
භග්න චිකිත්සාව හෙවත් කැඩුම් බිඳුම් වෙදකම කෙටියෙන් හඳුන්වන්න?
මේ වෙදකම අයත්වනුයේ ශල්‍ය අංශයටයි. මෙම වෙදකම ගැමියන් අතර වඩාත් ප්‍රචලිතව ඇත්තේ ගස් වෙදකම යනුවෙන්. එයට හේතුව වනුයේ ගස්වල කොටස් උපයෝගී කරගෙන සකසාගනු ලබන ඖෂධ වලින් මෙම වෙදකම කරන නිසාවෙන්.
අදටත් විස්මිත වෙදකමක් වන කැඩුම් බිඳුම් වෙදකම මෙන් අතීතයේ සිටි දක්ෂ වෛද්‍යවරුන් බිඳී හෝ කැඩී ගිය අස්ථි සම්පූර්ණයෙන් ඉවත්කර ඒ වෙනුවට කුකුළු ඇට, එළු ඇට බද්ධකර අස්ථි සන්ධානය කර තිබෙනවා.
කැඩුම් බිඳුම් වෙදකමේ විශේෂිත අංගය වනුයේ ඒ සඳහා යොදන ඖෂධීය උපක්රමයින් ඒවා තෙල් ගැල්වීම්, මැල්ලුම්, පත්තු, පැණිපත්තු, කිරිමැටි පත්තුව, අංකුඩු පත්තුව, තැම්බුම, තෙල්තිර ලෙස හැඳින්වෙනවා.
කැඩී බිඳී ගිය අස්ථියක් නිවරදිව සවිනොවී ඇති විටක, එම අස්ථිය කඩා නැවත නිවරදිව සවිකරන බවට මතයක් කැඩුම් බිඳුම් වෛද්‍ය ක්‍රමය ආශ්‍රිතව ගොඩනැගී තිබෙනවා. මෙය සත්‍යයක්ද ?
එය සම්පූර්ණයෙන් ම අසත්‍යයක් කැඩුම් බිඳුම් වෙදකම ආශ්‍රිතව අස්ථි කැඩීමක් හෝ බිඳීමක් සිදුවන්නේ නෑ. මෙම වෛද්‍ය ක්‍රමය තුළ ඇත්තේ එක් මූලික සිද්ධාන්තයක් පමණයි. එය නම්, අස්ථි කැඩී බිඳීමක් වූ විට එය නිවරදිව නැවත සවිකිරීම සහ වැරදි ආකාරයට සවිවී ඇති අස්ථියක් එයින් මුදා නිවරදි ආකාරයට සවිකිරීමයි. අස්ථි කැඩීමක් සිදුවන බවට වන වැරදි මතය ගොඩ නැගී ඇත්තේ ඉහත දෙවන කරුණ මත පදනම්වයි.
සැබැවින්ම මෙහිදී කරනු ලබන්නේ වැරදියට සවවී ඇති අස්ථිය වටා තෙල් ගෑම සහ මැල්ලුම් බැඳීමයි. මෙමගින් එම ස්ථානයේ ඇතිවී තිබෙන තද ගතිය මිදී මොලොක් බවට පත්වෙනවා. ඉන්පසු එය නිවරදි ආකාරයට යළි සවිකරනු ලබනවා.
මෙම වෛද්‍ය ක්‍රමය හා බැඳුණු තවත් අංගයක් වනුයේ වෙදකම පිළිබඳ දැනුමක් නොමැති අයෙකුට වුවද, තමන්ටම කරගතහැකි ප්‍රතිකාරවිධි අඩංගුව පැවතීමයි. එදිනෙදා සිදුවන බරපතළ නොවන තැල්මට, උළුක්කුවට බැලතණ මැල්ලුම බැඳීම, ලුණු පාන්කඩය බැඳීම එවන් ප්‍රතිකාරයකි.
මේ වෙදකමට යොදාගන්නා ශාක මොනවාද ?
බෝඹු, කැටකැල, මී, අංකෙන්ද, එරමිණියා, රදලිය, කෑලිය, කොබ්බෑ, නවහන්දි, ගොනිකා, ඇට්ටමුරා, සාවදාන, අඹ, කොටකිඹුලා, මගුල්කරද, බැලතණ, ලුණුවරන යන ශාක ඉන් සමහරක්. මෙම ශාකවල ටැනින්, ටැනින් අමිල, සැපොනික් මර්පින්, ට්රයිටර්පීන්, බෝල්සම්, වාෂ්පශීලී තෙල්, කැල්සියම්, මැග්නීසියම්, පොස්පරස්, සල්පර් වැනි අස්ථි සන්ධානයට අවශ්‍ය ස්වභාවික රසායන මූලද්‍රව්‍ය අඩංගුවෙනවා.
මෙහිදී විශේෂයෙන් පැවසිය යුතු කාරණයක් තිබෙනවා. කැඩුම් බිඳුම් වෙදකම සහ ශරීරයට පිටතින් බෙහෙත් ගැල්වීමක් පමණක් සිදුකරන වෛද්‍ය ක්‍රමයක් නොව, ශරීර අභ්‍යන්තරයටද ඖෂධ ලබාදෙන වෙදකමක්. මෙම දෙක එකවර එකෙලෙස නිසිලෙස ක්‍රියාත්මක වීම අවශ්‍යයි. අනෙක් කාරණය වෛද්‍යවරයාගේ දායකත්වයට රෝගියාගේ සහයෝගය ද ලැබිය යුතුයි. වෛද්‍යවරයා ගේ නියමයන් මනාලෙස පිළිපැදීම රෝගය සම්පූර්ණයෙන් සුවකරගැනීමට අත්වැලක් වෙනවා.
කැඩුම් බිඳුම් අස්ථියක් සවිකළ විට නැවත කැඩීමක් සිදුවීමට තිබෙන ඉඩකඩ වැඩිද ?
ශරීර අභ්‍යන්තරයේ නැවෙන ස්ථාන එකිනෙකට සම්බන්ධ වී තිබෙන්නේ ශරීර අභ්‍යන්තරයේ නිපදවෙන තරලයක් සමගින්. මෙම තරලය නිසා අස්ථි එකිනෙක ගැටෙන විට වඩා මෘදු හා සියුම් බවක් දැනෙනවා. ලෙහෙසියෙන් රිදීමක් ඇතිවන්නේ නෑ. යම් හෙයකින් අස්ථියක් පැනීම තුළ සිදුවනුයේ එම තරලය රහිත තැනක අස්ථිය පිහිටීමයි. මෙවිට නිවරදි නොවන අස්වාභාවික පිහිටීමක රැදෙන අස්ථිය වේදනා ගෙන දෙනවා. අස්ථියක් කැඩීම තුළින් සිදුවනුයේ ස්ථිර ලෙස එක දිගට තිබූ දෙයක් කැඩී වෙන්වීමක්. නොඑසේනම් පිපිරුමක්. එවිට එහි කෙටීමක් ඇතිවෙනවා. මෙයත් වේදනාකාරියි. කැඩුම් බිඳුම් වෙදකමින් කරනුයේ එම විකෘතික නිවරදිව සකසා යථා තත්ත්වයට පත්කිරීමයි.
හදිසියේ ඇතිවන තැල්ම, උළුක්කු, ඇමැට්ටි පැති ආබාධ සඳහා නිවසේදී පහසුවෙන් කළහැකි අත්බෙහෙත් කිහිපයක් සඳහන් කරන්න.
* අඹපොතු, බැලතණ, අමුකහ, දියුලුණු කැට, එකට කොටා ලිපිතබා මලවා ඔතන්න.
* හික්ගංග් පොතු, උළුහාල් මිටක්,, අමුකහ, දියලුණු, එකට කොටා ලිපතබා මලවා ඔතන්න.
* වරකා - කොස් ගස්වල පොතු, අඹපොතු, තොටිල පොතු, අමුකහ, දියලුණු, කොටා ලිප තබා මලවා ඔතන්න.
* හාතාවාරියා , කොළ, බැලතණ, ලපටි පුවක් මල්, අමුකහ, දියලුණු කොටා ලිපතබා මලවා ඔතන්න.
* කැටකෑල, මුණමල්, අංකෙන්ද, කොළ, පොතු, අමුකහ, දියලුණු කොටා ලිපිතබා මලවා ඔතන්න.
* ඔලිඳ කොළ කොටා එඬරු තෙල් දමා මිශ්‍රකර ලිපතබා මලවා ඔතන්න.
* පත්තු වශයෙන් රත්හඳුන් අරළු බුළු, නෙල්ලි, සිවාගුරු, තිත්ත අබිං, එකතරම ගෙන සියඹලා කොළ ඉස්මෙන් අඹරා එම ඉස්මෙන්ම ලිප තබා කකාරා ගාන්න.
* උඳුඇට තම්බා බිත්තර සුදුමදය සමඟ අඹරා ගාන්න.
* සෙවල බෝඹි පොතු, බිත්තර සුදුමදය, සමඟ ලිපතබා කකාරා ගාන්න.
කන යනුසිරුරේ ප්‍රධානතම ඉන්ද්‍රියයක් බව ඔබට අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. ඒ පිළිබඳව පසුගිය කලාපයකින් අප ඔබ දැනුවත් කළෙමු. කනේ ඇති වන ආසාදන ක න තුළට යමක් ගිය විට කළ යුතු ප්‍රතිකාර සහ මේ ආදි සියල්ලක්ම පිළිබඳව ඔබ දැනුවත් වන්නට ඇතැයි අප සිතනවා. මෙවර ඔබගේ අවධානය පිණිස කනෙහි ඇතිවන දිලීර, පිහිනීමේ දී කනට සිදුවන අපහසුතා යනාදිය පිළිබඳව සාකච්ඡා කිරීමට අප තෝරා ගත්තේ ජයවර්ධනපුර රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අසෝක ජයසේන මහතා යි.
වෛද්‍ය තුමනි, මූලික වශයෙන් කනෙහි ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න.
කනෙහි ක්‍රියාකාරිත්වය වන්නේ සියලුම ශබ්ද තරංග එක් රැස්කර කන් කුහරය හරහා කන තුළට පතිත කිරීමයි. කන ඇතුළත තිබෙන කන් බෙරය (eardrum) ක්‍රියා කරන්නේ ශබ්ද තරංගවලට කම්පනය වීමට ය. ඒ මැද කණෙහි අස්ථි තුනක් පිහිටා තිබෙනවා. මැලියස් ඉන්කස් ස්ටේපීස් යනුවෙන් කම්පනයට යම්කිසි ශබ්ද තරංගයක් කන තුළට ඇතුල් වී මුලින්ම කන් බෙරයට (eardrum) ශබ්ද තරංග ඇතුළත් වී එය කම්පනය වනවා. එම කම්පනය මැලියස් එකට ගමන් කර මැලියස් එක කම්පනය වෙනවා.
පසුව එය ඉන්කස් එකට ගමන් කරනවා. එයත් කම්පනය වනවා. අවසානයේ දී ශබ්දය ස්ටේපීස් එකට ගමන් කර එය ඇතුල් කනට ගමන් කරනවා. මේ ඇතුල් කනේ තරලයක් පිහිටා තිබෙනවා. මෙම තරලය විශ්ලේෂණය වීමෙන් අනතුරුව අටවැනි කපාල ස්නායුව ඔස්සේ මොළේට ගමන් කර මොළෙන් ලබා දෙන සංඥා අනුවයි අපට ඇසීම ලැබෙන්නේ. හොඳින් ඇසෙන්නට නම් මේ ක්‍රියා පථය හොඳීන් ක්‍රියාත්මක විය යුතුයි. නමුත් වයසට යාමේ දී ඇතැමුන්ගේ මේ ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් හීන වන්නට පටන් ගන්නවා. එවිට කන ඇසීම දුර්වල වෙනවා.
ඇතැමුන් පවසනවා මව්කිරි නොදෙන දරුවන් කනේ ආසාදනවලින් පෙළෙන බව එහි සත්‍යයක් තිබෙනවා ද ?
ඔව්, ඇතැම් මව්වරුන්ට මව්කිරි දීමට නොහැකි වූ විට ඔවුන් නිරායාසයෙන්ම යොමු වන්නේ පිටිකිරි ලබා දීමට යි. මව තම ඇකයේ දරුවා හොවාගෙන කිරි දීමේ දී ස්වාභාවයෙන් ම නියම ආකාරයට දරුවගේ කුසට කිරි ගමන් කරනවා. නමුත් බෝතල්වලින් කිරි ලබා දීමේ දී බෝතලය බොහෝ විට ඇලකර තිබ්බොත් දරුවා බෝතලයෙන් කිරි උරද්දී එම කිරි කනට යන්නට පුළුවන්. එවිට කනේ ආසාදනයක් ඇති වන්නට පුළුවන්.
යම්කිසි පුද්ගලයෙක් වැටුණු විට එසේත් නොමැති නම් අනතුරක් සිදු වූ විට කනෙන් ලේ ගැලීමක් ඇතැම් විට සිදු වෙනවා නේ ද ? එයට හේතුව කුමක් ද ?
බාහිර කනෙන් ලේ ගැලීමක් සිදු වුවොත් එය කැපීමකට සහ සීරීමකට බඳුන්වී ඇතිවන ලේ ගැලීමක්, එසේ නොවී කන ඇතුළතින් ලේ ගැලීමක් සිදු වුවොත් එය සිදු වන්නේ මොළේ තුවාල වීමකින් (
ඔසුවක තතු
ලොව සුලබවම භාවිත වන
වේදනානාශකය Paracetamol
පැරසිටමෝල් ඖෂධය නො ගත් කුඩා දරුවකු හෝ වැඩිහිටියකු සොයාගැනීම ඉතා අසීරු ය. මෙය වේදනාව දුරු කිරීම සඳහා ද, උණ ගත් අවස්ථාවල දී ශරීර උෂ්ණත්වය පහත හෙළීම සඳහා ද සුලබ ලෙස භාවිතයේ යෙදෙන්නකි.
Paracetamol වේදනා දුරු කරන බැවින් Analgesic කාණ්ඩයට ද, ශරීර උෂ්ණත්වය වැඩි වූ අවස්ථාවල පහත හෙළන බැවින් Antipyretic ඖෂධ කාණ්ඩයට ද අයත් වේ.
අඩංගු සංඝටක -
N(4-hydroxyphenyl) acetamide යන සංයෝගය අන්තර්ගත ය. සංක්ෂිප්තව Acetaminophen යනුවෙන් හැඳින්වේ.
ඖෂධය පෙති, දියර, බින්දු ලෙස කුඩා ළමයින්ට දිය හැකි ෙඩ්රාපරයක් සහිත ලෙස විවිධ ආකාරයෙන් නිපදවේ. Paracetamol දියර (syrup)වල ඖෂධීය සංයෝගයට අමතරව වර්ණකාරක, ද්රාවනකාරක සංයෝග, රසගන්වන ද්‍රව්‍ය (flavouring agents) හා කල් තබාගැනීමේ ද්‍රව්‍ය ද අන්තර්ගත ය.
ඖෂධය ක්‍රියා කරන ආකාරය : Paracetamol මඟින් මධ්‍ය ස්නායු පද්ධතියට අයත් මොළයෙහි (brain) ප්‍රොස්ටොග්ලැන්ඩින් (Prostoglandin) නමැති ජෛවරසායනිකය සැදීම නිශේධනය කරයි. ඒ Cyclooxygenase නම් එන්සයිමය නිශේධනය කිරීම මඟිනි.
Prostoglandin මඟින් වේදනාව දැනීම ද, ශරීර උෂ්ණත්වය ඉහළ යැම ද සිදු වෙයි. එබැවින් Paracetamol ගත් විට වේදනාව දුරු වන අතර උණ (Pyrexia) ගත් අවස්ථාවල දී ශරීර උෂ්ණත්වය ද පහත හෙළයි.
Paracetamol මඟින් මොළයෙහි Prostoglandin නිපදවීම නිශේධනය කළ ද පර්යන්ත පටකවල එම ජෛවරසායනිකය සැදීම නිශේධනය නො කරයි. එබැවින් Paracetamol මඟින් NSAID ඖෂධ මෙන් ප්‍රදාහය (Inflammation) වළක්වා ලනු නො ලැබේ.
වෙනත් බොහෝ වේදනා නාශක ඖෂධ මඟින් ආමාශයේ ද Prostoglandin සැදීම නිශේධනය කරන බැවින් ආමාශයික වණ, හෝ එවන් වේදනාකාරී තත්ත්ව ඇති වෙයි. එහෙත් Paracetamol මඟින් ආමාශය වැනි පර්යන්ත පටකවල ප්‍රොස්ටොග්ලැන්ඩින් සැදීම නිශේධනය නො කරන බැවින් ආමාශයික වණ හෝ උදරයේ අපහසුතා ඇති වීමක් සිදු නො වේ. එබැවින් Paracetamol උදරයට සෞම්‍ය වූ වේදනානාශකයක් ලෙස නම් කළ හැකි ය.
භාවිතාවන් : 1. වේදනා දුරු කිරීම සඳහා වේදනානාශක ඖෂධයක් ලෙස. 2. ශරීරයේ උණ ගත් අවස්ථාවල අධික ශරීර උෂ්ණත්වය පහත හෙළීම සඳහා 3. දත් රෝගවල දී දත් වේදනා දුරු කිරීමට. 4. ඔස්ටියෝආතරයිටිස් රෝගවල දී. 5. මිග්රේන් රෝග අවස්ථාවල දී. 6. හිසරදය දුරු කිරීම සඳහා. 7. රුමැටික වේදනා දුරු කිරීම සඳහා. 8. උගුර වණ වී තුවාල ඇති වූ අවස්ථාවල දී (Sore throat). 9. ස්ත්‍රීන් ගේ මාස් ශුද්ධියේ දී ඇති වන වේදනා දුරු කිරීමට 10. Ijfluenza රෝග අවස්ථාවල දී.
11. ස්නායු ආශ්‍රිතව ඇති වන Neuralgia නම් වේදනාකාරී තත්ත්ව දුරු කිරීමට.
අතුරු ආබාධ : නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ගත් විට අතුරු ආබාධ ඇති වීම සිදු නො වන තරම් ය. එහෙත් කලාතුරකින්,
සමේ පලු දැමීම හා වෙනත් ආසාත්මිකතා ලක්ෂණ ඇති විය හැකි ය.
පැරසිටමෝල් මාත්‍රාව : Paracetamol මාත්‍රාව වන්නේ කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 15කි.
(15mg/kg) දිනකට දිය හැකි උපරිම මාත්‍රා ගණන 4කි. (පැය 6කට වරකි). එබැවින් පැය 24ක් තුළ දී 60 mg/kg ඖෂධ ප්‍රමාණයක් නියමිත අගය වෙයි.
පැරසිටමෝල් කුඩා දරුවන්ට දීමේ දී විශේෂයෙන් ම සැලකිලිමත් විය යුතු ය. නිෂ්පාදකයන් ගේ ඇසුරුම්වල වයස සහ බර අනුව දරුවාට දිය යුතු පැරසිටමෝල් ඖෂධ මිලිලීටර් ගණන සඳහන් වේ. එය ෙඩ්රාපරයකින් හෝ තේ හැන්දකින් හෝ දිය හැකි ය. (තේ හැන්දක් යනු 5ml කි.) එහි සඳහන් මාත්‍රාව ඒ අයුරින් ම දීමට වගබලාගන්න. සාමාන්‍ය බරින් යුතු වැඩිහිටියකුට වරකට දෙන මාත්‍රාව 1g(=1000mg) වෙයි.
පැරසිටමෝල් අධි මාත්‍රා වීම : පැරසිටමෝල් ඖෂධය වෛද්‍ය අනුමැතියකින් තොර ව ද භාවිතයට ගැනෙන නිසා සාමාන්‍ය වේදනා හා උණ රෝග අවස්ථාවල දී - (මෙය නිවැරැදි ඖෂධ භාවිතය නො වේ.) විවිධ වෙළෙඳ නම්වලින් එහෙත් එක ම පැරසිටමෝල් ඖෂධය අඩංගු ඖෂධ නිපැයුම් කිහිපයක් එක විට ගැනීමක් සිදු විය හැකි ය. එවිට ඖෂධය අධිමාත්‍රා වීම සිදු වේ. එනිසා සාමාන්‍ය වේදනා හා උණ රෝග අවස්ථාවල දී ද වෛද්‍ය නියමයට අනුව ම පැරසිටමෝල් ඖෂධය ගැනීම ඥානාන්විත ය. එමෙන්ම Paracetamol කුඩා දරුවන්ට හසු වන ලෙස තැබූ විට ඔවුන් එම පැරසිටමෝල් දියර හෝ පෙති වැඩි ප්‍රමාණයක් ගිල දැමීම නිසා ද කුඩා දරුවන්ට එය අධි මාත්‍රා විය හැකි බැවින් ඖෂධ ගබඩා කර තැබීමේ දී සැලකිලිමත් වන්න.
Paracetamol අධි මාත්‍රා වීමේ දී වමනයට එන ස්වභාවය හා වමනය, ආහාර අරුචිය, උදරයේ වේදනාව, අවරුධිර පීඩනය දහඩිය දැමීම හා ඇඟ සුදුමැලි වීම වැනි ලක්ෂණ ඇති වේ. අක්මා සෛලවලට ද හානි පැමිණේ.
මේ ලක්ෂණ ඇති වන්නේ නම් වෛද්‍ය උපදෙස් නොපමාව ලබාගන්න. මේ අධිමාත්‍රා වීම ප්‍රතිකර්ම මඟින් සමනය කළ හැකි ය.
සැ.යු(- වෛද්‍ය උපදෙස්වලින් තොරව පැරසිටමෝල් ඖෂධය දින තුනකට වඩා නො ගැනීමට වග බලාගන්න. ඔබට අක්මාරෝග හෝ වකුගඩු ආබාධ ඇත්නම් එය වෛද්‍යවරයාට දන්වන්න.
ශාන්ත හෙයියන්තුඩුව (ඖෂධවේදී)
මෙවර ව්‍යායාම හරහා අප ඔබට කියා දෙන්නේ පසුගිය සතියේ මෙන්ම බිම දිගාවී කරන ව්‍යායාමයකි. ඔබ මේ ව්‍යායාම මාලාවක් ලෙස දිගින් දිගට හුරු පුරුදු වෙනවා නම් හා නිතර ව්‍යායාමයේ යෙදෙනවා නම් ඔබ මේ වනවිටත් එහි ප්‍රතිඵල භුක්ති විඳිනවා ඇති.
කෙසේ වෙතත් ඔබ තවමත් ව්‍යායාමය සඳහා කාලවේලාවක් වෙන් කරගෙන නැතිනම් හැකි ඉක්මනින් ඒ සඳහා වහා යොමු විය යුතු බවත් අප ඔබට මතක් කරනවා. එය ඔබේ දීර්ඝ කාලීන ශරීර සෞඛ්‍යයට බලවත් පිටිවහලක් වේවි.
මේ ව්‍යායාමය ආරම්භ කිරීමේදී ද ඔබ බිම දිගාවිය යුතුයි. දැන් කණ දෙපසින් බිම දිගේ ඉහළට කර තබාගන්න. පසුව දෙපා දණහිස් වලින් 900 – 800 අතර ප්‍රමාණයට ඉහළට නවාගන්න. මෙය ව්‍යායාමයේ පළමු ඉරියව්වයි.
පසුව ඔබ ඉණෙන් ඉහළ කඳ කොටස ඉදිරියට ඔසොවමින් දණහිස් වලට ඉහළින් දෑත් සිටින ලෙස කඳ කොටස ඉදිරියට ගෙන එන්න. මෙහිදී ඉණෙන් ඉහළ කොටස සෘජුව තබා ගන්න. කොන්ද නැවීම හෝ කුදු ගැසීමක් සිදු නොවීමට වගබලාගන්න. එසේ නැතිනම් ඔබට ව්‍යායාමයේ නියම ප්‍රතිඵල අත්නොවනු ඇත.
මෙසේ ඉණෙන් ඉහළ කොටස ඉදිරියට ගෙන එන අවස්ථාවේදී හුස්ම හෙළීම සිදු කරන්න. හුස්ම ගැනීම කරන්නේ නැවත පළමු ඉරියව්වට පැමිණෙන අවස්ථාවේදීයි. අප කලින් සඳහන් කළා මෙන් මේ ව්‍යායාම රිද්මය සමඟ ආශ්වාස ප්‍රශ්වාස රටාවද පවත්වාගෙන යාම කළ යුතුයි. එහිදී මාංශපේෂී තදවීම හා ලිහිල් වීමක්ද ආයාසයෙන් සිදුවන ආකාරය ඔබට මදක් මේ ව්‍යායාමය කිරීමෙදී හැගෙනු ඇත. මේ ව්‍යායාමය වාර 20 – 30 ක් පමණ කළ යුතුයි. ඔබ ආධුනිකයකු නම් වාර 20 ක් පමණ කළ යුතු අතර ක්‍රමයෙන් එම වාර ගණන වැඩි කිරීමට ඔබට හැකියාව ලැබෙයි.
මේ ව්‍යායාමය මගින් උදර මාංශපේෂීන්හි ඉහළ කොටස ව්‍යායාමයට ලක්වන අතර එහිදී එම මාංශපෙෂීවල මේද දහනයක් ද සිදුවී ඔබට හොඳ ශක්තිමත් නිරෝගී මාංශ පේෂීන් හිමි සිරුරක් දායාද කරනු ඇත.
මෙහිදී කොන්ද ආශ්රිත ආබාධ සහිත අයෙක් නම් මේ ව්‍යායාමය කිරීමේදී විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. කොන්දේ ඉහළ කශේරුකාවල ආබාධ තිබෙන පුද්ගලයන් මේ ව්‍යායාමය කිරීමේදී වඩාත් ප්‍රවේශම් විය යුතුයි. ඉණෙන් ඉහළ කොටස ඔසවා මේ ව්‍යායාමය කිරීමේදී කොන්දේ යම් අපහසුවක් දැනෙනවා නම් ඔවුන් වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගෙන මේ ව්‍යායාමය කළ යුතුයි.
ඔබේ ආබාධයේ ස්වරූපය එහි තත්ත්වය වඩාත් හොඳින් දන්නේ ඔබ සහ ඔබගේ වෛද්‍යවරයායි. ඒ නිසා ඔබ කොන්දේ ආබාධ සහිත නම් මෙවැනි ව්‍යායාමයක් කිරීමට කලින් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම නුවනට හුරුයි. වෛද්‍ය උපදෙස් මත හෝ මෙවන් ව්‍යායාමයක් කිරීමෙන් ඔබට ඉතා විශාල වු ප්‍රතිඵලයක් අත්කර ගත හැකි බව ඔබටම කෙටි කලකින් අවබෝධ කරගත හැකි වේවි.
1/ ක්‍රීඩා කිරීමෙදි උලුක්කු වූ විට
- විවෙකීව තබන්න
- සීතල කරන්න
- සිසිල් රදවනයක් යොදන්න
- ඔසවා තබන්න
- ස්ථානය නොසොල්වා තබන්න
- උරමාවක් යොදන්න
- රුධිර වහනය ඇත්නමි නවත්වන්න
- ආහාරපාන නොදෙන්න
- රෝහළ වෙත රැගෙන යන්න
- රොගියා බිය නොකරන්න
- දෂ්ඨ කළ ස්ථානය නිශ්චල කරන්න
- රොගියා ඔසවා ගෙන යන්න
- ජලය වත් කරමින් සෙමෙන් සෝදන්න
- දෂ්ඨ කල කොටස හෘදයට වඩා පහත් කර රෝහළ වෙත රැගෙන යන්න
- රෝගියා හාන්සිකර පාද දෙක ඔසවා හිස පසෙකට හරවන්න
- තද ඇදුමි බුරුල් කරන්න
- පිරිසිදු වාතාශ්‍රය ලබා දෙන්න
- පවන් සලන්න
- මුහුණ සිසිල් කරන්න
- සිහිය නැති වුවහොත් රෝහළ වෙත ගෙන යන්න
- රෝගියාට කහින ලෙස උපදෙස් දෙන්න
- රෝගියාට සිට ගැනීමට සලස්වා උරහිස් පෙදෙස ඉදිරියට නමා උරපතු අතර මැදට සාමාන්‍ය පහරවල් 4 ක් හෝ 5 ක් තටිටු කරන්න
- රෝ/ියා පිටු පසින් සිට තමාගේ දෑත් රෝගියාගේ බද වටා තබා පපු අස්ථියේ කෙළවර 4 වරක් හෝ 5 වරක් ඉහළට තෙරපන්න
- රෝගියා සිහිමුර්ජා වී ඇත්නමි ආරක්ෂිත ඉරියවිවෙන් තබා රෝහළ වෙත රැගෙන යන්න
- අනතුරින් මුදවා ගන්න
- බිය දුරු කරන්න
- විනාඩි 12 - 15 ක් ගලා යන ජලයෙන් සිසිල් කරන්න
- ඇසිඩි තැවරී ඇති ඇදුමි කපා ඉවත් කරන්න
- රෝහල් ගත කරන්න
දරුවාගේ නාසයේ යමක් සිර වී නම් කළ යුත්තේ කුමක්ද?
දරුවන් දුව පැන සෙල්ලම් කරන විට නොයෙකුත් ආකාරයේ අනතුරු වලට ලක් වෙන බව ඔබ දන්නවා. විශේෂයෙන්ම පෙර පාසල් වියේ දරුවන් මෙන්ම වයස අවුරුදු දොළහ දහතුන වයසේ පසුවන දරුවන් ද වැඩිහිටියන්ගේ කීම නොසලකා අනාරක්ෂිත ස්ථානවල ක්‍රීඩා කරන්නට උත්සාහ ගන්නා බව නොරහසක්.
ඒ කෙසේ නමුත් අපට කිසිවකුටවත් දරුවෙකු අනතුරකට ලක්වෙනතුරු ඔහු ඇය කුමනාකාරයේ අනතුරක් කරගනීවිදැයි කිව නොහැකියි. එහෙත් දරුවන්ට සිදුවන අනතුරු පිළිබඳව දෙමාපියන්ට යම් අවබෝධයක් තිබිය යුතුයි.
විශේෂයෙන් මව්වරුන්ට. මන්ද අපේ දරුවන් සමඟ බොහෝ විට කල් ගෙවන්නේ පියවරුන්ට වඩා මව්වරුයි.
ඒ කොහොම වුණත් අපගේ නාසය ඉදිරියට නෙරා ඇති එහෙයින් වැටීමකදී නාසයට අනතුරු සිදුවිය හැකිය. එහිදී නාසය ඉදිමීම, ලේ හෝ දියර ගැලීමක් සිදුවිය හැකියි.
ඒ නිසා යම්කිසි දරුවෙකුගේ නාසයට යම් කිසි අනතුරක් සිදුවුවහොත් ඒ සඳහා ක්‍රියාත්මක වීමට මෙම උපදේශන වැදගත් වෙනවා.
යම්කිසි අනතුරකින් පුද්ගලයකුගේ නාසයෙන් රුධිරය ගලා ඒමක් සිදුවන්නේ නම් පහත දැක්වෙන ප්‍රථමාධාර ලබා දෙන්න.
රෝගියා සන්සුන් කර ශරීරය මඳක් ඉදිරිපසට නවා රුධිරය නාසය තුළින් පිටව එන ආකාරයට වාඩි කරවා ගන්න. දැන් නාසය ඇඟිලි දෙකකින් වසාගෙන මුඛයෙන් ආශ්වාස ප්රාශ්වාස කිරීමට උපදෙස් ලබා දෙන්න.
අනතුරට ලක්වූ නාසය මත අයිස් කැට තබා එම ස්ථානය සිසිල් කරන්න. මෙසේ කිරීමේදී විනාඩි පහක් හයකදී රුධිරය නොනවතීම ගලා එන්නේ නම් වහාම රෝගියා රජයේ රෝහලකට ඇතුළු කරන්න.
යම් එහෙයකින් ඔබ ලබා දුන්නා වූ ප්‍රථමාධාර වලින් නාසයෙන් රුධිරය ගැලීම නැවතුන ද එම රෝගියා උගුර කන නාසය සායනයකට යොමු කරන්න. එවිට වැඩිදුර පරික්ෂණ කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය හැකියි.
නාසය අනතුරකට ලක් වූ විට හැකි ඉක්මනින් ප්‍රතිකාර කළ යුතුය. මන්ද නාසය ද කාටිලේඡ් කොටස්වලින් සමන්විත අවයවයක් බැවින් එයට අනතුරක් වූ සැනින් ප්‍රතිකාර ලෙස ප්‍රතිජිවක ඖෂධ ලබාදිය යුතුයි. සමහර අවස්ථාවලදී ඉහත ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකළත් බාහිර නාසයේ මැද කොටස (නැත්නම් බිත්තිය) තැලී රුධිරය එකතු වී තිබෙන්නට පුළුවන්. මේ සඳහා නිසි ප්‍රතිකාරයක් නොකළහොත් බාහිර නාසයේ මැද බිත්තියේ කාටිලේඡ් විනාශ වී නැවත පසු කලෙක සකස් කළ නොහැකි අන්දමට විකෘති වීමට පුළුවන. ඒ නිසා නාසයට සිදුවන අනතුරකදී ප්‍රථමාධාර දෙනවා මෙන්ම ඊට නිසි වෛද්‍යවරයකුට පෙන්වා ප්රතිකාරද ලබා දිය යුතු වෙනවා.
නාසයේ යමක් සිර වූ විට
කුඩා දරුවන් ක්‍රීඩා කිරීම සඳහා විවිධ ද්‍රව්‍යය උපයෝගී කරනවා. ඒ අතර ඔලිඳ, මදටිය ඇට, ටික් බෝල බුත්සරණ ඇට, කුඩා ගල් ඇට ආදී ද වෙනවා. සමහර දරුවෙන් මේ ඇට, ගල් කැට නාසයට දමා ගන්නවා. එහි බරපතලකම නොදැන ඔවුන් එසේ කළත් ඒ පිළිබඳව වැඩිහිටි ඔබට යම් අවබෝධයක් තිබිය යුතුයි.
මෙසේ නාසයට දමා ගන්නා ද්‍රව්‍ය නිසා ශ්වසන මාර්ගය අවහිර වී ආසාදන තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. ඒවා අවට ඉන්ද්‍රියවලට ද පැතිර යාමට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා වැඩිහිටියෙකු ලෙස ඔබ පහත දැක්වෙන කරුණු කෙරෙහි අවදානය යොමු කරන්න.
එනම්
ඔබේ දරුවා යමක් නාසයට දමාගත් බව අගවන්නේ නම්,
අසාමාන්‍ය ලෙස නාසයේ සිරවීමක් දකින්නට ලැබේ නම්,
ආශ්වාස ප්රාශ්වාස කිරීමේදී අසාමාන්‍ය ශබ්දයක් ඇසේනම්,
නාසයෙන් රෝස පැහැති දියරයක්, සැරව ගලා ඒනම්
නාසයෙන් දුගදක් හමා ඒ නම්,
තවදුරටත් බලා නොඉඳ වහාම දරුවා උගුර කන නාසය සායනයකට කැදවා ගෙන යන්න. එමෙන්ම නාසයේ යමක් හිරවී ඇතැයි ඔබට හැගුණ හොත් එය එළියට ගන්නට යම්යම් උපකරණ කූරු දැමීමෙන් වළකින්න. නාසයට ඇතුළුවන ද්‍රව්‍ය එතනින් උගුරටද එතනින් ශ්වසන මාර්ගයට හෝ ආහාර මාර්ගයට ඇතුළු විය හැකිය. නාසයට ඇතුළු වූ ඇතැම් ද්‍රව්‍යය ආහාර මාර්ගයට ඇතුළු වුවහොත් එය මළ සමඟ පිට වී යයි. ශ්වසන මාර්ගයට ඇතුළුවීම භයානකයි. ඒ නිසා කල්පනාකාරීව ක්‍රියා කරන්න.
කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය
මහින්ද වික්‍රම ආරච්චි
සකස් කළේ
සුගත් ශාන්ත මොරගහකුඹුර
අස්ථි බිඳීමකදී හැකි ඉක්මනින් රෝහල්ගත වන්න

අතක් පයක් කැඩෙනවා කියලා කියන්නෙ මොකක්ද?
අතක හෝ පාදයක අස්ථියක කැඩීමක්, එහෙමත් නැත්නම් අස්ථි භග්නයක් වීම අතක්, පයක් කැඩෙනවා කියන එකෙන් අදහස් වෙනවා. අස්ථි භග්නයක් වීමට (බිඳීමට), සාමාන්‍ය මෘදු පටක තුවාල වනවාට වඩා වැඩි බලයක් අවශ්‍යයි. තදබල වැටීමකදී හෝ හදිසි අනතුරකදී අස්ථියට දරාගත නොහැකි බලයක් ආවිට මෙවැනි දෙයක් සිදු වන්න පුළුවන්. අස්ථිය කැඩීමට හෝ පිපිරීමට ලක්වීම මෙහිදී සිදුවිය හැකියි. යම් කෙනෙක්ගෙ අස්ථි දුර්වල නම්, සුළු වැටීමකදී වුණත් අස්ථි භග්නයක් වෙන්න පුළුවන්.
අස්ථියක් බිඳුණා යැයි හඳුනා ගන්නෙ කොහොමද?
තදබල වැටීමකදී හෝ හදිසි අනතුරකට ලක්වූ අවස්ථාවක තුවාලයක් සිදු වූවාට වඩා වැඩි වේදනාකාරී බවක් සහ එම ගාත්‍රයේ විකෘති වීමක් සිදු වුවහොත් අස්ථියක් බිඳුණා යැයි සැක කරන්න පුළුවන්. මෙවන් අවස්ථාවක අතේ හෝ පාදයේ ක්‍රියාකාරිත්වය නියම විදිහට සිදු වන්නේ නෑ. ඒ වගේම තමයි පාදයට බර තබා හිටගැනීම පවා අපහසු වන්න පුළුවන්.
අස්ථි භග්නයක් වූ වා යැයි සැක කරන අවස්ථාවක, එක්ස්රේ පරීක්ෂණයක් මගින් අස්ථිය කුමනාකාරයකට බිඳී ඇත්දැයි දැන ගැනීමේ හැකියාව තිබෙනවා. මීට අමතරව සවිස්තරාත්මක අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම්, සමහරවිට CT Scan පරීක්ෂණයකට ලක් කිරීම අවශ්‍යයි.
අස්ථි කැඩීමකදී විය හැකි හානි කවරාකාරද?

අස්ථි භග්නයට අමතරව, ඒ ආශි‍්‍රත මෘදු පටකවල ඇතිවන හානි නිසා බරපතළ විපාක ඇතිවන්න පුළුවන්. උදාහරණයක් විධිහට ගත්තොත්, එම ගාත්‍රයට අවශ්‍ය රුධිර නාලවලට හානි වීම නිසා, නියමිත හදිසි ප්‍රතිකාර නොලැබුණොත්, එම ගාත්‍රය ඉවත් කිරීමට පවා සිදුවන අවස්ථා තිබෙනවා.
ඒ වගේම ස්නායු, බණ්ඩරා (Tendance) සහ පේශිවලට හානි වන්න පුළුවන්. මෙහිදී අධික රුධිර වහනය සහ විවෘත භග්නයකදී රුධිරය වහනය වීමෙන් ජීවිත හානි පවා සිදුවිය හැකියි. කශේරුකා ආශි‍්‍රත භග්නවලදී, ශරීරයේ පහළ ප්‍රදේශය අකර්මන්යතාවට ලක්වෙලා, දීර්ඝකාලීන ආබාධිත තත්ත්වයක් ඇතිවන්න පුළුවන්. දිගුකාලීනව සිරුරේ පවත්නා අස්ථි සවි නොවීම නිසාත්, වැරැදි විදිහට අස්ථි සවිවී තිබීම නිසාත්, පුද්ගලයාගේ අවයව ක්‍රියාකාරිත්වයට හානි සිදුවන්න පුළුවන්. ඒ නිසා තමාගේ එදිනෙදා කටයුතු කරගෙන යාමට නොහැකි වීම නිසා සමාජ, ආර්ථික, අපහසුතාවලට ලක්විය හැකියි.
වසර දහයක පමණ කාලසීමාව හා සසදා බැලීමේදී රෝහල්වලට රෝගීන් පැමිණීමේදී වැඩි වශයෙන්ම එන්නෙ හදිසි අනතුරුවලට ලක්වීම නිසයි. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයෙන් දිනකට රෝගීන් 300ක් පමණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙනවා. නේවාසික ප්‍රතිකාර සඳහා දිනකට 60ක් – 70ක් පමණ රෝගීන් ප්‍රමාණයක් රඳවා ගැනීමට සිදු වෙනවා. ඒ අනුව බලනවිට වසරකට තිස්දාහක්, හතළිස්දාහක් වැනි ප්‍රමාණයක් ජාතික රෝහලෙන් හදිසි අනතුරු නිසා නේවාසික ප්‍රතිකාර ලබනවා.
![]() හදිසි අනතුරු අංශය කොළඹ ජාතික රෝහල විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රධාන ශල්‍ය වෛද්‍ය නරේන්ද්‍ර පින්තු |
ප්‍රථමයෙන්ම රෝගියාගේ ශ්වසන මාර්ගයේ අපහසුතා තිබේදැයි සොයා බලා, හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නියමාකාරයෙන් සිදුවන්නේ දැයි පරීක්ෂා කළ යුතුයි. විනාඩි 3 කට වැඩියෙන් හුස්ම ගැනීම නතර වී තිබුණොත් ඔක්සිජන් නොලැබී යාම නිසා, මොළයේ අකර්මන්‍යතා ඇතිවිය හැකියි. ඒ නිසා හැකි ඉක්මනින් ශ්වසන මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමට ක්‍රියා කළයුතු වෙනවා.
අස්ථි භග්නයත් සමඟ රුධිර වහනය සිදු වේනම්, කළ යුත්තේ කුමක්ද?
විවෘත භග්නයකදී රුධිර වහනය වැළැක්වීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එහිදී කළයුතු සුදුසුම දේ වන්නේ පිරිසුදු රෙදි කැබැල්ලක් අරගෙන, තුවාලය මත තබා තෙරපීමයි. එවිට රුධිර වහනය වළක්වා ගන්න පුළුවන්.
මීට අමතරව භග්නය සිදු වූ අවයවය මත පතුරක් තබා, ස්ථායිතාවට පත් කිරීමෙන් වේදනාව අවම කරගත හැකියි. එමගින් රෝගියා රැගෙන යාමේදී සෙලවීමට ලක්වී, කැඩී තිබෙන අවයවය විවිධ සංකූලතාවලට ලක්වීම වළක්වාලිය හැකියි.
විවෘත භග්ගනයක් නොවන අවස්ථාවක (අභ්‍යන්තර බිඳීමක්), අයිස් භාවිත කරලා, භග්ගය සිදු වූ ස්ථානය සිසිල් කිරීමෙන් පටක ඇතුළත රුධිර වහනය වීම අවම කර ගන්න පුළුවන්. කිසිම විටෙක භග්ගය සිදුවූ ස්ථානය රත් කිරීමට හෝ තැවීම සුදුසු නෑ. එමගින් රුධිර වහනය වැඩිවීම වගේම ඉදිමුම වැඩිවන්න පු‍්‍රළුවන්. මෙවැනි අවස්ථාවක තුවාල වූ අවයවය වෙළුම් පටියකින් බැඳීම මගින් වේදනාව අඩුකර ගන්න හැකි වෙනවා. මෙවැනි භග්ගනයක් සිදු වූ විට, එම අවයවය හදවතේ මට්ටමට වඩා ඉහළට ඔසොවා තැබිය යුතුයි. මේ මූලික ප්ර්රතිකාර විදිහ RICE (Rest Ice Compression Elevation) ලෙස හැඳින් වෙනවා.

අපට මතුපිටින් පෙනෙන තුවාලවලට වඩා, සමහරවිට කශේරුකා ආශි‍්‍රත කැඩීම් බිඳීම් සිදුව තිබෙන්න පුළුවන්. ඒ නිසා එම රෝගියා එසවීමේදී සහ ප්‍රවාහනයේදී, බිඳී තිබෙන අස්ථී වෙන්වෙලා, තවදුරටත් අනෙක් පටකවලට හානි වෙන්න පුළුවන්. ඊට අමතරව සුෂුම්නාවට හානි විය හැකියි. අනතුරින් පසු සිදුවන මෙවැනි අනතුරු Second Accident ලෙස හැඳින් වෙනවා.
මෙවැනි රෝගියෙක්ව එසවීමේදී අඩුම තරමේ තිදෙනෙක්ගේවත් සහය ලබාගැනීම අවශ්‍යයි. ඒ වගේම රෝගියාව ශල්‍යකර්මවලට භාජනය කිරීමට ඉඩ කඩ තිබෙන නිසා, ඔහු නිරාහාරව තැබීම කළ යුතුයි. අධික පිපාසය ඇත්නම් තොලකට තෙමීම පමණක් ප්‍රමාණවත්. ගෙල ප්‍රදේශයේ කශේරුකා ආරක්ෂා කර ගැනීම සඳහා, පත්තරයක් තබා, තාවකාලිකව කොළරයක් පැළදීම කළ යුතුයි.
මෙවැනි රෝගියෙක්ව රෝහල්ගත කළ යුත්තේ කෙසේද?
ළඟම තිබෙන රෝහලට හැකි ඉක්මනින් ඇතුළු කිරීම අත්‍යවශ්‍යම දෙයක්. කුªඩා රෝහලක් වුණත්, එම රෝහලෙන් වෙනත් රෝහලකට මාරු කිරීමට වගේම, රෝගියාගේ ජීවිත ආරක්ෂාවට ඔවුන් ක්‍රියා කරනු ඇති. කොළඹ, ගාල්ල, කුරුණෑගල වැනි ප්‍රධාන නගරවල හදිසි ගිලන්රථ සේවාවන් යොදා තිබෙන නිසා, මෙවැනි අනතුරකදී 110 අංකයට ඕනෑම දුරකථනයකින් කතාකර, විනාඩි 10 – 15 කාලයක් ඇතුළත ගිලන් රථයක් ලබාගැනීමේ පහසුකම් නොමිලේම ලබාගන්න පුළුවන්.
උපදෙස් කෝට්ටේ ශ්‍රි ජවර්ධනපුර රෝහලේ
උගුර කන නාසය පිළිබද
විශේෂඥ ශල්‍ය වෛද්‍ය
අසෝක ජයසේන
හදිසි අනතුරු !
ඔබේ දරුවාටත් මුහුණ පෑමට සිදුවේවි
දෙමාපියන් මෙන්ම දරුවන් රැක බලා ගන්නන් බොහෝ දෙනෙකු බියට පත් කරන අවස්ථාවක් වන්නේ දරුවන් හදිසි අවස්ථාවලට මුහුණ පෑමයි. හැමවිටම දරුවාට ආවේනික පරිසරයක් නිර්මාණය කරදීම දෙමාපියන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වෙයි.
ආරක්ෂාකාරී සෞඛ්‍ය සම්පන්න, දරුවාට හිතකර පරිසරයක් සැම විටම ළමා ලෝකයට හිමිවිය යුතුය. හදිසි අනතුරු වස විෂට ගොදුරු වීම හා ළමා අපයෝජනය මේ වන විට දරුවන්ගේ ජීවිතයට වින කරන ප්‍රධාන හේතු සාධක බවට පත්ව ඇත. මේ නිසා එවැනි අනතුරුවලින් ඔවුන් ඈත් කර තැබිය යුතුය.
දරුවාට අහිතකර පරිසරයක් නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු සාධක කිහිපයක් හඳුනාගෙන ඇත.
1. දිළිඳුකම
2. අධික ජනගහනයෙන් යුතු නාගරීකරණ පරිසරය
3. නිවසේ දරුවනට අහිතකර පරිසරයක් නිර්මාණය වීම.
දෙමාපියන් අතර අඬදබර, ගැටුම්, අධ්‍යාපනය නොලත් සාමාජිකයන් සමඟ ජීවත් වීම, දිළිඳුකම හා සාමාජීය සහය නොලැබීම මේ අතර ප්‍රධාන වේ.
බලාපොරොත්තු නොවන අනතුරු නිසා දෛනිකව රෝහල් ගත වීමේ සංඛ්‍යාව වැඩිවේ. මෙම අනතුරුවලින් සමහරක් සුළු අනතුරු වන අතර තවත් සමහරක් භයානක වේ.
මොලයට සිදුවන අනතුරුවලින් සදාකාලික ආබාධ තත්ත්වයට පත්වන අතර පිලිස්සීම් තුවාල වීම් නිසා විරූපි භාවය, කැළැල් ඇති වේ.
ළමයින්ට මුහුණ පෑමට වන අනතුරු ඔවුනගේ වයස හා වර්ධන අවධිය අනුව වෙනස් වේ. බිම දණගාන දරුවන් වහා වහා වෙනස්වන පරිසරයන්ට මුහුණ දෙන නිසා නිරන්තර අනතුරුවලට අත වනයි. බිම වැටී තිබෙන ද්‍රව්‍ය කටේ දමා ගැනීම, නාන්නට ගොස් දියේ ගිලීම සුලබ වේ. මේ නිසා දරුවා ගැන නිසි පරිදි අවධානයෙන් සිටීම මඟින් මෙම අනතුරුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය හැකිය.
කුඩා දරුවන්ට මුහුණ පෑමට වන භයානක අනතුර රිය අනතුරයි. මෙම රිය අනතුරු නිසා වාර්ෂිකව කුඩා ළමුන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වේ. පා ගමනින් යන දරුවන් මෙන්ම යතුරු පැදි හා පා පැදිවල ගමන් ගන්නා දරුවන් මෙසේ වැඩිපුර අවදානමට ලක්වේ.
කුඩා දරුවන්ට මුහුණ දීමට වන තවත් සුලභ අනතුරක් වන්නේ හිසට වන අනතුරුය. හිස අනතුරට ලක්වන දරුවන්ගෙන් 800ට එක් අයෙකු භයානක අනතුරුවලට ලක්වෙති.
හිසට වන අනතුරුවල ප්‍රතිඵලය ලෙස මොලයට වන රුධිර සැපයුම අඩාල වේ. මීට අමතරව මොලය අභ්‍යන්තරයේ රුධිර ගලනය සිදුවේ. ළමා අපයෝජනය නිසාද හිසට අනතුරු සිදුවේ.
හිසට වන අනතුරු නිසා ශරීර අභ්‍යන්තරයට
අනතුරු සිදුවේ.
මේ නිසා අභ්‍යන්තර ශරීර ඉන්ද්‍රියන්ට හානි සිදුවේ. උදරයට වන අනතුරු නිසා අක්මාව, ප්ලිහාව, ආහාර මාර්ගයේ වන කොටස්, වකුගඩු ආදියට හානි සිදුවේ. මේ නිසා කුඩා දරුවන්ගේ උදරයට වන අනතුරු සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතුයි. උරස් කුහරයට වන අනතුරු නිසා පෙණහළු, හෘදය ආදිය දැඩි ලෙස විනාශ වී යා හැකියි.
කුඩා දරුවන් මුහුණ පාන තවත් සුලභ අනතුරක් වන්නේ පිළිස්සුම්වලට ලක්වීමයි. දෙමාපියන්ගේ නොසැලකිලිමත් භාවය නිසා උණු වතුර භාජන, රත් වූ විදුලි රෙදි මදින යන්ත්‍ර ආදිය දරුවන් අත පොවන මානයේ තැබීම මෙයට හේතු වෙයි. බොහෝ භයානක අනතුරුවලින්a අවසානයේ මරණයට පත්වෙයි. මෙය කණගාටුදායක සිදුවීමකි.
පිළිස්සුම් තුවාල ලද දරුවන් වහාම රෝහල් ගත කිරීම කළ යුතුය. එහිදී විජලනය වළක්වා ගැනීමට ජලය හෝ අන්තථ ශිරා තරලය ලබා දීමත් ප්‍රතිජීවක ඖෂධ ලබාදීමත් කළ යුතුය. මේ වන විට ඇතැම් නිවාසවල කුඩා පිහිනුම් තටාක ජලාශ පොකුණු ඉදිකිරීම නිසා ජලයේ වැටි හෝ ගිලී අනතුරට පත්වන කුඩා දරුවන් ප්‍රමාණය ඉහළ ගොස් ඇත.
අතට හසුවන දෙයක් කටට දමා ගැනීමේ සිරිතකA කුඩා ළමුන් තුළ පවතියි. කාසි, මල්, සෙල්ලම් බඩු, විශාල ආහාර කැබලි මෙසේ හිර කර ගනී. මල් ඇට, ලොසින්ජර්, ආදිය නාසයේ සිරකර ගනී. මීට අමතරව මාල, මුදු ආදිය ද මෙසේ කටට දමා ගෙන අනතුරු සිදු කර ගනිති. මේ නිසා කුඩා දරුවන්ට මෙවැනි අනතුරුදායක දේවල් හසුනොවන සීමාවේ තැබිය යුතුය.
මගතොටේ සිටින සුනඛයන් ද දරුවන්ට හානි කරයි. නිරන්තරයෙන් ම සුනඛයින්ගේ සපා කෑමට ලක්වෙයි. වස විෂ ශරීර ගතවීමද තවත් අනතුරකි. නොදැනුවත්කම නිසා මෙන්ම සිය දිවි නසා ගැනීමේ අරමුණින් වස විස ශරීර ගත කරගන්නා දරුවන්ද හමුවීම කනගාටුවට කරුණකි. ළමා අපයෝජනය ලෙස දරුවන්ට වස විස පොවන අවස්ථා ද ඇත. මේ අන්දමට වස විස ශරීරගත වීම සිදුවී ඇතිනම් වහාම රෝහල් ගත කිරිම සිදු කළ යුතුය. මේ අනුව පෙනී යන්නේ කුඩා ළමුන්ට වඩා අනතුරු දෙමාපියන් හා භාරකරුවන්ගේ උනන්දුව හා කැපවීම මත වලක්වා ගත හැකි බවයි. සත්‍ය ලෙසට මෙය අපගේ යුතුකම හා වගකීමක් වෙයි.
වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

බිඳුණොත් කලබල වෙන්න එපා
ගෙදර දොරේ, මඟ තොටේ සිදුවන විවිධ අනතුරු නිසා බොහෝ දෙනෙකුගේ ශරීරයේ අස්ථීන් කැඩීමකට හෝ බිඳීමකට ලක්වෙනවා. එවැනි අවස්ථාවලදී දේශීය වෛද්‍ය ක්රමයේ සහ ආයුර්වේද වෛද්‍ය ක්රමයේ පිහිට පැතීමට බොහෝ දෙනෙක් පෙලඹෙනවා.
ඒ; කැඩුම් බිඳුම් සඳහා ඉතාම හොඳ ප්‍රතිකාර දේශීය වෛද්‍ය ක්රමයේ සහ ආයුර්වේදයේ තිබෙන නිසයි. අද සුවමඟෙන් තොරතුරු ගෙන එන්නේ ශරීරයේ අස්ථිවල සිදුවන කැඩීම් බිඳීම්වලදී (භග්න) ආයුර්වේදයේ සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්රමයේ එන ප්‍රතිකාර ක්‍රම පිළිබඳවයි. ඒ සඳහා අදහස් දක්වන්නේ කැඩුම් බිඳුම් විශේෂඥ, ආයුර්වේද වෛද්යාචාර්ය එල්. ආර්. සිසිර කුමාර මහතායි.
අස්ථි බිඳීමක් හෙවත් භග්නයක් ලෙස හඳුන්වන්නේ කුමක් ද?
“අපගේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ අස්ථි පද්ධතියකින්. ඒ අස්ථි පද්ධතිය තමයි අපගේ ශරීරයේ සැකිල්ල; සැලැස්ම. මෙම අස්ථිවල සිදුවන බිඳීමක් ‘භග්නයක්’ ලෙස හඳුන්වනවා. අස්ථි බිඳීමකදී ඇතැම් විට අස්ථි කොටස් පිටතට පැමිණිය හැකියි.
ඇතැම් විට අස්ථිය බිඳී එලෙසම තිබිය හැකියි. බිඳීමකින් පසුව එම ස්ථානයේ විශාල වේදනාවක් ඇති වෙනවා. එසේ ම ඉදිමුමක් ඇති වෙනවා. එමෙන්ම එම ස්ථානයේ අස්ථියේ වෙනස්වීමක් දක්නට ලැබෙනවා.
කිසියම් අනතුරකදී අස්ථියක බිඳීමක් සිදු නොවී පිපිරීමක් පමණක් සිදු වුවහොත් එම ස්ථානයේ වෙනස්වීමක් දක්නට ලැබෙන්නේ නෑ. පළපුරුදු වෛද්‍යවරයකු හට රෝගියා වේදනාව දක්වන ස්වරූපයෙන්ම කුමන අස්ථියක් කුමන ආකාරයෙන් බිඳීමකට ලක් වී ඇත් දැයි තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙත් X-ray පරීක්ෂාවකින් අස්ථිය බිඳී ඇති ආකාරය ඉතා නිවැරැදි ලෙස හඳුනාගත හැකියි.
අතක් පයක් බිඳුණු විට වෛද්‍යවරයකු වෙත ගෙන යාමට පෙර කුමක් කළ යුතු ද?
තම පවුලේ අයකු රාත්‍රී කාලයේදී අනතුරකට භාජනය වූවා යැයි සිතන්න. එහිදී වෛද්‍යවරයකු වෙත රෝගියා ගෙන යාමට පෙර සරළ ප්‍රථමාධාරයක් කළ හැකියි.
ඒ; අස්ථිය බිඳී ඇති ස්ථානයේ කිසියම් විකෘතිතාවයක් ඇති බව පෙනී යා නම්, පතුරු දෙකක් ගෙන (නොනැමෙන අඩිකෝදු දෙකක් වුවත් සෑහෙයි) අස්ථිය බිඳුණු ස්ථානයේ දෙපැත්තෙන් තබා රෙදි පටියකින් තද නොවන සේ සරල වෙලීමක් කළ හැකියි. එසේ වෙලා නොසෙල්වෙන සේ තැබීම වැදගත්.
අස්ථිය බිඳීමට ලක්වුණේ අතක නම්, පතුරු දෙකක් තබා අත තද නොවන සේ වෙලා තවත් රෙදි පටියක් ගෙන අත ගෙලෙහි එල්ලා තැබිය හැකියි.
මෙහිදී බිඳුණු අත තිරස් වන සේ තැබීම වැදගත්. වෛද්‍යවරයකු වෙත ගෙන යාමට පෙර කිසි විටෙකත් තෙල් ගා අත ගෑමක් නොකළ යුතුයි.

අනවශ්‍ය ලෙස එසේ අත ගෑමෙන් වෛද්‍යවරයාට අස්ථිය බිඳී ඇති ආකාරය හඳුනා ගැනීමට නොහැකි වනවා සේම, අස්ථින් ද නැවත සකස් කිරීමට නොහැකි වන අයුරින් වෙනස් විය හැකියි.
එබැවින් අස්ථි බිඳීමක් සිදුවූ විට ඉහත දැක්වූ ආකාරයෙන් සරළ වෙලීමක් කර වහා වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි.
භග්නයකදී කරනු ලබන ආයුර්වේද ප්‍රතිකාර මොනවා ද?
පළමුව බිඳීමක් ද පිපිරීමක් ද කියා හඳුනා ගත යුතුයි. පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ආපදාවට ලක්වී ඇති ස්ථානය පරීක්ෂා කිරීමෙන් එය හඳුනාගත හැකියි. එසේ ම X-ray ඡායාරූපයකින් ඉතා පහසුවෙන් නිවැරැදි ආකාරයට භග්නය පිළිබඳ තොරතුරු සොයාගත හැකියි. ඉන් පසුව බිඳුණු හෝ කැඩුණු අස්ථිය සකස් කරනු ලබනවා.
පසුව අවශ්‍ය ඖෂධ වර්ග තබා අස්ථිය නොසෙල්වන සේ පතුරු තබා බඳිනවා. මෙහිදී වැදගත් වන්නේ බිඳුණු අස්ථිය නොසෙල්වෙන සේ, ඇද නොවන සේ තබා ගැනීමයි. වෛද්‍යවරයා විසින් පතුරු තබා බඳින ආකාරයෙන් ම නොවෙනස් ව තබා ගැනීමෙන් කිසිදු විකෘති තාවයකින් තොරව බිඳුණු අස්ථිය යථා තත්ත්වයට පත්කර ගැනීමේ හැකියාව ලැබෙනවා.
එසේම මුලදීම නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාරවලට යොමුවීම ද ඉතා වැදගත්. කැඩුම් බිඳුම්වලදී ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම සහ සාර්ථක ඖෂධ වර්ග ආයුර්වේදයේ තිබෙනවා. බිඳුණු අස්ථිය මත ඖෂධ තබා බැඳ දින පහකින් නැවත ඖෂධ බැඳිය යුතුයි. දින පහකට වරක් පරීක්ෂා කර බලා නැවත නැවත ඖෂධ බැඳීමෙන් ඉක්මන් සුවයක් ලබාගැනීමේ හැකියාව ලැබෙනව.

යමෙකුට දියවැඩියා රෝගය වැළඳී ඇත්නම්, ඔහුගේ බිඳුණු අස්ථියක් සුව වීමට ගතවන කාලය වැඩියි. බිඳුණු අස්ථියක් යම් පමණකට සවිවූ පසුව ආයුර්වේද ඖෂධ යොදා සකසා ගන්නා ලද ඖෂද පොට්ටනිවලින් තවනවා. ඖෂධ පොට්ටනිවලින් තැවීමේදී ඉතා රස්නෙන් තැවීම සුදුසු වන්නේ නෑ.
ඖෂධ පොට්ටනියකින් තැවීමෙන් බලාපොරොත්තු වන්නේ පොට්ටනියේ ඇති ඖෂධ සමට සහ අස්ථියට උරා ගැනීමට සැලැස්වීමයි.
අධික රස්නයකින් තැවීමෙන් අස්ථියේ කැඩුණු ස්ථාන වෙනස් විය හැකියි. පොට්ටනිවලින් තැවීමෙන් පසුව ඖෂධීය තෙල් ගල්වා අත ගානවා. එවිට අස්ථිය හොඳින් සවි වෙනවා. කිසිඳු අවස්ථාවක වැර යොදා බිඳුණු අස්ථියක් පිරිමැදීම සුදුසු වන්නේ නෑ.
එය ඉතාම සීරුවට කළ යුතු කාර්යයක්. අතක පයක තෙල් ගා පිරිමදින විට එය කළ යුත්තේ පහළ සිට ඉහළටයි. සමේ රෝම කූප අසල තිබෙන සිදුරු විවර වී සම තුළට ඖෂධීය තෙල් ගමන් කරන්නේ එවිටයි. වයස අවුරුදු හැට ඉක්මවූ උදවිය වැටීමකට ලක්වූවොත් බොහෝ විට උකුල් ඇටය බිඳෙනවා.
කුහරගෝල සන්ධිය කැඩීමකට හෝ බිඳීමකට ලක්වෙනවා. එවිට රෝගියාගේ පාදය තිබෙන්නේ කඩා වැටුණු ආකාරයෙන්. මෙවැනි අවස්ථාවකදී පාදය කෙළින් කර ගැනීමට නවීන වෛද්‍ය ක්‍රම වල එන POP (පැරිස් බදාම ප්ලාස්ටරයක්) යොදා ආයුර්වේද ප්‍රතිකාර කරනවා.
නිරෝගී අස්ථි පද්ධතියක් පවත්වාගෙන යාමට අප කළ යුත්තේ කුමක් ද?
![]() කැඩුම් බිඳුම් විශේෂඥ ආයුර්වේද වෛද්යාචාර්ය එල්. ආර්. සිසිර කුමාර |
කීප වරක් ආහාරයට ගැනීම ඒ සඳහා ඉතා සුදුසුයි. අස්ථි පද්ධතිය ශක්තිමත් කර ගැනීමට දිනපතා ව්‍යායාම කිරීම ද ඉතා ප්‍රයෝජනවත්.
අත් පා වල පේෂි ඉරීමෙන් සිදුවන ආපදා සුවපත් කළ හැකි ද?
මෙය බොහෝ දෙනෙක් මුහුණ දෙන තත්ත්වයක්. ශරීරයේ බර වැඩිකම, ක්ෂණිකව අධික බරක් එසවීම, පාද පෙරළීම වැනි හේතූන් නිසා ශරීරයේ යම් යම් පේෂීන් ඉරී යා හැකියි.
මෙවිට පේෂිවල ඇති පටක ඇදෙනවා. ඉන් පසුව එම පේෂිය වෙහෙසන අවස්ථාවලදී නැවත එම වේදනාව මතු වෙනවා. මෙවැනි ආපදාවකට ලක්වූ විට කළ යුත්තේ කලක් ගත වන තෙක් එම ඉරුණු පේෂිය සහිත පාදය හෝ අත ඉතා පරිස්සමෙන් භාවිත කිරීමයි.
ඉරුණු, ඇදුණු පේෂී යථා තත්ත්වයට පත් කරගැනීමට ආයුර්වේදයේ සහ පාරම්පරික වෛද්‍ය ක්‍රමවල විශේෂ ඖෂධ වර්ග සහ ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. කලක් එම තෙල්, ඖෂධ වර්ග භාවිතා කිරීමෙන් ඇදුණු ඉරුණු පේෂිය යථා තත්ත්වයට පත්කර ගත හැකියි.
සාකච්ඡාවකින් සකස් කළේ
ගාමිණි සුසන්ත
ගාමිණි සුසන්ත
ආයුර්වේදයේ කැඩුම් බිඳුම් ප්‍රතිකාර
භග්න චිකිත්සාව හෙවත් කැඩුම් බිඳුම් වෙදකම කෙටියෙන් හඳුන්වන්න?
![]() |
වෛද්යාචාර්ය චන්ද්‍රසේන විතානආරච්චි |
අදටත් විස්මිත වෙදකමක් වන කැඩුම් බිඳුම් වෙදකම මෙන් අතීතයේ සිටි දක්ෂ වෛද්‍යවරුන් බිඳී හෝ කැඩී ගිය අස්ථි සම්පූර්ණයෙන් ඉවත්කර ඒ වෙනුවට කුකුළු ඇට, එළු ඇට බද්ධකර අස්ථි සන්ධානය කර තිබෙනවා.
කැඩුම් බිඳුම් වෙදකමේ විශේෂිත අංගය වනුයේ ඒ සඳහා යොදන ඖෂධීය උපක්රමයින් ඒවා තෙල් ගැල්වීම්, මැල්ලුම්, පත්තු, පැණිපත්තු, කිරිමැටි පත්තුව, අංකුඩු පත්තුව, තැම්බුම, තෙල්තිර ලෙස හැඳින්වෙනවා.
කැඩී බිඳී ගිය අස්ථියක් නිවරදිව සවිනොවී ඇති විටක, එම අස්ථිය කඩා නැවත නිවරදිව සවිකරන බවට මතයක් කැඩුම් බිඳුම් වෛද්‍ය ක්‍රමය ආශ්‍රිතව ගොඩනැගී තිබෙනවා. මෙය සත්‍යයක්ද ?
එය සම්පූර්ණයෙන් ම අසත්‍යයක් කැඩුම් බිඳුම් වෙදකම ආශ්‍රිතව අස්ථි කැඩීමක් හෝ බිඳීමක් සිදුවන්නේ නෑ. මෙම වෛද්‍ය ක්‍රමය තුළ ඇත්තේ එක් මූලික සිද්ධාන්තයක් පමණයි. එය නම්, අස්ථි කැඩී බිඳීමක් වූ විට එය නිවරදිව නැවත සවිකිරීම සහ වැරදි ආකාරයට සවිවී ඇති අස්ථියක් එයින් මුදා නිවරදි ආකාරයට සවිකිරීමයි. අස්ථි කැඩීමක් සිදුවන බවට වන වැරදි මතය ගොඩ නැගී ඇත්තේ ඉහත දෙවන කරුණ මත පදනම්වයි.

මෙම වෛද්‍ය ක්‍රමය හා බැඳුණු තවත් අංගයක් වනුයේ වෙදකම පිළිබඳ දැනුමක් නොමැති අයෙකුට වුවද, තමන්ටම කරගතහැකි ප්‍රතිකාරවිධි අඩංගුව පැවතීමයි. එදිනෙදා සිදුවන බරපතළ නොවන තැල්මට, උළුක්කුවට බැලතණ මැල්ලුම බැඳීම, ලුණු පාන්කඩය බැඳීම එවන් ප්‍රතිකාරයකි.
මේ වෙදකමට යොදාගන්නා ශාක මොනවාද ?
බෝඹු, කැටකැල, මී, අංකෙන්ද, එරමිණියා, රදලිය, කෑලිය, කොබ්බෑ, නවහන්දි, ගොනිකා, ඇට්ටමුරා, සාවදාන, අඹ, කොටකිඹුලා, මගුල්කරද, බැලතණ, ලුණුවරන යන ශාක ඉන් සමහරක්. මෙම ශාකවල ටැනින්, ටැනින් අමිල, සැපොනික් මර්පින්, ට්රයිටර්පීන්, බෝල්සම්, වාෂ්පශීලී තෙල්, කැල්සියම්, මැග්නීසියම්, පොස්පරස්, සල්පර් වැනි අස්ථි සන්ධානයට අවශ්‍ය ස්වභාවික රසායන මූලද්‍රව්‍ය අඩංගුවෙනවා.
මෙහිදී විශේෂයෙන් පැවසිය යුතු කාරණයක් තිබෙනවා. කැඩුම් බිඳුම් වෙදකම සහ ශරීරයට පිටතින් බෙහෙත් ගැල්වීමක් පමණක් සිදුකරන වෛද්‍ය ක්‍රමයක් නොව, ශරීර අභ්‍යන්තරයටද ඖෂධ ලබාදෙන වෙදකමක්. මෙම දෙක එකවර එකෙලෙස නිසිලෙස ක්‍රියාත්මක වීම අවශ්‍යයි. අනෙක් කාරණය වෛද්‍යවරයාගේ දායකත්වයට රෝගියාගේ සහයෝගය ද ලැබිය යුතුයි. වෛද්‍යවරයා ගේ නියමයන් මනාලෙස පිළිපැදීම රෝගය සම්පූර්ණයෙන් සුවකරගැනීමට අත්වැලක් වෙනවා.
කැඩුම් බිඳුම් අස්ථියක් සවිකළ විට නැවත කැඩීමක් සිදුවීමට තිබෙන ඉඩකඩ වැඩිද ?
ශරීර අභ්‍යන්තරයේ නැවෙන ස්ථාන එකිනෙකට සම්බන්ධ වී තිබෙන්නේ ශරීර අභ්‍යන්තරයේ නිපදවෙන තරලයක් සමගින්. මෙම තරලය නිසා අස්ථි එකිනෙක ගැටෙන විට වඩා මෘදු හා සියුම් බවක් දැනෙනවා. ලෙහෙසියෙන් රිදීමක් ඇතිවන්නේ නෑ. යම් හෙයකින් අස්ථියක් පැනීම තුළ සිදුවනුයේ එම තරලය රහිත තැනක අස්ථිය පිහිටීමයි. මෙවිට නිවරදි නොවන අස්වාභාවික පිහිටීමක රැදෙන අස්ථිය වේදනා ගෙන දෙනවා. අස්ථියක් කැඩීම තුළින් සිදුවනුයේ ස්ථිර ලෙස එක දිගට තිබූ දෙයක් කැඩී වෙන්වීමක්. නොඑසේනම් පිපිරුමක්. එවිට එහි කෙටීමක් ඇතිවෙනවා. මෙයත් වේදනාකාරියි. කැඩුම් බිඳුම් වෙදකමින් කරනුයේ එම විකෘතික නිවරදිව සකසා යථා තත්ත්වයට පත්කිරීමයි.
හදිසියේ ඇතිවන තැල්ම, උළුක්කු, ඇමැට්ටි පැති ආබාධ සඳහා නිවසේදී පහසුවෙන් කළහැකි අත්බෙහෙත් කිහිපයක් සඳහන් කරන්න.
* අඹපොතු, බැලතණ, අමුකහ, දියුලුණු කැට, එකට කොටා ලිපිතබා මලවා ඔතන්න.
* හික්ගංග් පොතු, උළුහාල් මිටක්,, අමුකහ, දියලුණු, එකට කොටා ලිපතබා මලවා ඔතන්න.
* වරකා - කොස් ගස්වල පොතු, අඹපොතු, තොටිල පොතු, අමුකහ, දියලුණු, කොටා ලිප තබා මලවා ඔතන්න.
* හාතාවාරියා , කොළ, බැලතණ, ලපටි පුවක් මල්, අමුකහ, දියලුණු කොටා ලිපතබා මලවා ඔතන්න.
* කැටකෑල, මුණමල්, අංකෙන්ද, කොළ, පොතු, අමුකහ, දියලුණු කොටා ලිපිතබා මලවා ඔතන්න.
* ඔලිඳ කොළ කොටා එඬරු තෙල් දමා මිශ්‍රකර ලිපතබා මලවා ඔතන්න.
* පත්තු වශයෙන් රත්හඳුන් අරළු බුළු, නෙල්ලි, සිවාගුරු, තිත්ත අබිං, එකතරම ගෙන සියඹලා කොළ ඉස්මෙන් අඹරා එම ඉස්මෙන්ම ලිප තබා කකාරා ගාන්න.
* උඳුඇට තම්බා බිත්තර සුදුමදය සමඟ අඹරා ගාන්න.
* සෙවල බෝඹි පොතු, බිත්තර සුදුමදය, සමඟ ලිපතබා කකාරා ගාන්න.
අරුණඩේල් විජේරත්න
කන යනුසිරුරේ ප්‍රධානතම ඉන්ද්‍රියයක් බව ඔබට අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. ඒ පිළිබඳව පසුගිය කලාපයකින් අප ඔබ දැනුවත් කළෙමු. කනේ ඇති වන ආසාදන ක න තුළට යමක් ගිය විට කළ යුතු ප්‍රතිකාර සහ මේ ආදි සියල්ලක්ම පිළිබඳව ඔබ දැනුවත් වන්නට ඇතැයි අප සිතනවා. මෙවර ඔබගේ අවධානය පිණිස කනෙහි ඇතිවන දිලීර, පිහිනීමේ දී කනට සිදුවන අපහසුතා යනාදිය පිළිබඳව සාකච්ඡා කිරීමට අප තෝරා ගත්තේ ජයවර්ධනපුර රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අසෝක ජයසේන මහතා යි.
වෛද්‍ය තුමනි, මූලික වශයෙන් කනෙහි ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න.
කනෙහි ක්‍රියාකාරිත්වය වන්නේ සියලුම ශබ්ද තරංග එක් රැස්කර කන් කුහරය හරහා කන තුළට පතිත කිරීමයි. කන ඇතුළත තිබෙන කන් බෙරය (eardrum) ක්‍රියා කරන්නේ ශබ්ද තරංගවලට කම්පනය වීමට ය. ඒ මැද කණෙහි අස්ථි තුනක් පිහිටා තිබෙනවා. මැලියස් ඉන්කස් ස්ටේපීස් යනුවෙන් කම්පනයට යම්කිසි ශබ්ද තරංගයක් කන තුළට ඇතුල් වී මුලින්ම කන් බෙරයට (eardrum) ශබ්ද තරංග ඇතුළත් වී එය කම්පනය වනවා. එම කම්පනය මැලියස් එකට ගමන් කර මැලියස් එක කම්පනය වෙනවා.
පසුව එය ඉන්කස් එකට ගමන් කරනවා. එයත් කම්පනය වනවා. අවසානයේ දී ශබ්දය ස්ටේපීස් එකට ගමන් කර එය ඇතුල් කනට ගමන් කරනවා. මේ ඇතුල් කනේ තරලයක් පිහිටා තිබෙනවා. මෙම තරලය විශ්ලේෂණය වීමෙන් අනතුරුව අටවැනි කපාල ස්නායුව ඔස්සේ මොළේට ගමන් කර මොළෙන් ලබා දෙන සංඥා අනුවයි අපට ඇසීම ලැබෙන්නේ. හොඳින් ඇසෙන්නට නම් මේ ක්‍රියා පථය හොඳීන් ක්‍රියාත්මක විය යුතුයි. නමුත් වයසට යාමේ දී ඇතැමුන්ගේ මේ ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් හීන වන්නට පටන් ගන්නවා. එවිට කන ඇසීම දුර්වල වෙනවා.
ඇතැමුන් පවසනවා මව්කිරි නොදෙන දරුවන් කනේ ආසාදනවලින් පෙළෙන බව එහි සත්‍යයක් තිබෙනවා ද ?

යම්කිසි පුද්ගලයෙක් වැටුණු විට එසේත් නොමැති නම් අනතුරක් සිදු වූ විට කනෙන් ලේ ගැලීමක් ඇතැම් විට සිදු වෙනවා නේ ද ? එයට හේතුව කුමක් ද ?
බාහිර කනෙන් ලේ ගැලීමක් සිදු වුවොත් එය කැපීමකට සහ සීරීමකට බඳුන්වී ඇතිවන ලේ ගැලීමක්, එසේ නොවී කන ඇතුළතින් ලේ ගැලීමක් සිදු වුවොත් එය සිදු වන්නේ මොළේ තුවාල වීමකින් (
ඔසුවක තතු
ලොව සුලබවම භාවිත වන
වේදනානාශකය Paracetamol
පැරසිටමෝල් ඖෂධය නො ගත් කුඩා දරුවකු හෝ වැඩිහිටියකු සොයාගැනීම ඉතා අසීරු ය. මෙය වේදනාව දුරු කිරීම සඳහා ද, උණ ගත් අවස්ථාවල දී ශරීර උෂ්ණත්වය පහත හෙළීම සඳහා ද සුලබ ලෙස භාවිතයේ යෙදෙන්නකි.
Paracetamol වේදනා දුරු කරන බැවින් Analgesic කාණ්ඩයට ද, ශරීර උෂ්ණත්වය වැඩි වූ අවස්ථාවල පහත හෙළන බැවින් Antipyretic ඖෂධ කාණ්ඩයට ද අයත් වේ.
අඩංගු සංඝටක -
N(4-hydroxyphenyl) acetamide යන සංයෝගය අන්තර්ගත ය. සංක්ෂිප්තව Acetaminophen යනුවෙන් හැඳින්වේ.
ඖෂධය පෙති, දියර, බින්දු ලෙස කුඩා ළමයින්ට දිය හැකි ෙඩ්රාපරයක් සහිත ලෙස විවිධ ආකාරයෙන් නිපදවේ. Paracetamol දියර (syrup)වල ඖෂධීය සංයෝගයට අමතරව වර්ණකාරක, ද්රාවනකාරක සංයෝග, රසගන්වන ද්‍රව්‍ය (flavouring agents) හා කල් තබාගැනීමේ ද්‍රව්‍ය ද අන්තර්ගත ය.
ඖෂධය ක්‍රියා කරන ආකාරය : Paracetamol මඟින් මධ්‍ය ස්නායු පද්ධතියට අයත් මොළයෙහි (brain) ප්‍රොස්ටොග්ලැන්ඩින් (Prostoglandin) නමැති ජෛවරසායනිකය සැදීම නිශේධනය කරයි. ඒ Cyclooxygenase නම් එන්සයිමය නිශේධනය කිරීම මඟිනි.
Prostoglandin මඟින් වේදනාව දැනීම ද, ශරීර උෂ්ණත්වය ඉහළ යැම ද සිදු වෙයි. එබැවින් Paracetamol ගත් විට වේදනාව දුරු වන අතර උණ (Pyrexia) ගත් අවස්ථාවල දී ශරීර උෂ්ණත්වය ද පහත හෙළයි.
Paracetamol මඟින් මොළයෙහි Prostoglandin නිපදවීම නිශේධනය කළ ද පර්යන්ත පටකවල එම ජෛවරසායනිකය සැදීම නිශේධනය නො කරයි. එබැවින් Paracetamol මඟින් NSAID ඖෂධ මෙන් ප්‍රදාහය (Inflammation) වළක්වා ලනු නො ලැබේ.
වෙනත් බොහෝ වේදනා නාශක ඖෂධ මඟින් ආමාශයේ ද Prostoglandin සැදීම නිශේධනය කරන බැවින් ආමාශයික වණ, හෝ එවන් වේදනාකාරී තත්ත්ව ඇති වෙයි. එහෙත් Paracetamol මඟින් ආමාශය වැනි පර්යන්ත පටකවල ප්‍රොස්ටොග්ලැන්ඩින් සැදීම නිශේධනය නො කරන බැවින් ආමාශයික වණ හෝ උදරයේ අපහසුතා ඇති වීමක් සිදු නො වේ. එබැවින් Paracetamol උදරයට සෞම්‍ය වූ වේදනානාශකයක් ලෙස නම් කළ හැකි ය.
භාවිතාවන් : 1. වේදනා දුරු කිරීම සඳහා වේදනානාශක ඖෂධයක් ලෙස. 2. ශරීරයේ උණ ගත් අවස්ථාවල අධික ශරීර උෂ්ණත්වය පහත හෙළීම සඳහා 3. දත් රෝගවල දී දත් වේදනා දුරු කිරීමට. 4. ඔස්ටියෝආතරයිටිස් රෝගවල දී. 5. මිග්රේන් රෝග අවස්ථාවල දී. 6. හිසරදය දුරු කිරීම සඳහා. 7. රුමැටික වේදනා දුරු කිරීම සඳහා. 8. උගුර වණ වී තුවාල ඇති වූ අවස්ථාවල දී (Sore throat). 9. ස්ත්‍රීන් ගේ මාස් ශුද්ධියේ දී ඇති වන වේදනා දුරු කිරීමට 10. Ijfluenza රෝග අවස්ථාවල දී.
11. ස්නායු ආශ්‍රිතව ඇති වන Neuralgia නම් වේදනාකාරී තත්ත්ව දුරු කිරීමට.
අතුරු ආබාධ : නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ගත් විට අතුරු ආබාධ ඇති වීම සිදු නො වන තරම් ය. එහෙත් කලාතුරකින්,
සමේ පලු දැමීම හා වෙනත් ආසාත්මිකතා ලක්ෂණ ඇති විය හැකි ය.
පැරසිටමෝල් මාත්‍රාව : Paracetamol මාත්‍රාව වන්නේ කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 15කි.
(15mg/kg) දිනකට දිය හැකි උපරිම මාත්‍රා ගණන 4කි. (පැය 6කට වරකි). එබැවින් පැය 24ක් තුළ දී 60 mg/kg ඖෂධ ප්‍රමාණයක් නියමිත අගය වෙයි.
පැරසිටමෝල් කුඩා දරුවන්ට දීමේ දී විශේෂයෙන් ම සැලකිලිමත් විය යුතු ය. නිෂ්පාදකයන් ගේ ඇසුරුම්වල වයස සහ බර අනුව දරුවාට දිය යුතු පැරසිටමෝල් ඖෂධ මිලිලීටර් ගණන සඳහන් වේ. එය ෙඩ්රාපරයකින් හෝ තේ හැන්දකින් හෝ දිය හැකි ය. (තේ හැන්දක් යනු 5ml කි.) එහි සඳහන් මාත්‍රාව ඒ අයුරින් ම දීමට වගබලාගන්න. සාමාන්‍ය බරින් යුතු වැඩිහිටියකුට වරකට දෙන මාත්‍රාව 1g(=1000mg) වෙයි.
පැරසිටමෝල් අධි මාත්‍රා වීම : පැරසිටමෝල් ඖෂධය වෛද්‍ය අනුමැතියකින් තොර ව ද භාවිතයට ගැනෙන නිසා සාමාන්‍ය වේදනා හා උණ රෝග අවස්ථාවල දී - (මෙය නිවැරැදි ඖෂධ භාවිතය නො වේ.) විවිධ වෙළෙඳ නම්වලින් එහෙත් එක ම පැරසිටමෝල් ඖෂධය අඩංගු ඖෂධ නිපැයුම් කිහිපයක් එක විට ගැනීමක් සිදු විය හැකි ය. එවිට ඖෂධය අධිමාත්‍රා වීම සිදු වේ. එනිසා සාමාන්‍ය වේදනා හා උණ රෝග අවස්ථාවල දී ද වෛද්‍ය නියමයට අනුව ම පැරසිටමෝල් ඖෂධය ගැනීම ඥානාන්විත ය. එමෙන්ම Paracetamol කුඩා දරුවන්ට හසු වන ලෙස තැබූ විට ඔවුන් එම පැරසිටමෝල් දියර හෝ පෙති වැඩි ප්‍රමාණයක් ගිල දැමීම නිසා ද කුඩා දරුවන්ට එය අධි මාත්‍රා විය හැකි බැවින් ඖෂධ ගබඩා කර තැබීමේ දී සැලකිලිමත් වන්න.
Paracetamol අධි මාත්‍රා වීමේ දී වමනයට එන ස්වභාවය හා වමනය, ආහාර අරුචිය, උදරයේ වේදනාව, අවරුධිර පීඩනය දහඩිය දැමීම හා ඇඟ සුදුමැලි වීම වැනි ලක්ෂණ ඇති වේ. අක්මා සෛලවලට ද හානි පැමිණේ.
මේ ලක්ෂණ ඇති වන්නේ නම් වෛද්‍ය උපදෙස් නොපමාව ලබාගන්න. මේ අධිමාත්‍රා වීම ප්‍රතිකර්ම මඟින් සමනය කළ හැකි ය.
සැ.යු(- වෛද්‍ය උපදෙස්වලින් තොරව පැරසිටමෝල් ඖෂධය දින තුනකට වඩා නො ගැනීමට වග බලාගන්න. ඔබට අක්මාරෝග හෝ වකුගඩු ආබාධ ඇත්නම් එය වෛද්‍යවරයාට දන්වන්න.
ශාන්ත හෙයියන්තුඩුව (ඖෂධවේදී)
මෙවර ව්‍යායාම හරහා අප ඔබට කියා දෙන්නේ පසුගිය සතියේ මෙන්ම බිම දිගාවී කරන ව්‍යායාමයකි. ඔබ මේ ව්‍යායාම මාලාවක් ලෙස දිගින් දිගට හුරු පුරුදු වෙනවා නම් හා නිතර ව්‍යායාමයේ යෙදෙනවා නම් ඔබ මේ වනවිටත් එහි ප්‍රතිඵල භුක්ති විඳිනවා ඇති.
කෙසේ වෙතත් ඔබ තවමත් ව්‍යායාමය සඳහා කාලවේලාවක් වෙන් කරගෙන නැතිනම් හැකි ඉක්මනින් ඒ සඳහා වහා යොමු විය යුතු බවත් අප ඔබට මතක් කරනවා. එය ඔබේ දීර්ඝ කාලීන ශරීර සෞඛ්‍යයට බලවත් පිටිවහලක් වේවි.
මේ ව්‍යායාමය ආරම්භ කිරීමේදී ද ඔබ බිම දිගාවිය යුතුයි. දැන් කණ දෙපසින් බිම දිගේ ඉහළට කර තබාගන්න. පසුව දෙපා දණහිස් වලින් 900 – 800 අතර ප්‍රමාණයට ඉහළට නවාගන්න. මෙය ව්‍යායාමයේ පළමු ඉරියව්වයි.
පසුව ඔබ ඉණෙන් ඉහළ කඳ කොටස ඉදිරියට ඔසොවමින් දණහිස් වලට ඉහළින් දෑත් සිටින ලෙස කඳ කොටස ඉදිරියට ගෙන එන්න. මෙහිදී ඉණෙන් ඉහළ කොටස සෘජුව තබා ගන්න. කොන්ද නැවීම හෝ කුදු ගැසීමක් සිදු නොවීමට වගබලාගන්න. එසේ නැතිනම් ඔබට ව්‍යායාමයේ නියම ප්‍රතිඵල අත්නොවනු ඇත.
මෙසේ ඉණෙන් ඉහළ කොටස ඉදිරියට ගෙන එන අවස්ථාවේදී හුස්ම හෙළීම සිදු කරන්න. හුස්ම ගැනීම කරන්නේ නැවත පළමු ඉරියව්වට පැමිණෙන අවස්ථාවේදීයි. අප කලින් සඳහන් කළා මෙන් මේ ව්‍යායාම රිද්මය සමඟ ආශ්වාස ප්‍රශ්වාස රටාවද පවත්වාගෙන යාම කළ යුතුයි. එහිදී මාංශපේෂී තදවීම හා ලිහිල් වීමක්ද ආයාසයෙන් සිදුවන ආකාරය ඔබට මදක් මේ ව්‍යායාමය කිරීමෙදී හැගෙනු ඇත. මේ ව්‍යායාමය වාර 20 – 30 ක් පමණ කළ යුතුයි. ඔබ ආධුනිකයකු නම් වාර 20 ක් පමණ කළ යුතු අතර ක්‍රමයෙන් එම වාර ගණන වැඩි කිරීමට ඔබට හැකියාව ලැබෙයි.
මේ ව්‍යායාමය මගින් උදර මාංශපේෂීන්හි ඉහළ කොටස ව්‍යායාමයට ලක්වන අතර එහිදී එම මාංශපෙෂීවල මේද දහනයක් ද සිදුවී ඔබට හොඳ ශක්තිමත් නිරෝගී මාංශ පේෂීන් හිමි සිරුරක් දායාද කරනු ඇත.
මෙහිදී කොන්ද ආශ්රිත ආබාධ සහිත අයෙක් නම් මේ ව්‍යායාමය කිරීමේදී විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. කොන්දේ ඉහළ කශේරුකාවල ආබාධ තිබෙන පුද්ගලයන් මේ ව්‍යායාමය කිරීමේදී වඩාත් ප්‍රවේශම් විය යුතුයි. ඉණෙන් ඉහළ කොටස ඔසවා මේ ව්‍යායාමය කිරීමේදී කොන්දේ යම් අපහසුවක් දැනෙනවා නම් ඔවුන් වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගෙන මේ ව්‍යායාමය කළ යුතුයි.
ඔබේ ආබාධයේ ස්වරූපය එහි තත්ත්වය වඩාත් හොඳින් දන්නේ ඔබ සහ ඔබගේ වෛද්‍යවරයායි. ඒ නිසා ඔබ කොන්දේ ආබාධ සහිත නම් මෙවැනි ව්‍යායාමයක් කිරීමට කලින් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම නුවනට හුරුයි. වෛද්‍ය උපදෙස් මත හෝ මෙවන් ව්‍යායාමයක් කිරීමෙන් ඔබට ඉතා විශාල වු ප්‍රතිඵලයක් අත්කර ගත හැකි බව ඔබටම කෙටි කලකින් අවබෝධ කරගත හැකි වේවි.
ක්‍රීඩා නිලධාරීනී
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව
ක්‍රීඩා අමාත්‍යංශය
සංජුලා දමයන්ති
ඇසක් පිළිස්සීමකදී ගත යුතු ප්‍රථමාධාර
කෙසේ වෙතත් විවිධ හේතු නිසා ඇසට හානි සිදුවිය හැකියි. මෙවර අප සාකච්ඡා කරන්නේ ඇසක් පිළිස්සීමකදී ප්‍රථමාධාර ලබාදෙන ආකාරයයි.
විවිධ හේතූන් මත ඇසක් පිළිස්සීමට ඉඩ තිබේ. නිවසේ කටයුතු කිරීමේදී උණුවතුර, හුණු, ගිනි රස්නය ආදිය ඇස සමඟ ස්පර්ශ වීමෙන් ඇස පිළිස්සීමට ඉඩ තිබෙනවා. එමෙන්ම විවිධ රසායන ද්‍රව්‍ය ඇසට පතිත වීමෙන්ද පිළිස්සී යාමට ඉඩ තිබෙනවා. පෑස්සුම් කර්මාන්තවල ගිනිකෙළි කර්මාන්තවල සේවය කරන අයට ද විශේෂයෙන් ඇස් පිළිස්සීමේ අවදානම තිබෙනවා. ඒ නිසා මේ අවදානම තිබෙන ඕනෑම අවස්ථාවක ඒ අවදානමෙන් ආරක්ෂා වී සිටීමට ප්‍රථමයෙන් මතක තබා ගන්න. එබඳු අවදානම් සහගත අවස්ථාවලදී ඔබ ආරක්ෂිත ඇස් පළඳනා පැළඳීමට වගබලා ගත යුතුයි.
එහෙත් ඔබට නිරන්තරයෙන් නිවසේ කටයුතු කරනවිට ආරක්ෂිත ඇස් පළඳනා පැළඳ වැඩ කටයුතු කළ නොහැක. හොඳින් මතක්කර බලන්න, නිවසේ දී ඔබ බොහෝ විට එවැනි අනතුරුවලට භාජනය වන්නේ ඔබේ තිබෙන කලබලකාරී බව නිසාම නොවේ ද? හොඳින් මතක තබා ගන්න ඔබේ ඒ කලබලය ඔබට බොහෝ දේ අහිමි කිරීමට ඉඩ තිබෙන බව. ඒ නිසා නිවෙස් හෝ වෙනත් ස්ථානයකදී කොතරම් හදිසි වූවත් කළබල වී අනාරක්ෂිතව කටයුතු කරන්න එපා.
කෙසේ වෙතත් ඔබ අවට සිටින කෙනෙකුගේ, මේ කුමන හේතුවක් නිසා හෝ ඇස පිළිස්සීමකට ලක්වූවොත් ඒ සඳහා කඩිනමින් ප්‍රථමාධාර දීමට ඔබ දැනුවත්ව සිටිය යුතුයි. අප කලින් සඳහන් කළපරිදි ඇස යනු ඉතා සංවේදී මෙන් ම වටිනා ඉන්ද්‍රියක් වන නිසා ඔබ කඩිනමින් නිවැරැදි ප්‍රථමාධාර ලබාදීමට කටයුතු කළ යුතුයි.
මෙහිදී ඔබට කළ හැකි ප්‍රථමාධාරය වන්නේ පිරිසිදු ජලයෙන් ඇස තෙමීම හෝ සේදීමයි. අනතුර වූ ආසන්නයේ වතුර පයිප්පයක් හෝ ළිඳක් තිබේ නම් ඔබට ඒ සඳහා මහත් උපකාරයක් වනු ඇත. රසායන ද්‍රව්‍යයක් මගින් ඇස පිළිස්සී ඇත්නම් ඇස සෝදාහරින ජලය ගලායන සේ සේදීමට වගබලා ගන්න. ඒ ජලය නැවත ඇස සේදීමට භාවිතා කරන්න එපා.
මක්නිසාද ඇස තුළට වැටුණු රසායනික ද්‍රව්‍යයන් ඒ ජලයේ මිශ්‍ර වී නැවතත් ඒ හරහා ඇසට හානි සිදුවන බැවිනි. මෙසේ පිරිසිදු ජලයෙන් ඇස සෝදාහරින අතර හැකි ඉක්මනින් නයනා රෝහලකට රෝගියා රැගෙන යන්න. එසේ ගමන් කරන අතරවාරයේත් මේ ප්‍රතිකාරය කිරීම සඳහා අවශ්‍ය ජල බඳුන් හා සෝදන ජලය එක්රැස් කර ගැනීම සඳහා හිස් බඳුන්ද රැගෙන යන්න අමතක කරන්න එපා.
ඇසක් පිළිස්සීමකදී ගත යුතු ප්‍රථමාධාර
ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ
පුහුණු කිරිමේ හෙද නිලධාරිනි
පුෂ්පා රම්‍යානි සොයිසා
ඇස යනු ඉතා සංවේදී මෙන්ම ශරීරයේ ඉතාමත්ම වැදගත් ඉන්ද්‍රියකි. එමෙන්ම ඇසට හානියක් සිදුවීමට ඉතා කුඩා සිදුවීමක් වූවත් හේතුවිය හැකියි. ඔබ විශේෂයෙන් අනෙක් ඉන්ද්‍රියන්ට වගේම ඇසට ද අනතුරු සිදුවීම වළක්වා ගත යුතු වන්නේ ඒ නිසයි.කෙසේ වෙතත් විවිධ හේතු නිසා ඇසට හානි සිදුවිය හැකියි. මෙවර අප සාකච්ඡා කරන්නේ ඇසක් පිළිස්සීමකදී ප්‍රථමාධාර ලබාදෙන ආකාරයයි.
විවිධ හේතූන් මත ඇසක් පිළිස්සීමට ඉඩ තිබේ. නිවසේ කටයුතු කිරීමේදී උණුවතුර, හුණු, ගිනි රස්නය ආදිය ඇස සමඟ ස්පර්ශ වීමෙන් ඇස පිළිස්සීමට ඉඩ තිබෙනවා. එමෙන්ම විවිධ රසායන ද්‍රව්‍ය ඇසට පතිත වීමෙන්ද පිළිස්සී යාමට ඉඩ තිබෙනවා. පෑස්සුම් කර්මාන්තවල ගිනිකෙළි කර්මාන්තවල සේවය කරන අයට ද විශේෂයෙන් ඇස් පිළිස්සීමේ අවදානම තිබෙනවා. ඒ නිසා මේ අවදානම තිබෙන ඕනෑම අවස්ථාවක ඒ අවදානමෙන් ආරක්ෂා වී සිටීමට ප්‍රථමයෙන් මතක තබා ගන්න. එබඳු අවදානම් සහගත අවස්ථාවලදී ඔබ ආරක්ෂිත ඇස් පළඳනා පැළඳීමට වගබලා ගත යුතුයි.

කෙසේ වෙතත් ඔබ අවට සිටින කෙනෙකුගේ, මේ කුමන හේතුවක් නිසා හෝ ඇස පිළිස්සීමකට ලක්වූවොත් ඒ සඳහා කඩිනමින් ප්‍රථමාධාර දීමට ඔබ දැනුවත්ව සිටිය යුතුයි. අප කලින් සඳහන් කළපරිදි ඇස යනු ඉතා සංවේදී මෙන් ම වටිනා ඉන්ද්‍රියක් වන නිසා ඔබ කඩිනමින් නිවැරැදි ප්‍රථමාධාර ලබාදීමට කටයුතු කළ යුතුයි.
මෙහිදී ඔබට කළ හැකි ප්‍රථමාධාරය වන්නේ පිරිසිදු ජලයෙන් ඇස තෙමීම හෝ සේදීමයි. අනතුර වූ ආසන්නයේ වතුර පයිප්පයක් හෝ ළිඳක් තිබේ නම් ඔබට ඒ සඳහා මහත් උපකාරයක් වනු ඇත. රසායන ද්‍රව්‍යයක් මගින් ඇස පිළිස්සී ඇත්නම් ඇස සෝදාහරින ජලය ගලායන සේ සේදීමට වගබලා ගන්න. ඒ ජලය නැවත ඇස සේදීමට භාවිතා කරන්න එපා.
මක්නිසාද ඇස තුළට වැටුණු රසායනික ද්‍රව්‍යයන් ඒ ජලයේ මිශ්‍ර වී නැවතත් ඒ හරහා ඇසට හානි සිදුවන බැවිනි. මෙසේ පිරිසිදු ජලයෙන් ඇස සෝදාහරින අතර හැකි ඉක්මනින් නයනා රෝහලකට රෝගියා රැගෙන යන්න. එසේ ගමන් කරන අතරවාරයේත් මේ ප්‍රතිකාරය කිරීම සඳහා අවශ්‍ය ජල බඳුන් හා සෝදන ජලය එක්රැස් කර ගැනීම සඳහා හිස් බඳුන්ද රැගෙන යන්න අමතක කරන්න එපා.
සමන් ගුණවර්ධන
ලස්සන ඇස්
සුන්දර දෑසක් මෙය ඔබේ සිහිනය වන්නට පුළුවන්. අපි මුලින්ම කෙනකු සමඟ කතා කරන්නේ දෑසින් බව ඔබ දන්නවා. එහෙම නම් රුව රකින්නට උනන්දු වන ඔබ දෑස ගැනත් සැලකිලිමත් වීම අවශ්‍යමයි. අපගේ වෙහෙස මහන්සිය, දුක, සතුට මේ සෑම දෙයක්ම දවා. ඒ නිසා අපි ඇහැට හොඳින් සත්කාර ලබාදිය යුතු අතරම, එම සත්කාරවලින් ඇසට හානියක් නොවීමටත් වගබලා ගැනීම ඉතාම වැදගත්.
බොහෝ විට කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක් වන්නේ දෑස් වටා කලු පැහැවීමයි. විශේෂයෙන්ම පැහැපත් සමක් හිමි කාන්තාවන්ගේ දෑස් වටා කළු පැහැවීම ඉතාම හොඳින් කැපී පෙනේ.
දෑස වටා පිහිටි සම ඉතාම තුනීය. සම තුළ පිහිටා ඇති කුඩා කේශනාලිකා හරහා රුධිරය ගමන් කිරීමේදී ඒවා පිපිරීමට ලක්විය හැකිය. එවිට ඒ තුළ ඇති රුධිරය සම තුළ එකතු වීම නිසා කලු පැහැයක් ඇති වේ. එවිට එම කලු පැහැය සමේ පිටතටද දිස්වීම නිසා දෑස වටා එම කලු පැහැය දිස් වේ.
සමේ මෙලනින් වර්ණකය අධික ලෙස සෑදීම නිසා ද කලු පැහැය ඇතිවේ. මෙය Hyper Pigmentation ලෙස හැඳින්වේ. මේ හැරුණු විට පරම්පරාවෙන් එන ස්වභාවය නිසා ද මේ තත්ත්වය ඇති වීමට පුළුවන්. අසාත්මිකතාවයන් හා ඇදුම රෝගය නිසා ද ලබාගන්නා විවිධ ඖෂධ හේතුවෙන්ද දෑස් වටා කලු පැහැය ඇතිවීමට පුළුවන.
ආහාරයේ නියමිත පෝෂණය නොමැති වූ විටද මෙම තත්ත්වය ඇතිවිය හැකියි.
බොහෝ විට නිදි වැරීම, තෙහෙට්ටුව, ආතතිය වයස්ගත වීම, විජලනය හා සූර්යාලෝකයේ UV කිරණ නිසාද දෑස් වටා ඇතිවන කලු පැහැති පැල්ලම්, රැළි වැටීම් දැකගත හැකියි.
බොහෝ විට මේ තත්ත්වය ඇතිවන්නේ ඔබගේම ක්‍රියාකාරකම්වල වරදින්ය. ඒ නිසා එම වැරදි ක්‍රියාවන්වලින් වැලකීම පළමුව කළ යුතුය. ඇතැම් විට ඔබට ආහාර වර්ග හෝ රූපලාවන්‍ය ආලේප වර්ග භාවිතය අසාත්මික වන්නට පුළුවනි. එවැනි වර්ග ඔබ හඳුනාගෙන තිබෙනවා නම් ඒවා ආහාරයට ගැනීමෙන් හෝ භාවිතයෙන් ඈත් වන්න.
දිනපතා ඉතා හොඳ නින්දක් අවශ්‍ය බව ඔබ දන්නවා. එය ශරීරයට මෙන්ම මනසටත් ඉතාම වැදගත්. ඒ නිසා හොඳ නින්දක් ලබාගන්න. අඩු නින්ද ඔබේ දෑසම පීඩා කරනවා. එයින් දෑසේ දීප්තිය අඩු වන අතරම ඇස් වටා කළු පැහැවීමත් සිදු වෙනවා.
පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ වූ ආහාර වේලක් ලබාගන්න. පෝෂණ ඌනතාවන් නිසා ද සම මත පැල්ලම් ඇතිවීම ආදිය සිදු වේ. හැකිතරම් ජලය පානය කරන්න. සම මත තෙතමනය රඳවා තබාගැනීමට ජලය විශාල උපකාරයකි. ඔබ කෙතරම් ආලේප වර්ග මතුපිටින් තැවරුවත් එයට වඩා හොඳ ජීවී බවක් ජලය අවශ්‍ය ලෙස පානය මගින් ලැබේ.
මධ්‍යසාර හා දුම්වැටි භාවිතයෙන් වලකින්න. ඔබේ සමට ගැලපෙන "පේස් වොෂ්" හෝ පේස් පැක් එකක් තෝරාගෙන පාවිච්චි කරන්න. ඔබේ සමට ගැලපෙන අයි ජෙල්, සන් කන්ට්‍රොaල් ක්‍රීම් ද තෝරාගෙන භාවිත කරන්න. මේ සඳහා ඔබට වෙළෙඳ පොළේ ඇති ෆොaඑවර් අයි ජෙල්ද තෝරාගත හැකියි.
ඕනෑම ක්‍රීම් වර්ගයක් ආලේපනයක් ගල්වන විට දෑස ගැන සැලකිලිමත් විය යුතුයි. දෑස වටේට ක්‍රීම් ආලේප කළ යුත්තේ මෘදු ඇඟිල්ලෙන්ය. එම ඇඟිල්ල මගින් යෙදෙන තෙරපුම අඩු නිසා දෑස් අවට මෘදු සමට හානියක් සිදු නොවේ.
දන්ත විකෘතිතාව ඇති වීමට හේතු කිහිපයක් බලපායි.
* මව හෝ පියාගේ දත් විකෘතිව පැවතීම, (උඩු හනුව සහ යටි හනුවේ පිහිටීම)
* තොල් කම්මුල් තල්ල සහ දිව ආශ්රිත හේතු.
* දත්වලට අදාළ හේතු.
* දත් දෙකක් බද්ධ වී තිබීම.
* ඇතැම් විට ස්වභාවයෙන් ම දත් අඩුවෙන් පිහිටීම. ඇතැම් විට දත් වැඩිපුර පිහිටීම.
* දත්වල ප්‍රමාණය හනුවලට අනුරූප නොවන ලෙස ප්‍රමාණයෙන් විශාල හෝ කුඩා වීම.
* අකලට කිරිදත් ගැලවීම.
* ඇඟිලි ඉරීම, සූප්පු ඉරීම වැනි පුරුදු.
මේ ආබාධවලින් ඇතැම් ඒවා අපට වළක්වා ගත හැකි දේය. අකලට කිරි දත් ගැලවීම, ඇඟිලි ඉරීම, සූප්පු භාවිතය වැනි පුරුදු වළක්වා ගත හැකිය. ඇතැම් හේතු අපට වළක්වා ගන්නට නොහැකි ස්වභාවික හේතු මේ කවර ආකාරයකට ඇති වුවත් දන්ත විකෘතිතාවට ප්‍රතිකාර කළ යුතු ය. ප්‍රතිකාර සඳහා විශේෂයෙන් ම අවුරුදු දහය වැනි මුල් අවස්ථාවේදී හෝ විවාහ වෙන අවස්ථාවේදී යොමු වේ. දන්ත විකෘතිතාව හේතුවෙන් පාසල් දරුවන් වන යොවුන් දරුවෝ සමකාලීන මිතුරන් අතරේ උසුළු විසුළුවලට ලක් වෙති. පිරිසක් ඉදිරියට ඒමට පසුබැසීමට හේතු වේ. මෙම තත්ත්වය පෞරුෂත්වයට අහිතකර ලෙස බලපායි. එවැනි අඩු පාඩු හේතුවෙන් යොවුන් හා තරුණ වියෙහි පසුවන්නෝ මානසික අපහසුතාවන්ට ලක් වෙති.
ඇතැම් විට දන්ත විකෘතිතා හෝ අවලස්සන දත් දෙපෙළ හේතුවෙන් මංගල යෝජනා පවා ප්‍රතික්ෂේප වූ අවස්ථා පවා අසන්නට ලැබේ.
මෙම ගැටලුවලට විසඳුම මුල් අවදියේදීම ප්‍රතිකාර කිරීම ය. යොවුන් විය හෝ තරුණ වියට පත් වූ විට ප්‍රතිකාර කිරීම අපහසු මෙන් ම වඩාත් සාර්ථක ද නැත.
දත්වලට සිදුවන අනතුරුවලින් ද දන්ත විකෘතිතාව ඇති විය හැකි ය. කිසියම් අනතුරකදී දත්වලට හානියක් වුවහොත් වර්තමානයෙහි ඒ සඳහා නවීන ප්‍රතිකාර ක්‍රම බහුලව අති හෙයින් නොපමාව වෛද්‍ය උපදෙස් පැතීමටත් දන්ත විකෘතිතා ඇතිවීම වළක්වා ගත හැකි ය. කිසියම් දන්තාබාධයක් හඳුනාගත් මුල් අවස්ථාවේදි ඊට ප්‍රතිකාර ඇරැඹිය යුතුය. ඊට හේතුව පුද්ගලයකුගේ වර්ධනය සිදුවන්නේ අවුරුදු 20 ක් දක්වා පමණක් සිදුවන හෙයිනි. දත්වලට සිදු කරනු ලබන ප්‍රතිකාර ක්‍රමවේද මුහුණේ වර්ධනයත් සමඟ ගැළපෙන ආකාරයට කරගෙන යන්නට හැකි හෙයිනි. වයස අවුරුදු 10 - 11 පමණ වන වර්ධන අවධියේදී සිදු කරනු ලබන ප්‍රතිකාර වඩාත් සාර්ථක වේ.
දත්වලට සිදුවන අනතුරු
යොවුන් විය හා තරුණ විය පුද්ගල ජීවිතයේ ක්රියාශීලීවීම අවධියයි. එහෙයින් ම අනතුරුවලට ගොදුරු වීමට ඇති ඉඩකඩ ද වැඩි ය. ක්‍රීඩා කරන විට වැටීමෙන්, එකිනෙකා සමඟ පොර බැඳීමෙන්, මෝටර් බයිසිකල් හෝ බයිසිකල්වලින් අනතුරුවලට ලක්වීමටත් දත්වලට අනතුරු සිදු විය හැකි ය. දත්වලට සිදුවන අනතුරුවල ස්වභාවය විවිධාකාර වේ. ඇතැම් විට දත වැටීමක් හෝ දතෙහි පැත්තකින් කොටසක් කැඩී යාමේ සිට දතක් බාගයකට වැඩි කොටසක් කැඩී යාමට ඉඩ තිබේ.
දත මුලින් ම කැඩී යාම හෝ අනතුරු හේතුවෙන් දත මුළුමනින් ම ගැලවී පිටතට ඒම පුළුවන. හදිසි අනතුරකදී දත් ආශ්රිත පටකවලට හා හනුවේ හෝ මුහුණට හානි සිදු විය හැකි ය. ඇසට පෙනෙන තරම් වූත්, වේදනා සහිත වූත් අනතුරක් සිදු වූ විට බොහෝ දෙනා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබති. එහෙත් ඇසට නොපෙනෙන, දැඩි වේදනාවක් නොදැනෙන හානියක් සිදු වූ විට ඒ පිළිබඳ දක්වන සැලකිල්ල අඩු ය.
එහෙත් දිනකට ඉතා සුළු හෝ ලොකු අනතුරක් සිදු වූ විට දන්ත වෛද්‍ය උපදෙස් පැතීම සුදුසු ය. මන්ද පිටතින් හානි සිදු නොවුණත් ඇතුළතින් දතේ මුලට හෝ හකු ඇටයේ අනතුරක් හෝ වෙනස්වීමක් සිදු වී තිබීමට ඉඩ ඇත. එවැනි අනතුරක් හඳුනා ගත හැක්කේ එක්ස් රේ කිරණ පටයකින් පමණි. එවැනි අවස්ථාවල මතුපිටින් හානියක් නොපෙනුණත් වැඩි දුර පරීක්ෂණවලින් දතට හානි සිදු වී ඇති දැයි සොයා ගත හැකි ය. අනතුර කුඩා වුවත් විශාල වුවත් දත් පිළිබඳව ද පරීක්ෂා කර බැලීම සුදුසු ය.
සුළුවෙන් සිදුවන අනතුරුවලින් ඒ අවස්ථාවේ දත්වලට සිදුවන හානියක් නොවුණත් මාස හයක් හෝ වසරක් පමණ කල් ගත වන විට දතේ පැහැය වෙනස් වේ. එසේ වන්නේ දත මිය යාම නිසා ය. එසේ අවපැහැ ගත් දත් පෙළට ප්‍රතිකාර කිරීම පහසු නැත.
අනතුරු වළක්වා ගැනීම
ක්‍රීඩා කරන විට ඒ සඳහා භාවිතා කළ යුතු ආරක්ෂිත මෙවලම් කරන විට ලොකු දිය යුතු වුණ සහ හිස් ආවරණ යතුරු පැදි සඳහා නියමිත හිස් ආවරණ පැලැදීම දත් හෝ මුව අනතුරට ලක්විය හැකි අවස්ථා මග හැරීම වඩාත් සුදුසු ආරක්ෂිත උපක්‍රමය වේ.

දන්ත විකෘතිතාවට මුල් කාලයේම පිළියම් කරන්න
කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ
දිලුම් පෙරේරා
නිරෝගී පුද්ගලයකුගේ මුඛයෙහි දත් දෙපෙළ එක පෙළට ප්‍රසන්න ආකාරයට පිහිටා තිබීම සාමාන්‍යය තත්ත්වයයි. එසේ එක පෙළට සමව දත් නොපිහිටා ඇද වී පිහිටීම ඉදිරියට නෙරා පිහිටීම දන්ත විකෘතිතාවයි.දන්ත විකෘතිතාව ඇති වීමට හේතු කිහිපයක් බලපායි.

සාගරිකා දිසානායක ජයසිංහ
ඇස යනු අපේ ජීවිතයේ ප්‍රධානතම ඉන්ද්රියයන්ගෙන් එකකි. ඇසෙන් සිදුවන සේවය සුළුපටු නොවේ. දෙනෙත් අන්ධවී ඇත්නම් ලොව බලන්නට අපට නොහැකිය. එවිට අපට සදාකාලයටම ජීවත්වීමට සිදුවනුයේ අන්ධකාරයේ ය.
ඇතැමුන් උපතින් ම අන්ධ භාවය දෝතට ගෙන මෙලොව එළිය දකිති. ඇතැමුන් වයසට යාමේ දී අන්ධ භාවයට පත්වෙති. ඇතැමුන් හදිසි අනතුරුවලට ලක් වී අන්ධ වෙති. සමහරු ඇසේ සුද ඇතිවීමෙන් අන්ධ භාවයට පිවිසෙති. කෙසේ වුව ද අද බහුල වශයෙන් දක්නට ලැබෙන ඇසේ සුද පිළිබඳව දැනුවත් වීම වඩාත් යහපත් බව අපට හැඟී යන්නේ. ඇසේ සුද සුව නොකළොත් අන්ද වන බැවිණි. ඒ පිළිබඳව ඔබ දැනුවත් කරණුයේ ගම්පහ දිසා රෝහලේ අක්ෂි වෛද්‍ය කේ. බණ්ඩාර වෛද්‍යතුමායි.
ඇසේ සුද යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?
ඇසේ සුද යනු අක්ෂි කාචය අවර්ණවීමයි. මේ අවර්ණ වීම බොහෝ වේලාවට සුදු,හෝ දුඹුරු වර්ණයක් විය හැකිය. කුමන වර්ණයකින් හෝ අක්ෂි කාචය අවර්ණ වීම අපි හඳුන්වන්නේ Cataract යනුවෙන්. අපේ ඇසේ තිබෙන කාචයෙන් පෙනුම ලබා ගැනීමට නම් එය වීදුරුවක් සේ විනිවිද දැකිය හැකි ලෙස පිහිටා තිබිය යුතුයි. යම් කිසි අවපැහැ ගැන්වීමක් වුණොත් පෙනීම අඩුවී අවසානයේ ඇස නොපෙනී යනවා.
ඇසේ සුද ඇතිවීමේ රෝග ලක්ෂණ මොනවාද?
විශේෂයෙන් ම දුර පෙනීම දුර්වල වනවා පාරේ යද්දී ඈත පෙනීම අපැහැදිලි වනවා. මුහුණු හඳුනාගත නොහැකි වනවා. මීදුමක් වැනි දෙයක් දැම්මාක් මෙන් දැනීම තද ලයිට් එළිය ඇසට වැටුණු විට එය දරාගන්නට නොහැකි වීම, යනාදියයි. මෙය හඳුන්වන්නේ gradully loss of vision යනුවෙන්.
අපට පෙනුම ලබාදෙන්නේ අක්ෂි කාචයෙන්ද?
අක්ෂි කාචයට වඩා පෙනුම ලබාදීමට වැදගත් වන්නේ ඇසේ කුනිතය (Cornea) කළු ඉන්ග්රියාවයි. ඇසට ඇතුල් වන ආලෝක කිරණ කාචය තුළ නාභිගත වී හරියාකාරව පෙනුම ලබා ගැනීමට අක්ෂි කාචය වැදගත් වනවා. කාචයේ සුද ඇති වූ විට පෙනීම අතිශයින් ම දුර්වල වන්නට පටන් ගන්නවා. අවසානයේ දී නොපෙනෙන තත්ත්වයක් උදාවන්නට පුළුවන්.
අපේ ඇස්වල සුදු මතුවන්නේ කෙළෙස ද?
හේතු ගණනාවක් ම තිබෙනවා. වයසට යෑම, දියවැඩියාව වැනි රෝගි තත්ත්වය මත කාචයේ සුද ඇතිවීමේ ප්රවනතාවය වැඩියි, ඇසට යම් කිසි ආගන්තුක දෙයක් ඇතුල්වීම, ඇසට පහරක් වැදීම, සමහර විට බෙල්ල සහ හිස ආශ්‍රිතව ඇතිවන පිළිකාවලට ලබාදෙන රේඩියෝතෙරපි (කරන්ට් ඇල්ලීම) නිසාත් කාචයේ සුද ඇති වන්නට පුළුවන්. රෝගීන්ට ලබාදෙන යම් යම් ඖෂධ (විශේෂයෙන් ඇදුම රෝගීන්ට ලබාදෙන ප්රෙන්ඩිසිලෝන්) නමැති ඖෂධය නිසාත් කාචයේ සුදු ඇතිවන්නට පුළුවන්.
ඒ සමඟම උපතින්මත් දරුවන්ට Cataract ඇති විය හැකියි. එයට හේතුව ගර්භනී සමයේ මවට ඇතිවන යම් යම් ආසාදන නිසා. ඒ සම¼ඟම ඇසේ ඇතිවන යම් යම් රෝගාබාධ තදබල ලෙස පෙනීමේ දුර්වලතා (High Myopia)
රසායනික ද්‍රව්‍ය ඇසට ඇතුල්වීම. (ඇල්කලයින් බර්න්ස්) හුණු වර්ගයක් ඇසට ඇතුල්වීම, ගෙවල්වල ආලේප කරන, කෑමට ගන්නා හුණු, කලුලෑල්ලේ ලියන හුණු මේ ඕනෑම හුණු වර්ගයක් වන්නට පුළුවන්. අනිකුත් හේතුව ඇසේ ඇතිවන ආසාත්මිකතාවයන් (අක්ෂිගත රෝග) නිසාය.
මේ තත්ත්වයට ප්‍රතිකාර තිබෙනවාද?
ඔව්. කාචයේ සුද තිබේ නම් එය ඉවත් කොට කෘතිම කාචයක් ඇසට දැමීමෙන් මේ තත්ත්වය සහමුලින් ම සුවකළ හැකියි. මෙය ශල්‍යකර්මයකින් කළ යුතු කාර්යයක්. මෙය තිරණය කළ යුත්තේ අක්ෂි වෛද්‍යවරයකු විසින් රෝගියාගේ පෙනීමේ තත්ත්වය පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුවයි. වෛද්‍යවරයා නිර්දේශ කරනවා කෘතිම අක්ෂි කාචයක් රෝගියාට දැමිය යුතු බව. මේ කෘතිම අක්ෂිකාචය අප හඳුන්වන්නේ Intraocular lens (IOL) යනුවෙන්. Intra යනු ඇස ඇතුලේ යන අදහස Ocular යනු ඇස, Lens යනු කාචයයි.
වර්තමානයේ අක්ෂි කාච ඇස තුළට දැමීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. කෙළෙස ද මෙහි ආරම්භය?
එවකට කාචයේ සුද ඇතිවීමේ දී වෛද්‍යවරුන් සිදු කළ ප්‍රතිකාර ක්‍රමයට වඩා නවීන ප්‍රතිකාර ක්‍රම ඉතා උසස් මට්ටමේ පවතිනවා. එවකට කාචයේ සුද ඇති වූ විට එම කාචය සම්පූර්ණයෙන් ම ඇසෙන් ඉවත් කරනවා.
පසු කාලයේදී කාචයේ සුද පමණක් ඉවත් කර කොටස ඉවත් කර කෘතිම කාචයක් දැමීම සිදු කරනවා. මෙම කෘතිම කාචය දමන්නේ ස්වභාවික අක්ෂි කාචය තිබූ ආකාරයටමයි. ස්ථානයටමයි. මෙම සැත්කම ඒ යුගයේ සිදු කළේ නිර්වින්දනය කිරීමෙන් අනතුªරුවයි. ඇසේ ලොකු කැපුමක් ඇති කර තිබූ කාචය ඉවත් කර අනතුරුව මැහුම් කීපයක් දමනවා. ක්‍රමය. නමුත් දැන් තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්.
මෙම කෘතිම අක්ෂි කාචය සාදා ඇත්තේ කුමකින්ද?
දෙවැනි ලෝක මහා යුද්ධයේ දී ගුවනේ සිට බෝම්බ දමන විට පොළොවේ සිට නැවත ප්‍රතිප්‍රහාර එල්ල කළ වෙඩි උණ්ඩ ගුවන් යානයේ වීදුරු කඩාගෙන ගුවන් නියමුවන්ගේ ඇස්වලට පතිත වූවත් එයින් කිසිදු හානියක් ඔවුන්ට සිදු වී නැහැ. සාමාන්‍යයෙන් අපේ ශරීරයට යම් කිසි ආගන්තුක ද්‍රව්‍යයක් පැමිණි විට ශරීරයෙන් එයට ප්‍රතික්‍රියාවක් දක්වනවා. නමුත් ගුවන් නියමුවන්ගේ ඇස් ඇතුළට වීදුරු කැබලි ගියත් ඔවුන්ට කිසිදු විපර්යාසයක් සිදු වී නැහැ.
එයට හේතුව ගුවන් යානා වල ඇති ඒ වීදුරු සෑදූ ද්‍රව්‍ය ඇසට අහිතකර නොමැති වීමයි. ඉන්පසුව මෙම ද්‍රව්‍ය වලින් අක්ෂි කාච නිපදවන්නට අරඹා තිබෙනවා. මේ ද්‍රව්‍ය දිනෙන් දින උසස් ප්‍රමිතින් අනුව සකස් වී වර්තමානයේ අති උසස් ප්‍රමිතියෙන් යුත් අක්ෂි කාච නිපදවා තිබෙනවා. මෙය P M M A යනුවෙන් හැඳීන්වෙන කෘතිම ප්ලාස්ටික් වර්ගයක්. මෙයයි කාච ඉතිහාසය.
සුද ඉවත් කරමින් කෘතිම කාචයක් දැමීමේ ශල්‍යකර්මය සිදු කරන්නේ කිනම් ආකාරයකට ද?
අක්ෂි කාචයේ පිටතින් ඇති ස්වභාවික ආවරණය ඉවත් නොකොට ඇතුළතින් අවර්ණ, සුදු, අවපැහැති කොටස ඉවත් කොට කෘතිම කාචයක් එම ආවරණය තුලට බහාලනු ලබනවා. අනතුරුව එය නිසි ආකාරයට සකස් කරනවා. මේ සඳහා නිර්වින්දනයක් අවශ්‍ය නැහැ. වර්තමානයේ තවත් අලුත් ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් කාච නිමාවී තිබෙනවා. මේ නවීන කාච ඇස තුළට දැමීමේ දී මැහුම් දැමීමක් අවශ්‍ය වන්නේ නැහැ. හේතුව සුළු කැපීමක් සිදු කරන නිසයි.
දැන් නවීන කාච නිපදවා ඇත්තේ නැමීමට foldable හැකි ආකාරයට. ඒ නිසා ඇසේ කුනිතය කැපිය යුත්තේ ඉතා සුලු ප්‍රමාණයක්. ඒ නිසා රෝගියාට සැත්කමින් පසු නේවාසිකව ප්‍රතිකාර නොගෙන නිවෙස බලා යා හැකියි.ඒ සමගම එදිනෙදා වැඩ කටයුතු වල නිරත විය හැකි ය. මේ නවතම ක්‍රමය හඳුන්වන්නේ Phacoemulsification fragmentation යනුවෙන්. මෙහිදී භාවිතා කරන්නේ ෆ්ලෙක්සිබල් කාච පමණයි.
වර්තමානයේදී මෙම කාච තවත් දියුණු වෙමින් මල්ටිෆෝකල් සහ ඇකමඩේටිව් තත්ත්වය තෙක් කාචවල ප්‍රමිතිය උසස් මට්ටමක පවතිනවා. ෆ්ලෙක්සිබල් තත්ත්වය වඩාත් තීව්ර වෙමින් ටෝරික් සහ ඇස්පෙරික් තත්ත්වයන් යටතේ කාච සාදා තිබෙනවා. මේ කාච සාදා ඇත්තේ රෝගියාට තියුණු පෙනුමක් ලබා දීමේ අරමුණ පෙරදැරිවයි. වර්තමානයේ මැහුම් ක්‍රමය අභාවයට ගොස් ඉදිරියෙන් සිටින්නේ Phacoemulsification fragmentation ක්‍රමයයි.
මෙම සැත්කම මුලින්ම කරන ලද්දේ ඇමරිකාවේය. මෙමසැත්කම සදහා යොදන නවීන කාචවල ප්‍රමිතිය උසස් කොට තිබෙනවා. උදාහරණයක් වශයෙන් අව්වේ ගමන් කරද්දී පාරජම්බුල සහ නිල් (Blue filter) කිරණ ඇස ඇතුල්වීම වළක්වන අයුරින් සහ තදහිරු රශ්මියේ ගමන් කරද්දී ඒ හිරු කිරණ පෙරීමකට ලක් කොට (Filter) කරන ලද කාච නිපදවා තිබෙනවා. ඒ සමඟම ඇසට දමන කාචය තුළින් පෙනීම තියුණු කරදීමට (ඒ ඒ රෝගියා අනුව) මේ අනර්ඝ තත්ත්වයේ කාචවලට හැකියාව තිබෙනවා. (ඇස්පරික් ටෝරික් කාච) ආලෝක කිරණ වැඩිවූ විට කාච තුළින් පෙනීම යන්තමින් හෝ අඩුවක් ඇති වනවා. මේ තත්වයෙනුත් රෝගියා මුදවා ගැනීමට මේ කාචවලට හැකියාව තිබෙනවා.
ඇසේ සුදු ඇත්නම් පමණ ද කාචයක් ඇස තුළට Inplant කරන්නේ?
දැනට නම් වැඩි වශයෙන් සුද ඉවත් කිරීම අනතුරුවයි මෙම කාච දමන්නේ. නමුත් අනිකුත් අක්ෂි සංකූලතා ඇති රෝගීන්ටත් මෙම කාචවල පිහිට පැතීමට දැන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ වාසනාව ලැබී තිබෙනවා. High myopia රෝගීන්ට උපැස් යුවළක් පළඳින්නේ නොමැතිව විශේෂ ප්‍රතිකාරයක් ලෙස මෙම කාච ඇස තුළට Inplant කිරීමේ ක්‍රමය ආරම්භ කර තිබෙනවා. ඇසේ සුද Cataract නොමැතිව ඇසේ දෘෂ්ටියේ ආබාධයක් නිසා දමනු ලබන කාච ක්‍රමය හඳුන්වන්නේ Inplantation of phakic IOL ලෙසයි. phakic උපකරණ පවා අන්තර්ජාල පහසුකම් ඇතිව අද හඳුන්වා දී තිබෙනවා.
උදාහරණ වශයෙන් ස්ටෙලාරිස් මැෂිම හුවා දක්වන්න පුළුවන්. මේ ක්‍රමය අනුව තමා පළඳින උපැස් යුවළ වෙනුවට එම දෘෂ්ඨීකත්වයට සරිලන කාචයක් ඇසට දැමිය හැකියි. මෙම කාචය දැමිය යුත්තේ තමාගේ ස්වභාවික කාචයට මතුපිටින්. මෙම රෝගින් පිරිස ගැනෙන්නේ (High Myopic) කාණ්ඩයටයි. High Myopic රෝගීන් මේ නිසා හොඳ පෙනීමක් ලබන්නට පුලුවන්. 1992 දී තමයි High Myopic කාණ්ඩයේ කාච දැමීම සිදු කර ඇත්තේ ඒ රුසියාවේදීයි. දැන් ලංකාවෙත් එය කරගෙන යනවා.
විශේෂයෙන් ඇසේ සුද ඉවත් කිරීමෙන් අනතුරුව කාචය පළඳන්නේ ළඟ බැලීමට ද දුර බැලීමට ද?
බොහෝ විට සුද ඉවත් කිරීමෙන් පසුව දුර බැලීමට හැකියාව ලැබෙනවා. නමුත් ළ¼ඟ බැලීමේ අපහසුතාවය මඟ හැර ගැනීමටයි උපැස් යුවළක් පාවිච්චි කළ යුතු වන්නේ. ඇසට සැත්කම කළ පසු වෛද්‍යවරයා විසින් දෘෂ්ඨියේ ළග සහ දුර මැනිමෙන් අනතුරුව සුදුසු කාචය ලබා දෙනවා.
ඇසේ සුද ඉවත් කර කාචයක් දැමීමෙන් පසු නැවතත් සුද ඒමට පුළුවන් ද?
ඇසේ සුද ඉවත් කළ පසු සමස්තයක් ලෙස ඇසේ සුද මතුවන්නේ නැහැ. නමුත් සමහරුන්ට මාස 6 – 7 යද්දි පෙනුම අඩුවන්නට පුලුවන්. මෙය හඳුන්වන්නේ after Cataract යනුවෙන්. කාචය දැමිමෙන් පසු කාචය පිටුපසද සෛලයම සිවියක් බැඳෙන්නට පුලුවන් ස්ථරයක් වර්ධනය වන්නට පුලුවන්. මෙම සෛල ස්ථරය ආලෝක කිරණ මාර්ගය අවහිර කරනවා. මෙයටත් ප්‍රතිකාර තිබෙනවා. ලේසර් කිරණ මගින් සෛල ස්ථිරය පුලුස්සා දැමිය හැකියි. එවිට නැවත සුපුරුදු පෙනුම ලබාගත හැකියි.
ඇසේ සුද Cataract ශල්‍යකර්මයකින් ඉවත් කරන්න නැතිනම් අන්ධ වේව්

දීප්ති ෆොන්සේකා
දෑසේ ඇති වටිනාකමත්, ඇස් කණ්ණාඩි තෝරාගැනීම පිළිබඳවත් පසුගිය සතියේ අප කතා කළා. ඇසට ඇතිවන විවිධ ආබාධ පිළිබඳව අද අපි වැඩිදුරටත් කතාකරමු.
අපගේ ඇසට යමක් වැටුණොත් හෝ කිසිවක් ඇනුනොත් ඇසට සිදුවන්නේ විශාල හානියක්. මෙවැනි අවස්ථාවකදී කරනු ලබන ප්‍රතිකාර ඉතාම වැදගත්.
ඇතැම් විට එවැනි අවස්ථාවකදී අප ගන්නා කි‍්‍රයාමාර්ග මත අනතුරට ලක්වූ පුද්ගලයාගේ ඉදිරි ජීවිත කාලය තුළ ඇස් පෙනීමේ හැකියාව රඳ්‍ර පැවතිය හැකියි.
ඇසට කිසියම් තුවාලයක් වූ විට කිසිවිටෙකත් එම ඇස බලෙන් විවරකර කිසිවක් නොකල යුතුයි. එහිදී කළ යුත්තේ පිරිසුදු රෙදිකඩකින් ඇස වසා වහා අක්ෂි සායනයකට හෝ වෛද්‍යවරයකු හමුවට යාමයි.
කිසියම් විෂ ද්‍රව්‍යයක් ඇසට වැටුණු විට (හුණු, ඇසිඩ්, රසායන ද්‍රව්‍ය, Detergent, Bleaching powder) හැකි ඉක්මනින් පිරිසුදු ගලායන ජලයෙන් ඇස සේදිය යුතුයි.
ඇස හොඳින් විවරකර විනාඩි 10ක් පමණ ජලයෙන් සෝදාහැරීම වැදගත්. මෙහිදී ජල කරාමයක් සෙමෙන් ජලය ගලායන පරිදි විවරකර ඇස සේදිය හැකියි.
මෙහිදී එක් ඇසක ඇති විෂ ද්‍රව්‍ය අනෙක් ඇසට නොයාමට වග බලා ගැනීම වැදගත්. එම ප්රථමාධාරයෙන් පසුව හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි.
ඔබටත් කල්පවතින හිසරදයක් ඇත්නම්, ඒ පිළිබඳව සැලකිළිමත්වීම වැදගත්. බොහෝ ප්‍රතිකාර කළද එම හිසරදය සුව නොවේ නම් එය ඔබේ දෑසේ කිසියම් ආබාධයක් නිසා ඇතිවන හිසරදයක් විය හැකියි.
එවිට ඇස් පරීක්ෂා කිරීම අත්‍යාවශ්‍යයි. ඇතැම් නිවෙස්වල පියාගේ කණ්නාඩිය මවත් පළඳිනවා ඔබ දැක ඇති.
ලෙහෙසියට පහසුවට කළද මෙය ඉතාම නරක පුරුද්දක්. කිසියම් පුද්ගලයින් දෙදෙනෙක් එකම වයසේ වුවත් ඔවුන් දෙදෙනාට ඇත්තේ එකම ආකාරයේ ඇස් නොවේ.
යම් අයකුගේ ඇස් කණ්නාඩියක් තවත් අයකු පැළඳීමෙන් සිදුවන්නේ එම පුද්ගලයාගේ ඇස් තවත් දුර්වල වීමයි.
වර්තමානයේදී බොහෝ දෙනකුට ඇතිවන අක්ෂි ආබාධයන් වන්නේ ඇසේ ඇතිවන පීඩනය වැඩිවීමේ තත්ත්වයයි.
glaucoma ලෙස හඳුන්වන්නේ මෙයයි. පසුගිය සතියේ අප මේ පිළිබඳව කෙටියෙන් සඳහන් කළා ඔබට මතක ඇති.
glaucoma සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි වුවත් එම තත්ත්වය පැතිරීම වැළැක්විය හැකියි; පාලනය කළ හැකියි.
ඇස තුළ පීඩනය වැඩිවීම නිසා ඇසේ දෘෂ්ටි ස්නායුව විනාශ වීමට පටන් ගන්නවා. එය සිදුවන්නේ ඉතා සෙමෙන්.
ඒ නිසා එය රෝගියාට අවබෝධ වන්නේ නෑ. දෘෂ්ටික ස්නායුවෙන් සියයට අසූවක් (80%) පමණ විනාශ වූ පසුවයි රෝගියාට මෙය තේරුම් යන්නේ.
එම තත්ත්වයට පත්වූ පසුව ප්‍රතිකාර කළද එයින් ප්‍රයෝජනයක් අත්වන්නේ නෑ. ඒ නිසා glaucoma තත්ත්වය කල්තියා හඳුනාගත යුතුයි.
ඒ නිසයි වයස අවුරුදු 40දී සුදුසු අක්ෂි වෛද්‍යවරයකු හමුවී ඇස් පරීක්ෂා කරවාගත යුත්තේ කිසියම් පවුලක එක් අයකුට glaucoma රෝගී තත්ත්වය ඇත්නම් එම පවුලේ අනෙකුත් සාමාජිකයින් ඇස් පරීක්ෂා කරවා ගැනීම ඉතා වැදගත්.
ඒ; මෙම රෝගී තත්ත්වය පරම්පරාවෙන් පරම්පරාවට යා හැකි රෝගී තත්ත්වයක් නිසයි. වර්තමානයේ දී මෙම glaucoma තත්ත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.
ඒ නිසා පවුලේ අයකුට මෙම රෝගය නැති වුවත් ඇස් පරීක්ෂා කරවා ගැනීම ඉතාම ප්‍රයෝජනවත්.
එසේම glaucoma රෝගයෙන් පෙළෙන අයකුගේ ශරීරයේ රුධිර පීඩනය වැඩිනම්, කොලොස්ටරෝල් ප්‍රමාණය වැඩි නම්, ඔහු දියවැඩියාවෙන් පෙළෙයි නම්, ඔහුගේ දෘෂ්ටික ස්නායුව දුර්වලවීමේ වේගය වැඩි බවද පර්යේෂණ මඟින් ඔප්පු වී තිබෙනවා.
ඔබ දන්නවාද මැදි වයසේ සිටින පුද්ගලයින්ගේ ඇස් පෙනීම දුර්වල වීම වැඩිවීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇති හේතුව.
ඒ දියවැඩියාව. ඔබට දියවැඩියා රෝගය වැළඳී නැතිනම් එයින් මිදී සිටීමට අදම පියවර ගන්න. ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙයි නම් එය පාලනය කරගැනීමට අදම පියවර ගන්න.
දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ගේ දෑස්වල Diabetic nephropathy නම් රෝගී තත්ත්වයක් ඇතිවෙනවා.
මෙහිදී සිදුවන්නේ ඇසේ දෘෂ්ටි විතානයේ සියුම් රුධිර නාලවලින් රුධිරය වහනය වීමයි. එයට නිවැරැදි ලෙස ප්‍රතිකාර කළේ නැතිනම්, එකවරම පෙනීම නැතිවී යා හැකියි.
මෙය වළක්වා ගත හැකි දෙයක් ඒ සඳහා කළ යුතු වන්නේ දියවැඩියා රෝගයෙන් පෙළෙන සෑම අයෙක්ම වසරකට වරක්වත් ඇස් පරීක්ෂා කරගැනීමයි. මෙම රෝග තත්ත්වය සරල ලේසර් ප්‍රතිකාර මඟින් මඟහරවා ගත හැකියි.
වර්තන දෝෂයන් නිසා ඇතිවන දුරපෙනීමේ දුර්වලතාවයෙන් පීඩා විඳීමට දැන් අවශ්‍ය වන්නේ් නෑ. ඒ සඳහා ඉතා නවීන ප්‍රතිකාර ක්‍රම දැන් ශ්‍රී ලංකාවේ තිබෙනවා.
එය හඳුන්වන්නේ ‘ලැසික්ස්’ ප්‍රතිකාර ක්‍රමය නමින්. මෙහිදී ප්‍රතිකාර කෙරෙන්නේ ලේසර් කිරණ ආධාරයෙන්.
දුරපෙනීමේ දුර්වලතාවයෙන් පෙලුණු පුද්ගලයින්ට මෙතෙක් තිබුණු එකම ප්‍රතිකාර ක්‍රමය වූයේ කණ්ණාඩියක් හෝ සිවි කාචයක් පැළඳීමයි.
ඒත් දැන් ඒවා අවශ්‍ය වන්නේ නෑ. එක් වරක් මෙම ප්‍රතිකාරය කිරීමෙන් ජීවිත කාලය පුරාම දුර නොපෙනීමේ දුර්වලතාවයෙන් මිදිය හැකියි.
මෙය ඉතා සුළු වේලාවකින් කළ හැකි ප්‍රතිකාර ක්‍රමයක්. මෙහිදී කෙරෙන්නේ ඇසේ කළු ඉංගිරියාවේ වක්‍රතාවය වෙනස් කිරීමක් සහ අක්ෂි ගෝලයේ දිග වෙනස් කිරීමක්.
නිර්වින්දනය කිරීමක් මෙහිදී සිදුවන්නේ නෑ. රෝහල් ගතවීමක් අවශ්‍ය වන්නේත් නෑ.
දුර පෙනීම අඩු රෝගීන්හට ලේ්සර් ප්‍රතිකාර ක්‍රමයෙන් සුවයක් ලබාගත හැකි වුවත් ළඟ නොපෙනීමේ රෝගී තත්ත්වයෙන් මිදීමට නිවැරදි ප්‍රතිකාර ක්‍රමයක් තවම සොයාගෙන නෑ.
කණ්ණාඩි වෙනුවට සිවිකාච පැළඳීමට අද බොහෝ දෙනෙක් යොමු වී සිටිනවා. එය ඉතා පහසු වුවත් සිවිකාච පැළඳීමේදී සැළකිලිමත් විය යුතු කරුණු කීපයක්ම තිබෙනවා.
අප අවට පරිසරය දුමෙන් සහ දූවිල්ලෙන් වැසී පවතිනවා. එය සිවි කාචයට තදින්ම බලපානවා. එමඟින් අසාත්මිකතාවයක් හෝ ආසාදනයක් ඇති විය හැකියි. එසේම දීර්ඝ කාලයක් සිවිකාච පැළඳ සිටීම නිසා එම සිවි කාච ශරීරයෙන් ප්‍රතික්ෂේප වෙනවා.
(Foring body reactions) එසේ වූ විට අධික ලෙස කඳුළු ගැලීමට පටන් ගන්නවා.
කිසියම් ආසාදන තත්ත්වයක් ඇති වුවහොත් ඇස සම්පූර්ණයෙන්ම දුර්වල විය හැකියි. සිවිකාච පළඳින්නන් ඉතා පිරිසුදුව එය පැළඳීම සහ භාවිතය ඉතාම වැදගත්. මෙහිදී වඩාත්ම සුදුසු වන්නේ සිවිකාචවලින් මිදී උපැස් යුවලක් පැළඳීමයි.
ඇස් සම්බන්ධව කතා කරන විට කතා කළ යුතුම කරුණක් වන්නේ ‘ඇස් ලෙඩ’ නම් රෝගී තත්ත්වයයි. ඇස් ලෙඩ ඇතිවීමට හේතුවන්නේ වෛරසයක්.
මීට කලකට පෙර මෙම ඇස් ලෙඩ කිසියම් කාලසීමාවකදී ඇති වුවත් වර්තමානයේදී වසර පුරාම ඇස් රෝගීන් දැකගත හැකියි.
වෛරස් රෝග සඳහා ප්‍රතිකාර ඇත්තේ නෑ. මෙහිදී ප්‍රතිකාර කරන්නේ වෛරස් ආසාදනය නිසා ඇතිවන අතුරු ආබාධයන් වැළැක්වීම සඳහායි.
වඩාත් සුදුසු වන්නේ මෙම රෝගයෙන් වැළකී සිටීමයි. රෝගී අයකුගේ කඳුළු නිරෝගී අයකුගේ දෑස්වල කිසියම් හෝ ක්‍රමයකින් තැවරුණු විට මෙම රෝගය බෝවෙනවා.
වැළකී සිටීමට ඇති හොඳම ක්‍රමය වන්නේ දෑත් නොසෝදා දෑස් ඇල්ලීමෙන් වැළකී සිටීමයි. ඇස් පිස දැමීමට ලේන්සුවක් භාවිතා කිරීමත් නුසුදුසුයි.
ලේන්සුවක් කීපවරක් අත ගාන නිසා විෂබීජ පැතිරීමේ හැකියාව වැඩියි. වඩාත් සුදුසුවන්නේ ‘ටිෂූ’ කැබැල්ලකින් දෑස් පිස දමා කිසිවකුටත් අතනොගැසන සේ එය විනාශ කිරීමයි.
දින 3ක් ගතවූ පසුවත් ‘ඇස් ලෙඩ’ සුවවූයේ නැත්නම් වෛද්‍යවරයකු වෙත යා යුතුයි. ඇස් කිසියම් ආසාදනයකට ලක්වූ විට සමන්පිච්ච වතුර, තැඹිලි වතුර, තනකිරි ආදිය දැමීමටත් දෙළුම් කොළවලින් ඇස් සේදීමටත් ඇතැමුන් පුරුදු වී සිටිනවා.
එමඟින් ආසාදනය තවත් වැඩිවිය හැකියි. ’වපරය’ තවත් එක් අක්ෂි ආබාධයක්.
මෙය හඳුනාගෙන වයස අවුරුදු 5ට පෙර ප්‍රතිකාර කළහොත් එයින් මිදිය හැකියි. එසේ නොවුනහොත් වපරය සහිත ඇසේ පෙනීම දුර්වල විය හැකියි.
ඇස්වලට ඖෂධ දැමීම බොහෝ දෙනෙක් නිවැරැදිව කරන්නේ් නෑ. ඇස්වලට දැමිය යුත්තේ ඖෂධ එක් බිංදුවක් පමණයි.
ඒ ඇසේ රඳ්රපවතින්නේ එක් බිංදුවක ප්ර්රමාණය පමණක් නිසා වැඩියෙන් දමන ඖෂධ අපතේ යනවා.
ඇස්වලට දමන දියර ඖෂධ බොහෝ විට එන්නේ ප්ලාස්ටික් බඳුන්වල. මූඩිය විවර කළ පසුව එම බඳුනේ මුදුන කිසියම් තැනක නොගෑවෙන සේ තැබිය යුතුයි.
ඇසට ඖෂධ දමන විට පළමුව රෝගියාව පුටුවක හිඳගැනීමට සැලැස්විය යුතුයි. ඉන්පසුව රෝගියාගේ නිකට උස්සා ඉහළ බැලීමට උපදෙස් දිය යුතුයි.
ඉන්පසුව ඇසේ යටි පිහාටුව මැදින් දබර ඇඟිල්ල තබා ඇහි පිහාටුව පහළට ඇදිය යුතුයි. එවිට ඇසේ පහළ කොටසේ කානුවක් සේ කොටසක් විවර වනු ඇති.
ඖෂධ බිංදුව දැමිය යුත්තේ එතැනටයි. ඇසට ඖෂධ දැමූ පසුව රෝගියා නිසොල්මන්ව විනාඩි 2ක් පමණ එම ඉරියව්වේම තැබීම වැදගත්. ඇසේ කබ වලට හෝ අනෙක් කෙළවරට ඖෂධ යෙදීම නිවැරැදි ක්‍රමය නොවේ.
දුර නොපෙනීමේ දෝෂයට දැන් කණ්ණාඩි ඕනෑ නැහැ
දෑසේ ඇති වටිනාකමත්, ඇස් කණ්ණාඩි තෝරාගැනීම පිළිබඳවත් පසුගිය සතියේ අප කතා කළා. ඇසට ඇතිවන විවිධ ආබාධ පිළිබඳව අද අපි වැඩිදුරටත් කතාකරමු.
අපගේ ඇසට යමක් වැටුණොත් හෝ කිසිවක් ඇනුනොත් ඇසට සිදුවන්නේ විශාල හානියක්. මෙවැනි අවස්ථාවකදී කරනු ලබන ප්‍රතිකාර ඉතාම වැදගත්.
ඇතැම් විට එවැනි අවස්ථාවකදී අප ගන්නා කි‍්‍රයාමාර්ග මත අනතුරට ලක්වූ පුද්ගලයාගේ ඉදිරි ජීවිත කාලය තුළ ඇස් පෙනීමේ හැකියාව රඳ්‍ර පැවතිය හැකියි.
![]() අක්ෂි වෛද්‍ය විශේෂඥ එච්. පළිහක්කාර |

නො දැනී ම දෑස් අන්ධ කරවන ග්ලුකෝමාව
ඇස් රෝග ගණනාවක් අතරින් ග්ලුකෝමාව තවත් එක් ඇස් රෝගයකි. එහෙත් බොහෝ දෙනකුට නො දැනෙන පරිදි ඇසේ දුර්වලතාවක් හටගෙන ක්‍රමයෙන් නො පෙනී ගොස් අවසානයේ දී සම්පූර්ණයෙන් ම දෑස නො පෙනීමට ග්ලුකෝමාව නම් රෝගී තත්ත්වය හේතු වෙයි. ලෝක තත්ත්වය පිළිබඳව විමසුව ද ශ්‍රී ලංකාවේ තත්ත්වය විමසුව ද දෑස් අන්ධ වීමට හේතු වන රෝග අතරින් ප්‍රධාන රෝගයක් ලෙසට ග්ලුකෝමාව පත් වී ඇති බැව් පැහැදිලි වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පෙන්වා දෙන දත්තවලට අනුව ය.
මෙවැනි අක්ෂි රෝගවලින් දෑස ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය බැවින් සෞඛ්‍ය අමාත්‍යංශයේ විෂන් 2020 වැඩසටහනේ සම්බන්ධීකරණ ලේකම් වෛද්‍ය අසේල අබේධීර සමග ග්ලුකෝමාව පිළිබඳව කරන ලද සාකච්ඡාවකින් මේ ලිපිය සැකසෙයි.
ග්ලුකෝමාව යනු කුමක් ද?
අප දන්නවා මිනිස් ඇස, තරලයකින් පිරුණු ගෝලයක් බව. මේ තරලය නැත්නම් දියරය අක්ෂි ගෝලය තුළ පවතින්නේ නියත පීඩනයක් යටතේයි. මේ දියරය ඇස වටා ගමන් කරන අතරේ ටිකෙන් ටික පිටතට ගලා යැමත් සිදු වනවා. ඒ ගලා යන ප්‍රමාණය අනුව දියරය අලුතෙන් නිපදවීමත් සිදු කෙරෙනවා. කිසියම් විදියකින් දියරය පිටතට ගලා ඒමේ යාන්ත්‍රණයේ අවහිරතාවක් හේතුවෙන් පිටතට ගලා යැම නතර වුවොත් ඇස තුළ දියරය එකතු වීම නිසා පීඩනය වැඩි වී දෘෂ්ටික ස්නායුවට ටිකෙන් ටික හෝ ආබාධ සිදු විය හැකි තත්ත්වයක් උදා වනවා. මේ නිසා දෘෂ්ටික ස්නායුවේ ක්‍රියාවලිය ක්‍රමයෙන් දුර්වල වනවා. කෙටියෙන් හඳුන්වනවා නම් ඇසේ පීඩනය වැඩි වීම නිසා දෘෂ්ටික ස්නායුවට හානි සිදු වී ඇසේ පෙනීම අඩු වීම ග්ලුකෝමාව කියලයි හඳුන්වන්නේ.
ඇසේ පෙනීම අඩු වීම සාමාන්‍යයෙන් දැනෙන දෙයක් ද?
නෑ. පෙනීමේ අඩු වීම සාමාන්‍යයෙන් දැනෙන දෙයක් නෙවෙයි. පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ. ටිකෙන් ටික දෘෂ්ටික ස්නායුවට හානි සිදු වුවත් පෙනීම හොඳට ම දුර්වල වෙනකම් දැනෙන්නේ නෑ. පෙනීමේ අඩුවක් නො වුණත් කාලයක් මේ රෝගය තිබෙන්න පුළුවන්. පෙනීම අඩු බව දැනෙන්නේ අවුරුදු ගණනක් ගියාට පසුවයි.
ග්ලුකෝමාව වැළඳීමට වයස් සීමාවක් තිබෙනවා ද?
ග්ලුකෝමාව වැළඳෙන්නේ අවුරුදු 40ට වැඩි අයටයි. මෙයින් අවුරුදු 40ට වැඩි සියලු දෙනාට ම ග්ලුකෝමාව වැළඳෙනවා කියන එක අදහස් කරන්නේ නෑ. පවුලේ කාට හෝ ග්ලුකෝමාව වැළඳී තිබුණොත්, දියවැඩියාව තිබෙනවා නම් සහ පෙර සිදු වූ තුවාලයක් නිසාත් ග්ලුකෝමාව වැළඳෙන්න ඉඩ තිබෙනවා. වයස අවුරුදු 60ට වැඩි අයට ග්ලුකෝමාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවා.
අවිදුර දෘෂ්ටිකත්වය නැත්නම් ළඟ පෙනුණත් දුර නො පෙනීම තිබෙන අයට ග්ලුකෝමාව වැළඳීමේ වැඩි ඉඩකඩක් තිබිය හැකි ද?
අවිදුර දෘෂ්ටිකත්වය තිබෙන අය ඝනකම් වීදුරුවක් සහිත කණ්ණාඩි පැළඳීම සිදු කරනවා. මේ අය අතර ග්ලුකෝමාව තිබෙන අය ඉන්න පුළුවන්. ඝනකම් වීදුරු පළඳින නිසා ග්ලුකෝමාව ඇති වෙනවා කියන එක වත්, ඝනකම් වීදුරු පළඳින සියලු දෙනා ග්ලුකෝමාව වැළඳුණු අය කියාත් වර්ග කෙරෙන්නේ නෑ. අවිදුර දෘෂ්ටිකත්වය තිබෙන අයට ග්ලුකෝමාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවා කියන එකයි මෙහි දී අදහස් කෙරෙන්නේ.
ග්ලුකෝමාව හඳුනා ගන්නේ කෙසේ ද?
වෛද්‍යවරුන් හැටියට අපි කියන්නේ අවුරුදු 40ට වැඩි සියලු දෙනා ම මේ රෝගයට ගොදුරු වීමට අවදානමක් ඇති බැවින් ඇස් පරීක්ෂා කරවා ගැනීමට අත්‍යවශ්‍ය බවයි. හතළිස් ඇඳිරිය නිසා ඇස් පෙනීමේ දුර්වලතාවක් ඇති වෙනවා. වයස අවුරුදු 38, 39, 40 වයස් කාණ්ඩවල ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ම හතළිස් ඇඳිරියට ලක් වෙන්න ඉඩ තිබෙනවා. මෙහි දී සිදු වන්නේ ළඟ පෙනීම දුර්වල වීම. මේ අය බොහෝ විට කරන්නේ කණ්ණාඩි සාප්පුවකට ගොස් ඇස් පෙනීම පරීක්ෂා කරවාගෙන ඒ දුර්වලතාව මඟහරින්න උපැස් යුවලක් මිල දී ගැනීමයි. නැත්නම් කියවීම පහසු කරවන උපැස් යුවලක් මිල දී ගැනීමයි. මෙහි දී අප ඇස් පූර්ණ පරික්ෂාවකට ලක් කරන්නේ නෑ. ඒ නිසා ඇස් පෙනීමේ දුර්වලතාවට හේතුව සොයා ගන්න ලැබෙන්නේ නෑ.
එසේ නම් කළ යුත්තේ කුමක් ද?
වයස අවුරුදු 38, 39, 40 වැනි වයස් සීමාවේ දී ඇසේ ළඟ පෙනීමේ දුර්වලතාවක් හෙවත් හතළිස් ඇඳිරිය ඇති වුවොත් රජයේ රෝහලකට පැමිණ ඇස් පරීක්ෂා කරවා ගැනීමයි. රජයේ රෝහලක සිට විශේෂඥ අක්ෂි වෛද්‍යවරයා මැනැවින් ඇස් පරීක්ෂාවට ලක් කරනවා. මෙහි දී ග්ලුකෝමාව සඳහා ඇස් පරීක්ෂා කරනවා වගේ ම දියවැඩියාව නිසා ඇස් පෙනීම දුර්වල වෙලා ද කියාත් පරීක්ෂා කරනවා. ඇසේ දෘෂ්ටි විතානයට සිදු වූ හානියක් නිසා ඇස් පෙනීම දුර්වල වෙලා ද, ඇසේ සුද ඇති වෙලා ද, ඇති වෙමින් පවතිනවා ද යන්න පරීක්ෂා කරනවා වගේම වෙනත් කවර හෝ රෝගයක් නිසා ඇසේ පෙනීමේ දුර්වලතාවක් ඇති වෙලා ද කියලත් පරීක්ෂා කරනවා. මේ ආකාරයට අක්ෂි රෝග ගැන පරීක්ෂාවට ලක් කරලයි උපැස් යුවලක් ගැනීමට අවසර දෙන්නේ. මේ අවස්ථාවේ දී ඇසේ රෝගී තත්ත්වයක් හඳුනා ගන්න ලැබුණොත් මුලින් ම කරන්නේ ඒ රෝගය සඳහා ප්‍රතිකාර කිරීමයි. මේ තමයි සියලු ම අක්ෂි රෝග හඳුනා ගැනීමට තිබෙන හොඳ ම අවස්ථාව. මෙහි දී ග්ලුකෝමාව තිබෙන බව හෙළි වුණොත් ඊට අවශ්‍ය ප්‍රතිකාර අනිවාර්යයෙන් ම ලබා දෙනවා. පෞද්ගලික ආයතනයකින් නැත්නම් ඇස් කණ්ණාඩි සපයන දෂ්ටි විශේෂඥයකු ගෙන් ඇස් පරීක්ෂා කරවා ගැනීමේ දී රෝග පිළිබඳ පරික්ෂාවක් නො කෙරෙන නිසා ග්ලුකෝමා වැනි තත්ත්වයක් හඳුනා ගන්න ලැබෙන්නේ නෑ. එය ඇසේ පෙනීම තවත් දුර්වල වීමට හේතුවක්.
වෛද්‍යවරයකු ග්ලුකෝමාව සඳහා ඇස් පරීක්ෂා කිරීමේ දී භාවිත කරන ක්‍රමවේද මොනවා ද?
ඖෂධීය දියරයක් ඇසට දමා ඇසේ බබා විශාල කිරීමෙන් ග්ලුකෝමාව හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. ග්ලුකෝමාව ඇතැයි යන්න මෙයින් තහවුරු වුවොත් තවදුරටත් පරීක්ෂා කරල සත්‍ය වශයෙන් ම හඳුනා ගන්න හැකියාව තිබෙනවා. ඒ කියන්නේ ඇසේ පීඩනය මනින උපකරණය මඟින් වඩාත් හොඳින් ඒ බව තහවුරු කරගන්න පුළුවන්.
මොකක් ද මේ ඇසේ පීඩනය? සාමාන්‍ය රුධිර පීඩනය මේ සඳහා බලපානවා ද?
බොහෝ දෙනා සිතන දෙයක් තමයි අධිරුධිර පීඩනය ඇසේ පීඩනයට බලපෑමක් ඇති කරනව කියල. නෑ එහෙම දෙයක් වෙන්නේ නෑ. ඇසේ පීඩනය කලින් පැහැදිලි කළා වගේ ඇති වන දෙයක්. අධික රුධිර පීඩනය වෙනත් දෙයක්. මේ දෙකේ සම්බන්ධයක් නෑ. නිරෝගී ඇසක පීඩනය රසදිය මිලි මීටර් 20ක් විය යුතුයි. ඊට වඩා වැඩි විය යුතු නෑ. ඇසේ පීඩනය රසදිය මිලි මීටර් 20ට වඩා වැඩි නම් ග්ලුකෝමාව ඇති බවට සැක කරනවා. තවත් පරීක්ෂණ ගණනාවකට යොමු කරල තහවුරු කර ගන්නවා.
ප්‍රතිකාර කාලයක් තිස්සේ සිදු කළ යුතු ද?
වෛද්‍යවරයකු ග්ලුකෝමාව ඇති බව නිර්දේශ කළොත් වෛද්‍ය උපදෙස් අනුව ජීවිත කාලය පුරා ම නිවැරැදිව නිසි කාල සීමාව ම ප්‍රතිකාර ලබා දිය යුතුයි. මේ ප්‍රතිකාර අතරමඟ දී නවතා දැමුවොත් හෝ නිසි පරිදි නො කළොත් ග්ලුකෝමා තත්ත්වය උත්සන්න වී ඇස් අන්ධ විය හැකියි. මේ ප්‍රතිකාර රජයේ රෝහලක තිබෙන අක්ෂි වෛද්‍ය ඒකකය මඟින් නොමිලේ ලබා දෙනවා.
ප්රතිකාරවලින් සිදු කරන්නේ කුමක් ද?
ග්ලුකෝමාව හඳුනා ගන්නා විට තිබුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීමයි ප්රතිකාරවලින් කෙරෙන්නේ. ඒ කියන්නේ නැති වී ගිය පෙනීම නැවත ලබා දෙන්න බැරි වුණත් තවදුරටත් අන්ධ වීම වළක්වන්න ප්රතිකාරවලින් පුළුවන්. සමහර අවස්ථාවල දී ශල්‍යකර්ම කරලත් පෙනීම ආරක්ෂා කර දෙනවා.
පෙනීම අඩු වන ආකාරය පැහැදිලි කරන්න පුළුවන් ද?
අපි යමක් දෙස කෙළින් බලන විට ඉදිරිය පෙනෙනවා වගේ ම දෙපසත් පේනවා. මෙය නිරෝගී ඇසක ස්වභාවයක්. යම් අයකු ඉදිරිය බලන විට දෙපස නො පෙනේ නම් එය ඇසේ දුර්වලතාවක්. මෝටර් රථයක් පදවන රියෑදුරකුට ඉදිරිය හොඳින් පෙනෙනවා වගේම දෙපසත් හොඳින් පෙනීම තිබිය යුතුයි. කිසියම් රියෑදුරකුට දෙපසින් එන වානහ නො පෙනේ නම් හා ඒ දුර්වලතාවේ වර්ධනයක් සිදු වන්නේ නම් එය ග්ලුකෝමා තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ආකාරයට කෙනකු ගේ ඇසට දෙපස නො පෙනී ඉදිරිය පමණක් පෙනීම හා මෙය ක්‍රමයෙන් වර්ධනය වී ඉදිරියේ ඇති දේ පමණක් පෙනීම ග්ලුකෝමා තත්ත්වයක්. මේ තත්ත්වය වඩාත් වර්ධනය වීම නිසා ඉදිරියේ ඇති දේ පමණක් පෙනීම හඳුන්වන්නේ Tunnel Vision කියලයි. එසේ හඳුන්වන්නේ බිංගෙයක් තුළින් බලන කොට ඉදිරිය දකින ආකාරයට පෙනෙන නිසයි. මේ වන විට ඇසේ පෙනීම බොහෝ දුරට දුර්වල වී අවසන්. එය තවදුරටත් වර්ධනය වී ඇස් නො පෙනී යනවා. ඒ කියන්නේ ග්ලුකෝමාව නිසා අන්ධ වෙනවා.
ග්ලුකෝමාවේ ලෝක තත්ත්වය හා ශ්‍රී ලංකාවේ තත්ත්වය කුමක් ද?
ලෝක ජනගහනය මිලියන 6000ක් පමණ වනවා. මේ ජනගහණයෙන් මිලියන 45ක් විවිධ හේතු නිසා අන්ධ වූ අයයි. මේ මිලියන 45ක අන්ධ ජනතාව ගෙන් සියයට 10ක් හෙවත් මිලියන 4.5ක් ග්ලුකොමාව නිසා අන්ධ වූ අයයි. ශ්‍රී ලංකාවේ තත්ත්වය විමසීමේ දී ජනගහණයෙන් 150000ක් පමණ දෙනා විවිධ හේතු නිසා අන්ධ වී සිටිනවා. මෙයින් සියයට 10කට වඩා ඒ කියන්නේ 15000ත් 20000ත් අතර ප්‍රමාණයක් අන්ධ වී සිටින්නේ ග්ලුකෝමාව නිසයි. මෙයට අමතරව ග්ලුකෝමාව වැළඳුණු බව නො දන්නා අයත් දහස් ගණනක් ඉන්නවා.
අපි දන්නා පරිදි ග්ලුකෝමාව ටිකෙන් ටික ඇසට නො දැනී වැළඳෙන රෝගයක්. මේක හදිසියේත් වැළඳීමට හැකියාව තිබෙනවා ද?
ග්ලුකෝමාව හදිසියේ වැළඳීම ඉතා ම කලාතුරකින් සිදු වන්න ඉඩ තිබෙනවා. මේ තත්ත්වය Aජමඑe ඨක්මජදපැ කියලයි හඳුන්වන්නේ. මේ තත්ත්වය ඇති වුණොත් ඇසේ ඉතා ම අධික වේදනාවක් හටගන්නවා. ඇස් රතු වීම, හිසේ තදබල වේදනාව, වමනය දැමීම වැනි රෝග ලක්ෂණ මතු වෙනවා. මේ ක්ෂණික ග්ලුකෝමා තත්ත්වය ග්ලුකෝමා රෝගීන් දහස් ගණනකින් එක් අයකුට ඉතා ම කලාතුරකින් ඇති විය හැකියි. මෙවන් අවස්ථාවක දී අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යයි. වෙනත් රෝගයක් කියා විවිධ ප්‍රතිකාර කිරීම රෝගය උත්සන්න වීමට හේතුවක් වෙයි.
මෙසේ සිදු වීමට හේතුවක් තිබෙනවා ද?
ඇසේ දියරය පිටතට ගැලීම හදිසියේ නැවතීම ප්‍රධාන හේතුවක්. ඇසට විෂබීජයක් යැමෙන් හෝ තුවාලයක් වීමෙන් හෝ දියරය පිටතට ගැලීම හදිසියේ නැවතිය හැකියි. මේ නිසා ඇසේ පීඩනය සැණින් වැඩි වීම සිදු වන නිසා ඉහත කී රෝග ලක්ෂණ සැණින් මතු වෙනවා.
ළමයින්ට ග්ලුකෝමාව ඇති වෙනව ද?
නෑ. ළමයින්ට ග්ලුකෝමාව ඇති වෙන්නේ නෑ. ඒ ගැන බිය විය යුතු නෑ. ඇසට තුවාල වීමෙන් පරෙස්සම් කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ.
හැබැයි ළමයින්ට වැළඳෙන විශේෂ ග්ලුකෝමා රෝගයක් වෙන ම තිබෙනවා. මේක උපතින් ම ලැබෙන දෙයක්. මෙය සහජ ග්ලුකෝමාව (Congenital glaucoma) කියලයි හඳුන් වන්නේ. මේ ළමයි ග්ලුකෝමාව සමගයි උපදින්නේ.
මෙවැනි රෝග තත්ත්වයක් ඇති ළමයින් හඳුනාගන්නේ කෙසේ ද?
ශ්‍රී ලංකාවේ ළමා හා මාතෘ සංරක්ෂණය ඉතා ම හොඳින් තිබෙන නිසා උපදින දරුවන් සැම දෙනෙක් ම වෛද්‍යවරුන් ගේ විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙනවා. ඉපදුණු විගස වෛද්‍යවරුන් ගේ පරීක්ෂාවට ලක් කෙරෙන ග්ලුකෝමාව ඇති
සකස් කළේ
අමල් උඩවත්ත
එය දෛවයේ සරදමක්ද ? අවාසනාවද ? අප එසේ පැවසුවද එහි සත්‍යතාවය දන්නේ වෛද්‍යවරුන් පමණකි. දරුවන්ට වැළදෙන හදවත් රෝග බොහොමයක්ම සුව කළ හැකිය ඒ පිළිබඳව ඔබට පවසන්නේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතායි.
වෛද්‍යතුමනි ළමා හෘද රෝග ලෙස හදුන්වන්නේ කුමක්ද ?
ළමා හෘද රෝග ලෙස හඳුන්වන්නේ හෘද වස්තුවේ සිදුරු, නහර සිහින්වීම් කපාට වල ඇතිවන සිදුරු යනාදියයි. ළමා හෘද රෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. උත්පත්තියෙන් ඇතිවන රෝග (සංජානනීය හෘද රෝග) හා ඉපදීමෙන් අනතුරුව සැදෙන හෘද රෝගයි. සංජානනීය හෘද රෝග යනුවෙන් හැඳින්වෙන්නේ උපතින්ම හෘද වස්තුවේ සිදුරු ඇතිවීම සහ නහර සිහින්වීමයි. කුඩා දරුවන්ට සෑදෙන හෘද රෝග බොහෝමයක් මේ සංජානනීය හෘද රෝග ගනයට අයත් වෙනවා.
ඉපදීමෙන් අනතුරුව සෑදෙන හෘද රෝග බොහෝ විට හෘද වස්තුවේ මාංශ පේශීන් වල ඇතිවන සංකූලතා නිසා ඇති වන්නක්. නමුත් ඉපදීමෙන් අනතුරුව සෑදෙන හෘද රෝග ඒ තරම් බහුලව පවතින්නේ නැහැ.
කුඩා දරුවන්ගේ හෘද වස්තුවේ සිදුරු ඇති වන්නේ කෙළෙසද ? හදවතේ ප්‍රධාන බිත්ති දෙකක් තිබෙනවා. (කර්ණිකා දෙක අතර සහ කෝෂිකා දෙක අතර තිබෙන බිත්ති) මේ කර්ණිකා දෙක අතර තිබෙන බිත්තියේ සිදුරු ඇති වනවා. ඊට අමතරව හෘද වස්තුවේ සිට පිටතට රුධිරය ගෙන යන සංස්ථානික මහා ධමනි සහ පුප්පුශීය මහ ධමනි දෙක අතරත් සිදුරක් ඇති වන්නට පුළුවන්. මේ තුන තමයි ප්‍රධාන සිදුරු ලෙස හැඳින්වෙන්නේ. මේවා තමයි බහුලව දකින්නට ලැබෙන්නේ. මීට අමතරව කපාට දෙක වෙනුවට එක කපාටයක් තිබීම කපාට ඉහළින් සහ පහළින් සිදුරු තිබිම. මේවා සංකීර්ණ හෘද්‍යාබාධ තත්ත්වයකට පත් වෙනවා.
මෙවැනි සිදුරු ඇති වන්නට හේතුව කුමක්ද ?
90% ක්ම දරුවන්ගේ හෘද රෝග විශේෂ හේතුවක් මත ඇති වන්නේ නැහැ. සුලු ප්‍රමාණයකට තමයි හේතුවක් කියන්නට පුළුවන් වන්නේ. හෘද වස්තුව අතිශයින් සංකීර්ණ ඉන්ද්‍රියයක්. මේ සංකීර්ණත්වය නිසා යම් යම් අවස්ථාවල ආබාධයන් හට ගත්තොත් එතැනින් පසු ඒ අංශය වැඩෙන්නේ නැතිව පවතිනවා. එවිට මේ නහරවල සිදුරු ඇති වන්නට පුළුවන්. මවට ගර්භණී සමයේ රුබෙල්ලා හැදුනොත් දරුවාගේ හදවතේ සිදුරු ඇති වන්නට පුළුවන්. ඊට අමතරව පැපොල සරම්ප වැනි වෛරස් රෝග ගර්භණී සමයේ වැළඳී තිබුණොත් දරුවාට මෙවැනි තත්ත්වයක් උදා වන්නට පුළුවන්.
දරුවාට හදවතේ සිදුරු ඇතිබව මවු කුසයේදීම සොයාගත හැකිද ?
සාමාන්‍යයෙන් මවු කුසයේදී දරුවාගේ වර්ධනය නිරෝගිමත් භාවය විනිශ්චය කිරීම සඳහා ස්කෑන් පරීක්ෂණ සිදු කරනවා. එවිට දරුවාට හෘදයාබාධයක් තිබේ දැයි සැක සහිත නම් Feedle Echocardiography නැමැති පරීක්ෂණය සිදු කරලා මවු කුසයේදීම දරුවාට හෘද්‍යාබාධයක් තිබේදැයි හඳුනාගත හැකියි.
නමුත් ඕනෑම දරුවෙකුට හෘද වස්තුවේ සිදුරු පිහිටා තිබෙනවා. එවැනි සිදුරු දරුවා ඉපදී පැය 24 ක් හෝ පැය 48 ක් පමණ වෙද්දී වැසී යනවා. නමුත් සමහර දරුවන්ගේ සිදුරු වැසෙන්නේ නැහැ. එවැනි සිදුරුත් සංජානනීය හෘද්‍යාබාධ කොටසට වැටෙනවා. නමුත් ඒවා මව් කුසයේදී සොයා ගන්නා හෘද සිදුරු ගණනට අයත් වන්නේ නැහැ. මව් කුසේදී දරුවෙකුට තදබල හෘද්‍යාබාධයක් තිබේදැයි සොයාගත හැක්කේ Feedle Echocardiography පරීක්ෂණයෙන් පමණයි.
ගර්භණී සමයේ මවට වැළදෙන රෝග නිසා ඇතැම් විට දරුවාට හෘද්‍යාබාධ වැළදෙන බවක් ඔබ පැවසුවා. මව පාවිච්චි කරන ඖෂධයක් තුළිනුත් දරුවාට හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාවයක් තිබෙනවාද ?
ඔව්. මව ගන්නා ඇතැම් ඖෂධ වල අතුරු ඵලය ලෙස ඉපදෙන දරුවාගේ හදවතේ සිදුරු ඇති වෙනවා. ඇතැම් විට ෆිට් එක සැදුනු මවකට ලබා දෙන ලිතියම් ෆෙනටොයින් නැමැති ඖෂධ නිසාත් මේ තත්ත්වය උදාවන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී කළ යුත්තේ වෛද්‍යවරයෙකු හමුවී වෙනත් කාණ්ඩයකට අයත් ෆිට් එකට ප්රත්යක්ෂ ඖෂධ වලටමාරු කර ගැනීමයි.
ඒ ඇදුමට ලබා දෙන්නා වූ ස්ටෙරොයිඩ් වැනි ඖෂධ වැඩි මාත්‍රා වලින් මව ලබා ගන්නේ්නම් එය පිළිසිඳගත් දරුවාගේ හෘදයාබාධ අවදානම වැඩි කරවන්නක්. තවද මව දියවැඩියා රෝගියෙක් නම් දරුවාට හෘද රෝග සෑදීමේ අවදානමක් තිබෙනවා. මේ නිසා වඩාත් සුදුසු වන්නේ දරුවෙක් හදා ගැනීමට බලාපොරොත්තු වන මවක් වෛද්‍යවරයකු මුණ ගැසී තමා භාවිත කරන ඖෂධ හා මාත්‍රා ප්‍රමාණය පිළිබඳ නිසි දැනුවත්කමක් ලබා ගැනීම සහ අතුරු ආබාධ වලින් තොරව නිසි ඖෂධ ලබා ගැනීමයි. මවු කුසයේ දරුවකු පිළිසඳගත් විට දරුවාගේ හෘද වස්තුව වැසීම වයස 2 – 3 – 4 යන විට සම්පූර්ණ වන නිසා කල් ඇතිව ඖෂධ වෙනස් කළ යුතුයි.
තවද ගර්භණී මවක් දුම් පානය කිරීම මත්පැන් භාවිත කිරීම සිදු කරනවා නම් දරුවා උපතේදීම හෘද රෝගියෙක් වන්නට පුළුවන්.
බිළිඳු දරුවන්ට හෘද රෝග වැළඳීම ලංකාවේ බහුල වශයෙන් පවතිනවාද ?
සාමාන්‍යයෙන් අලුත උපන් දරුවන් 1000 කට 6–8 පමණ හෘද්‍යාබාධ ඇතිව ඉපදෙනවා. සාමාන්‍යයෙන් නමුත් මේ ප්‍රතිශතයෙන් 2 / 3 කට විතරයි ප්‍රතිකාර කළ හැක්කේ. මේ ප්‍රමාණයෙන් 1 / 3 ක් කිසිදු ප්‍රතිකාර නොකර සුව වෙනවා. ඉතිරියට කිසිදු ප්‍රතිකාරයක් කළ නොහැකි තත්ත්වයක් උදා වනවා.
දරුවකුට හදවත් රෝගයක් තිබේ දැයි ප්‍රථමයෙන් මව හඳුනාගන්නේ කිනම් රෝග ලක්ෂණ අනුවද ?
මූලිකවම මවට දරුවාගේ වෙනස හඳුනාගත හැකි වන්නේ දරුවා නිල් පැහැ ගැන්වීමෙන්. සාමාන්‍යයෙන් දරුවෙක් ඇඬීමෙන් අනතුරුව ස්නානය කළ පසු ඇඟිලි තුඩු නිල් පැහැ ගැන්වෙනවා. නමුත් එය රෝගයක් නොවෙයි සාමාන්‍ය දෙයක්. නමුත් කිසිම හේතුවක් නොමැතිව දරුවකු නිල් පැහැ ගැන්වෙන්නේ නම් එය හෘද රෝගයක් බව මතක තබා ගන්න. එයට හේතුව ශරීරයේ තිබෙන පිරිසිදු රුධිරය හෘදයේ තිබෙන සිදුරු ඔස්සේ ගොස් අපිරිසිදු ලේ සහ මිශ්‍ර වෙනවා එවිට දිගටම නිල් පැහැ ගැන්වෙනවා.
මවක් ඉතා කල්පනාකාරී විය යුතු තවත් කරුණු කිහිපයක් වන්නේ තම දරුවා කිරි උරා බොද්දී ඔලුවට සහ ඇඟට දාඩිය දැමීම. කිරි බොද්දී මදක් නතර කොට හති හරිමින් නැවත කිරි බීම ඇරඹීම, හුස්ම ගැනීමේ අපහසුතාවය, නිතර නිව්මෝනියාව සෑදීම, තද උණ ගැනීම සහ නිව්මෝනියාව සෑදී ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට සිදු වීම. (සාමාන්‍යයෙන් වෛරස් ආසාදනයකින් දරුවෙකුට සෑදෙන හෙම්බිරිස්සා උණ මෙයට අදාළ නොවේ) සිරුරේ බර අඩුවීම (නිසි අයුරින් ආහාර ගත්තද බර අඩු වන්නේ දරුවා ගන්නා ආහාර වලින් නිපදවන ශක්තිය හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වයට වැය වන නිසාය.
එවිට බර අඩුවේ. පපුව ඉදිරියට නෙරා තිබීම, ඇඟිලි තුඩු මහත්වීම, හෘද ස්පන්දන වේගය වැඩි වාර ගණනක් පැවතීම, සිරුර නිල් පාට වීම, කට තොල් දම් පාට වීම මේ ආකාරයේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තිබේ නම් වහාම ළමා රෝග පිළිබඳ වෛද්‍යවරයකු මුණ ගැසෙන්න. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඔබගේ හදවත් රෝගී දරුවා වෙනුවෙන් සෑම දිනකම විවෘතයි.
මේ රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරයාට දරුවා හෘද රෝගියකු බවට ස්ථිර නිගමනයකට ඒමට පුළුවන්ද ?
බොහෝ දුරට නිගමනයට එන්නට පුළුවන් දරුවාට ස්ථීරවම හෘද රෝගයක් තිබෙන බව දැන ගැනීමට උපකරණයක් රෝහල් වල තිබෙනවා. එය හැඳින්වන්නේ ‘pulse oxymeter’ යනුවෙන්. මේ උපකරණයෙන් දරුවාගේ හදවතේ ඔක්සිජන් ප්‍රමාණය දැන ගත හැකියි. මේ උපකරණය ඇඟිල්ලට දැමූ විට නාඩි වැටීමේ වේගය සහ ඔක්සිජන් ප්‍රමාණය මැන ගත හැකියි. නිරෝගි කෙනෙකුගේ 98% 99% පමණ ඔක්සිජන් තියනවා. 90% වඩා අඩු නම් නිල්පැහැ ගැන්වීම පෙනෙනවා 85% 87% අතර තියන අයගේ නිල් පැහැ ගැන්වීම පෙනෙන්නේ නැහැ. නමුත් pulse oxymeter ඔක්සිජන් අඩුබව පෙනෙනවා. X ray එකෙන් හදවතේ පිහිටීම, හැඩය පෙනහලුවල ප්‍රශ්න මේ සියල්ලම දැක ගත හැකියි. තවද E. C. G. පරීක්ෂණයකින් සොයාගත හැකියි. මේ සියල්ලම 100% ට නිවැරදි නැහැ.
නමුත් නිවැරදි ලෙස දරුවා හෘද රෝගියෙක්ද යන්න බලාගත හැකි වන්නේ Echocardiogramme කියන පරීක්ෂණයෙන්. Echocardiogramme ultra sound පරීක්ෂණයක්. එම පරීක්ෂණයෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය අපට හොඳින් පෙනෙනවා. ඊට අමතරව Cardiac Catheterization නැමැති කැතිටර් පරීක්ෂණයක් සිදු කරනවා. දරුවා නිර්වින්දනය කොට කකුලෙන් බටයක් යවා තවත් සිහින් බටයක් හෘද වස්තුවට යවා හෘද වස්තුවේ කුටීර වල රුධිර පීඩනය පරීක්ෂා කළ හැකියි.
ඒ සමගම ඩයි ඇතුලත් කරලා හෘද නාල වල අවහිරතා සෝදිසි කළ හැකියි. වැඩිදුර පරීක්ෂණ ලෙස කාඩියැක් C. T. C Scan සහ M. R. I Scan පරීක්ෂණය සිදු කළ හැකියි. ඉපදුන ගමන් දරුවකුට හෘදයාබාධ අවදානමක් ඇති බව අපි දැන ගත් විට ඉතා ඉක්මනින් සුදුසු ප්‍රතිකාර සිදු කරනවා. සමහර ප්‍රතිකාර ඉතා ඉක්මනින් සිදු කළොත් දරුවාව බේරා ගන්නට පුළුවන් නිසා බිළිඳු අවදියේ පටන්ම ප්‍රතිකාර ආරම්භ කරනවා. මෙවැනි දරුවන්ගේ හෘදයාබාධ නිසා පෙනහලුවලට ලේ ගමන් කිරීම වැඩියි එවිට පෙනහලු රළු වෙනවා. පෙනහළු වල රුධිර පීඩනය වැඩි වෙලා එක අවස්ථාවකදී සැත්කමකින් ජීවිතය බේරාගත නොහැකි තත්ත්වයට පත් වෙනවා.
එය හදුන්වන්නේ ventricular septal defect යනුවෙන්. සැත්කමකින් සිදුර වැසුවොත් හෘද වස්තුවේ අනිත් පැත්තට ලේ ගලා ගොස් දරා ගන්න බැරි තරම් පීඩනයක් ඇතිවෙලා හෘදය අකර්මන්‍ය වෙලා දරුවා මිය යන්නට පුළුවන්. නිවැරදි කාලයේදී හඳුනාගෙන නිවැරදි කාලයේදී ප්‍රතිකාර කළ යුතු වන්නේ මේ නිසයි. කාලය ගෙවී ගියොත් මේ ආකාරයට දරුවා මිය යන්නට පුළුවන්. විශේෂයෙන් එකිනෙකා දරුවන්ගේ හදවතේ සිදුරු පිහිටන්නේ විවිධ ලෙස එක හා සමානව නොවෙයි. ඇතැම් දෙමව්පියන් පවසනවා විවිධ මත.
ඒ නිසා සැලකිලිිමත් විය යුත්තේ හදවත් රෝගි දරුවෙක් සිටින මවක් නම් සැලකිලිමත් විය යුතු වන්නේ විවිධ කාන්තාවන් කියන අන්දමට ක්‍රියා නොකර වෛද්‍යවරයා කියන අන්දමට ක්‍රියා කිරීමයි. එසේ නොවුනොත් දරුවාගේ ජීවිතය පවා බේරා ගන්නට නොහැකි වේවි. ඇතැම් හදවත් රෝග වලට ගත යුතු කිසිදු ප්‍රතිකර්මයක් නැහැ. සැත්කමක් කළොත් ඇතැම් රෝග වල අවදානම වැඩි වන්නට පුළුවන්. එවැනි තත්ත්වයකදී සැත්කම නොකර සිටීමයි වඩාත් යහපත් වන්නේ. හේතුව හදවතේ ඇත්තේ එක සිදුරක් නොවෙයි.
බොහෝ විට සිදුරු ගණනාවක් තිබෙන්නට පුළුවන්. ඒ ඒ රෝගියා අනුවයි අපි ප්‍රතිකර්ම කරන්නේ. සමහරුන්ට සැත්කම මාසයකින් කළ යුතු වනවා. සමහරුන්ට අවුරුද්දකින් කළ යුතු වනවා. සමහරුන්ට අවුරුදු 4 කින් කළ යුතු වනවා. ඒ සියල්ලම තීරණය වන්නේ වෛද්‍යවරයා මත මිස හිතමිතුරන් මත නොවෙයි. විශේෂයෙන්ම ළමා රෝහලේ මේ සඳහා සියලු වෛද්‍යවරු කැපවී සිටිනවා. සියලු පහසුකම් තිබෙනවා.
තම දරුවාට හෘද රෝග අවදානමක් තිබේ නම් බලා නොසිට ප්‍රධාන රෝහල් ශික්ෂණ රෝහල සහ බොරැල්ලේ ළමා රෝහලට දරුවා රැගෙන ඒමෙන් ඔබේ හදවත් රෝගි දරුවාගේ ජීවිතය බේරා දිය හැකි වෙනවා.
ගාමිණී සුසන්ත
නො දැනී ම දෑස් අන්ධ කරවන ග්ලුකෝමාව
ඇස් රෝග ගණනාවක් අතරින් ග්ලුකෝමාව තවත් එක් ඇස් රෝගයකි. එහෙත් බොහෝ දෙනකුට නො දැනෙන පරිදි ඇසේ දුර්වලතාවක් හටගෙන ක්‍රමයෙන් නො පෙනී ගොස් අවසානයේ දී සම්පූර්ණයෙන් ම දෑස නො පෙනීමට ග්ලුකෝමාව නම් රෝගී තත්ත්වය හේතු වෙයි. ලෝක තත්ත්වය පිළිබඳව විමසුව ද ශ්‍රී ලංකාවේ තත්ත්වය විමසුව ද දෑස් අන්ධ වීමට හේතු වන රෝග අතරින් ප්‍රධාන රෝගයක් ලෙසට ග්ලුකෝමාව පත් වී ඇති බැව් පැහැදිලි වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පෙන්වා දෙන දත්තවලට අනුව ය.
මෙවැනි අක්ෂි රෝගවලින් දෑස ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය බැවින් සෞඛ්‍ය අමාත්‍යංශයේ විෂන් 2020 වැඩසටහනේ සම්බන්ධීකරණ ලේකම් වෛද්‍ය අසේල අබේධීර සමග ග්ලුකෝමාව පිළිබඳව කරන ලද සාකච්ඡාවකින් මේ ලිපිය සැකසෙයි.
ග්ලුකෝමාව යනු කුමක් ද?
අප දන්නවා මිනිස් ඇස, තරලයකින් පිරුණු ගෝලයක් බව. මේ තරලය නැත්නම් දියරය අක්ෂි ගෝලය තුළ පවතින්නේ නියත පීඩනයක් යටතේයි. මේ දියරය ඇස වටා ගමන් කරන අතරේ ටිකෙන් ටික පිටතට ගලා යැමත් සිදු වනවා. ඒ ගලා යන ප්‍රමාණය අනුව දියරය අලුතෙන් නිපදවීමත් සිදු කෙරෙනවා. කිසියම් විදියකින් දියරය පිටතට ගලා ඒමේ යාන්ත්‍රණයේ අවහිරතාවක් හේතුවෙන් පිටතට ගලා යැම නතර වුවොත් ඇස තුළ දියරය එකතු වීම නිසා පීඩනය වැඩි වී දෘෂ්ටික ස්නායුවට ටිකෙන් ටික හෝ ආබාධ සිදු විය හැකි තත්ත්වයක් උදා වනවා. මේ නිසා දෘෂ්ටික ස්නායුවේ ක්‍රියාවලිය ක්‍රමයෙන් දුර්වල වනවා. කෙටියෙන් හඳුන්වනවා නම් ඇසේ පීඩනය වැඩි වීම නිසා දෘෂ්ටික ස්නායුවට හානි සිදු වී ඇසේ පෙනීම අඩු වීම ග්ලුකෝමාව කියලයි හඳුන්වන්නේ.
ඇසේ පෙනීම අඩු වීම සාමාන්‍යයෙන් දැනෙන දෙයක් ද?
නෑ. පෙනීමේ අඩු වීම සාමාන්‍යයෙන් දැනෙන දෙයක් නෙවෙයි. පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ. ටිකෙන් ටික දෘෂ්ටික ස්නායුවට හානි සිදු වුවත් පෙනීම හොඳට ම දුර්වල වෙනකම් දැනෙන්නේ නෑ. පෙනීමේ අඩුවක් නො වුණත් කාලයක් මේ රෝගය තිබෙන්න පුළුවන්. පෙනීම අඩු බව දැනෙන්නේ අවුරුදු ගණනක් ගියාට පසුවයි.
ග්ලුකෝමාව වැළඳීමට වයස් සීමාවක් තිබෙනවා ද?
ග්ලුකෝමාව වැළඳෙන්නේ අවුරුදු 40ට වැඩි අයටයි. මෙයින් අවුරුදු 40ට වැඩි සියලු දෙනාට ම ග්ලුකෝමාව වැළඳෙනවා කියන එක අදහස් කරන්නේ නෑ. පවුලේ කාට හෝ ග්ලුකෝමාව වැළඳී තිබුණොත්, දියවැඩියාව තිබෙනවා නම් සහ පෙර සිදු වූ තුවාලයක් නිසාත් ග්ලුකෝමාව වැළඳෙන්න ඉඩ තිබෙනවා. වයස අවුරුදු 60ට වැඩි අයට ග්ලුකෝමාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවා.
අවිදුර දෘෂ්ටිකත්වය නැත්නම් ළඟ පෙනුණත් දුර නො පෙනීම තිබෙන අයට ග්ලුකෝමාව වැළඳීමේ වැඩි ඉඩකඩක් තිබිය හැකි ද?
අවිදුර දෘෂ්ටිකත්වය තිබෙන අය ඝනකම් වීදුරුවක් සහිත කණ්ණාඩි පැළඳීම සිදු කරනවා. මේ අය අතර ග්ලුකෝමාව තිබෙන අය ඉන්න පුළුවන්. ඝනකම් වීදුරු පළඳින නිසා ග්ලුකෝමාව ඇති වෙනවා කියන එක වත්, ඝනකම් වීදුරු පළඳින සියලු දෙනා ග්ලුකෝමාව වැළඳුණු අය කියාත් වර්ග කෙරෙන්නේ නෑ. අවිදුර දෘෂ්ටිකත්වය තිබෙන අයට ග්ලුකෝමාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවා කියන එකයි මෙහි දී අදහස් කෙරෙන්නේ.
ග්ලුකෝමාව හඳුනා ගන්නේ කෙසේ ද?
වෛද්‍යවරුන් හැටියට අපි කියන්නේ අවුරුදු 40ට වැඩි සියලු දෙනා ම මේ රෝගයට ගොදුරු වීමට අවදානමක් ඇති බැවින් ඇස් පරීක්ෂා කරවා ගැනීමට අත්‍යවශ්‍ය බවයි. හතළිස් ඇඳිරිය නිසා ඇස් පෙනීමේ දුර්වලතාවක් ඇති වෙනවා. වයස අවුරුදු 38, 39, 40 වයස් කාණ්ඩවල ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ම හතළිස් ඇඳිරියට ලක් වෙන්න ඉඩ තිබෙනවා. මෙහි දී සිදු වන්නේ ළඟ පෙනීම දුර්වල වීම. මේ අය බොහෝ විට කරන්නේ කණ්ණාඩි සාප්පුවකට ගොස් ඇස් පෙනීම පරීක්ෂා කරවාගෙන ඒ දුර්වලතාව මඟහරින්න උපැස් යුවලක් මිල දී ගැනීමයි. නැත්නම් කියවීම පහසු කරවන උපැස් යුවලක් මිල දී ගැනීමයි. මෙහි දී අප ඇස් පූර්ණ පරික්ෂාවකට ලක් කරන්නේ නෑ. ඒ නිසා ඇස් පෙනීමේ දුර්වලතාවට හේතුව සොයා ගන්න ලැබෙන්නේ නෑ.
එසේ නම් කළ යුත්තේ කුමක් ද?
වයස අවුරුදු 38, 39, 40 වැනි වයස් සීමාවේ දී ඇසේ ළඟ පෙනීමේ දුර්වලතාවක් හෙවත් හතළිස් ඇඳිරිය ඇති වුවොත් රජයේ රෝහලකට පැමිණ ඇස් පරීක්ෂා කරවා ගැනීමයි. රජයේ රෝහලක සිට විශේෂඥ අක්ෂි වෛද්‍යවරයා මැනැවින් ඇස් පරීක්ෂාවට ලක් කරනවා. මෙහි දී ග්ලුකෝමාව සඳහා ඇස් පරීක්ෂා කරනවා වගේ ම දියවැඩියාව නිසා ඇස් පෙනීම දුර්වල වෙලා ද කියාත් පරීක්ෂා කරනවා. ඇසේ දෘෂ්ටි විතානයට සිදු වූ හානියක් නිසා ඇස් පෙනීම දුර්වල වෙලා ද, ඇසේ සුද ඇති වෙලා ද, ඇති වෙමින් පවතිනවා ද යන්න පරීක්ෂා කරනවා වගේම වෙනත් කවර හෝ රෝගයක් නිසා ඇසේ පෙනීමේ දුර්වලතාවක් ඇති වෙලා ද කියලත් පරීක්ෂා කරනවා. මේ ආකාරයට අක්ෂි රෝග ගැන පරීක්ෂාවට ලක් කරලයි උපැස් යුවලක් ගැනීමට අවසර දෙන්නේ. මේ අවස්ථාවේ දී ඇසේ රෝගී තත්ත්වයක් හඳුනා ගන්න ලැබුණොත් මුලින් ම කරන්නේ ඒ රෝගය සඳහා ප්‍රතිකාර කිරීමයි. මේ තමයි සියලු ම අක්ෂි රෝග හඳුනා ගැනීමට තිබෙන හොඳ ම අවස්ථාව. මෙහි දී ග්ලුකෝමාව තිබෙන බව හෙළි වුණොත් ඊට අවශ්‍ය ප්‍රතිකාර අනිවාර්යයෙන් ම ලබා දෙනවා. පෞද්ගලික ආයතනයකින් නැත්නම් ඇස් කණ්ණාඩි සපයන දෂ්ටි විශේෂඥයකු ගෙන් ඇස් පරීක්ෂා කරවා ගැනීමේ දී රෝග පිළිබඳ පරික්ෂාවක් නො කෙරෙන නිසා ග්ලුකෝමා වැනි තත්ත්වයක් හඳුනා ගන්න ලැබෙන්නේ නෑ. එය ඇසේ පෙනීම තවත් දුර්වල වීමට හේතුවක්.
වෛද්‍යවරයකු ග්ලුකෝමාව සඳහා ඇස් පරීක්ෂා කිරීමේ දී භාවිත කරන ක්‍රමවේද මොනවා ද?
ඖෂධීය දියරයක් ඇසට දමා ඇසේ බබා විශාල කිරීමෙන් ග්ලුකෝමාව හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. ග්ලුකෝමාව ඇතැයි යන්න මෙයින් තහවුරු වුවොත් තවදුරටත් පරීක්ෂා කරල සත්‍ය වශයෙන් ම හඳුනා ගන්න හැකියාව තිබෙනවා. ඒ කියන්නේ ඇසේ පීඩනය මනින උපකරණය මඟින් වඩාත් හොඳින් ඒ බව තහවුරු කරගන්න පුළුවන්.
මොකක් ද මේ ඇසේ පීඩනය? සාමාන්‍ය රුධිර පීඩනය මේ සඳහා බලපානවා ද?
බොහෝ දෙනා සිතන දෙයක් තමයි අධිරුධිර පීඩනය ඇසේ පීඩනයට බලපෑමක් ඇති කරනව කියල. නෑ එහෙම දෙයක් වෙන්නේ නෑ. ඇසේ පීඩනය කලින් පැහැදිලි කළා වගේ ඇති වන දෙයක්. අධික රුධිර පීඩනය වෙනත් දෙයක්. මේ දෙකේ සම්බන්ධයක් නෑ. නිරෝගී ඇසක පීඩනය රසදිය මිලි මීටර් 20ක් විය යුතුයි. ඊට වඩා වැඩි විය යුතු නෑ. ඇසේ පීඩනය රසදිය මිලි මීටර් 20ට වඩා වැඩි නම් ග්ලුකෝමාව ඇති බවට සැක කරනවා. තවත් පරීක්ෂණ ගණනාවකට යොමු කරල තහවුරු කර ගන්නවා.
ප්‍රතිකාර කාලයක් තිස්සේ සිදු කළ යුතු ද?
වෛද්‍යවරයකු ග්ලුකෝමාව ඇති බව නිර්දේශ කළොත් වෛද්‍ය උපදෙස් අනුව ජීවිත කාලය පුරා ම නිවැරැදිව නිසි කාල සීමාව ම ප්‍රතිකාර ලබා දිය යුතුයි. මේ ප්‍රතිකාර අතරමඟ දී නවතා දැමුවොත් හෝ නිසි පරිදි නො කළොත් ග්ලුකෝමා තත්ත්වය උත්සන්න වී ඇස් අන්ධ විය හැකියි. මේ ප්‍රතිකාර රජයේ රෝහලක තිබෙන අක්ෂි වෛද්‍ය ඒකකය මඟින් නොමිලේ ලබා දෙනවා.
ප්රතිකාරවලින් සිදු කරන්නේ කුමක් ද?
ග්ලුකෝමාව හඳුනා ගන්නා විට තිබුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීමයි ප්රතිකාරවලින් කෙරෙන්නේ. ඒ කියන්නේ නැති වී ගිය පෙනීම නැවත ලබා දෙන්න බැරි වුණත් තවදුරටත් අන්ධ වීම වළක්වන්න ප්රතිකාරවලින් පුළුවන්. සමහර අවස්ථාවල දී ශල්‍යකර්ම කරලත් පෙනීම ආරක්ෂා කර දෙනවා.
පෙනීම අඩු වන ආකාරය පැහැදිලි කරන්න පුළුවන් ද?
අපි යමක් දෙස කෙළින් බලන විට ඉදිරිය පෙනෙනවා වගේ ම දෙපසත් පේනවා. මෙය නිරෝගී ඇසක ස්වභාවයක්. යම් අයකු ඉදිරිය බලන විට දෙපස නො පෙනේ නම් එය ඇසේ දුර්වලතාවක්. මෝටර් රථයක් පදවන රියෑදුරකුට ඉදිරිය හොඳින් පෙනෙනවා වගේම දෙපසත් හොඳින් පෙනීම තිබිය යුතුයි. කිසියම් රියෑදුරකුට දෙපසින් එන වානහ නො පෙනේ නම් හා ඒ දුර්වලතාවේ වර්ධනයක් සිදු වන්නේ නම් එය ග්ලුකෝමා තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ආකාරයට කෙනකු ගේ ඇසට දෙපස නො පෙනී ඉදිරිය පමණක් පෙනීම හා මෙය ක්‍රමයෙන් වර්ධනය වී ඉදිරියේ ඇති දේ පමණක් පෙනීම ග්ලුකෝමා තත්ත්වයක්. මේ තත්ත්වය වඩාත් වර්ධනය වීම නිසා ඉදිරියේ ඇති දේ පමණක් පෙනීම හඳුන්වන්නේ Tunnel Vision කියලයි. එසේ හඳුන්වන්නේ බිංගෙයක් තුළින් බලන කොට ඉදිරිය දකින ආකාරයට පෙනෙන නිසයි. මේ වන විට ඇසේ පෙනීම බොහෝ දුරට දුර්වල වී අවසන්. එය තවදුරටත් වර්ධනය වී ඇස් නො පෙනී යනවා. ඒ කියන්නේ ග්ලුකෝමාව නිසා අන්ධ වෙනවා.
ග්ලුකෝමාවේ ලෝක තත්ත්වය හා ශ්‍රී ලංකාවේ තත්ත්වය කුමක් ද?
ලෝක ජනගහනය මිලියන 6000ක් පමණ වනවා. මේ ජනගහණයෙන් මිලියන 45ක් විවිධ හේතු නිසා අන්ධ වූ අයයි. මේ මිලියන 45ක අන්ධ ජනතාව ගෙන් සියයට 10ක් හෙවත් මිලියන 4.5ක් ග්ලුකොමාව නිසා අන්ධ වූ අයයි. ශ්‍රී ලංකාවේ තත්ත්වය විමසීමේ දී ජනගහණයෙන් 150000ක් පමණ දෙනා විවිධ හේතු නිසා අන්ධ වී සිටිනවා. මෙයින් සියයට 10කට වඩා ඒ කියන්නේ 15000ත් 20000ත් අතර ප්‍රමාණයක් අන්ධ වී සිටින්නේ ග්ලුකෝමාව නිසයි. මෙයට අමතරව ග්ලුකෝමාව වැළඳුණු බව නො දන්නා අයත් දහස් ගණනක් ඉන්නවා.
අපි දන්නා පරිදි ග්ලුකෝමාව ටිකෙන් ටික ඇසට නො දැනී වැළඳෙන රෝගයක්. මේක හදිසියේත් වැළඳීමට හැකියාව තිබෙනවා ද?
ග්ලුකෝමාව හදිසියේ වැළඳීම ඉතා ම කලාතුරකින් සිදු වන්න ඉඩ තිබෙනවා. මේ තත්ත්වය Aජමඑe ඨක්මජදපැ කියලයි හඳුන්වන්නේ. මේ තත්ත්වය ඇති වුණොත් ඇසේ ඉතා ම අධික වේදනාවක් හටගන්නවා. ඇස් රතු වීම, හිසේ තදබල වේදනාව, වමනය දැමීම වැනි රෝග ලක්ෂණ මතු වෙනවා. මේ ක්ෂණික ග්ලුකෝමා තත්ත්වය ග්ලුකෝමා රෝගීන් දහස් ගණනකින් එක් අයකුට ඉතා ම කලාතුරකින් ඇති විය හැකියි. මෙවන් අවස්ථාවක දී අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යයි. වෙනත් රෝගයක් කියා විවිධ ප්‍රතිකාර කිරීම රෝගය උත්සන්න වීමට හේතුවක් වෙයි.
මෙසේ සිදු වීමට හේතුවක් තිබෙනවා ද?
ඇසේ දියරය පිටතට ගැලීම හදිසියේ නැවතීම ප්‍රධාන හේතුවක්. ඇසට විෂබීජයක් යැමෙන් හෝ තුවාලයක් වීමෙන් හෝ දියරය පිටතට ගැලීම හදිසියේ නැවතිය හැකියි. මේ නිසා ඇසේ පීඩනය සැණින් වැඩි වීම සිදු වන නිසා ඉහත කී රෝග ලක්ෂණ සැණින් මතු වෙනවා.
ළමයින්ට ග්ලුකෝමාව ඇති වෙනව ද?
නෑ. ළමයින්ට ග්ලුකෝමාව ඇති වෙන්නේ නෑ. ඒ ගැන බිය විය යුතු නෑ. ඇසට තුවාල වීමෙන් පරෙස්සම් කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ.
හැබැයි ළමයින්ට වැළඳෙන විශේෂ ග්ලුකෝමා රෝගයක් වෙන ම තිබෙනවා. මේක උපතින් ම ලැබෙන දෙයක්. මෙය සහජ ග්ලුකෝමාව (Congenital glaucoma) කියලයි හඳුන් වන්නේ. මේ ළමයි ග්ලුකෝමාව සමගයි උපදින්නේ.
මෙවැනි රෝග තත්ත්වයක් ඇති ළමයින් හඳුනාගන්නේ කෙසේ ද?
ශ්‍රී ලංකාවේ ළමා හා මාතෘ සංරක්ෂණය ඉතා ම හොඳින් තිබෙන නිසා උපදින දරුවන් සැම දෙනෙක් ම වෛද්‍යවරුන් ගේ විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙනවා. ඉපදුණු විගස වෛද්‍යවරුන් ගේ පරීක්ෂාවට ලක් කෙරෙන ග්ලුකෝමාව ඇති
සකස් කළේ
අමල් උඩවත්ත
දරුවා නිල් පැහැ ගැන්වෙනවා නම්
ඔහුට හෘද රෝග අවදානමක් තිබෙනවා
හදවත ලෙඩ වන්නේ වැඩිහිටියන්ගේය. එබැවින් මේදය සහිත ආහාර අනුභව කිරීමෙන් වැළකී සිටීම සහ දිනපතා ව්‍යායාම් වල නිරතවීමෙන් වැඩිහිටියන්ට හෘද රෝග වලින් වැළකී ජීවත් විය හැකි බව සියලුම වෛද්‍යවරු එකසේ පවසන්නේ වර්තමානයේ වැඩිහිටියන්ගෙන් බොහොමයක් හදවත් රෝගීන් වන නිසාය. එහෙත් කිසිවක් නොදන්නා නොදරුවා හෘද රෝගීන් වන්නේ ඇයි ? උපතින්ම හදවතේ සිදුරු, රුධිර නාල සිහින්වීම්, දෝතට ගෙන මෙලොවට බිහි වන අහිංසක කිරි දරුවා හදවත් රෝගියෙක් බවට පත්වීම සත්තකින්ම කණගාටුදායකය.
වෛද්‍යතුමනි ළමා හෘද රෝග ලෙස හදුන්වන්නේ කුමක්ද ?
ළමා හෘද රෝග ලෙස හඳුන්වන්නේ හෘද වස්තුවේ සිදුරු, නහර සිහින්වීම් කපාට වල ඇතිවන සිදුරු යනාදියයි. ළමා හෘද රෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. උත්පත්තියෙන් ඇතිවන රෝග (සංජානනීය හෘද රෝග) හා ඉපදීමෙන් අනතුරුව සැදෙන හෘද රෝගයි. සංජානනීය හෘද රෝග යනුවෙන් හැඳින්වෙන්නේ උපතින්ම හෘද වස්තුවේ සිදුරු ඇතිවීම සහ නහර සිහින්වීමයි. කුඩා දරුවන්ට සෑදෙන හෘද රෝග බොහෝමයක් මේ සංජානනීය හෘද රෝග ගනයට අයත් වෙනවා.
ඉපදීමෙන් අනතුරුව සෑදෙන හෘද රෝග බොහෝ විට හෘද වස්තුවේ මාංශ පේශීන් වල ඇතිවන සංකූලතා නිසා ඇති වන්නක්. නමුත් ඉපදීමෙන් අනතුරුව සෑදෙන හෘද රෝග ඒ තරම් බහුලව පවතින්නේ නැහැ.
කුඩා දරුවන්ගේ හෘද වස්තුවේ සිදුරු ඇති වන්නේ කෙළෙසද ? හදවතේ ප්‍රධාන බිත්ති දෙකක් තිබෙනවා. (කර්ණිකා දෙක අතර සහ කෝෂිකා දෙක අතර තිබෙන බිත්ති) මේ කර්ණිකා දෙක අතර තිබෙන බිත්තියේ සිදුරු ඇති වනවා. ඊට අමතරව හෘද වස්තුවේ සිට පිටතට රුධිරය ගෙන යන සංස්ථානික මහා ධමනි සහ පුප්පුශීය මහ ධමනි දෙක අතරත් සිදුරක් ඇති වන්නට පුළුවන්. මේ තුන තමයි ප්‍රධාන සිදුරු ලෙස හැඳින්වෙන්නේ. මේවා තමයි බහුලව දකින්නට ලැබෙන්නේ. මීට අමතරව කපාට දෙක වෙනුවට එක කපාටයක් තිබීම කපාට ඉහළින් සහ පහළින් සිදුරු තිබිම. මේවා සංකීර්ණ හෘද්‍යාබාධ තත්ත්වයකට පත් වෙනවා.
මෙවැනි සිදුරු ඇති වන්නට හේතුව කුමක්ද ?
90% ක්ම දරුවන්ගේ හෘද රෝග විශේෂ හේතුවක් මත ඇති වන්නේ නැහැ. සුලු ප්‍රමාණයකට තමයි හේතුවක් කියන්නට පුළුවන් වන්නේ. හෘද වස්තුව අතිශයින් සංකීර්ණ ඉන්ද්‍රියයක්. මේ සංකීර්ණත්වය නිසා යම් යම් අවස්ථාවල ආබාධයන් හට ගත්තොත් එතැනින් පසු ඒ අංශය වැඩෙන්නේ නැතිව පවතිනවා. එවිට මේ නහරවල සිදුරු ඇති වන්නට පුළුවන්. මවට ගර්භණී සමයේ රුබෙල්ලා හැදුනොත් දරුවාගේ හදවතේ සිදුරු ඇති වන්නට පුළුවන්. ඊට අමතරව පැපොල සරම්ප වැනි වෛරස් රෝග ගර්භණී සමයේ වැළඳී තිබුණොත් දරුවාට මෙවැනි තත්ත්වයක් උදා වන්නට පුළුවන්.

සාමාන්‍යයෙන් මවු කුසයේදී දරුවාගේ වර්ධනය නිරෝගිමත් භාවය විනිශ්චය කිරීම සඳහා ස්කෑන් පරීක්ෂණ සිදු කරනවා. එවිට දරුවාට හෘදයාබාධයක් තිබේ දැයි සැක සහිත නම් Feedle Echocardiography නැමැති පරීක්ෂණය සිදු කරලා මවු කුසයේදීම දරුවාට හෘද්‍යාබාධයක් තිබේදැයි හඳුනාගත හැකියි.
නමුත් ඕනෑම දරුවෙකුට හෘද වස්තුවේ සිදුරු පිහිටා තිබෙනවා. එවැනි සිදුරු දරුවා ඉපදී පැය 24 ක් හෝ පැය 48 ක් පමණ වෙද්දී වැසී යනවා. නමුත් සමහර දරුවන්ගේ සිදුරු වැසෙන්නේ නැහැ. එවැනි සිදුරුත් සංජානනීය හෘද්‍යාබාධ කොටසට වැටෙනවා. නමුත් ඒවා මව් කුසයේදී සොයා ගන්නා හෘද සිදුරු ගණනට අයත් වන්නේ නැහැ. මව් කුසේදී දරුවෙකුට තදබල හෘද්‍යාබාධයක් තිබේදැයි සොයාගත හැක්කේ Feedle Echocardiography පරීක්ෂණයෙන් පමණයි.
ගර්භණී සමයේ මවට වැළදෙන රෝග නිසා ඇතැම් විට දරුවාට හෘද්‍යාබාධ වැළදෙන බවක් ඔබ පැවසුවා. මව පාවිච්චි කරන ඖෂධයක් තුළිනුත් දරුවාට හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාවයක් තිබෙනවාද ?
ඔව්. මව ගන්නා ඇතැම් ඖෂධ වල අතුරු ඵලය ලෙස ඉපදෙන දරුවාගේ හදවතේ සිදුරු ඇති වෙනවා. ඇතැම් විට ෆිට් එක සැදුනු මවකට ලබා දෙන ලිතියම් ෆෙනටොයින් නැමැති ඖෂධ නිසාත් මේ තත්ත්වය උදාවන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී කළ යුත්තේ වෛද්‍යවරයෙකු හමුවී වෙනත් කාණ්ඩයකට අයත් ෆිට් එකට ප්රත්යක්ෂ ඖෂධ වලටමාරු කර ගැනීමයි.
ඒ ඇදුමට ලබා දෙන්නා වූ ස්ටෙරොයිඩ් වැනි ඖෂධ වැඩි මාත්‍රා වලින් මව ලබා ගන්නේ්නම් එය පිළිසිඳගත් දරුවාගේ හෘදයාබාධ අවදානම වැඩි කරවන්නක්. තවද මව දියවැඩියා රෝගියෙක් නම් දරුවාට හෘද රෝග සෑදීමේ අවදානමක් තිබෙනවා. මේ නිසා වඩාත් සුදුසු වන්නේ දරුවෙක් හදා ගැනීමට බලාපොරොත්තු වන මවක් වෛද්‍යවරයකු මුණ ගැසී තමා භාවිත කරන ඖෂධ හා මාත්‍රා ප්‍රමාණය පිළිබඳ නිසි දැනුවත්කමක් ලබා ගැනීම සහ අතුරු ආබාධ වලින් තොරව නිසි ඖෂධ ලබා ගැනීමයි. මවු කුසයේ දරුවකු පිළිසඳගත් විට දරුවාගේ හෘද වස්තුව වැසීම වයස 2 – 3 – 4 යන විට සම්පූර්ණ වන නිසා කල් ඇතිව ඖෂධ වෙනස් කළ යුතුයි.
තවද ගර්භණී මවක් දුම් පානය කිරීම මත්පැන් භාවිත කිරීම සිදු කරනවා නම් දරුවා උපතේදීම හෘද රෝගියෙක් වන්නට පුළුවන්.

සාමාන්‍යයෙන් අලුත උපන් දරුවන් 1000 කට 6–8 පමණ හෘද්‍යාබාධ ඇතිව ඉපදෙනවා. සාමාන්‍යයෙන් නමුත් මේ ප්‍රතිශතයෙන් 2 / 3 කට විතරයි ප්‍රතිකාර කළ හැක්කේ. මේ ප්‍රමාණයෙන් 1 / 3 ක් කිසිදු ප්‍රතිකාර නොකර සුව වෙනවා. ඉතිරියට කිසිදු ප්‍රතිකාරයක් කළ නොහැකි තත්ත්වයක් උදා වනවා.
දරුවකුට හදවත් රෝගයක් තිබේ දැයි ප්‍රථමයෙන් මව හඳුනාගන්නේ කිනම් රෝග ලක්ෂණ අනුවද ?
මූලිකවම මවට දරුවාගේ වෙනස හඳුනාගත හැකි වන්නේ දරුවා නිල් පැහැ ගැන්වීමෙන්. සාමාන්‍යයෙන් දරුවෙක් ඇඬීමෙන් අනතුරුව ස්නානය කළ පසු ඇඟිලි තුඩු නිල් පැහැ ගැන්වෙනවා. නමුත් එය රෝගයක් නොවෙයි සාමාන්‍ය දෙයක්. නමුත් කිසිම හේතුවක් නොමැතිව දරුවකු නිල් පැහැ ගැන්වෙන්නේ නම් එය හෘද රෝගයක් බව මතක තබා ගන්න. එයට හේතුව ශරීරයේ තිබෙන පිරිසිදු රුධිරය හෘදයේ තිබෙන සිදුරු ඔස්සේ ගොස් අපිරිසිදු ලේ සහ මිශ්‍ර වෙනවා එවිට දිගටම නිල් පැහැ ගැන්වෙනවා.
මවක් ඉතා කල්පනාකාරී විය යුතු තවත් කරුණු කිහිපයක් වන්නේ තම දරුවා කිරි උරා බොද්දී ඔලුවට සහ ඇඟට දාඩිය දැමීම. කිරි බොද්දී මදක් නතර කොට හති හරිමින් නැවත කිරි බීම ඇරඹීම, හුස්ම ගැනීමේ අපහසුතාවය, නිතර නිව්මෝනියාව සෑදීම, තද උණ ගැනීම සහ නිව්මෝනියාව සෑදී ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට සිදු වීම. (සාමාන්‍යයෙන් වෛරස් ආසාදනයකින් දරුවෙකුට සෑදෙන හෙම්බිරිස්සා උණ මෙයට අදාළ නොවේ) සිරුරේ බර අඩුවීම (නිසි අයුරින් ආහාර ගත්තද බර අඩු වන්නේ දරුවා ගන්නා ආහාර වලින් නිපදවන ශක්තිය හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වයට වැය වන නිසාය.
එවිට බර අඩුවේ. පපුව ඉදිරියට නෙරා තිබීම, ඇඟිලි තුඩු මහත්වීම, හෘද ස්පන්දන වේගය වැඩි වාර ගණනක් පැවතීම, සිරුර නිල් පාට වීම, කට තොල් දම් පාට වීම මේ ආකාරයේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තිබේ නම් වහාම ළමා රෝග පිළිබඳ වෛද්‍යවරයකු මුණ ගැසෙන්න. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඔබගේ හදවත් රෝගී දරුවා වෙනුවෙන් සෑම දිනකම විවෘතයි.
මේ රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරයාට දරුවා හෘද රෝගියකු බවට ස්ථිර නිගමනයකට ඒමට පුළුවන්ද ?
බොහෝ දුරට නිගමනයට එන්නට පුළුවන් දරුවාට ස්ථීරවම හෘද රෝගයක් තිබෙන බව දැන ගැනීමට උපකරණයක් රෝහල් වල තිබෙනවා. එය හැඳින්වන්නේ ‘pulse oxymeter’ යනුවෙන්. මේ උපකරණයෙන් දරුවාගේ හදවතේ ඔක්සිජන් ප්‍රමාණය දැන ගත හැකියි. මේ උපකරණය ඇඟිල්ලට දැමූ විට නාඩි වැටීමේ වේගය සහ ඔක්සිජන් ප්‍රමාණය මැන ගත හැකියි. නිරෝගි කෙනෙකුගේ 98% 99% පමණ ඔක්සිජන් තියනවා. 90% වඩා අඩු නම් නිල්පැහැ ගැන්වීම පෙනෙනවා 85% 87% අතර තියන අයගේ නිල් පැහැ ගැන්වීම පෙනෙන්නේ නැහැ. නමුත් pulse oxymeter ඔක්සිජන් අඩුබව පෙනෙනවා. X ray එකෙන් හදවතේ පිහිටීම, හැඩය පෙනහලුවල ප්‍රශ්න මේ සියල්ලම දැක ගත හැකියි. තවද E. C. G. පරීක්ෂණයකින් සොයාගත හැකියි. මේ සියල්ලම 100% ට නිවැරදි නැහැ.
නමුත් නිවැරදි ලෙස දරුවා හෘද රෝගියෙක්ද යන්න බලාගත හැකි වන්නේ Echocardiogramme කියන පරීක්ෂණයෙන්. Echocardiogramme ultra sound පරීක්ෂණයක්. එම පරීක්ෂණයෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය අපට හොඳින් පෙනෙනවා. ඊට අමතරව Cardiac Catheterization නැමැති කැතිටර් පරීක්ෂණයක් සිදු කරනවා. දරුවා නිර්වින්දනය කොට කකුලෙන් බටයක් යවා තවත් සිහින් බටයක් හෘද වස්තුවට යවා හෘද වස්තුවේ කුටීර වල රුධිර පීඩනය පරීක්ෂා කළ හැකියි.

එය හදුන්වන්නේ ventricular septal defect යනුවෙන්. සැත්කමකින් සිදුර වැසුවොත් හෘද වස්තුවේ අනිත් පැත්තට ලේ ගලා ගොස් දරා ගන්න බැරි තරම් පීඩනයක් ඇතිවෙලා හෘදය අකර්මන්‍ය වෙලා දරුවා මිය යන්නට පුළුවන්. නිවැරදි කාලයේදී හඳුනාගෙන නිවැරදි කාලයේදී ප්‍රතිකාර කළ යුතු වන්නේ මේ නිසයි. කාලය ගෙවී ගියොත් මේ ආකාරයට දරුවා මිය යන්නට පුළුවන්. විශේෂයෙන් එකිනෙකා දරුවන්ගේ හදවතේ සිදුරු පිහිටන්නේ විවිධ ලෙස එක හා සමානව නොවෙයි. ඇතැම් දෙමව්පියන් පවසනවා විවිධ මත.
ඒ නිසා සැලකිලිිමත් විය යුත්තේ හදවත් රෝගි දරුවෙක් සිටින මවක් නම් සැලකිලිමත් විය යුතු වන්නේ විවිධ කාන්තාවන් කියන අන්දමට ක්‍රියා නොකර වෛද්‍යවරයා කියන අන්දමට ක්‍රියා කිරීමයි. එසේ නොවුනොත් දරුවාගේ ජීවිතය පවා බේරා ගන්නට නොහැකි වේවි. ඇතැම් හදවත් රෝග වලට ගත යුතු කිසිදු ප්‍රතිකර්මයක් නැහැ. සැත්කමක් කළොත් ඇතැම් රෝග වල අවදානම වැඩි වන්නට පුළුවන්. එවැනි තත්ත්වයකදී සැත්කම නොකර සිටීමයි වඩාත් යහපත් වන්නේ. හේතුව හදවතේ ඇත්තේ එක සිදුරක් නොවෙයි.
බොහෝ විට සිදුරු ගණනාවක් තිබෙන්නට පුළුවන්. ඒ ඒ රෝගියා අනුවයි අපි ප්‍රතිකර්ම කරන්නේ. සමහරුන්ට සැත්කම මාසයකින් කළ යුතු වනවා. සමහරුන්ට අවුරුද්දකින් කළ යුතු වනවා. සමහරුන්ට අවුරුදු 4 කින් කළ යුතු වනවා. ඒ සියල්ලම තීරණය වන්නේ වෛද්‍යවරයා මත මිස හිතමිතුරන් මත නොවෙයි. විශේෂයෙන්ම ළමා රෝහලේ මේ සඳහා සියලු වෛද්‍යවරු කැපවී සිටිනවා. සියලු පහසුකම් තිබෙනවා.
තම දරුවාට හෘද රෝග අවදානමක් තිබේ නම් බලා නොසිට ප්‍රධාන රෝහල් ශික්ෂණ රෝහල සහ බොරැල්ලේ ළමා රෝහලට දරුවා රැගෙන ඒමෙන් ඔබේ හදවත් රෝගි දරුවාගේ ජීවිතය බේරා දිය හැකි වෙනවා.
දීප්ති ෆොන්සේකා
ශරීරය ඉදිමෙන්නේ ඇයි?
"මහත්තයා ගේ මුළු ඇඟ ම ඉදිමෙන්න පටන් ගත්තා නේ. එතකොට තමයි දැන ගත්තේ වකුගඩු අමාරුවක් කියලා."
"අම්ම ගේ වළළුකර ඉදිමිලා ආව. අපි හිතුවේ නිතර ඇවිදින නිසා කියලා. පස්සෙ දන්නෙ පපුවේ අමාරුවක් කියලා."
"මගේ කකුල ඉදිමිලා ආවා. පස්සේ බැලුවම දැනගත්තේ බරවා කියලා."
තිදෙනෙකු විසින් කරන ලද මෙම ප්‍රකාශ ත්‍රිත්වයෙන් ම එක ම රෝග ලක්ෂණයක් ගැන කියවෙයි. ඒ ඉදිමීම (Oedema) යන්නයි.
රෝගීන් අතර ඉතා ම සුලබ රෝග ලක්ෂණයක් ලෙස ශරීරය සම්පූර්ණයෙන් ම හෝ කොටසක් ඉදිමීම දැක්විය හැකියි. මේ රෝගී තත්ත්වයට හේතු වන්නේ අපගේ ශරීරයේ සෛල වලින් පිටත අවකාශයේ පටක තරලය ඒකරාශි වීමයි. සාමාන්‍ය අවස්ථාවේ දී රුධිර ධමනි මඟින් රුධිරය පටක දෙසට ගෙන යයි. ඒවා ඉවත් කිරීම ශිරා මගින් සිදු වෙයි. මේ අතර පවතින්නේ රුධිර කේශ නාලිකාවන් ය. රුධිර කේශනාලිකා දෙපස පීඩන වෙනසක් පවතින අතර මේ නිසා තරල කේශනාලිකා වලින් ඉවතට වෑස්සෙයි. සාමාන්‍යයෙන් මේ තරලය වසා නාල වලට ඇතුළු වී නැවත ශිරා වලට එකතු කිරීම නීරෝගී පුද්ගලයෙකු ගේ සිදු වෙයි.
ඉහත යාන්ත්‍රණය සිදුවන විට සෛල වටා අමතර තරලය එකතු විමක් නොවෙයි. එහෙත් ධමනි කෙළවර පීඩනය ඉහළ යාම, ශිරා මගින් හෝ වාසා නාල වලින් තරලය ඉවත් කිරීම අඩාළ වීම හෝ රුධිරයේ ප්‍රොaටීන ප්‍රමාණය අඩුවීම ආදි අවස්ථා වල දී මෙය අක්‍රිය වෙයි. මෙවිට තරලය ඉවත් වීම මන්දගාමී වෙයි. මේ නිසා සෛල වටා පටක තරලය එකතු වී ඉදිමීමක් ඇතිවෙයි.
මුහුණෙහි සිට පාද දක්වා ශරීරයේ ඕනෑම ස්ථානයක් ඉදිමීමට ලක් වන අතර ඊට බලපාන හේතුව අනුව ප්‍රදේශය වෙනස් විය හැකිය. රෝග විනිශ්චයන්ට පැමිණීමට ද මේ ඉදිමීම වැදගත් සාධකයක් වෙයි. ඉදිමුමට ලක් වූ ප්‍රදේශය එහි ස්වභාවය අනුව රෝගය නිශ්චය අපහසු නොවෙයි.
හෘදයේ ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමේ දී පාදයෙන් ඉවතට රුධිරය ගෙන යාම ද හෘදය වෙතට රුධිරය පැමිණීම ද අඩාළ වෙයි. මේ නිසා ප්‍රධාන වශයෙන් ශරීරයේ පර්යන්ත ප්‍රදේශ වල විශේෂයෙන් පාද වල ඉදිමුමක් දැකිය හැකිය. මේ ඉදිමුම වම් හා දකුණු යන දෙපස ම ඇතිවෙයි. පාද වල ඇති වන වේදනාව රෝගය තව දුරටත් ක්‍රියාත්මක වීමේදී උදරයේ හෝ මුහුණේ ඉදිමුමක් වීමට ද පත් වෙයි. ස්වසන අපහසුවන් ද ඇති වෙයි. මෙයට හේතුව මෙහි දී පෙනහළු තුළ දී තරලය එකතු වීමයි.
හෘදය වටා පවතින පරිහෘද පටල ආසාදනය ද ශරීරයේ ඉදිමීමකට හේතු වෙයි. මෙහි දී ප්‍රධාන වශයෙන් මුහුණ ගෙල හා කකුල් වල ඉදිමීම කැපී පෙනෙයි. හෘදයේ ක්‍රියාකාරීත්වය අඩාල වන බැවින් ශරීරයේ පර්යන්ත ප්‍රදේශ වල ඉදිමීමක් සිදු වෙයි. උදර කුහරය තුළ තරලය එකතු වීම (Ascites) ද කැපී පෙනෙන ලක්ෂණයකි.
ශරීරයේ ඉදිමීමට බලපාන අනෙක් ප්‍රධානතම හේතුව අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩාල වීමයි. ඒ පිළිබඳ ලබන සතියේ බලමු. විශේෂයෙන් ම සිරොසීස්
(Cirrhosis) රෝගයේ දී මෙය ප්‍රධාන වෙයි. දීර්ඝ කාලයක් මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ අක්මාව අක්‍රිය තත්ත්වයට පත්වන විට එමගින් ප්ලාස්ම ප්‍රොaටීන වර්ග නිපදවීම බිඳ වැටෙයි. එසේම අක්මාව ආශ්රිත රුධිර නාලවල ක්රියාකාරීත්වයද පහත වැටෙයි. මේ නිසා උදර කුහරය තුළත් ශරීරයේ පර්යන්ත ප්‍රදේශ වලත් (විශේෂයෙන් පාදවල) ඉදිමීම ඇති වෙයි. මෙවැනි පුද්ගලයින් මසකට කිහිප වාරයක් උදර කුහරය තුළ වන තරලය ඉවත් කරවා ගැනීම, රෝහල් ගත වීමද සිදු වෙයි. උදරයේ පැහැදිලි දිළිසුමක් රුධිර නාල දිස්වීමක් සිදු වෙයි. ඉදිමීම ශරීරයේ වම් හා දකුණු පසවල සමමිතික වූවකි.
වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩාළ වීම ද ශරීරයේ ඉදිමීමකට තුඩු දෙන තවත් වැදගත් හේතු සාධකයකි. වකුගඩු වල අභ්‍යන්තර ඉන්ද්‍රීය ආසාදනය, නෙප්රොටික් සහ ලක්ෂණයන්, තීව්ර සහ දිගු කාලීන වකුගඩු අක්‍රියතාවය (Renal Failure) මේ අතර ප්‍රධාන වෙයි. මුහුණ හා පාද වල ඉදිමීම ප්‍රධාන වන අතර ඉන් පසුව මුළු ශරීරයේ ම ඉදිමීම පැතිර යයි. ස්වසනය අපහසු වෙයි. බොහෝ අවස්ථා වලදී රුධිර පීඩනය ඉහළ යාමද සිදු වෙයි.
පෙර පාසල් යන වයසේ කුඩා ළමයින් අතර ශරීරයේ ඉදිමීමට ප්‍රධානතම හේතුවක් වන්නේ නෙප්රොටික් සහලක්ෂණයයි. මෙහි දී මුත්‍රා සමග ප්‍රොaටීන පිටවීම කැපී පෙනෙන රෝග ලක්ෂණයකි. මන්ද පෝෂණ තත්ත්වයන් ගෙන් පෙළෙන කුඩා ළමයින් ද ශරීරයේ උදරයේ ඉදිමීමට ලක් වන බව පෙනෙයි. හිස කුඩා, අතපය කෙට්ටු එහෙත් විශාල උදරයක් පවතින ළමයින් ඉතා දිළිඳු ගම්මාන වල දැකිය හැක්කේ මේ නිසාවෙනි. මන්ද පෝෂණ තත්ත්වය සමඟ ශරීරයේ රුධිර ප්‍රොaටීන මට්ටම පහත වැටීම මෙම ඉදිමීමය හේතුවයි.
පිළිකා රෝගී තත්ත්ව වලදී ද ශරීරයේ ඉදිමීමක් දැකිය හැකිය. පිළිකාවක් ද්විතියීකව පැතිර යාමේදී වසාගැටිති හා රුධිර නාල වලට පැතිර ගොස් ඒවා අවහිර වීම මෙයට මූලික වෙයි. උදර කුහරය තුළ ඉන්ද්රියයන් ගේ විශාල වීම්, ගෙඩි හෝ පිළිකා තත්ත්ව වලදී උදරය තුළ රුධිර හා වසා ගමන අවහිර වන විට තනි පාදයක හෝ පාද දෙකෙහි ම ඉදිමීමක් ඇති වෙයි. ගර්භාෂයේ ගෙඩි, වසා ගැටිති පිළිකා, පුරස්ථි ග්‍රන්ථි පිළිකා මේ අතර ප්‍රධානය. සමහර පිළිකාවන් ද්විතියික ව පැතිර ගොස් ප්‍රාදේශීය රුධිර නාල වසා අවහිර කරන විට එම ප්‍රදේශයේ ඉදිමීමක් ඇති වෙයි. පපුව ප්‍රදේශයේ පවතින එවැනි පිළිකාවක් නිසා මුහුණ හෝ අත්වල ඉදිමීමක් ඇති වෙයි.
බරවා රෝගයේ දි ශරීරයේ අත්, පාදවල ඉදිමීමක් ඇති වෙයි. සමහරවිට පියයුරු යෝනි තොල් හෝ වෘෂණ කෝෂ ද ඉදිමෙයි. බොහෝ විට අසමමීතික ලෙස එනම් එක් කොටසක පමණක් ඉදිමීම සිදුවෙයි. පාද වල ඉදිමීම ප්‍රධාන ය. කොකු පණු වැනි පරපෝෂී රෝග වලදී ද පාද වළලූකර ඉදිමීම සිදු වෙයි. ශරීරයේ සමට විෂබීජ ඇතුළු වී ආසාදනය වන සෙලියුලයිට්ස් රෝගයේ දී ද අදාළ අත හෝ පාදය ඉදිමෙයි. රතු වෙයි. උෂ්ණත්වය ඉහළ යයි. අසාත්මික ප්‍රතික්‍රියා (Allergy) නිසා ද මුහුණ අතපය ඉදිමීමක් සිදු වෙයි. සමහර කෘමි හෝ සර්ප දෂ්ඨනයේදී ද මේ තත්ත්වය ඇතිවෙයි.
මේ අනුව ශරීරයේ ඉදිමීමක් ඇති වන අවස්ථාවල දී කල් මරමින් ගොඩ වෙදකම් නොකොට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී වෛද්‍ය උපදෙස් වලට යොමු වීම ඉතා වැදගත්.
වෛද්‍ය ජී. ජී. චමල් සංජීව
ජපානයේ ඇති වූ න්‍යෂ්ඨික පිපිරීමත් සමඟ අන්කවරදාටත් වඩා සමාජය තුළ විකිරණ පිළිබඳ කතාබහ කරන්නට පටන්ගෙන තිබෙනවා. ශරීරයට අහිතකර බව කියන විකිරණ වෛද්‍ය විද්‍යාව තුළ රෝග නිර්ණය හා ප්‍රතිකාර සඳහා බහුලව භාවිත කෙරේ.
මේ පිළිබඳ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ න්‍යෂ්ඨික වෛද්‍ය විශේෂඥ දමයන්ති නානායක්කාර මහත්මිය දක්වන අදහස් මෙසේය.
ජපානයේ න්‍යෂ්ඨික බලාගාරයක ඇතිවූ පිපිරීමත් සමඟ විකිරණ ද්‍රව්‍ය වායුගෝලයට නිකුත් වුණා. මෙම විකිරණ මගින් ශ්‍රී ලංකාවේ ජනතාවට යම් බලපෑමක් සිදුවිය හැකිද?
මෙම න්‍යෂ්ඨික පිපිරීමත් සමඟ විකිරණ අයඩීන් (Radioactive Iodine 131 ) - I 131 හා සීසියම් - 137 ( Ce 137) වායුගෝලයට නිකුත්ව තිබෙන බව අන්තර්ජාතික පරමාණු අධිකාරිය තහවුරුකර තිබෙනවා. සාමාන්‍ය වායුගෝලයේ ( Natgural Background ) 0.1 ysv/h කිරණ තිබෙනවා. මෙම පිපිරීම සිදු වූ මුල් අවස්ථාවේ මෙම අගය විසිගුණයකින් පමණ වැඩි වූ බවත් මේ වන විට එය සාමාන්‍ය තත්ත්වයට ආසන්න මට්ටමකට අඩු වී තිබෙන බවත්, අන්තර්ජාතික පරමාණු අධිකාරිය පවසනවා. විකිරණශිලි අයඩින් වල අර්ධ ආයුකාලය (Half Life ) සාමාන්‍යයෙන් දින 08ක් බව අප අමතක නොකළ යුතුයි.
මෙය මිනිස් සිරුරකට ඇතුළු වුනාම අපි එයට Biological half Life කියනවා. මිනිස් සිරුර තුළදි මෙහි ක්ෂය වීම තවත් ඉක්මන් වෙනවා. ජපානය සහ ශ්‍රී ලංකාව අතර දුර සැලකීමේදී මෙම කිරණ මගින් අපට ඇතිවිය හැකි අවධානම නොසැලකිය හැකි මට්ටමක පවතිනවා. බලාගාරයෙන් නිකුත් වූ Cesium 137 විකිරණ ශිලි මූලද්‍රව්‍ය දිර්ඝ ආයු කාලයක් පවතින එකක්. එහි අර්ධ ආයු කාලය වසර 30ක් පමණ වෙනවා.
එමඟින් මිනිස් සිරුරට යම් ආකාරයක රෝග ඇතිකරන බව වාර්තා වී නැහැ. මේ නිසා අපි විකිරණ ශරීර ගතවී පිළිකා ඇතිවේයැයි අනියත බියක් ඇතිකර නොගත යුතුයි. වැදගත්ම කාරණය අපි මේ අනියත බියක් ඇතිකර ගෙන තිබෙන විකිරණ වර්ග වෛද්‍ය විද්‍යාව තුළ රෝග නිර්ණය කිරීමටත් ප්‍රතිකාර සඳහාත් ලෝකයේ සෑම රටකම ප්‍රයෝජනයට ගැනීමයි.
රෝග ප්‍රතිකාර හා පර්යේෂණ සඳහා විකිරණ ප්‍රයෝජනයට ගන්නේ කොහමද?
මෙයට වසර 60 කට පෙර තෛරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට මෙය භාවිත කළා. එදා සිට මේ දක්වා තෛරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා රෝගීන් සඳහා විකිරණශීලි අයඩින් හැර වෙනත් ඖෂධයක් නැහැ. විකිරණශීලි අයඩින් භාවිත කළොත් තෛරොයිඩ් පිළිකා රෝගීන් 90% ක් අපට නිට්ටාවට සුව කළ හැකියි. පුද්ගලයකුගේ අයඩින් ඌනතාව බලාගන්න, තෛරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය බලාගන්ට විකිරණශීලි අයඩින් අපිට අත්‍යවශ්‍යයි.
මේ පසුබිම තුළ න්‍යෂ්ඨික බලගාරයකින් විකිරණශිලි අයඩින් වායුගෝලයට මුදාහැරුණු පමණින් සැතපුම් දහස් ගණනක් ඈතින් සිටින අපි ඊට බිය විය යුතු නැහැ. එයට හේතුව රෝගීන්ට ප්‍රතිකාර කරන්න මේ විකිරණ භාවිත කරන නිසයි. විකිරණ සුළු ප්‍රමාණයක් ශරීරගතවී රෝගී වූවන් පිළිබඳ වාර්තා ලොව කිසිදු රටකින් වාර්තා වී නැහැ.
විකිරණශීලි අයඩින් කෙනෙකුගේ ශරීරයට ඇතුළු විය හැක්කේ කුමන ආකාරයටද ?
සුළගේ පාවී ඇවිත් ශරීරයේ තැවරුනාට, අඳුමක ගෑවුනාට විකිරණශීලි අයඩින් ශරීර ගතවෙන්නේ නැහැ. මෙය ශරීරයට ඇතුළු වෙන්නේ ආහාර සමඟ පමණයි. වායුගෝලයේ අධික ලෙස මෙම අයඩින් තිබුණහොත් ඒවා බිම තැන්පත් වෙනවා. එමඟින් එළවළු වලට, ගවයන් මඟින් එළකිරිවලට මේවා එකතු වීමට පුළුවන්. ඒ ආකාරයෙන් ආහාර ලෙස මේවා ශරීර ගතවීමට හැකියි.
ශරීරයට විකිරණ අයඩින් ඇතුළු වුවහොත් ඒවා ශරීරයෙන් ඉවත් කරන්න ක්‍රමයක් නැහැ. විකිරණශිලි අයඩින් සම්බන්ධ පවතින එකම බය මෙය ආහාර මගින් අපේ තෛරොයිඩ් ග්රන්ථිවලට ඇතුළු වීමට ඉඩ තිබීමයි.
අපේ තෛරොයිඩ් ග්‍රන්ථිය ලුණු සමඟ අප ගන්නා සාමාන්‍ය අයඩින් ලෙස මේ විකිරණ අයඩීන් හඳුනා ගන්නවා. මේවා ශරීරයේ කාලයක් පවතින විට යම් හානි සිදුවීමට පුළුවන්. අපිට අයඩින් ඌනතාවක් පැවතුනොත් තමයි තෛරොයිඩ් ග්‍රන්ථි විකිරණ අයඩින් බාරගන්නේ. නැත්නම් එතනින් එය ප්‍රතික්ෂේප වෙනවා. මේ විකිරණ මුත්‍රා මගින් හා කිරිදෙන මව්වරුන්ගේ කිරි සමඟ පිට වෙන්න පුළුවන්.
රෝගින්ට විකිරණ ප්‍රතිකාර ලබාදීමේදී අනුගමනය කරන ජාත්‍යන්තර ප්රමිතීන් තිබෙනවා නේද?
ජාත්‍යන්තර විකිරණ ආරක්ෂාකාරි කොමිසම (International Commission of Radiation Protection ) මගින් ලොව පුරා දැනුවත් කිරීම් සිදුකර තිබෙනවා විකිරණ ප්‍රතිකාර ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රම උපායෙන්. ඒවා ඉටු කිරීමට නීතිමය වශයෙන් අප බැඳී සිටිනවා. විකිරණ ප්‍රතිකාර ලබා දිය යුතු ප්‍රමාණය ඔවුන් නියමකර තිබෙනවා.
වයස, බර හා රෝගී තත්ත්වය අනුව කෙනෙකුට විකිරණ ප්‍රතිකාර දෙන ප්‍රමාණය වෙනස්විය හැකියි. සාමාන්‍ය පරිසරයේ ඛ්රණ පවතින නිසා අපේ ශරීරයට ඒවා ඇතුළුවීමට පුළුවන්. වසරකට සාමාන්‍ය කෙනෙකුට ධ්ර්ඉඍ ප්‍රමාණයක් විකිරණ ශරීරයට ඇතුළුවීමට පුළුවන්.
ස්කෑන් හා IMSV පරීක්ෂණවලට භාජනය වූවන්ගේ මෙම අගය තරමක් වැඩිවෙන්න පුළුවන්. න්‍යෂ්ඨික අංශයට අදාළ රැකියා කරන වෛද්‍යවරු, හෙදියන් හා කාර්මික නිලධාරීන්ගේ ශරීරයට වසරකට 5mSV සිට Z0msv දක්වා විකිරණ ශරීරයට සාමාන්‍යයෙන් ඇතුළුවිය හැකි ඉඩක් තිබෙනවා. කිරණවලට භාජනය වීම අපට වළක්වන්න බැහැ. එනමුත් අපිට එය හැකිතරම් අවම කර ගැනීමට පුළුවන්.
විකිරණ උපයෝගි කරගෙන වෛද්‍ය ප්‍රතිකාර හා පරීක්ෂණ සිදු කෙරෙන්නේ කොයි ආකාරයටද?
විශේෂයෙන් තෛරොයිඩ් ග්‍රන්ථිවල රෝග තත්ත්වයන් නිර්නය කිරීමටත් ප්‍රතිකාර කිරීමටත් අයඩින් විකිරණ යොදා ගන්නවා. ඉන් නිකුත්වන බීටා කිරණ (B) ප්‍රතිකාර සඳහාත් ගැමා කිරණ (r ) රෝග නිර්නයට අවශ්‍යය ස්කෑන් පරීක්ෂණ සඳහාත් යොදා ගන්නවා.
මෙයට අමතරව මොළයේ, හෘද වස්තු වේ, අක්මාවේ, වකුගඩු වල, අන්ත්‍රවල, ගර්භාෂයේ , පෙනහළු ආශි‍්‍රත රෝග තත්ත්වයන් නිරීක්ෂණය සඳහා අවශ්‍ය ස්කෑන් (Scan) පරීක්ෂණ සියල්ල සඳහා යොදා ගන්නේ Tc 99mm විකිරණශිලි මූලද්‍රව්‍යයි. මෙහි අර්ධ ආයු කාලය පැය හයයි. එමඟින් නිකුත් කෙරෙන්නේ ගැමා කිරණ පමණක් නිසා මෙය භාවිත කළ හැක්කේ රෝග හඳුනා ගැනීමට පමණයි.
මේ කිරණ සමඟ එක් එක් අවයවයට වෙන් වූ ඖෂධ (Radiopharma ceutical) මිශ්‍රකර ශරීරයට යවනවා.Tc 99m ශරීරය පුරා ගමන්කරන අතර ඒ සමඟ මිශ්‍රව ඇති ඖෂධය ඊට සංවේදී අවයවය තුළ තැන්පත් වෙනවා. එමඟින් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගත හැකියි. පිළිකාවක් ශරීරයේ ඇට මිදුල්වලට ගිහින්ද කියලා බලාගන්න ලෝකයේ මේ විකිරණ ශරීරගත කිරීමේ ක්‍රමය හැර වෙනත් යමක් නැහැ. ලෝකයේ වැඩිම පිරිසක් කිරණවලට භාජනය වෙන්නේ සී. ටී. ස්කෑන් පරීක්ෂාව මගිනුයි. එහිදී ශරීරයට ඇතුළු වන්නේ X - කිරණයි.
අත්‍යවශ්‍යම අවස්ථාවක හැර පුද්ගලයකුගේ ශරීරයට මෙම කිරණ ඇතුළු කිරීම නුසුදුසු බව වෛද්‍යවරු නිරතුරුව පවසනවා නේද?
පිළිතුර - ඔව්. මිනිස්සු අනවශ්‍ය ලෙස මේ කිරණවලට ලක් නොවිය යුතුයි. ජාත්‍යන්තර ප්රමිතීන් පවා ඒ සඳහා ලබා දී ඇත්තේ ඒ නිසයි. එංගලන්තයේ පවා 40% ක් පමණ කිරණවලට මිනිසුන් භාජනය වන්නේ අනවශ්‍යය පරීක්ෂණ නිසයි. මෙම ප්‍රවණතාව අපේ රටේත් දැකිය හැකියි. කිරණ පරීක්ෂාවකට ලක්ව ලබාගත් වාර්තාව ටික දවසකින් සමහරු නැතිකර ගන්නවා. ප්‍රතිකාර ගන්න එනකොට ඒක ගේන්නේ නැහැ. ඊට පස්සේ බොරුවක් කියලා ආයෙමත් පරීක්ෂාවක් කර ගන්නවා. එක් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගෙන වෙනත් වෛද්‍යවරයෙකු වෙත ගියාම පරීක්ෂණ නැවත කරනවා.
සමහරු වෛද්‍යවරයා දැනුවත් නොකර හිතුමතේ පරීක්ෂණ කර ගන්නවා. මෙය ලොව පුරාම පවතින විශාල ගැටලුවක්. විශේෂයෙන්ම X - කිරණ පරීක්ෂණ තමන්ට හිතුන වෙලාවක මිනිස්සු කරගන්න පුරුදුවෙලා. මෙය ඉතාම හානිකර තත්ත්වයක්. වෛද්‍ය උපදෙස් නොමැතිව මේ පරීක්ෂණ රෝගියෙකුට හිතුමතේ කර ගන්න නීතියෙන් ඉඩක් නැහැ. ඒත් විශේෂයෙන් X - කිරණ පරීක්ෂණ කෙරෙනවා. මෙයත් නුසුදුසු බව රෝගීන් නිරතුරුව සිහියේ තබාගෙත යුතුයි. මේ නීති රීති දාලා මෙවා පාලනය කරලා තියෙන්නේ මිනිස්සු අනවශ්‍යය ලෙස කිරණවලට භාජනය වීම වැළැක්වීමටයි.
විශේෂයෙන්ම ගැබිණි මව්වරුන් හා කිරිදෙන මව්වරුන් ඒ පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කිරීම ඉතාම වැදගත්, කිරණ ප්‍රතිකාර ලබාදීමට පෙර කාන්තාවක් නම් ඇය ගැබිණියක්ද යන්න සැකහැර දැනගැනීමට අප පරීක්ෂණ සිදුකරනවා. ගැබ්ගෙන සිටියහොත් මෙරට නීතිය අනුව අපට එය ඉවත් කරන්න බැහැ.
ඒ නිසා දරු ප්‍රසූතිය සිදුවන තුරු ඇයට කිරණ ප්‍රතිකාර සිදුකරන්න බැහැ. කිරි දෙන මවක් නම් විකිරණ ප්‍රතිකාර ලබාගත් අවස්ථාවේ සිට මාස හයක් යනතුරු දරුවාට මව්කිරි දීමෙන් වලකින්න ඕන. මොකද කිරි මගින් දරුවාට විකිරණ ඇතුළුවීමේ හැකියාවක් තිබෙනවා.

නිතරම විකිරණ පරික්ෂණ වලට ලක් වීම සුදුසු නැහැ

අසේල කුරුළුවංශ
ඒ ගැන අප විමසුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතාගෙන්. ඔහු ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ ලේකම්වරයායි.
“ළමයා” යනුවෙන් වෛද්‍ය විද්‍යානුකූලව හඳුන්වන්නේ කුමන වයස් මට්ටමක් දක්වා ද යන්න මෙහිදී දැනගත යුතුයි.
අවුරුදු 17 ක් වනතුරු, ළමයින් හැටියට තමයි හඳුන්වන්නේ. නමුත් රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර කරන්නේ වයස 12 දක්වා ළමයින්ට පමණයි.”
“වයස සමඟ සලකද්දී, ඉපදුණු ගමන් දරුවෙකුට උණ ගැනෙනවා නම් එයට හේතුව කිරි අඩුවීම විය හැකියි. එය කිරි උරා බීමේ අඩුවක් හෝ මවගේ කිරි අඩුවීමක් හෝ වන්නත් පුළුවන්. ඒ වගේම විෂබීජයක් නිසා ඉපදුණු ගමන් ම වුණත් බබාට උණ ගැනෙන්න ඉඩ තිබෙනවා.”
දරුවකුගේ උගුර, කන, නාසය ආසාදනය වීම නිසාත් උණ ගැනෙන්න පුළුවන්. උණ ගැනීගෙන එන විටම කලබල වී වෛද්‍යවරයකු හමු වනවාට වඩා ගෙදරදීම මවුපියන් ටිකක් සැලකිලිමත්ව දරුවා කෑම කනවා ද, කිරි බෙනවා ද, වමනය, කැස්ස තියෙනවාද කියා බැලිය යුතුයි.
ශ්වසන මාර්ගය, ආහාර ජීර්ණ පද්ධතිය හෝ වෙනත් ඉන්ද්‍රියයක ආසාදනයක් නිසාත් උණ ඇතිවෙන්න පුළුවන්. උණ සමඟ එන අනෙක් රෝග ලක්ෂණ සසඳා බලා රෝගය හඳුනා ගත යුතුයි.
දරුවෙකුට උණ සමඟ වමනය කරනවානම්, බඩ එළිය යෑම හෝ පාචනය සමඟ බඩේ කැක්කුම් තිබේනම් විෂබීජ නිසා ආහාර මාර්ගයේ ආසාදනයක් ඇති වී ඇති බව සැක කරන්න පුළුවන්.
උණත් සමඟ එන ඔළුව කැක්කුම වැඩිනම් සමහරවිට මොළයට විෂබීජ යාම නිසා එක්කෝ මැනින්ජයිටිස් හෝ එන්සෙෆලයිටිස් වැනි රෝග වැලඳී තිබේ දැයි සැක කරන්න සිදු වෙනවා.
මුත්‍රා මාර්ගයේ ආසාදන නිසා උණ සමඟ එන්නේ බඩ දැවිල්ල, නිතර මුත්‍රා යෑම, දරුවාගේ බර වැඩි නොවීම ආදි ලක්ෂණයි.
පිළිකා, ලියුකේමියා, ලියුෆෝමියා වැනි ලෙඩවලටත් උණ හැදෙන්න ඉඩ තිබෙනවා.
සමහර දරුවන්ට හමේ ආසාදන නිසාත් තවත් සමහරුන්ට දාඩිය නොදැමීම නිසාත් උණ හැදෙන්න පුළුවන්.
සමහර ළමයින්ට උණ ගැනෙන්නේ නිතර, නිතර බෙහෙත් දෙන නිසායි. එය අපි හඳුන්වන්නේ “බෙහෙත් උණ” කියායි.
තවත් සමහර දරුවන්ට උණ ඇති කරන්නේ අම්මලායි. අම්මාගේ මානසික තත්ත්වයත් නිසා සැමවිටම දරුවාට උණ තිබෙන බව කියනවා. Manchanssen Syndrom by Proxy ලෙස අප එය හඳුන්වනවා. එවැනි දරුවන් රෝහලට ගෙන ආවාට ඔවුන්ට කිසිම ලෙඩක් ඇත්තේ නැහැ.
සමහර දරුවන්ට උණ හැදුණාම වලිප්පුවට එනවා. අපි ෆිට් එක කියා කියන්නේ එයටයි. සාමාන්‍යයෙන් මාස 5 - 6 සිට අවුරුදු 6 දක්වා දරුවන්ට උණ වලිප්පුව සැදෙන්න පුළුවන්.
ඒ වෙලාවට දරුවාගේ අතපය දලදඬු වී ගැහෙනවා. මේ තත්ත්වය මිනිත්තු 15 ට වඩා පවතිනවානම් දරුවා පැත්තට හරවාගෙන වෛද්‍යවරයකු වෙත රැගෙන යා යුතුයි. එසේ කරන්නේ දරුවාට හුස්ම ගැනීම පහසු කිරීමටයි. මොනම හේතුවකටවත් දරුවා උඩුබැලි අතට ගෙනියන්න එපා.
අනෙක උණ වලිප්පුව හැදුණාම එය සාමාන්‍යයෙන් වලිප්පුවම ද නැතහොත් මොළයට විෂබීජයක් යෑම නිසා ඇති වූවක් ද යන්න ස්ථිරවම දැනගත යුතුයි. සමහරවිට මවුපියන්ට ළමා කාලයේ උණ වලිප්පුව හැදුණා නම් එය පරම්පරාගතව දරුවාට ද ආ හැකියි.
දරුවෙකුට උණ ඇත්දැයි හරියටම දැන ගැනීම ඉතා වැදගත්. මේ සඳහා උණ කටුව භාවිත කරන ආකාරය ද දැනගත යුතුමයි. ගෙදරක පොඩි දරුවන් සිටීනම් උණ කටුවකුත් ගෙදර තිබිය යුතුමයි.
දරුවාගේ උණ බැලීමට නළලට අත්ල තබා බැලීම සාර්ථක නැහැ.
උණ ගත් පමණින් දරුවෙකුගේ මුහුණින් එය දකින්න බැහැ. නමුත් ඩෙංගු උණ තත්ත්වයේදී මුහුණේ මලානික ගතිය සහ අනෙක් ඩෙංගු රෝග ලක්ෂණ දැකිය හැකියි. උණ මැනීමට උණ කටුවක් භාවිත කරන්නට පෙර පැය කාලක් භාගයක් පමණ දරුවා විවේකීව, සන්සුන්ව තැබීම වැදගත්. හේතුව දරුවාගේ ක්‍රියාකාරිත්වය වැඩිවීම හෝ නොසන්සුන්කමක් ඇති වුවහොත් ඇඟේ උෂ්ණත්වය ද වැඩිවිය හැකි නිසා.
ඒ වගේම උණ කටුව දිව යට තබා උණ බලන්නට තීරණය කරනවානම් දරුවාට පැය භාගයක් පමණ උණුසුම් හෝ සිසිල් ආහාරපාන ලබා නොදීම වැදගත්.
දරුවාගේ උණ බැලීමට කිහිල්ල යටින්, දිව යටින් හෝ ගුද මාර්ගයෙන් උණ කටුව තබා විනාඩියක් 2 ක් පමණ බලා සිටිය යුතු වනවා. මෙහිදී දිව යට හා ගුද මාර්ගයට උණ කටුව දැමු පසු දරුවාව ඉතා සන්සුන්ව තබා ගත යුතුයි. නැතහොත් උණ කටුව කැඩි හානි සිදුවන්න වුණත් ඉඩ තිබෙනවා.
කුඩා දරුවන්ගේ උණ බැලීමට කිහිල්ල යටින් උණ කටුව තබා අත සොලවන්නට නොදී සිටීම පහසුයි. ගුද මාර්ගයෙන් උණ බලනවා නම් උණ කටුවට ග්ලිසරින් වැනි යමක් ආලේප කිරීම අවශ්‍ය වනවා.
කිහිල්ල යටින් උණ මැනීමේදී ඇතැම් විට මුඛයෙන් මනින උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශකයක් පමණ අඩුවීමට ඉඩ ඇති බැවින් කටුවේ පෙන්නුම් කරන ප්‍රමාණයට වඩා අංශක භාගයක් හෝ එකක් එකතු කර ගැනීම වඩා නිවැරැදිය.
මතක තබා ගත යුතු වැදගත්ම කරුණ නම් උණ නැති දරුවකුගේ වුණත් සවස් කාලයේදී වගේම විවිධ ක්‍රියාකාරකම් නිසා උෂ්ණත්වයේ වෙනසක් සිදු වී තිබීමට ඉඩක් ඇති බවයි.
උණ කටුවේ සෙල්සියස් අංශක 36.9 - 37.0 හෝ ෆැරන්හයිට් අංශක 98.4 ට වඩා වැඩිනම් උණ ඇති බව අප හඳුනා ගන්නවා. නමුත් සමහර දරුවන් මෙන්ම වැඩිහිටියන් උපතින්ම ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා වෙනස් වුණු අයත් සිටිනවා. ඒ ගැනත් අවබෝධයකින් කටයුතු කිරීම වැදගත්.
උණ ඇති බව හඳුනා ගත්තා නම්, කලබල විය යුතු නැහැ. මුලින්ම කළ යුත්තේ දරුවාගේ වයසට ගැළපෙන මාත්‍රාව අනුව පැරසිටමෝල් වර්ගයක් ලබා දීමයි.
නමුත් ඇස්පි‍්‍රන් වර්ග ලබාදීම එකවර අනුමත නොකරන්නේ ඩෙංගු වැනි රෝග තත්ත්වයන් ඇත්නම් එය හඳුනා ගැනීමට ඇස්පි‍්‍රන් මඟින් බාධාවක් සිදුවිය හැකි නිසයි. එයට හේතුව සමහර විට ඇස්පි‍්‍රන් ලබා දුන් පසු ද අභ්‍යන්තර ලේ ගැලීම් ඇතිවිය හැකියි. ඩෙංගුවල දී ද අභ්‍යන්තර ලේ ගැලීම් ඇති වනවා. ඇස්පි‍්‍රන් දී තිබුණොත් කුමන හේතුව නිසා ද යන්න අවිනිශ්චිත නිසා පැරසිටමෝල් වර්ග ලබා දීම වඩා ආරක්ෂිතයි.
උණ සෑදී පළමු දිනයේ ම රෝහලකට යෑම අවශ්‍ය නොවුණත් දින 3 ක් පුරා උණ පවතිනවා නම් වහාම ලේ පරීක්ෂාවක් කිරීම ඉතා වැදගත්.
සන්නිපාත උණ නම් ඇතිවන්නේ පඩිපෙළක ආකාරයටයි. ඒ කියන්නේ එන්න එන්න උණ වැඩි වෙනවා.
මැලේරියාව නම් උණ ගැනී දින කීපයක් සුව වී යළි උණ ඇති වනවා.
වෛරසයක් නිසා උණ ගත්තා නම් ඒ උණ දිනපතාම අඩුවැඩි වෙනවා.
ඩෙංගු රෝගයේ දී කලාවන් දෙකකට තමයි උණ හැදෙන්නේ.
මේ සියල්ලම වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කර හඳුනා ගනු ලබනවා. එනිසයි දින තුනකට පසු ලේ පරීක්ෂා කරගන්න කියන්නේ.
මොන හේතුව නිසා උණ ගත්ත ද දරුවාට හොඳින් ආහාරපාන ලබාදීම අත්‍යවශ්‍යයි. එමඟින් දරුවාගේ ප්‍රතිශක්තීකරණ හැකියාව පවත්වා ගැනීමට හේතු වෙනවා. එසේ ආහාර දීමේදී දරුවා අරුචියක් දක්වනවා නම්, ආහාර ටික ටික වැඩි වාර ගණනක් ලබා දිය යුතුයි.
උණ ඇති දරුවාට දියර ලබා දීම ද අත්‍යවශ්‍ය වන්නේ විජලනයෙන් වළක්වා ගැනීමටයි.
අනවශ්‍ය පරිදි දරුවාට රෙදි පෙරවීමෙන් වැළකී සිටිය යුතු අතරම වැඩිපුර ඇඳුම් අන්දවා ඇත්නම් ඒවා ඉවත් කර සැහැල්ලු ආකාරයෙන් සිටීමට සැලැස්වීමත්, දොර ජනේල විවෘත කර යහපත් වාතාශ්‍රයක් ලබා දීමත් අවශ්‍යයි. එයින් ශරීරයේ උණුසුම පිට වී සහනයක් ලැබෙනවා.
තද සෙම හෝ කැස්සක් නැතිනම් කාමර උෂ්ණත්වයේ පවතින සාමාන්‍ය ජලයෙන් තෙත මාත්තු කළ රෙදි කඩකින් මුහුණ නළල තෙත මාත්තු කළ ද වරදක් නැහැ. එයින් ද සිදුවන්නේ ශරීරයේ උෂ්ණත්වය අඩුවී සහනයක් ලැබීමයි.
නමුත් අයිස් තැබීම නම් උණ හැදුණු දරුවෙකුට හොඳ නැහැ.
දරුවෙකුට උණ ගැනී ප්‍රථමාධාර ද ලබා දී පසුව වෛද්‍යවරයකු හමුවීමට ඔබ ගියා නම්, වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. එවිට ඉතාම වැදගත් කාරණය වන්නේ ඒ වෛද්‍යවරයා නියම කළ ඖෂධ ප්‍රතිකාරය අනුමත කාලය තුළ නොකඩවා දරුවාට ලබා දීමයි.
එසේ කීමට හේතුව, සමහර අම්මලා එක බේත් වේලෙන් සුව නොවුණ හොත් වෛද්‍යවරුන් මාරු කිරීම හෝ දරුවාට සුවයක් පෙනේනම් බෙහෙත් නතර කිරීම වැනි ඉතාම නරක වැඩ කරන නිසයි.
වෛද්‍යවරයකු ප්‍රතිජීවක ඖෂධ නියම කරන්නේ, මුත්‍ර ආසාදනයට දින 7 ක් සෙම්ගෙඩිවලට දින 10 ක්, මොළේට විෂබීජ ගොස් තිබේනම් අඩුම වශයෙන් දින 21 ක් වශයෙනි. බැක්ටිරියා දිලිරයක් මඟින් ඇතිවන රෝග සඳහා විවිධ දින ගණන් ප්‍රතිජීවක ඖෂධ නියම කරයි.
මේ නියමිත කාලය පුරා බෙහෙත් ලබා නොදීම නිසා දරුවාට හානි දෙකක් සිදුවිය හැකියි. එකක් රෝගය නියමාකාරයෙන් සුව නොවී උත්සන්න තත්ත්වයට පත්වීම. දෙවැන්න ප්රතිජීවකවලට අනුවර්තනය විය හැකි විෂබීජ ඇතිවීම නිසා එනම් එම ඖෂධයට විෂබීජ හුරුවීම නිසා යළිත් එම ඖෂධය ලබා දුන් විට ප්‍රතිචාර නොදැක්වීමයි.
උණ ඇති පුංචි දරුවෙකු ගැන අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු වන්නේ පුංචි දරුවන්ට තමන්ට ඇති අපහසුව පැහැදිලි කිරීමට නොහැකි නිසාය. ඔවුන්ගේ බස හඳුනන මවුපියන් දරුවාගේ අපහසුතා නිවැරැදිව හඳුනාගත යුතුය.
උණ කටුවෙන්ම උණ බලන්න පුරුදුවෙන්න
සමහර ළමයින්ට දාඩිය නොදැමීම නිසත් උණ හැදෙනවා
උණ නොහැදුණු කිසිම කෙනෙක් ඉන්නවා යැයි අපට සිතන්නට බැහැ. මොකද ඕනෑම ලෙඩක රෝග ලක්ෂණය ලෙස මුලින්ම දැකගත හැකි වන්නේ උණ නිසායි. එසේ කීවත් වයස සමඟ උණ හැදෙන හේතු වෙනස් විය හැකියි. ඒ නිසා අද අපි බලමු ළමා වයසට උණ බලපාන්නේ කෙසේ ද? කියා.![]() |
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා |
“ළමයා” යනුවෙන් වෛද්‍ය විද්‍යානුකූලව හඳුන්වන්නේ කුමන වයස් මට්ටමක් දක්වා ද යන්න මෙහිදී දැනගත යුතුයි.
අවුරුදු 17 ක් වනතුරු, ළමයින් හැටියට තමයි හඳුන්වන්නේ. නමුත් රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර කරන්නේ වයස 12 දක්වා ළමයින්ට පමණයි.”
“වයස සමඟ සලකද්දී, ඉපදුණු ගමන් දරුවෙකුට උණ ගැනෙනවා නම් එයට හේතුව කිරි අඩුවීම විය හැකියි. එය කිරි උරා බීමේ අඩුවක් හෝ මවගේ කිරි අඩුවීමක් හෝ වන්නත් පුළුවන්. ඒ වගේම විෂබීජයක් නිසා ඉපදුණු ගමන් ම වුණත් බබාට උණ ගැනෙන්න ඉඩ තිබෙනවා.”
දරුවකුගේ උගුර, කන, නාසය ආසාදනය වීම නිසාත් උණ ගැනෙන්න පුළුවන්. උණ ගැනීගෙන එන විටම කලබල වී වෛද්‍යවරයකු හමු වනවාට වඩා ගෙදරදීම මවුපියන් ටිකක් සැලකිලිමත්ව දරුවා කෑම කනවා ද, කිරි බෙනවා ද, වමනය, කැස්ස තියෙනවාද කියා බැලිය යුතුයි.
ශ්වසන මාර්ගය, ආහාර ජීර්ණ පද්ධතිය හෝ වෙනත් ඉන්ද්‍රියයක ආසාදනයක් නිසාත් උණ ඇතිවෙන්න පුළුවන්. උණ සමඟ එන අනෙක් රෝග ලක්ෂණ සසඳා බලා රෝගය හඳුනා ගත යුතුයි.
දරුවෙකුට උණ සමඟ වමනය කරනවානම්, බඩ එළිය යෑම හෝ පාචනය සමඟ බඩේ කැක්කුම් තිබේනම් විෂබීජ නිසා ආහාර මාර්ගයේ ආසාදනයක් ඇති වී ඇති බව සැක කරන්න පුළුවන්.
උණත් සමඟ එන ඔළුව කැක්කුම වැඩිනම් සමහරවිට මොළයට විෂබීජ යාම නිසා එක්කෝ මැනින්ජයිටිස් හෝ එන්සෙෆලයිටිස් වැනි රෝග වැලඳී තිබේ දැයි සැක කරන්න සිදු වෙනවා.
මුත්‍රා මාර්ගයේ ආසාදන නිසා උණ සමඟ එන්නේ බඩ දැවිල්ල, නිතර මුත්‍රා යෑම, දරුවාගේ බර වැඩි නොවීම ආදි ලක්ෂණයි.
පිළිකා, ලියුකේමියා, ලියුෆෝමියා වැනි ලෙඩවලටත් උණ හැදෙන්න ඉඩ තිබෙනවා.
සමහර දරුවන්ට හමේ ආසාදන නිසාත් තවත් සමහරුන්ට දාඩිය නොදැමීම නිසාත් උණ හැදෙන්න පුළුවන්.

තවත් සමහර දරුවන්ට උණ ඇති කරන්නේ අම්මලායි. අම්මාගේ මානසික තත්ත්වයත් නිසා සැමවිටම දරුවාට උණ තිබෙන බව කියනවා. Manchanssen Syndrom by Proxy ලෙස අප එය හඳුන්වනවා. එවැනි දරුවන් රෝහලට ගෙන ආවාට ඔවුන්ට කිසිම ලෙඩක් ඇත්තේ නැහැ.
සමහර දරුවන්ට උණ හැදුණාම වලිප්පුවට එනවා. අපි ෆිට් එක කියා කියන්නේ එයටයි. සාමාන්‍යයෙන් මාස 5 - 6 සිට අවුරුදු 6 දක්වා දරුවන්ට උණ වලිප්පුව සැදෙන්න පුළුවන්.
ඒ වෙලාවට දරුවාගේ අතපය දලදඬු වී ගැහෙනවා. මේ තත්ත්වය මිනිත්තු 15 ට වඩා පවතිනවානම් දරුවා පැත්තට හරවාගෙන වෛද්‍යවරයකු වෙත රැගෙන යා යුතුයි. එසේ කරන්නේ දරුවාට හුස්ම ගැනීම පහසු කිරීමටයි. මොනම හේතුවකටවත් දරුවා උඩුබැලි අතට ගෙනියන්න එපා.
අනෙක උණ වලිප්පුව හැදුණාම එය සාමාන්‍යයෙන් වලිප්පුවම ද නැතහොත් මොළයට විෂබීජයක් යෑම නිසා ඇති වූවක් ද යන්න ස්ථිරවම දැනගත යුතුයි. සමහරවිට මවුපියන්ට ළමා කාලයේ උණ වලිප්පුව හැදුණා නම් එය පරම්පරාගතව දරුවාට ද ආ හැකියි.
දරුවෙකුට උණ ඇත්දැයි හරියටම දැන ගැනීම ඉතා වැදගත්. මේ සඳහා උණ කටුව භාවිත කරන ආකාරය ද දැනගත යුතුමයි. ගෙදරක පොඩි දරුවන් සිටීනම් උණ කටුවකුත් ගෙදර තිබිය යුතුමයි.
දරුවාගේ උණ බැලීමට නළලට අත්ල තබා බැලීම සාර්ථක නැහැ.
උණ ගත් පමණින් දරුවෙකුගේ මුහුණින් එය දකින්න බැහැ. නමුත් ඩෙංගු උණ තත්ත්වයේදී මුහුණේ මලානික ගතිය සහ අනෙක් ඩෙංගු රෝග ලක්ෂණ දැකිය හැකියි. උණ මැනීමට උණ කටුවක් භාවිත කරන්නට පෙර පැය කාලක් භාගයක් පමණ දරුවා විවේකීව, සන්සුන්ව තැබීම වැදගත්. හේතුව දරුවාගේ ක්‍රියාකාරිත්වය වැඩිවීම හෝ නොසන්සුන්කමක් ඇති වුවහොත් ඇඟේ උෂ්ණත්වය ද වැඩිවිය හැකි නිසා.
ඒ වගේම උණ කටුව දිව යට තබා උණ බලන්නට තීරණය කරනවානම් දරුවාට පැය භාගයක් පමණ උණුසුම් හෝ සිසිල් ආහාරපාන ලබා නොදීම වැදගත්.

කුඩා දරුවන්ගේ උණ බැලීමට කිහිල්ල යටින් උණ කටුව තබා අත සොලවන්නට නොදී සිටීම පහසුයි. ගුද මාර්ගයෙන් උණ බලනවා නම් උණ කටුවට ග්ලිසරින් වැනි යමක් ආලේප කිරීම අවශ්‍ය වනවා.
කිහිල්ල යටින් උණ මැනීමේදී ඇතැම් විට මුඛයෙන් මනින උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශකයක් පමණ අඩුවීමට ඉඩ ඇති බැවින් කටුවේ පෙන්නුම් කරන ප්‍රමාණයට වඩා අංශක භාගයක් හෝ එකක් එකතු කර ගැනීම වඩා නිවැරැදිය.
මතක තබා ගත යුතු වැදගත්ම කරුණ නම් උණ නැති දරුවකුගේ වුණත් සවස් කාලයේදී වගේම විවිධ ක්‍රියාකාරකම් නිසා උෂ්ණත්වයේ වෙනසක් සිදු වී තිබීමට ඉඩක් ඇති බවයි.
උණ කටුවේ සෙල්සියස් අංශක 36.9 - 37.0 හෝ ෆැරන්හයිට් අංශක 98.4 ට වඩා වැඩිනම් උණ ඇති බව අප හඳුනා ගන්නවා. නමුත් සමහර දරුවන් මෙන්ම වැඩිහිටියන් උපතින්ම ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා වෙනස් වුණු අයත් සිටිනවා. ඒ ගැනත් අවබෝධයකින් කටයුතු කිරීම වැදගත්.
උණ ඇති බව හඳුනා ගත්තා නම්, කලබල විය යුතු නැහැ. මුලින්ම කළ යුත්තේ දරුවාගේ වයසට ගැළපෙන මාත්‍රාව අනුව පැරසිටමෝල් වර්ගයක් ලබා දීමයි.
නමුත් ඇස්පි‍්‍රන් වර්ග ලබාදීම එකවර අනුමත නොකරන්නේ ඩෙංගු වැනි රෝග තත්ත්වයන් ඇත්නම් එය හඳුනා ගැනීමට ඇස්පි‍්‍රන් මඟින් බාධාවක් සිදුවිය හැකි නිසයි. එයට හේතුව සමහර විට ඇස්පි‍්‍රන් ලබා දුන් පසු ද අභ්‍යන්තර ලේ ගැලීම් ඇතිවිය හැකියි. ඩෙංගුවල දී ද අභ්‍යන්තර ලේ ගැලීම් ඇති වනවා. ඇස්පි‍්‍රන් දී තිබුණොත් කුමන හේතුව නිසා ද යන්න අවිනිශ්චිත නිසා පැරසිටමෝල් වර්ග ලබා දීම වඩා ආරක්ෂිතයි.
උණ සෑදී පළමු දිනයේ ම රෝහලකට යෑම අවශ්‍ය නොවුණත් දින 3 ක් පුරා උණ පවතිනවා නම් වහාම ලේ පරීක්ෂාවක් කිරීම ඉතා වැදගත්.
සන්නිපාත උණ නම් ඇතිවන්නේ පඩිපෙළක ආකාරයටයි. ඒ කියන්නේ එන්න එන්න උණ වැඩි වෙනවා.
මැලේරියාව නම් උණ ගැනී දින කීපයක් සුව වී යළි උණ ඇති වනවා.
වෛරසයක් නිසා උණ ගත්තා නම් ඒ උණ දිනපතාම අඩුවැඩි වෙනවා.
ඩෙංගු රෝගයේ දී කලාවන් දෙකකට තමයි උණ හැදෙන්නේ.

මොන හේතුව නිසා උණ ගත්ත ද දරුවාට හොඳින් ආහාරපාන ලබාදීම අත්‍යවශ්‍යයි. එමඟින් දරුවාගේ ප්‍රතිශක්තීකරණ හැකියාව පවත්වා ගැනීමට හේතු වෙනවා. එසේ ආහාර දීමේදී දරුවා අරුචියක් දක්වනවා නම්, ආහාර ටික ටික වැඩි වාර ගණනක් ලබා දිය යුතුයි.
උණ ඇති දරුවාට දියර ලබා දීම ද අත්‍යවශ්‍ය වන්නේ විජලනයෙන් වළක්වා ගැනීමටයි.
අනවශ්‍ය පරිදි දරුවාට රෙදි පෙරවීමෙන් වැළකී සිටිය යුතු අතරම වැඩිපුර ඇඳුම් අන්දවා ඇත්නම් ඒවා ඉවත් කර සැහැල්ලු ආකාරයෙන් සිටීමට සැලැස්වීමත්, දොර ජනේල විවෘත කර යහපත් වාතාශ්‍රයක් ලබා දීමත් අවශ්‍යයි. එයින් ශරීරයේ උණුසුම පිට වී සහනයක් ලැබෙනවා.
තද සෙම හෝ කැස්සක් නැතිනම් කාමර උෂ්ණත්වයේ පවතින සාමාන්‍ය ජලයෙන් තෙත මාත්තු කළ රෙදි කඩකින් මුහුණ නළල තෙත මාත්තු කළ ද වරදක් නැහැ. එයින් ද සිදුවන්නේ ශරීරයේ උෂ්ණත්වය අඩුවී සහනයක් ලැබීමයි.
නමුත් අයිස් තැබීම නම් උණ හැදුණු දරුවෙකුට හොඳ නැහැ.
දරුවෙකුට උණ ගැනී ප්‍රථමාධාර ද ලබා දී පසුව වෛද්‍යවරයකු හමුවීමට ඔබ ගියා නම්, වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. එවිට ඉතාම වැදගත් කාරණය වන්නේ ඒ වෛද්‍යවරයා නියම කළ ඖෂධ ප්‍රතිකාරය අනුමත කාලය තුළ නොකඩවා දරුවාට ලබා දීමයි.
එසේ කීමට හේතුව, සමහර අම්මලා එක බේත් වේලෙන් සුව නොවුණ හොත් වෛද්‍යවරුන් මාරු කිරීම හෝ දරුවාට සුවයක් පෙනේනම් බෙහෙත් නතර කිරීම වැනි ඉතාම නරක වැඩ කරන නිසයි.
වෛද්‍යවරයකු ප්‍රතිජීවක ඖෂධ නියම කරන්නේ, මුත්‍ර ආසාදනයට දින 7 ක් සෙම්ගෙඩිවලට දින 10 ක්, මොළේට විෂබීජ ගොස් තිබේනම් අඩුම වශයෙන් දින 21 ක් වශයෙනි. බැක්ටිරියා දිලිරයක් මඟින් ඇතිවන රෝග සඳහා විවිධ දින ගණන් ප්‍රතිජීවක ඖෂධ නියම කරයි.
මේ නියමිත කාලය පුරා බෙහෙත් ලබා නොදීම නිසා දරුවාට හානි දෙකක් සිදුවිය හැකියි. එකක් රෝගය නියමාකාරයෙන් සුව නොවී උත්සන්න තත්ත්වයට පත්වීම. දෙවැන්න ප්රතිජීවකවලට අනුවර්තනය විය හැකි විෂබීජ ඇතිවීම නිසා එනම් එම ඖෂධයට විෂබීජ හුරුවීම නිසා යළිත් එම ඖෂධය ලබා දුන් විට ප්‍රතිචාර නොදැක්වීමයි.
උණ ඇති පුංචි දරුවෙකු ගැන අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු වන්නේ පුංචි දරුවන්ට තමන්ට ඇති අපහසුව පැහැදිලි කිරීමට නොහැකි නිසාය. ඔවුන්ගේ බස හඳුනන මවුපියන් දරුවාගේ අපහසුතා නිවැරැදිව හඳුනාගත යුතුය.
සාකච්ඡා කෙළේ - අරුණි මුතුමලී
යමෙකුට පිළිකාවක් වැළඳී ඇතැයි නිශ්චය වශයෙන්ම දැනගත් පසු ඒ පුද්ගලයා භීතියෙන් මුසපත්ව යන්නේ එය බරපතළ අසාධ්‍ය රෝගවලින් එකකට වැටෙන්නක් බැවිනි. තවද මේ අවාසනාවන්ත රෝගයට සෑම වසරකම ලොව ජනගහනයෙන් අවම වශයෙන් මිලියන 09 ක පමණ ප්‍රමාණයක් ගොදුරු වන අතර, ඉන් මිලියන 05 ක් පමණ නිසැක වශයෙන්ම මරුමුවට පත් වේ. ශශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලට හේතු පරීක්ෂා කිරීමේදී පිළිකා රෝගය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව අතින් තුන් වන ස්ථානයටද පත් වී ඇත.
කෙසේ වෙතත් පුද්ගලයකුට වැළදිය හැකි පිළිකා වර්ග අතුරින් ශ්‍රී ලංකාව තුළ බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇති “මුඛ පිළිකා රෝගය” හා ඉන් ආරක්ෂා වීමේ ක්‍රමවේද පිළිබඳ ඔබ දැනුම්වත් කිරීම මේ ලිපියේ මූලික පරමාර්ථයයි.
මුඛ පිළිකාවක් වැළඳීය හැක්කේ කෙසේද?
මුඛ කුහරයේ පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතු බුලත්විට දුම්කොළ සැපීම බව බොහෝ වෛද්‍යවරුන්ගේ අදහසයි. ශශ්‍රී ලංකාව තුළ 1995 වර්ෂයේ දී පමණක් අලුතින් ලියාපදිංචි වූ මුඛ පිළිකා රෝගීන් ගණන 1309 දක්වා ඉහළ ගිය අතර, වසර 2010 වන විට මේ තත්ත්වය දෙගුණ තෙගුණ වී තිබෙනවා. මුඛ පිළිකාව ශශ්‍රී‍්‍ර ලංකාව තුළ පවතින ප්‍රමුඛතම පිළිකාව වශයෙන් තවමත් පෙරමුණේ සිටිනවා.
ශේෂයෙන් දිනකට සපන බුලත් විට වාර ගණන වැඩි කිරීම බුලත්විට සමඟ ගන්නා දුම්කොළ ප්‍රමාණය වැඩිකිරීම මෙන් ම බුලත්විට මුඛය තුළ තබා ගන්නා කාල සීමාව වැඩි වීමත් මුඛ පිළිකා රෝගය වැළඳීමට ඇති සම්භාවිතාව වැඩි කරනවා.
ඇතැම් පුද්ගලයන් රාත්‍රී කාලයේ නින්දට යාමට ප්‍රථම බුලත් විට සැපීමට පුරුදු වී සිටීම නිසා මේ තත්ත්වය වඩාත් අවදානම් වී තිබෙනවා. බුලත් විට කෑමෙන් පසු මුඛය නිසි ලෙස පිරිසුදු නොකිරීම වැනි ක්‍රියා නිසා මුඛය තුළ පිළිකා හට ගැනීමේ අවදානම ඉතා ඉහළ යමින් පවතිනවා.
අද ශශ්‍රී ලංකාව තුළ බහුලවම දක්නට ලැබෙන මුඛ පිළිකාව හඳුනා ගැනීමේ මූලික ලක්ෂණ ලෙස
1. මුඛය තුළ ඉස්මතු වී පෙනෙන සුදු ලප
2. රතු හෝ සුදු ගැටිති සහිත ලප
3. මුඛය තුළ යම් ස්ථානයක රතු පැහැය ගත් ප්‍රදේශයක්
4. මුඛය තුළ ඇති කල් පවතින තුවාලයක්
5. දිව නැමීමට අපහසු වීම හා මුඛය විවෘත කිරීමට අපහසු වීම ආදිය හඳුනාගත හැකියි
එනමුත් ඇතැම් විට මුඛය තුළ ඇති වන ‘සුදු ලප’ ලියුකොප්ලේකියා’ විය හැකි මුත්, එය නිගමනය කළ යුත්තේ වෛද්‍ය පරීක්ෂණයක් මගින් පමණක් බවද අප සැම මතක තබා ගත යුතු වනවා. තවද මුඛ පිළිකා රෝගය නිසා රෝහල්ගත කළ රෝගීන්ගෙන් 93%ක් පමණ පුද්ගලයින් බුලත් සැපීම පුරුද්දක් වශයෙන් කළ අය බවට හඳුනා ගෙන තිබෙනවා. බුලත් සැපීම සඳහා ගන්නා බුලත් පුවක්, හුණු, දුම්කොළ ආදියෙන් කුමන වර්ගයක් මුඛ පිළිකාවට හේතු වන්නේ්දැයි නිශ්චිතවම සොයා ගත නොමැති මුත්, ඒවා සැපීමේදී මුඛයේ ඇති වන උද්දීපනය පිළිකාවට හේතු විය හැකි බව වෛද්‍යවරුන්ගේ අදහසයි.
තවද දුම්පානය පුරුද්දක් වශයෙන් කරන අයට, මුඛය තුළ ඇති කැඩුණ දත් මගින්, මුඛයේ සිදුවිය හැකි තුවාල නිසාද මුඛ පිළිකා වැළඳීමේ අවදානමක් පවතී. එමෙන්ම හිරු එළියෙහි ඇති අහිතකර පාරජම්බුල කිරණ මගින්ද තොල් හා ආශි‍්‍රත මුඛ පිළිකා ඇති විය හැකි අතර, මේ තත්ත්වය යුරෝපා රටවල බහුලව දක්නට ලැබෙන්නකි. මුඛ පිළිකාව මුල් අවධියේ නොසලකා හැරීමෙන් පසුකාලීනව එම රෝගීන් බොහෝ වේදනාකාරී හා අපහසුකාරී අවස්ථාවන්ට පත් වන අතර මේ තත්ත්වය තවත් වර්ධනය වී එය ආහාර ගිලීමට අපහසුවීම කතා කර ගැනීමට අපහසුවීම ආදිය දක්වා බරපතළ වීමේ අවදානමක් පවතිනවා.
මුඛ පිළිකා වළක්වා ගන්නේ කෙසේද?
මෙහිදී තමන් විසින්ම මුඛය ස්වයං පරීක්ෂාවකට ලක් කර ගැනීමෙන් එම රෝගය වැළඳී ඇති හෝ නැති බවට නිශ්චය කර ගත හැකියි. තවද සෑම විටෙකම මුඛ ස්වස්ථතාව (මුඛයේ පිරිසුදුකම) පිළිබඳව ඉතාමත් සැලකිලිමත් වීම කළ යුතුයි.
දිනකට දෙවතාවක්වත් දත් පිරිසුදු කිරීම, දත් පිරිසුදු කිරීමේදී නිවැරැදි කෙඳි සහිත දත් බුරුසුවක් භාවිත කරමින් ක්‍රමානුකූලව දත් පිරිසුදු කිරීම, බුලත් විට හා දුම්කොළ සැපීම අවම කිරීම, බුලත් විට මුඛය තුළ තබා ගන්නා කාල සීමාව අවම කිරීම, රාත්‍රී නින්දට යන විට බුලත් හපය මුව තුළ තබා නොගැනීම හැකි නම් බුලත්විට හා දුම්කොළ සැපීමේ පුරුද්ද අතහැර දැමීම හා සැකයක් ඇති සෑම විටකම වෛද්‍ය උපදෙස් පැතීම ආදී ක්‍රියාවන් මුඛ පිළිකා රෝගය සෑදීමෙන් වැළකීමට උපකාර වන බව මතක තබා ගත යුතුයි.

විශේෂ ස්තූතිය
මහරගම රජයේ පිළිකායතනයේ වෛද්‍ය පි‍්‍රයන්ත
කොරළගේ හෙද නිලධාරිනි ලලිතා පියසිලි පෙරේරා සහ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ යසන්තා රමණී ගෝමස් මහත්ම මහත්මීන්ට
දුමින්ද සෙනරත්
පූර්ව ළමා වියෙහි ඇතිවන දන්ත ව්‍යසනය ලෙස හඳුන්වන්නේ වයස අවුරුදු හයට අඩු දරුවන් අතර ඇතිවන දත් දිරායාමේ තත්ත්වයකි.
දත් දිරා යාමේ රෝගයට වයස අවුරුදු හය ද පනහ ද යන විශේෂත්වයක් නැත. කුමන වයසක දී වුව දත් දිරා යාමේ රෝගයට ගොදුරු විය හැකි නමුත්, ළමයින්ගේ දත් දිරායාමට බලපාන විශේෂ හේතු ද වෙයි.
පූර්ව ළමා වියෙහි දන්ත ව්‍යසනයෙහි රෝග ලක්ෂණ කැපී පෙනෙන ලෙසම වැඩිහිටි දන්ත ව්‍යසන රෝගයෙන් වෙනස් වෙයි.
අවුරුදු හයට අඩු ළමයින්ගේ රෝග ලක්ෂණ වැඩිහිටියන්ට වඩා පැහැදිලිවම වෙනස්ය. වැඩිහිටි දන්ත ව්‍යසනයේ දී දත් එකක් හෝ දෙකක් යටිහනුව පිටුපස ඇති චාර්වක දත්වල ව්‍යසනයේ ලක්ෂණ දැකිය හැකිය.
පූර්ව ළමා වියේ දන්ත ව්‍යසනයේ දී දිරා යන්නේ උඩු ඇන්දේ ඉදිරිපස දත්ය. අනෙක් කරුණ මේ දිරායාම උඩු ඇන්දේ ඉදිරිපස සමමිතික ආකාරයට දත් දෙකක් හෝ හතරක් ආදී වශයෙන් ය.
දත් කිහිපයක් එකවර ඉතා කෙටි කාලයක් තුළ (මාස 3-6) ශීඝ්‍ර ලෙස දිරායෑමට ලක්වීම මෙම රෝගයෙහි ස්වභාවය වේ.
රෝගය හඳුනාගැනීමේදී පළමුව උඩු ඇන්දේ ඉදිරිපස දත් සමමිතික ආකාරයට දත් මතුපිට තොල පැත්තට වන සේ විදුරුමසේ දාරයට වහාම පහළින් සුදු පැහැති හෝ හුණු පැහැති ලප මතුවනු දැකිය හැකිය. මෙම දන්ත ව්‍යසනය පූර්ව මැදි සහ පසු යන අවදි දෙකකට බෙදිය හැකිය. එම ලප මතුවන්නේ පූර්ව අවදියේදීය.
මැදි අවදියේදී එම සුදු පැහැති ලප ක්‍රමයෙන් විශාල වනු දැකිය හැකිය. පැහැය කහ හෝ දුඹුරු පැහැයට හැරේ. පසු අවදියේදී කහ පැහැති හෝ දුඹුරු පැහැති ලප පැහැදිලිව පෙනේ.
මේවා දත් දිරායාම දක්වා පැතිරී දත දුර්වල වේ. එක්තරා අවස්ථාවකදී දතේ කොටස් ගැලවී යයි. අවසානයේදී විදුරුමස අතරින් කළු දත් කොට කැබලි සමූහයක් පමණක් මතුවී පෙනේ.
පූර්ව ළමා වියෙහි දන්ත ව්‍යසනය ඇතිවීමට හේතුව වරින් වර දවස පුරා සීනි එකතු කරන ලද පිටිකිරි බෝතලයෙන් පෙවීමය. විශේෂයෙන්ම රාත්‍රිය පුරා මෙලෙස දරුවාට කිරි පෙවීමද මෙයට හේතුවේ.
දවස පුරා වරින් වර පැණි රසැති හෝ දත්වල ඇලෙන සුලු ආහාර ලබා දී මුඛය පිරිසුදු නොකිරීම ද මීට හේතු වේ. දරුවා පැණි රස කෑමක් කෑ පසු මුඛය සේදීම හෝ ජලය පෙවීමෙන් දත් හා මුඛය පිරිසුදු වෙයි. එසේම දන්ත ව්‍යසනය සහිත මවක් දරුවා සිඹීමෙන්, කෙළ මඟින් හෝ දරුවාගේ අත මවගේ මුඛයට දමා යළි දරුවාගේ මුඛය තුළ රුවීමෙන් දරුවාට දන්ත ව්‍යසනය වැලඳීමට ඉඩ තිබේ.
පූර්ව ළමා වියේ දන්ත ව්‍යසනයෙන් ආරාක්ෂා වීම සඳහා ද මවුකිරි දීම වැදගත් වේ.
මාස හයෙන් පසුව දරුවාට අමතර ආහාර දීම ඇරැඹේ. මවුවරුන් රැකියාවට යන අවස්ථාවල දරුවාට මවුකිරි දොවා තබා යෑමෙන් පිටිකිරි දීම අවම කරගත හැකිය. පිරිසුදුව දොවා ගත් මවුකිරි කාමර උෂ්ණත්වයෙහි පැය 24ක් නරක් නොවී තබා ගැනීමට පුළුවන.
දෙවූ මවුකිරි දරුවාට දෙන විට ඒ වේලට අවශ්‍ය ප්‍රමාණය පමණක් ගෙන මඳ රස්නය ඇති වතුර බඳුනක් තුළ මවුකිරි අඩංගු බඳුන බහා මඳක් උණුසුම් කොට දරුවාට ලබාදීම සුදුසුය.
පිටිකිරි දෙනවා නම් සීනි එක් නොකළ යුතුය. බෝතලය වෙනුවට කෝප්පය සහ හැන්ද පාවිච්චි කිරීම වඩා සුදුසුය. නො එසේ නම් ළදරු පොවන කෝප්පයක් භාවිතා කරන්න. රාත්‍රියටත් මවුකිරි දෙන්න. නින්දට පෙර හොඳින් බඩපිරෙන තුරු ආහාර ලබා දී කිරි දී දත් මැද දරුවා නිදිකරවන්න. හොඳින් කුස පිරුණු විට දරුවා වරින් වර ඇහැරී කිරි බොන්නට උත්සාහ කරන්නේ නැත.
විටින් විට කිරි දීමට සිදු වේ නම් පිටිකිරි වෙනුවට මවුකිරි දෙන්න. ඇහැරෙන වරක් පාසාම පිටිකිරි බෝතලයෙන් දීමට හුරුවී ඇත්නම් ක්‍රමයෙන් එම වාර ගණන අඩු කරන්න. රාත්රියේදී නින්දේදී හෝ අඩ නින්දේදී කිරි බොන විට තොල්වල සහ හකුවල ක්රියාකාරීත්වයක් නැති නිසා කටට කෙළ ඉනීමද සිදුවේ. කෙළ මඟින් මුඛය පිරිසුදු වේ. සූප්පුවෙන් කිරි උරන විට එම කිරි උඩු ඇන්දේ ඉදිරිපස දත් සහ තොල් අතර රැඳේ. එහෙයින් ආපිට උඩු ඇන්දේ දත් දිරායාමට ලක් වේ.
බෝතලයෙන් කිරි දුන් පසුව පිරිසුදු රෙදි කෑල්ලක් ගෙන උණුකර නිවාගත් වතුර ස්වල්පයක් රෙදි කෑල්ලේ තවරා එය මවගේ දබරැඟිල්ල වටේ ඔතා දරුවාගේ් උඩු තොල හා යටි තොල උස්සා හොඳින් මදින්න. එළිවන තුරු දත් ඇලෙනසුලු ස්වභාවය ඉන් අඩුවේ. කිරි නිසා බැඳුණු ස්ථරය ගැලීමෙන් දත්වලට වන හානිය අඩුවේ.
කුඩා කාලයේ සිටම දරුවාට පැණිරස වෙනුවට පලතුරක් දීමට හුරු කිරීම ද වැදගත්ය. දරුවාගේ කිරිදත් මතුවූ දා සිටම උදේ රාත්‍රී ආහාර දීමෙන් පසු දත් මැදීම කළ යුතුය. මවගේ මුඛ සෞඛ්‍යය ද යහපත් මට්ටමක පවත්වාගැනීම මෙම රෝගවලින් මිදීමට උපකාරී වෙයි.
පූර්ව ළමා වියෙහි ඇතිවන දන්ත ව්‍යසනය දරුවාට වේදනාව ගෙන දේ. එය සුව නින්දකට බාධාවකි. කෑමට අප්‍රිය වේ. දත් වේදනාව හේතුවෙන් පාසල් යාමට සහ ඉගෙනීමට බාධා ඇතිවේ. ආසාදනය හේතුවෙන් උණ හා සැරව ගෙඩි ඇතිවේ.
සුදු හෝ දුඹුරු ලප ඇති වීමෙන් දැකීමට අප්‍රිය වේ. දත් දිරායාමෙන් දත් කැඩී ‘පණුකොට’ ලෙස ජනවහරේ හැඳින්වෙන අප්‍රසන්න දත් දෙපෙළක් ඇතිවේ. මෙය දරුවාගේ සුන්දර සිනාවට සහ පෞරුෂත්වයට හානි ගෙන දෙයි. එය මවුපියන්ට ද වේදනාවකි. දත් නිසි පරිදි ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් මැද නිතර මුව පිරිසුදුව තබාගැනීම දන්ත ව්‍යසනයෙන් මිදීමට ඇති හොඳම පිළියමයි.
දන්ත ව්‍යසනය සඳහා ප්‍රතිකාර අවශ්‍ය නොවුණ ද ඉන් වැළකී සිටීමට දරුවන්ට උපකාරී වීම මවුපිය වැඩිහිටි වගකීම වේ.
පිළීකාව සැබෑ පිළීකාවක්මද

පිළිකාව ලොවම වැළඳගත් මාරාන්තික රෝගයක්සේ බොහෝදෙනා සිතන්නකි. වසර 2000 දී ග්ලොබොකුන් (ඨකදඉදජ්බ) දත්ත අනුව ලෝක ජනගහණයෙන් මිලියන 10.1 ක් අලුතින් හඳුනාගත් පිළිකා රෝගින් ලෙසද, මිලියන 22.4 ක් පිළිකාවට ගොදුරු වී ජීවිතය සමඟ පොර බඳිමින්ද පසුවන අතර මිලියන 6.2 ක් පිළිකාව හේතුවෙන් ජීවිතක්ෂයටද පත්වී ඇත. මෙය වසර 1990 දී, එනම් වසර 10 කට ප්‍රථමව තිබූ දත්ත හා සසඳන කල පිළිකා වැලඳීමේ ප්‍රවණතාව 19% කින්ද, එම හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව 18% කින්ද වැඩිවීමකි. පිළිකා රෝග වැළදීමට ඇති හැකියාව ඉදිරියේදී තව වේගවත් වීමට හැකි අතර එය වසර 2020 වනවිටදි 50% වැඩිවීමක්, එනම් අලුතින් හඳුනා ගන්නා රෝගි සංඛ්‍යාව මිලියන 15 දක්වා වැඩිවීමක් සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍යය සංවිධානය අනාවැකි පළකර ඇත.
පිළිකාවට වයස් භේදයක්, ලිංග භේදයක් හෝ සාමාජිය මට්ටමේ වෙනසක් නොමැත. එනමුත් අන්තර්මහාද්වීපිකව සහ අන්තර්වාර්ගිකවද, සමාජිය සහ ආර්ථික විශමතා මතද, පිළිකාවක් සෑදීමේ ප්රවණතාවත් , පිළිකා වර්ගවල වෙනස්කමත් දක්නට පුළුවන. ලෝක ව්‍යාප්තිය ගත්කල පෙනහළු පිළිකා ප්‍රධාන ස්ථානයක් ගනු ලබන අතර, පියයුරු පිළිකා දෙවනුවටත්, මහාන්ත්‍රයේ පිළිකා තෙවැන්නටත් ගත හැක. එනමුත් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන පිළිකා වර්ග වෙනස් ස්වරූපයක් ගනු ලබන අතර එය දියුණුවෙමින් පවතින අනෙකුත් රටවල ඇති පිළිකා රටාවට සමවේ.
මුඛය අවට පිළිකා ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන ප්‍රධානතම පිළිකාවයි. දෙවැනුව පියයුරු පිළිකාය. එලෙස බලන විටදී ලෝක ජයගහණය තුළ ප්‍රථම ස්ථානය ගනු ලබන පෙනහළු පිළිකාවන්ද, ශ්‍රී ලංකාවේ එම ස්ථානය ගනු ලබන මුඛය අවට පිළිකාවන්ද දුම්කොල ආශ්‍රිතව, එනම් දුම්පානය සහ බුලත් භාවිතය වැනි පිළිකාජනක ද්‍රව්‍යයන් නිසා හටගන්නා පිළිකාවන් වේ. මෙවැනි පිළිකා ජනක භාවිතා නොකිරිමෙන්ම අපට පිළිකාව ජයගත හැකි නොවේද?
පිළිකාවක් ආරම්භ වනුයේ එක් සෛලයක ජාන විකෘති වීමක් ආශ්‍රිතවය. මෙම ජාන විකෘතිවීමට භෞතික , රසායනික සහ ජෛවීය පිළිකා ජනක හේතු බලපානු ඇත. පිළිකා රෝගින් සංඛ්‍යාව ඉහල යැමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කිසිම මෙහෙයවීමකින් හා ප්‍රමිතිකරණයකින් තොරව මෙම පිළිකා ජනක ද්‍රව්‍යය ලොවපුරා ව්‍යාප්ත වීමයි.
පිළිකා හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය හැකි ප්‍රධාන රෝග ගත්කල අනුපිළිවලින් පෙනහළු පිළිකාද, ආමාශය සහ අක්මාව සම්බන්ධ පිළිකාද ගත හැක. මේ සියල්ලක්ම දුම්කොල සහ මත්පැන් භාවිතයද, ආහාරපානවල අනිසි රටාවන්හි බලපෑම් නිසාද ඇතිවන පිළිකාවේ. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව මෙවැනි දේ පාලනය කිරීමෙන් පිළිකාවන් 1/3 කින් අවම කරගත හැකි අතර පිළිකා කලින් හඳුනාගැනීමෙන්ද ඊට නිසි ප්‍රතිකාර කිරීමෙන්ද නිට්ටාවට සුවයක් ලබා, පිළිකාවන් තව 1/3 කින් අවම කරගත හැක.
පිළිකා ජනකවලින් බැහැරවීම
පිළිකා ජනක අතුරින් දුම්කොළ සහ එහි ඇති රසායනික ද්‍රව්‍යයන් ප්‍රධාන ස්ථානයක් ගනු ලබයි. දුම්කොල සහ දුම්වැටි භාවිතයෙන් පෙනහලු පිළිකා පමණක් නොව, මුඛය අවට පිළිකා ද, ස්වරාලය, අන්තස්රොaතය, අග්න්‍යාශය, වකුගඩු සහ මුත්‍රාශයේ පිළිකාද හටගනු ඇත. දුම්පානය හේතුවෙන් හටගන්නා පිළිකාවන්, දුම්පානය කරන ලද කාල පරිච්ඡේදයත්, එහි ඇති රසායනික පිළිකා ජනකවලට අනාවරණය වූ තීව්රතාවක් මත රදා පවතී. එබැවින් වයස අවුරුදු 15 දී සිට දිනකට දුම්වැටි 30 ක් පමණ භාවිත කල පුද්ගලයෙක්ම, අවුරුදු 25 දී සිට එලෙසම භාවිත කල කෙනෙකුට වඩා තුන්ගුණයකින් පෙනහලු පිළිකා වැළදීමේ ප්‍රවණතාවක් ඇත.
අද ශ්‍රී ලංකාව තුළ දුම්කොළ සහ දුම්වැටි භාවිතය සඳහා නොයෙකුත් නීතිරීති සම්පාදනය කර තිබුණද, බුලත් සහ දුම්කොල භාවිතය සහ එමගින් සෑදීමට හැකියාවක් ඇති මුඛය අවට පිළිකා සඳහා නිසි උපදෙසක් හෝ පාලනයක් නොමැත. මුඛය අවට ඇතිවන පිළිකාවල ප්‍රධාන පිළිකාජනක ද්‍රව්‍යයන් ලෙස පුවක්, හුණු සහ දුම්කොල බැව් පර්යේෂණ මගින් සනාථ කර ඇතත්, මෙරට මෙවැනි පිළිකාජනකයන් වෙත යොමු වී ඇති අවධානය අල්පය. මෙවන් සෞඛ්‍යයට අහිතකර බුලත් භාවිතයට එරෙහිව ඉන්දියාවේ යම් ප්‍රාන්තවල නීති සම්පාදනය කර ඇත්තේ පිළිකාවලින් ජනතාව මුදාගැනීමට නොවේද?
දුම්කොළ පමණක් නොව අනෙකුත් භෞතික පිළිකා ජනකවන විකිරණ, ඹඪ කිරණ, විද්‍යුත් චුම්භක ක්ෂේත්රද, රසායනික පිළිකා ජනකද, ජෛවීය පිළිකා ජනක වන නොයෙකුත් වෛරස රෝගද මැඩලීමෙන් සහ බැහැරව සිටීමෙන් පිළිකාවලින් ගැලවී සිටීමට හැකිවේ. ලෝ පුරා දැනට භාවිතාවන රසායනික ද්‍රව්‍යය බොහොමයක්ම කෘත්‍රිමව නිෂ්පාදිය වන අතර 1980 දී ඇමෙරිකාව තුළ 45,000 කට අධික ලේඛනගත රසායනික ද්‍රව්‍යය අතුරින් 5500 ක් පමණ පිළිකාජනක වන බැව් සොයාගෙන ඇත.
එපමණක් නොව අප ගන්නා ආහාර පානද පිළිකාවක් සෑදීමට බලපානු ඇත. මෙය බොහෝදුරට ආහාර මාර්ගය ආශ්‍රිතව හටගන්නා පිළිකා වන අතර එයට ආහාරවල සහ ආහාර සුරක්ෂක වල ඇති රසායනික පිළිකාජනක හේතුවේ. රසායනික පොහොර වලින් තොරව නිෂ්පාදිත එළවළු භාවිතය ස්වරාලය, අග්න්‍යාශය, ආමාශය වැනි ඉන්ද්‍රියන් වලද, පලතුරු මගින් මහාන්ත්‍රයේ හටගන්නා පිළිකාද අවම කරගත හැක. ලුණු සහ ලුණු ආශ්රිත ආහාරද, අච්චාරු වැනි ආම්ලික ආහාර වර්ගද බොහෝදුරට ආමාශයේ හටගන්නා පිළිකා හා සම්බන්ධව පවතී. සත්ත්ව මාංශ මහාන්ත්‍රයේ හටගන්නා පිsළිකා ඇතිවීමට තුඩුදෙන සාධකයකි. මෙලෙස බලනකල යෝග්‍යය පරිදි තෝරාගත් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමෙන්ද, දිනපතා ව්‍යායාමවල යෙදීමෙන්ද පිළිකාවලට ගොදුරු නොවී සිටීමට හැකිවේ.
පිළිකාවක් කලින් හඳුනා ගැනීම
ලොවපුරා නොයෙකුත් පිළිකා තීර පිරික්සුම් වැඩසටහන් (Sජරුeබසබට චරදටර්පපැs) ක්‍රියාත්මකව ඇති අතර එමගින් ඉතාමත් හිතකර ප්‍රතිඵලද ලබා ඇත. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කලයුතුවන්නේ බහුලවම දක්නට ලැබෙන පිළිකා සඳහා වන අතර ඇමෙරිකාව, යුරෝපය වැනි දියුණු වූ රටවල පියයුරු පිළිකා සඳහා මෙවන් වැඩසටහන් ක්‍රියාත්මක වේ. එවැනි වැඩසටහන් මගින් පිළිකාවක් කලින් හඳුනාගැනීමත්, නිසි ප්‍රතිකාර කිරීමෙන් එය නිට්ටාවටම සුවකර ගැනීමටත් හැකි අතර පියයුරු පිළිකා සඳහා දියත් කල වැඩසටහන් මගින් ජීවිතක්ෂයට පත්වන රෝගීන් ප්‍රතිශතය 30% පමණ අඩුකරගැනීමට සමහර රටවලට හැකිවී ඇත. මෙවැනි වැඩසටහන් අද ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක නොවන්නේ ඊට අදාලව මූල්‍යම ඵලදායිතාවක් නොලබන හෙයින් සහ මෙවැන්නකට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වන හෙයින්ද වේ. එනමුත් පවුල් සෞඛ්‍යය සේවිකාවන් සහ ප්‍රාථමික සෞඛ්‍යය සේවය ඔස්සේ මෙවැනි වැඩසටහන් දියත් කිරීමෙන් පියයුරු පිළිකාද, ගැබ්ගෙල පිළිකා සහ මුඛය අවට පිළිකාද කලින් හඳුනාගැනීමට හැකියාවක් ඇත.
අද පිළිකාව මුළු ලොවම බිලිගත් "පිළිකාවක්" බවට පත්කර ඇත්තේ අප විසින්මය. සාමාන්‍ය සෛලයක්, පිළිකා සෛලයක් බවට පත්වන විද්‍යාවේදී ක්‍රියාවලිය මිනිස් ඉතිහාසය තුළ වෙනස් වී නොමැති අතර සිදුවී ඇත්තේ පිළිකා ජනක මිනිසා විසින්ම වැඩිකරගැනීම පමණි. එලෙසම එවැනි පිළිකාජනකවලට ඇබ්බැහිවීමත්, අවධානයක් නොදැක්වීමත් ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවල පිළිකාවන් වැඩිවීමට හේතුවී ඇත.
මුල් අවධියේ ඇති පිළිකාවක් කලින්ම හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් නිට්ටාවටම සුවකර ගත හැක. බහුලවම දක්නට ලැබෙන පිළිකා කලින් හඳුනාගැනීමට ඇති ක්‍රම සහ පරික්ෂණවලින් ලැබෙන පිළිකා කලින් හඳුනාගැනීමට ඇති ක්‍රම සහ පරික්ෂණ ශ්‍රී ලංකාව තුළ සීමිත වුවත් ප්‍රධාන රජයේ සහ පුද්ගලික රෝහල්වල මීට පහසුකම් ඇත. එබැවින් පිළිකාජනකවලින් බැහැරව සහ මුල් අවධියේ ඇති පිළිකා නිට්ටාවටම සුවකර ගැනීමෙන් 66% කින් පිළිකාව පරාජය කල හැක. එලෙසනම් පිළිකාව සැබෑ "පිළිකාවක්මද?"
මුඛ දුර්ගන්ධය යනු අප සමාජයේ බොහෝ දෙනාට පාහේ අත් වී ඇති ප්‍රබල ප්රශ්නයකි. මේ සඳහා විසැඳුම් එකිනෙකා එක් එක් ආකාරයෙන් ප්‍රකාශ කරයි. කෙසේ වුවද මේ ගැටලුකාරී තත්ත්වයේ පසුවන පිරිස, එම අර්බූදයෙන් ගැලවීම සඳහා කොතරම් වෙහෙසක් දැරිය යුතුද යන්න හොඳින් ම දන්නවා ඇති.
මුඛ දුර්ගන්ධය bad breath හා halitosis යන නම්වලින් ද හැඳින්වේ. මේ දුර්ගන්ධ තත්ත්වය කෙනෙකුට කඩින් කඩ ඇතිවීමේ හැකියාවක්ද, නැතිනම් නොනවත්වා දිගින් දිගටම තිබීමේ තත්ත්වයක් ද ඇත.
අපි සියලු දෙනාගේ ම මුඛය ඇතුළත බැක්ටීරියා මිලියන ගණනක් ජීවත් වේ. බොහෝ බැක්ටීරියා අපගේ දිවේ ඇතුළටම වන්නට ඇත. මුඛය තුළ ඇති මද උණුසුම් වාතාවරණයත්, මඳ තෙත් ගතියත් නිසා බැක්ටීරියා වර්ධනය පහසු වේ. නින්දෙන් පසුව උදෑසන අවදි වීමෙන් පසු සෑම දෙනාගේ ම පාහේ මුඛයෙන් සියුම් දුර්ගන්ධයක් හමයි. එය සාමාන්‍ය දෙයකි.
Bad breath සඳහා බලපාන හේතුකාරණා ගණනාවක් ඇත. එයින් ප්‍රධානතම යැයි සැලකෙන කරුණු කිහිපයක් මෙලෙස සඳහන් කළ හැකි ය.
* දන්ත සෞඛ්‍ය පිරිහීම – නිතර නිතර ජලයෙන් කට නොසෝදන, සහ දිනකට දෙවරක් දත් නොමැදීම නිසා, ආහාර කැබැලි දත් අතර බැඳී, බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම නිසා දුගඳ හමයි.
* මුඛයේ ඇතිවන විවිධ ආසාධන තත්ත්වයන්.
* ශ්වසන මාර්ගයේ ඇති වී ඇති ආසාධන වැනි තත්ත්වයක්.
* ගන්නා ලද විවිධ ආහාර - සුදු ළූණු, ළූණු, කෝපි
* සිගරැට් පානය කිරීම
* ඛේට ග්‍රන්ථිවල ගැටලු නිසා මුඛය වියළි තත්ත්වයකට පත්වීම.
* රෝගී තත්ත්වයන් – දියවැඩියාව, අක්මාවේ ගැටලු, වකුගඩු ආබාධ,
* මානසික ගැටලු
ඔබට bad breath තත්ත්වයක් ඇතිනම්, එය දැනගැනීම සඳහා ඔබගේම නාසයට එය දැනිය යුතුයි. නැතිනම් කෙනෙකු සමඟ සමීපව කතා කරද්දී, ඔහු හෝ ඇය අඩියක් දෙකක් පස්සට ගියොත් හෝ ඔහුගේ හෝ ඇයගේ මුහුණේ අපි‍්‍රය දනවන බව ඇඟ වෙනවා නම්, එය බොහෝ දුරට මුඛ දුර්ගන්ධය විය හැකිය.
මුඛ දුර්ගන්ධය සඳහා බලපාන ප්‍රධානතම ගැටලුවක් ලෙස සැලකිය හැකි තෙත් ගතියකින් තොර වියළි මුඛයක් පැවැතීම යනු බොහෝ දෙනාට ඇති ප්රශ්නයකි.
ඔබට වියළි මුඛයක් පවතිනවා ද කියා දැනගත හැකි ආකාර කිහිපයක් පවතී. ඔබ ආහාර ගැනීමේ දී ඒවා ගිලීමට අපහසුතාවක් ඇතිවනවා නම් ද, ඔබට වැඩි වේලාවක් අන් අය සමඟ කතා කරමින් පිළිසඳරක යෙදීමේ අපහසුවක් ඇත්නම් ද, කට තුළ දැවිල්ලක් වැනි තත්ත්වයක් ඇතිවනවා නම්ද, ඔබගේ ඇස්වල වියළි බවක් දැනෙනවා නම් ද, ඔබට වියළි මුඛයක් ඇති බව නිර්ණය කළ හැකිය.
ඔබත් මුඛ දුර්ගන්ධයෙන් පෙළෙන කෙනෙක් නම්, විශේෂයෙන් ඔබේ දන්ත සෞඛ්‍ය, මුඛ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතු වේ. අද වෙළෙඳ පොළේ ඇති නොයෙකුත් මුඛ සෝදන දියර [mouth wash] වෛද්‍ය අනුමැතියක් සහිතව පරිහරණය කිරීමෙන් ද, ඔබට මුඛ දුර්ගන්ධ තත්ත්වය මඟහරවා ගත හැකිය. එලෙසම දිනකට නියමිත ප්‍රමාණයට වතුර පානය කර ඔබගේ ඛේටය නිෂ්පාදනය වැඩිකර ගැනීමෙන් මුඛය තෙත්ව තිබීම නිසා මේ තත්ත්වය මඟ හැරී යනු ඇත.
වෛද්‍ය ශිෂ්‍ය
මෙලංක සිරිවර්ධන
හෘදයාබාධ සහ හෘදය ආශ්රිත වෙනත් රෝග අද ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වී ඇත. රෝගාබාධ නිසා මියයන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමේදී වැඩිම පිරිසක් මියයන්නේ හෘදය ආශ්රිත රෝග නිසා බව හෙළිවී ඇත. හෘදය ආශ්රිත රෝගී තත්ත්වයන් ඒ තරමට අද බහුලය.
හෘදයාබාධයක් ඇතිවී ප්‍රතිකාර ගැනීමෙන් පසුවත්, බයිපාස් සැත්කමකින් පසුවත්, කිරීට ධමනිය ආශ්‍රිතව සිදුකෙරෙන ශල්‍යකර්මයකින් පසුවත් හෘද රෝගියා සාමාන්‍ය තත්ත්වයකට පත්කිරීම ඉතාම පරිස්සමින් කළ යුත්තකි. ඒ සඳහා වන සුවිශේෂී වැඩපිළිවෙළක් කලෙක පටන් ජාතික රෝහලේ හෘද රෝග අංශයේ ක්‍රියාත්මක වේ. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු, මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු, හෙදියක, භෞතචිකිත්සකවරයකු, පෝෂණවේදියකු, ඖෂධ වේදියකු ඇතුළු පිරිසක් කණ්ඩායමක් ලෙස එකතුවී හෘද රෝගීන් යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියට දායකවේ.
හෘදයාබාධයක් හටගත් අයකුට හෝ හෘදය ආශ්‍රිතව ශල්‍යකර්මයක් සිදුකළ අයකුට මීට කලකට පෙර සම්පූර්ණ ඇඳ විවේකය ලබාදීම සිදුවිය. එහිදී රෝගියාට ඇඳටම වී සිටීමට නියම විය.
එහෙත් අද තත්ත්වය ඊට වඩා වෙනස්ය. වර්තමානයේදී හෘදය ආශ්‍රිතව සිදුකෙරුණු ශල්‍යකර්මයකින් පසුව සහ හෘදයාබාධයකින් පසුව එම රෝගියා යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා විශේෂිත භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම, ව්‍යායාම මෙන්ම වෙනත් ශිල්පීය ක්‍රමද යොදා ගැනේ. මෙහිදී රෝගියාට රෝහලේ දී දෙනු ලබන මූලික ප්‍රතිකාර, ශල්‍යකර්ම ආදිය “පළමු පියවර” ලෙස සැලකේ. “පළමු පියවරට” අයත් වැඩපිළිවෙළ රෝගියා වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ රෝගියා රෝහලේ ගතකරන කාලය තුළය. එහිදී සෑම රෝගියකු පිළිබඳව තනි තනිව අවධානය යොමු කෙරේ.
හෘදයාබාධයක් හටගෙන ප්‍රතිකාර ලබා සති දෙකකින්, කිරීටක ධමනි ආශ්‍රිතව ශල්‍යකර්මයක් සිදුකර සති දෙකකින්, බයිපාස් සැත්කමක් සිදුකර මාසයකින් පසුව රෝගියකු “දෙවැනි පියවර” ලෙස හඳුන්වනු ලබන වැඩසටහනට සම්බන්ධ කෙරේ. එහිදී රෝගියා පැමිණිය යුත්තේ නිවසේ සිටය. දෙවැනි පියවරේ දී හෘදයාබාධයක් සඳහා බලපානු ලබන අවදානම් සාධක ඉවත් කර ගැනීමට රෝගියාට උපදෙස් ලබා දෙනු ලැබේ. අවදානම් සාධක පිළිබඳව සැලකීමේදී වෙනස් කළ හැකි අවදානම් සාධක සහ වෙනස් කළ නොහැකි අවදානම් සාධක ලෙස කොටස් දෙකක් ඇත. දුම්බීම, අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය, තරබාරුකම ව්‍යායාම මඳකම සහ මානසික ආතතිය වැනි කරුණු වෙනස් කළ හැකි අවදානම් සාධක ලෙස සැලකේ. වයසට යාම, ස්ත්‍රී පුරුෂ බව, ජානමය බලපෑම ආදිය වෙනස් කළ නොහැකි අවදානම් සාධකයන්ය. දියවැඩියාව මේ දෙකටම අයත් සාධකයකි. වෙනස් කළ හැකි අවදානම් සාධකවලින් මිදී නැවත හෘදයාබාධයකට ලක්නොවී සිටීමට “දෙවැනි පියවරේදී” ලැබෙන ප්‍රතිකාර සහ උපදෙස් ඉතාම වැදගත්ය.
”දෙවැනි පියවර” ආරම්භ කිරීමට ප්‍රථම විනාඩි 6ක කාලයක් තුළ රෝගියාට ඇවිද යා හැකි දුර පිළිබඳව සොයා බැලේ. ඉන්පසුව නාඩි වේගය, රුධිර පීඩනය ගණනය කර එම විනාඩි 6ක කාලය ඇවිදීම රෝගියාට දැනුණු ආකාරය විමසා බැලේ. එසේම දෙවැනි පියවරට අයත් ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර හෘදයෙන් ශරීරයට සපයන රුධිරය ප්‍රමාණය ද පිළිබඳව ද සොයා බැලීමක් සිදු කෙරේ. එම අගය 40%කට වඩා වැඩි විය යුතුය. දෙවැනි පියවරට අයත් එම වැඩසටහන සෙනසුරාදා සහ බදාදා යන දෙදින තුළ දින 8ක් පුරා පැවැත්වේ. එම වැඩසටහනට රෝගියා පැමිණිය යුත්තේ ළඟම ඥාතියකු සමඟය. රෝගියාගේ රෝගී තත්ත්වය, ඔහුට ව්‍යායාම කිරීමට උදව් විය යුතු ආකාරය පිළිබඳව රෝගියාගේ ළඟම ඥාතීන් දැනුවත් වීම ඉතා වැදගත්ය.
මෙහිදී රෝගියාගේ වත්මන් තත්ත්වය පිළිබඳව ද ඥාතීන් දැනුවත් විය යුතුය. රෝගියාට වැඩ කළ හැකි ප්‍රමාණය පිළිබඳව නිවැරැදි අවබෝධයක් රෝගියාගේ ඥාතීන් විසින් ලබාගත යුතුය. බොහෝවිට හෘදයාබාධයකට ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව එම පුද්ගලයාට කිසිදු වැඩක් කිරීමට නිවැසියන් ඉඩ ලබා නොදේ. ඇතැම් විටෙක රෝගියා කතාකරන ප්‍රමාණය, ඇවිදින දුර පාලනය කිරීමට පවා නිවැසියෝ පෙලඹෙති.
එවිට රෝගියාගේ මානසික සහ ශාරීරික සුවතාව පහතට වැටේ. එසේම ඇතැම් විටෙක රෝගියාගේ තත්ත්වය ගනන් නොගෙන සිටීමට ද ඇතැම් ඥාතීන් පෙළඹෙති. “බයිපාස් එකක් කළ නිසා දැන් ඔයා අවුරුදු 10කින් තරුණ වෙලා. ඒ නිසා දැන් ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්” යැයි පවසන අවස්ථා ද ඇත.
ඉහත සඳහන් දෙආකාරයම වැරදිසහගතය. හෘදයාබාධයකට හෝ හෘදය ආශ්රිත ශල්‍යකර්මයක් කිරීමෙන් පසුව එම රෝගියාට කළ හැකි වැඩ ප්‍රමාණයක් ඇත. එම ප්‍රමාණය පිළිබඳව රෝගියා සහ නිවැසියන් විසින් අවබෝධයක් ලබාගත යුතුය.
විනාඩි 6ක ඇවිදීමකින් පසුව රෝගියාගේ වැඩ කිරීමේ හැකියාව හඳුනාගත හැකිය. “දෙවැනි පියවර”ට අයත් දින අට තුළ රෝගියාට සුදුසු ව්‍යායාම පිළිබඳව මූලික අවබෝධයක් ලබාදේ. හෘද රෝගියකුට සුදුසුම වන්නේ හුස්ම ගනිමින් කරනු ලබන ස්වායු ව්‍යායාමය. ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම එම ව්‍යායාමය. එයින් ඕනෑම අයකුට කළ හැකි පහසුම ව්‍යායාමය වන්නේ ඇවිදීමය.
හෘදයාබාධයකින් පසුව හෝ හෘද ආශ්‍රිතව ශල්‍යකර්මයකින් පසුව රෝගියාට කලක් ඇඳමතට වී සිටීමට සිදුවේ. කලක් එලෙස එක් තැන්ව සිටීම අත්පාවල ශක්තිමත් බව අඩුවීමට හේතු විය හැකිය. රෝගියා එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා අත් පා ශක්තිමත් කරන ව්‍යායාම රෝගියාට පුහුණු කෙරේ.
මෙහිදී රෝගියාට බරක ඔසවන අතරේ ව්‍යායාම කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ. බරක් ඔසවන ව්‍යායාම හෘද රෝගියකුට නුසුදුසු වුවද1 ඬඨ – 3 ඬඨ අතර බරක් සමඟ මාංශපේශීන් ශක්තිමත් කිරීමේ ව්‍යායාම කිරීම සුදුසු බව පෙනී ගොස් ඇත. එහිදී රෝගියාට තම නාඩි වේගය මැනගන්නා ආකාරය පිළිබඳව ද දැනුවත් කෙරේ.
සාමාන්‍යයෙන් හෘද රෝගියකුගේ සාමාන්‍ය නාඩි වේගයට වඩා 20ක් වැඩිවන තෙක් නාඩි වේගය වැඩිවීම ගැටලුවක් නැත. ඊට වඩා නාඩි වේගය වැඩිවන තෙක් ව්‍යායාම කිරීම නුසුදුසුය. දෙවැනි පියවරේ දී රෝගයට සම්බන්ධ විවිධ අංශයන් පිළිබඳව රෝගියා දැනුවත් කෙරේ. හෘදයේ ක්‍රියාකාරිත්වය, තමාට වැලඳී ඇති රෝගය, රෝගයට අදාළ අවදානම් සාධක, එම සාධක අවම කරගන්නා ආකාරය, ඒවා හඳුනා ගැනීමට කරනු ලබන පර්යේෂණ, රෝගියාට නියම කරනු ලබන ඖෂධ ආදී කරුණු රැසක් පිළිබඳවම රෝගියා දැනුවත් කෙරේ.
හෘද රෝගීන්ට දෙනු ලබන ඖෂධවල අහිතකර අතුරුඵල, ඒවා වළක්වා ගැනීමට ගත හැකි පියවර රෝගියා ගත යුතු ආහාර ආදිය පිළිබඳව ද රෝගියා දැනුවත් කෙරේ.
දෙවැනි පියවරේ දී කණ්ඩායමක් ලෙස ව්‍යායාම කරන විට තමා නැවත යථා තත්ත්වයට පත්වන බව රෝගියාට වැටහේ. එයින් රෝගියාට ලැබෙන ආත්මවිශ්වාසය රෝගියාගේ ක්‍රියාකාරකම් යථාතත්ත්වයට පත්වීමට ඉතාම ප්රයෝජනවත්ය. හෘද රෝගීන් සඳහා වන වැඩසටහනේ තුන්වැනි පියවරේ දී නැවත හෘදයාබාධයක් සෑදීමෙන් වැළකී සිටීමට ජීවිත කාලය පුරාම නිවසේදී කළ යුතු ව්‍යායාම පැවතිය යුතු ආකාරය පිළිබඳව රෝගියා මනාව දැනුවත් කෙරේ.
පියවර තුනකින් සමන්විත එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ හෘදයාබාධයකට ලක්වූ අයකුට හෝ හෘදය ආශ්රිත සැත්කමක් කළ අයකුට නැවත වරක් එම රෝගී තත්ත්වයට ගොදුරු නොවී සිටීමටය. එමෙන්ම රෝගියාගේ කායික සහ මානසික සුවය වඩාත් යහපත් කරගැනීම සඳහාය. ඊට අමතරව රෝගයට කලින් එම පුද්ගලයා යෙදුණු වැඩ කටයුතුවල යෙදීමට අවස්ථාව සලසාදීම රෝගය පිළිබඳව වගකීම රෝගියාටම ලබාදීම ද මෙම වැඩසටහනේ අරමුණු අතර වේ.
ඇතැම් විටෙක පවුලේ මුදල් උපයන්නා පියා පමණක් වූ විට පියා හෘදයාබාධයකට ලක්වුවහොත් පවුලේ සියලුම දෙනා ඉතා අසරණ වෙති. පවුලේ සියල්ලන්ගේ මානසික මට්ටම පහත වැටේ. එවැනි පුද්ගලයකු මෙම වැඩසටහනකට එක්වූ විට තමා වැනිම රෝගීන් විශාල පිරිසක් සමඟ එකට සිටීමට ලැබෙන නිසා මෙවැනි තත්ත්වයකට පත්වූ එකම පුද්ගලයා තමා නොවන බව රෝගියාට වැටහේ. එසේම යථා තත්ත්වයට පත්වූ අනෙක් අයමෙන් තමාට ද යථා තත්ත්වයට පත්විය හැකි බව රෝගියාට වැටහේ. එය ඉතා වැදගත් මානසික උත්තේජනයකි. වඩාත් වැදගත් වන්නේ හෘද රෝග ඒකකයෙන් ලැබෙන එම මඟපෙන්වීම අනුවම යමින් නැවත හෘදය ආශ්රිත ආබාධයක් ඇතිවීම වැළැක්වීමට ක්රියාකිරීමය.
අවුරුදු 6ට අඩු දරුවන්ගේ දත් දිරා යාම මොනවද මේ පණු කොට

දත් දිරා යාමේ රෝගයට වයස අවුරුදු හය ද පනහ ද යන විශේෂත්වයක් නැත. කුමන වයසක දී වුව දත් දිරා යාමේ රෝගයට ගොදුරු විය හැකි නමුත්, ළමයින්ගේ දත් දිරායාමට බලපාන විශේෂ හේතු ද වෙයි.
පූර්ව ළමා වියෙහි දන්ත ව්‍යසනයෙහි රෝග ලක්ෂණ කැපී පෙනෙන ලෙසම වැඩිහිටි දන්ත ව්‍යසන රෝගයෙන් වෙනස් වෙයි.
අවුරුදු හයට අඩු ළමයින්ගේ රෝග ලක්ෂණ වැඩිහිටියන්ට වඩා පැහැදිලිවම වෙනස්ය. වැඩිහිටි දන්ත ව්‍යසනයේ දී දත් එකක් හෝ දෙකක් යටිහනුව පිටුපස ඇති චාර්වක දත්වල ව්‍යසනයේ ලක්ෂණ දැකිය හැකිය.
පූර්ව ළමා වියේ දන්ත ව්‍යසනයේ දී දිරා යන්නේ උඩු ඇන්දේ ඉදිරිපස දත්ය. අනෙක් කරුණ මේ දිරායාම උඩු ඇන්දේ ඉදිරිපස සමමිතික ආකාරයට දත් දෙකක් හෝ හතරක් ආදී වශයෙන් ය.
දත් කිහිපයක් එකවර ඉතා කෙටි කාලයක් තුළ (මාස 3-6) ශීඝ්‍ර ලෙස දිරායෑමට ලක්වීම මෙම රෝගයෙහි ස්වභාවය වේ.

රෝගය හඳුනාගැනීමේදී පළමුව උඩු ඇන්දේ ඉදිරිපස දත් සමමිතික ආකාරයට දත් මතුපිට තොල පැත්තට වන සේ විදුරුමසේ දාරයට වහාම පහළින් සුදු පැහැති හෝ හුණු පැහැති ලප මතුවනු දැකිය හැකිය. මෙම දන්ත ව්‍යසනය පූර්ව මැදි සහ පසු යන අවදි දෙකකට බෙදිය හැකිය. එම ලප මතුවන්නේ පූර්ව අවදියේදීය.
මැදි අවදියේදී එම සුදු පැහැති ලප ක්‍රමයෙන් විශාල වනු දැකිය හැකිය. පැහැය කහ හෝ දුඹුරු පැහැයට හැරේ. පසු අවදියේදී කහ පැහැති හෝ දුඹුරු පැහැති ලප පැහැදිලිව පෙනේ.
මේවා දත් දිරායාම දක්වා පැතිරී දත දුර්වල වේ. එක්තරා අවස්ථාවකදී දතේ කොටස් ගැලවී යයි. අවසානයේදී විදුරුමස අතරින් කළු දත් කොට කැබලි සමූහයක් පමණක් මතුවී පෙනේ.
පූර්ව ළමා වියෙහි දන්ත ව්‍යසනය ඇතිවීමට හේතුව වරින් වර දවස පුරා සීනි එකතු කරන ලද පිටිකිරි බෝතලයෙන් පෙවීමය. විශේෂයෙන්ම රාත්‍රිය පුරා මෙලෙස දරුවාට කිරි පෙවීමද මෙයට හේතුවේ.
දවස පුරා වරින් වර පැණි රසැති හෝ දත්වල ඇලෙන සුලු ආහාර ලබා දී මුඛය පිරිසුදු නොකිරීම ද මීට හේතු වේ. දරුවා පැණි රස කෑමක් කෑ පසු මුඛය සේදීම හෝ ජලය පෙවීමෙන් දත් හා මුඛය පිරිසුදු වෙයි. එසේම දන්ත ව්‍යසනය සහිත මවක් දරුවා සිඹීමෙන්, කෙළ මඟින් හෝ දරුවාගේ අත මවගේ මුඛයට දමා යළි දරුවාගේ මුඛය තුළ රුවීමෙන් දරුවාට දන්ත ව්‍යසනය වැලඳීමට ඉඩ තිබේ.
පූර්ව ළමා වියේ දන්ත ව්‍යසනයෙන් ආරාක්ෂා වීම සඳහා ද මවුකිරි දීම වැදගත් වේ.
මාස හයෙන් පසුව දරුවාට අමතර ආහාර දීම ඇරැඹේ. මවුවරුන් රැකියාවට යන අවස්ථාවල දරුවාට මවුකිරි දොවා තබා යෑමෙන් පිටිකිරි දීම අවම කරගත හැකිය. පිරිසුදුව දොවා ගත් මවුකිරි කාමර උෂ්ණත්වයෙහි පැය 24ක් නරක් නොවී තබා ගැනීමට පුළුවන.
දෙවූ මවුකිරි දරුවාට දෙන විට ඒ වේලට අවශ්‍ය ප්‍රමාණය පමණක් ගෙන මඳ රස්නය ඇති වතුර බඳුනක් තුළ මවුකිරි අඩංගු බඳුන බහා මඳක් උණුසුම් කොට දරුවාට ලබාදීම සුදුසුය.

පිටිකිරි දෙනවා නම් සීනි එක් නොකළ යුතුය. බෝතලය වෙනුවට කෝප්පය සහ හැන්ද පාවිච්චි කිරීම වඩා සුදුසුය. නො එසේ නම් ළදරු පොවන කෝප්පයක් භාවිතා කරන්න. රාත්‍රියටත් මවුකිරි දෙන්න. නින්දට පෙර හොඳින් බඩපිරෙන තුරු ආහාර ලබා දී කිරි දී දත් මැද දරුවා නිදිකරවන්න. හොඳින් කුස පිරුණු විට දරුවා වරින් වර ඇහැරී කිරි බොන්නට උත්සාහ කරන්නේ නැත.
විටින් විට කිරි දීමට සිදු වේ නම් පිටිකිරි වෙනුවට මවුකිරි දෙන්න. ඇහැරෙන වරක් පාසාම පිටිකිරි බෝතලයෙන් දීමට හුරුවී ඇත්නම් ක්‍රමයෙන් එම වාර ගණන අඩු කරන්න. රාත්රියේදී නින්දේදී හෝ අඩ නින්දේදී කිරි බොන විට තොල්වල සහ හකුවල ක්රියාකාරීත්වයක් නැති නිසා කටට කෙළ ඉනීමද සිදුවේ. කෙළ මඟින් මුඛය පිරිසුදු වේ. සූප්පුවෙන් කිරි උරන විට එම කිරි උඩු ඇන්දේ ඉදිරිපස දත් සහ තොල් අතර රැඳේ. එහෙයින් ආපිට උඩු ඇන්දේ දත් දිරායාමට ලක් වේ.
බෝතලයෙන් කිරි දුන් පසුව පිරිසුදු රෙදි කෑල්ලක් ගෙන උණුකර නිවාගත් වතුර ස්වල්පයක් රෙදි කෑල්ලේ තවරා එය මවගේ දබරැඟිල්ල වටේ ඔතා දරුවාගේ් උඩු තොල හා යටි තොල උස්සා හොඳින් මදින්න. එළිවන තුරු දත් ඇලෙනසුලු ස්වභාවය ඉන් අඩුවේ. කිරි නිසා බැඳුණු ස්ථරය ගැලීමෙන් දත්වලට වන හානිය අඩුවේ.
කුඩා කාලයේ සිටම දරුවාට පැණිරස වෙනුවට පලතුරක් දීමට හුරු කිරීම ද වැදගත්ය. දරුවාගේ කිරිදත් මතුවූ දා සිටම උදේ රාත්‍රී ආහාර දීමෙන් පසු දත් මැදීම කළ යුතුය. මවගේ මුඛ සෞඛ්‍යය ද යහපත් මට්ටමක පවත්වාගැනීම මෙම රෝගවලින් මිදීමට උපකාරී වෙයි.
පූර්ව ළමා වියෙහි ඇතිවන දන්ත ව්‍යසනය දරුවාට වේදනාව ගෙන දේ. එය සුව නින්දකට බාධාවකි. කෑමට අප්‍රිය වේ. දත් වේදනාව හේතුවෙන් පාසල් යාමට සහ ඉගෙනීමට බාධා ඇතිවේ. ආසාදනය හේතුවෙන් උණ හා සැරව ගෙඩි ඇතිවේ.
සුදු හෝ දුඹුරු ලප ඇති වීමෙන් දැකීමට අප්‍රිය වේ. දත් දිරායාමෙන් දත් කැඩී ‘පණුකොට’ ලෙස ජනවහරේ හැඳින්වෙන අප්‍රසන්න දත් දෙපෙළක් ඇතිවේ. මෙය දරුවාගේ සුන්දර සිනාවට සහ පෞරුෂත්වයට හානි ගෙන දෙයි. එය මවුපියන්ට ද වේදනාවකි. දත් නිසි පරිදි ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් මැද නිතර මුව පිරිසුදුව තබාගැනීම දන්ත ව්‍යසනයෙන් මිදීමට ඇති හොඳම පිළියමයි.
දන්ත ව්‍යසනය සඳහා ප්‍රතිකාර අවශ්‍ය නොවුණ ද ඉන් වැළකී සිටීමට දරුවන්ට උපකාරී වීම මවුපිය වැඩිහිටි වගකීම වේ.
සටහන - සාගරිකා දිසානායක ජයසිංහ
මුවේ දුගඳ ප්‍රශ්නයක් ද?

මුවේ දුගඳ ප්‍රශ්නයක් ද?

චාමින්ද වාරියගොඩ
ප්‍රසන්න වූත් දුර්ගන්ධයෙන් තොර වූත් මුඛයක් පැවතීම සමාජශීලී කාගේත් ප්‍රධාන අවැසිතාවයක් වේ. තමන්ගේ මුඛයෙන් අප්‍රසන්න දුර්ගන්ධයක් පිටවීම සැබැවින්ම සමාජයෙන් කොන් වීමට මෙන්ම කාංසා තත්ත්ව ඇති කරීමට පවා ද ප්‍රබල වේ. මේ පිළිබඳ සැලකීමේ දී මුඛයේ ප්‍රසන්න බව ගැන අපට අවධානය යොමු නොකර බැරි තරම් ය. මුලින්ම අවබෝධ කර ගත යුත්තේ මුඛයේ දුගඳ ඇතිවීමට බලපාන හේතු ය. එහි දී සෞඛ්‍යමය කාරණා ද ඉදිරියෙන් ම ඇත. එමෙන් ම අප ගන්නා ආහාරපානාදිය නිසා ද මුඛ දුර්ගන්ධය ඇතිවන අවස්ථාවන් ඇත. ඊට අමතරව අප ඇති කරගෙන ඇති ඇතැම් පුරුදු ද මේ සඳහා බලපානු ලැබේ. වෛද්‍ය විද්‍යාත්මකව මුඛයේ දුර්ගන්ධය හඳුන්වනුයේ හැලිටෝසිස් ලෙස ය. මේ සඳහා බලපාන හේතු රැසක් වෛද්‍යවරු අනාවරණය කරති. ඉන් ප්රමුඛ හේතුවක් වන්නේ ආහාරපාන ය. ඇතැම් ආහාරවර්ගවල ඇති රසායනික සංයෝග මේ සඳහා දායකත්වයක් ලබා දේ. වෙසෙසින්ම සුදු ලූනු හා රතු ලූනු වැනි ආහාර නිසා මුඛයේ දුර්ගන්ධයක් ඇති විය හැකි ය. එමෙන්ම ආසියානු රටවල භාවිත වෙන ඇතැම් කුළු බඩු සහ එළවළු වර්ග නිසා ද මුඛ දුර්ගන්ධය ඇති විය හැකි ය. මෙම ආහාරවල පවතින රසායනික සංයෝග ආහාර ජීර්ණයේ දී අපගේ රුධිර පද්ධතිය තුළට ඇතුළු වී හුස්ම පිට කිරීමේ දී පෙනහළු හරහා එම දුර්ගන්ධය පිටතට යා හැකි ය.
දෙවැනි කාරණය වන්නේ දන්ත සෞඛ්‍ය පිළිබඳ ගැටලුවයි. අප ගන්නා ආහාර කැබලි මුඛයේ දත් අතර තැන්පත් වීමෙන් පසුව දත් නොමැදීම නිසා ඒවා මුඛය තුළ ජීර්ණයට ලක් වීමෙන් සිදු වන්නේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩි වීම ය. මෙම බැක්ටීරියා විවිධ රසායනික ද්‍රව්‍ය පිටකරන අතර මේ තත්ත්වය මුඛයේ දුර්ගන්ධයට හේතු වේ. වෙසෙසින් ම මෙසේ පිට කෙරෙන හියිඩ්‍රජන් සල්ෆයිඩ් මුඛ දුර්ගන්ධයට හේතුවන ප්‍රධාන සාධකයකි. දත් අතර සහ විදුරුමසේ මැලියම් තැන්පත් වීම, දන්ත කුහර තුළ අහාර රැඳීම වැනි කාරණා හේතුවෙන් මෙම තත්ත්වය තවත් වර්ධනය වේ. බැක්ටීරියා ක්‍රියාකාරීත්වය මෙන්ම වියළි මුඛයක් පැවතීම නිසා ද විවිධ දුර්ගන්ධ ඇති වීමේ අවධානමක් ඇත. කෙළ නිපදවීම නිසා යම් තරමක පිරිසිදුකරණයක් මුඛය තුළ සිදු වේ. ඇතැම් ඖෂධ භාවිතය හෝ වෙනත් විවිධ බාහිර සාධක හෝ රෝග තත්ත්වයක් නිසා වියළි මුඛයක් පැවතීම හේතුවෙන් සිදුවන්නේ මුඛයේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩි වීම ය. එමෙන් ම මුඛය විවර කරගෙන නිදාගැනීම නිසා ද වියළි මුඛ තත්ත්වයක් ඇති විය හැකි අතර ඒ හේතුවෙන් ද මුඛ දුර්ගන්ධය ඇති විය හැකි ය.
මූලික වශයෙන් මුඛයේ දුර්ගන්ධයට හේතුවන ප්‍රධාන ලක්ෂණ මේවා වුව ද ඊට අමතරව මුඛයේ දුර්ගන්ධයට හේතුවන තවත් කාරණා ද ඇත. එයින් එකක් වන්නේ විවිධ ලෙඩ රෝග ය. මුඛ දුර්ගන්ධයට හේතු වන ආසාදනවලින් සියයට 10කට පමණ හේතු වන්නේ මේ තත්ත්වයයි. වෙසෙසින් ම පරිවෘත්තීය ක්‍රියාවලියේ පවතින ප්‍රශ්ණ, ස්වසන පද්ධතියේ සිදුවන ආසාධන, දියවැඩියා, වකුගඩු ආබාධ හෝ අක්මාව අකර්මණ්‍ය වීම නිසා ද මුඛයෙන් දුර්ගන්ධය පැමිණිය හැකි ය. ආහාර මාර්ගයේ ඇතිවන විවිධ ගැටලුකාරී තත්ත්වයන් ද ඒ සඳහා බලපානු ලැබේ.
මුඛය, උගුර, නාසය පිළිබඳව ඇති ප්‍රශ්න නිසා ද ඇතැම් විට ස්වසනයට ඇතිවන බලපෑම් නිසා ද දුර්ගන්ධයක් පැමිණිය හැකි ය. අපගේ මුහුණ පෙදෙසේ පවතින කෝටරක ප්‍රදාහයට ලක් වීම නිසා හෝ නාසයේ සිදුවන විවිධ ආසාධන නිසා ද අප්‍රසන්න ගන්ධයක් ප්රාශ්වාස වාතය හා පැමිණය හැකි ය. මුඛයේ දුර්ගන්ධයට බලපාන අනෙක් සාධකය වන්නේ දුම්පානයට හෝ අධික ලෙස දුම්කොළ භාවිතයට ඇබ්බැහි වීම ය.
කෙසේ වුව ද, මුඛයේ දුර්ගන්ධයක් පවතින අයෙකු කළ යුතු මූලික කාරිය වන්නේ දන්ත වෛද්‍යවරයෙකු හමුවීම නොවේ. ඉහත සඳහන් කෙරුණු හේතු සමඟ මුඛයේ දුර්ගන්ධයට බලපාන සාධක ඇති ද යන්න පිළිබඳ ව තමන් ම ස්වයං ඇගයීමකට ලක් වීම සුදුසු වේ. තමන්ගේ දන්ත සෞඛ්‍යය හෝ ආහාර පුරුදු නිසා මේ තත්ත්වය ඇති වන්නේ නම්, ඒ හා බැඳි ජීවන රටාවේ වෙනසක් කිරීමෙන් මෙන්ම මුඛ සෞඛ්‍ය පිළිබඳව දැඩි ලෙස විමසිලිමත් වීමෙන් ද මෙම තත්ත්වය මගහරවා ගත හැකි ය. මෙසේ දින කිහිපයක අත්හදා බැලීමකින් මුඛයේ දුර්ගන්ධය පහ නොවන්නේ නම් කළ යුත්තේ දන්ත වෛද්‍යවරයෙකු හමු වීම ය. එහිදී පිළිපැදිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් ද වේ. එයින් එකක් වන්නේ වෛද්‍යවරයා හමුවීමට පැය තුනකටවත් පෙර දත් මැද පිරිසිදු නොකිරීමයි. එමෙන්ම එම කාලය තුළ කිසිදු ආහාර වර්ගයක් කෑමට හෝ බීමට නුසුදුසු බව ද වෛද්‍ය මතය වේ. එය වෛද්‍යවරයාට රෝග තත්ත්ව පිළිබඳව පහදා ගැනීමට උදව් වන සාධකයකි. එමෙන් ම විවිධ සුවඳ විලවුන් වර්ග හෝ මුඛය නැවුම් කිරීමේ හෝ මුඛය සේදීම සඳහා ඇති දියර භාවිත නොකිරීම ද ගත යුතු තවත් පියවරකි. එමෙන් ම වෙනත් රෝග ආසාදනයක් සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකිරීම ද වැදගත් ය. යම් හෙයකින් ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන්නේ නම්, එය භාවිතය අවසන් වන තෙක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල් තැබීම සුදුසු පියවරකි.
මේ සඳහා සුසුදු ප්‍රතිකාර දන්ත වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ඇති අතර මෙම ප්‍රතිකාර සහ ඔවුන් විසින් මග පෙන්වනු ලබන ජීවන රටාවලට යොමු වීම තුළින් මුඛයේ නැවුම් බව නැවත අත්පත් කර ගත හැකි වනු ඇත.
මුඛයේ ප්‍රසන්න බව රැකීම සඳහා අපට කළ හැකි දේ
ආහාර ගැනීමෙන් පසු දත් මදින්න.
ආහාර ගැනීමෙන් පසු මුඛය හොඳින් ජලයෙන් කලතා සෝදන්න.
දත් මැදීමේ දී දිව ද අඩුම තරමින් ඇඟිල්ලෙන් හෝ සෝදා පිරිසිදු කරන්න.
හැකි තරම් ජලය පානය කරන්න.
සමබර ආහාර ගන්න.
හොඳ දත් බුරුසුවකින් දත් මදින්න. අවම වශයෙන් මාස තුනකට වරක් වත් බුරුසුව මාරු කරන්න.
මාස හයකට වතාවක්වත් අවම තරමින් දන්ත වෛද්‍යවරයෙකු හමුවන්න.පිළීකාව සැබෑ පිළීකාවක්මද

පිළිකාව ලොවම වැළඳගත් මාරාන්තික රෝගයක්සේ බොහෝදෙනා සිතන්නකි. වසර 2000 දී ග්ලොබොකුන් (ඨකදඉදජ්බ) දත්ත අනුව ලෝක ජනගහණයෙන් මිලියන 10.1 ක් අලුතින් හඳුනාගත් පිළිකා රෝගින් ලෙසද, මිලියන 22.4 ක් පිළිකාවට ගොදුරු වී ජීවිතය සමඟ පොර බඳිමින්ද පසුවන අතර මිලියන 6.2 ක් පිළිකාව හේතුවෙන් ජීවිතක්ෂයටද පත්වී ඇත. මෙය වසර 1990 දී, එනම් වසර 10 කට ප්‍රථමව තිබූ දත්ත හා සසඳන කල පිළිකා වැලඳීමේ ප්‍රවණතාව 19% කින්ද, එම හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව 18% කින්ද වැඩිවීමකි. පිළිකා රෝග වැළදීමට ඇති හැකියාව ඉදිරියේදී තව වේගවත් වීමට හැකි අතර එය වසර 2020 වනවිටදි 50% වැඩිවීමක්, එනම් අලුතින් හඳුනා ගන්නා රෝගි සංඛ්‍යාව මිලියන 15 දක්වා වැඩිවීමක් සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍යය සංවිධානය අනාවැකි පළකර ඇත.
පිළිකාවට වයස් භේදයක්, ලිංග භේදයක් හෝ සාමාජිය මට්ටමේ වෙනසක් නොමැත. එනමුත් අන්තර්මහාද්වීපිකව සහ අන්තර්වාර්ගිකවද, සමාජිය සහ ආර්ථික විශමතා මතද, පිළිකාවක් සෑදීමේ ප්රවණතාවත් , පිළිකා වර්ගවල වෙනස්කමත් දක්නට පුළුවන. ලෝක ව්‍යාප්තිය ගත්කල පෙනහළු පිළිකා ප්‍රධාන ස්ථානයක් ගනු ලබන අතර, පියයුරු පිළිකා දෙවනුවටත්, මහාන්ත්‍රයේ පිළිකා තෙවැන්නටත් ගත හැක. එනමුත් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන පිළිකා වර්ග වෙනස් ස්වරූපයක් ගනු ලබන අතර එය දියුණුවෙමින් පවතින අනෙකුත් රටවල ඇති පිළිකා රටාවට සමවේ.
මුඛය අවට පිළිකා ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන ප්‍රධානතම පිළිකාවයි. දෙවැනුව පියයුරු පිළිකාය. එලෙස බලන විටදී ලෝක ජයගහණය තුළ ප්‍රථම ස්ථානය ගනු ලබන පෙනහළු පිළිකාවන්ද, ශ්‍රී ලංකාවේ එම ස්ථානය ගනු ලබන මුඛය අවට පිළිකාවන්ද දුම්කොල ආශ්‍රිතව, එනම් දුම්පානය සහ බුලත් භාවිතය වැනි පිළිකාජනක ද්‍රව්‍යයන් නිසා හටගන්නා පිළිකාවන් වේ. මෙවැනි පිළිකා ජනක භාවිතා නොකිරිමෙන්ම අපට පිළිකාව ජයගත හැකි නොවේද?
පිළිකාවක් ආරම්භ වනුයේ එක් සෛලයක ජාන විකෘති වීමක් ආශ්‍රිතවය. මෙම ජාන විකෘතිවීමට භෞතික , රසායනික සහ ජෛවීය පිළිකා ජනක හේතු බලපානු ඇත. පිළිකා රෝගින් සංඛ්‍යාව ඉහල යැමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කිසිම මෙහෙයවීමකින් හා ප්‍රමිතිකරණයකින් තොරව මෙම පිළිකා ජනක ද්‍රව්‍යය ලොවපුරා ව්‍යාප්ත වීමයි.
පිළිකා හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය හැකි ප්‍රධාන රෝග ගත්කල අනුපිළිවලින් පෙනහළු පිළිකාද, ආමාශය සහ අක්මාව සම්බන්ධ පිළිකාද ගත හැක. මේ සියල්ලක්ම දුම්කොල සහ මත්පැන් භාවිතයද, ආහාරපානවල අනිසි රටාවන්හි බලපෑම් නිසාද ඇතිවන පිළිකාවේ. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව මෙවැනි දේ පාලනය කිරීමෙන් පිළිකාවන් 1/3 කින් අවම කරගත හැකි අතර පිළිකා කලින් හඳුනාගැනීමෙන්ද ඊට නිසි ප්‍රතිකාර කිරීමෙන්ද නිට්ටාවට සුවයක් ලබා, පිළිකාවන් තව 1/3 කින් අවම කරගත හැක.
පිළිකා ජනකවලින් බැහැරවීම
පිළිකා ජනක අතුරින් දුම්කොළ සහ එහි ඇති රසායනික ද්‍රව්‍යයන් ප්‍රධාන ස්ථානයක් ගනු ලබයි. දුම්කොල සහ දුම්වැටි භාවිතයෙන් පෙනහලු පිළිකා පමණක් නොව, මුඛය අවට පිළිකා ද, ස්වරාලය, අන්තස්රොaතය, අග්න්‍යාශය, වකුගඩු සහ මුත්‍රාශයේ පිළිකාද හටගනු ඇත. දුම්පානය හේතුවෙන් හටගන්නා පිළිකාවන්, දුම්පානය කරන ලද කාල පරිච්ඡේදයත්, එහි ඇති රසායනික පිළිකා ජනකවලට අනාවරණය වූ තීව්රතාවක් මත රදා පවතී. එබැවින් වයස අවුරුදු 15 දී සිට දිනකට දුම්වැටි 30 ක් පමණ භාවිත කල පුද්ගලයෙක්ම, අවුරුදු 25 දී සිට එලෙසම භාවිත කල කෙනෙකුට වඩා තුන්ගුණයකින් පෙනහලු පිළිකා වැළදීමේ ප්‍රවණතාවක් ඇත.
අද ශ්‍රී ලංකාව තුළ දුම්කොළ සහ දුම්වැටි භාවිතය සඳහා නොයෙකුත් නීතිරීති සම්පාදනය කර තිබුණද, බුලත් සහ දුම්කොල භාවිතය සහ එමගින් සෑදීමට හැකියාවක් ඇති මුඛය අවට පිළිකා සඳහා නිසි උපදෙසක් හෝ පාලනයක් නොමැත. මුඛය අවට ඇතිවන පිළිකාවල ප්‍රධාන පිළිකාජනක ද්‍රව්‍යයන් ලෙස පුවක්, හුණු සහ දුම්කොල බැව් පර්යේෂණ මගින් සනාථ කර ඇතත්, මෙරට මෙවැනි පිළිකාජනකයන් වෙත යොමු වී ඇති අවධානය අල්පය. මෙවන් සෞඛ්‍යයට අහිතකර බුලත් භාවිතයට එරෙහිව ඉන්දියාවේ යම් ප්‍රාන්තවල නීති සම්පාදනය කර ඇත්තේ පිළිකාවලින් ජනතාව මුදාගැනීමට නොවේද?
දුම්කොළ පමණක් නොව අනෙකුත් භෞතික පිළිකා ජනකවන විකිරණ, ඹඪ කිරණ, විද්‍යුත් චුම්භක ක්ෂේත්රද, රසායනික පිළිකා ජනකද, ජෛවීය පිළිකා ජනක වන නොයෙකුත් වෛරස රෝගද මැඩලීමෙන් සහ බැහැරව සිටීමෙන් පිළිකාවලින් ගැලවී සිටීමට හැකිවේ. ලෝ පුරා දැනට භාවිතාවන රසායනික ද්‍රව්‍යය බොහොමයක්ම කෘත්‍රිමව නිෂ්පාදිය වන අතර 1980 දී ඇමෙරිකාව තුළ 45,000 කට අධික ලේඛනගත රසායනික ද්‍රව්‍යය අතුරින් 5500 ක් පමණ පිළිකාජනක වන බැව් සොයාගෙන ඇත.
එපමණක් නොව අප ගන්නා ආහාර පානද පිළිකාවක් සෑදීමට බලපානු ඇත. මෙය බොහෝදුරට ආහාර මාර්ගය ආශ්‍රිතව හටගන්නා පිළිකා වන අතර එයට ආහාරවල සහ ආහාර සුරක්ෂක වල ඇති රසායනික පිළිකාජනක හේතුවේ. රසායනික පොහොර වලින් තොරව නිෂ්පාදිත එළවළු භාවිතය ස්වරාලය, අග්න්‍යාශය, ආමාශය වැනි ඉන්ද්‍රියන් වලද, පලතුරු මගින් මහාන්ත්‍රයේ හටගන්නා පිළිකාද අවම කරගත හැක. ලුණු සහ ලුණු ආශ්රිත ආහාරද, අච්චාරු වැනි ආම්ලික ආහාර වර්ගද බොහෝදුරට ආමාශයේ හටගන්නා පිළිකා හා සම්බන්ධව පවතී. සත්ත්ව මාංශ මහාන්ත්‍රයේ හටගන්නා පිsළිකා ඇතිවීමට තුඩුදෙන සාධකයකි. මෙලෙස බලනකල යෝග්‍යය පරිදි තෝරාගත් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමෙන්ද, දිනපතා ව්‍යායාමවල යෙදීමෙන්ද පිළිකාවලට ගොදුරු නොවී සිටීමට හැකිවේ.
පිළිකාවක් කලින් හඳුනා ගැනීම
ලොවපුරා නොයෙකුත් පිළිකා තීර පිරික්සුම් වැඩසටහන් (Sජරුeබසබට චරදටර්පපැs) ක්‍රියාත්මකව ඇති අතර එමගින් ඉතාමත් හිතකර ප්‍රතිඵලද ලබා ඇත. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කලයුතුවන්නේ බහුලවම දක්නට ලැබෙන පිළිකා සඳහා වන අතර ඇමෙරිකාව, යුරෝපය වැනි දියුණු වූ රටවල පියයුරු පිළිකා සඳහා මෙවන් වැඩසටහන් ක්‍රියාත්මක වේ. එවැනි වැඩසටහන් මගින් පිළිකාවක් කලින් හඳුනාගැනීමත්, නිසි ප්‍රතිකාර කිරීමෙන් එය නිට්ටාවටම සුවකර ගැනීමටත් හැකි අතර පියයුරු පිළිකා සඳහා දියත් කල වැඩසටහන් මගින් ජීවිතක්ෂයට පත්වන රෝගීන් ප්‍රතිශතය 30% පමණ අඩුකරගැනීමට සමහර රටවලට හැකිවී ඇත. මෙවැනි වැඩසටහන් අද ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක නොවන්නේ ඊට අදාලව මූල්‍යම ඵලදායිතාවක් නොලබන හෙයින් සහ මෙවැන්නකට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වන හෙයින්ද වේ. එනමුත් පවුල් සෞඛ්‍යය සේවිකාවන් සහ ප්‍රාථමික සෞඛ්‍යය සේවය ඔස්සේ මෙවැනි වැඩසටහන් දියත් කිරීමෙන් පියයුරු පිළිකාද, ගැබ්ගෙල පිළිකා සහ මුඛය අවට පිළිකාද කලින් හඳුනාගැනීමට හැකියාවක් ඇත.
අද පිළිකාව මුළු ලොවම බිලිගත් "පිළිකාවක්" බවට පත්කර ඇත්තේ අප විසින්මය. සාමාන්‍ය සෛලයක්, පිළිකා සෛලයක් බවට පත්වන විද්‍යාවේදී ක්‍රියාවලිය මිනිස් ඉතිහාසය තුළ වෙනස් වී නොමැති අතර සිදුවී ඇත්තේ පිළිකා ජනක මිනිසා විසින්ම වැඩිකරගැනීම පමණි. එලෙසම එවැනි පිළිකාජනකවලට ඇබ්බැහිවීමත්, අවධානයක් නොදැක්වීමත් ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවල පිළිකාවන් වැඩිවීමට හේතුවී ඇත.
මුල් අවධියේ ඇති පිළිකාවක් කලින්ම හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් නිට්ටාවටම සුවකර ගත හැක. බහුලවම දක්නට ලැබෙන පිළිකා කලින් හඳුනාගැනීමට ඇති ක්‍රම සහ පරික්ෂණවලින් ලැබෙන පිළිකා කලින් හඳුනාගැනීමට ඇති ක්‍රම සහ පරික්ෂණ ශ්‍රී ලංකාව තුළ සීමිත වුවත් ප්‍රධාන රජයේ සහ පුද්ගලික රෝහල්වල මීට පහසුකම් ඇත. එබැවින් පිළිකාජනකවලින් බැහැරව සහ මුල් අවධියේ ඇති පිළිකා නිට්ටාවටම සුවකර ගැනීමෙන් 66% කින් පිළිකාව පරාජය කල හැක. එලෙසනම් පිළිකාව සැබෑ "පිළිකාවක්මද?"
ඔබගේ මුඛයෙනුත් දුගඳක් හමනවා ද?

මුඛ දුර්ගන්ධය bad breath හා halitosis යන නම්වලින් ද හැඳින්වේ. මේ දුර්ගන්ධ තත්ත්වය කෙනෙකුට කඩින් කඩ ඇතිවීමේ හැකියාවක්ද, නැතිනම් නොනවත්වා දිගින් දිගටම තිබීමේ තත්ත්වයක් ද ඇත.
අපි සියලු දෙනාගේ ම මුඛය ඇතුළත බැක්ටීරියා මිලියන ගණනක් ජීවත් වේ. බොහෝ බැක්ටීරියා අපගේ දිවේ ඇතුළටම වන්නට ඇත. මුඛය තුළ ඇති මද උණුසුම් වාතාවරණයත්, මඳ තෙත් ගතියත් නිසා බැක්ටීරියා වර්ධනය පහසු වේ. නින්දෙන් පසුව උදෑසන අවදි වීමෙන් පසු සෑම දෙනාගේ ම පාහේ මුඛයෙන් සියුම් දුර්ගන්ධයක් හමයි. එය සාමාන්‍ය දෙයකි.
Bad breath සඳහා බලපාන හේතුකාරණා ගණනාවක් ඇත. එයින් ප්‍රධානතම යැයි සැලකෙන කරුණු කිහිපයක් මෙලෙස සඳහන් කළ හැකි ය.

* මුඛයේ ඇතිවන විවිධ ආසාධන තත්ත්වයන්.
* ශ්වසන මාර්ගයේ ඇති වී ඇති ආසාධන වැනි තත්ත්වයක්.
* ගන්නා ලද විවිධ ආහාර - සුදු ළූණු, ළූණු, කෝපි
* සිගරැට් පානය කිරීම
* ඛේට ග්‍රන්ථිවල ගැටලු නිසා මුඛය වියළි තත්ත්වයකට පත්වීම.
* රෝගී තත්ත්වයන් – දියවැඩියාව, අක්මාවේ ගැටලු, වකුගඩු ආබාධ,
* මානසික ගැටලු

මුඛ දුර්ගන්ධය සඳහා බලපාන ප්‍රධානතම ගැටලුවක් ලෙස සැලකිය හැකි තෙත් ගතියකින් තොර වියළි මුඛයක් පැවැතීම යනු බොහෝ දෙනාට ඇති ප්රශ්නයකි.
ඔබට වියළි මුඛයක් පවතිනවා ද කියා දැනගත හැකි ආකාර කිහිපයක් පවතී. ඔබ ආහාර ගැනීමේ දී ඒවා ගිලීමට අපහසුතාවක් ඇතිවනවා නම් ද, ඔබට වැඩි වේලාවක් අන් අය සමඟ කතා කරමින් පිළිසඳරක යෙදීමේ අපහසුවක් ඇත්නම් ද, කට තුළ දැවිල්ලක් වැනි තත්ත්වයක් ඇතිවනවා නම්ද, ඔබගේ ඇස්වල වියළි බවක් දැනෙනවා නම් ද, ඔබට වියළි මුඛයක් ඇති බව නිර්ණය කළ හැකිය.
ඔබත් මුඛ දුර්ගන්ධයෙන් පෙළෙන කෙනෙක් නම්, විශේෂයෙන් ඔබේ දන්ත සෞඛ්‍ය, මුඛ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතු වේ. අද වෙළෙඳ පොළේ ඇති නොයෙකුත් මුඛ සෝදන දියර [mouth wash] වෛද්‍ය අනුමැතියක් සහිතව පරිහරණය කිරීමෙන් ද, ඔබට මුඛ දුර්ගන්ධ තත්ත්වය මඟහරවා ගත හැකිය. එලෙසම දිනකට නියමිත ප්‍රමාණයට වතුර පානය කර ඔබගේ ඛේටය නිෂ්පාදනය වැඩිකර ගැනීමෙන් මුඛය තෙත්ව තිබීම නිසා මේ තත්ත්වය මඟ හැරී යනු ඇත.
වෛද්‍ය ශිෂ්‍ය
මෙලංක සිරිවර්ධන
දත් දිරා යැම ගැන දැනුවත් වෙමු
දත් දිරා යැම අද සමාජයේ බොහෝ දෙනා මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවක්. කුමක් ද මේ දත් දිරා යැම කියන්නේ? එය, දතේ තිබෙන දෘඪ පටක හායනය වීමේ ක්‍රියාවක්. එනැමලය, දන්තිනය, දන්ත බදාම ආදියට හානි වීම මෙහි දී සිදු වනවා. පළමුවෙන් දතේ සුදු පැහැ ලප එනවා. එය සාමාන්‍ය පුද්ගලයකුට හඳුනාගන්න බැහැ. පසුව දුඹුරු ලප එනවා. දත දිරා යැමට මූලික හේතුවක් තමයි දත මතුපිට දුර්වල වීම. Amilogenesis imperfecta වැනි ප්‍රවේනික ගැටලු හේතු කොටගෙන දත මතුපිට දුර්වල විය හැකියි. දතක් විනාශ කිරීමට මුල් වන ක්ෂුද්රජීවීන් මුඛයේ සිටිනවා. අම්ලකාරක හා භෂ්මකාරක බැක්ටීරියා, මුඛයේ ආම්ලික බව ඉහළ යැම ආදිය දත් දිරා යැමට බලපානවා. දන්ත ව්‍යසනයට බලපාන ප්‍රධාන ම බැක්ටීරියාව වන්නේ ස්ට්‍රෙප්ටොකොකුස් මියුටාන්ස් හා ලැක්ටොබැසිලස්. මේ අය මුඛය තුළ දන්ත පථ හදනවා. මේ දන්ත පථ හැදුණා ම බැක්ටීරියාවන්ට ඇලී ඉන්නට හැකියි. මේ අය දතෙහි ජෛවපටලයක් (Biofilm) සාදනවා. බැක්ටීරියා මගින් නිපදවෙන අම්ලත් මේ ජෛවපටලයට ම එකතු වනවා. පසුව මේ ක්‍රියාවලි හේතු කොටගෙන දත ඛනිජහරණය වෙනවා. දත හැදී ඇත්තේ කැල්සියම් හයිෙඩ්රාක්සි ඇපටයිට්වලින්. මූලද්‍රව්‍ය වන්නේ කැල්සියම්, පොස්පරස්, ඔක්සිජන්, හයිඩ්රජන් ආදියයි. මීට අමතරව ප්‍රොaටීනත් තිබෙනවා. බැක්ටීරියාවන් මේ ප්‍රොaටීනත් විනාශ කරනවා. දත දිරා යැමට කාලයත් බලපානවා. ආම්ලික බව පැය එක හමාරකට වැඩියෙන් පැවතිය හොත් දත දිරා යැම ඉක්මන් වනවා. බේටයේ ස්වාරක්ෂක පවතිනවා. ඒ මගින් මුඛයේ පරිසරය උදාසීන pH අගයකට ගෙන ඒමට කටයුතු යොදනවා. එනිසා දත දිරා යැම අඩු කරනවා. හැබැයි දත්වල කුහර වැඩි ප්‍රමාණයක් ඇති කෙනකු ගේ එම ස්වාරක්ෂක ක්‍රියා සිදු වන්නේ අඩුවෙන්.
කොහොම ද දතක් දිරා යැම වළක්වා ගන්නේ?
ඒ සඳහා දත ශක්තිමත්ව තබා ගත යුතුයි. දත් හැදීම ඇරඹෙන්නේ මවු කුස තුළ දී මයි. දතේ විකාශනය අවුරුදු 14 දී පමණ අවසන් වනවා. ඒ නිසා ඉන්පසු වැඩිමල් වයසේ දී ගන්නා ආහාර දතේ වර්ධනයට හේතු වන්නේ නැහැ. කුඩා අවධියේ දී තමයි දතට හොඳ පෝෂණයක් ලබා දිය යුත්තේ. කුඩා කාලෙ දී වගේ ම ගැබිනියක් ව සිටිය දීත් දතට අවශ්‍ය පෝෂණය ලැබිය යුතුයි. ගැබිනි මව කැල්සියම් අඩංගු ආහාර, පලා වර්ග, විටමින් D බහුලව ගත යුතුයි. හාල්මැස්සන් වැනි දේ බහුලව කනවා නම් හොඳයි. සමහරු නිර්මාංශික නිසා ඔවුන්ට ගැටලුවක් මතු වනවා. එහි දී කළ යුතු වන්නේ පලා, පලතුරු ආදිය වැඩියෙන් ආහාරයට ගැනීමයි. අතුරුපස-සීනි කෑම ගැනත් යමක් කිව යුතුයි. චුවින්ගම්, ටොෆි බොම්බයි මොටයි වැනි ඇලෙන සීනි හොඳ ම නැහැ. අතුරුපස කන්න ඕන කෙනකු කජු හා රටකජු, බඩ ඉරිඟු, කරලක් කන්න පුරුදු වෙනව නම් හොඳයි.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ මෞඛ වෛද්‍ය හා පරිදන්ත අංශයේ අංශ ප්‍රධානී -
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඡේ. ඒ. එම්. එස්. ජයතිලක
H1N1 ඉන්ෆ්ලුවන්සාව
ඉන්ෆ්ලුවන්සා රෝගය ශ්වසන පද්ධතිය අශ්‍රිත රෝගයකි. එය මිනිසාගෙන් මිනිසාට බෝවිය හැකි රෝගයකි. රෝගියකු කහින විට හෝ කිවිසුම් අරින විට පිටවන ශ්වසන බිඳිති නිරෝගී කෙනෙකුට යාමෙන් රෝගය බෝවිය හැක. මෙය අලුත් වෛරසයක් නිසා සමාජය තුළ ප්‍රතිශක්තිය අල්පය. එම නිසා මෙම රෝගය සීඝ්රයෙන් පැතිරිය හැක.
රෝග කාරකය
ඉන්ෆ්ලුවන්සා වෛරසය - A H1N1 ප්‍රභේදය
රෝගය කාරකය සිරුර තුළ ක්‍රියාත්මක වන අයුරු
මෙම වෛරසය සිරුර තුළ තුළට ඇතුල් වන්නේ ශ්වසන පද්ධතිය හරහාය. එනම් නාසය හා මුඛය තුළින් ඇතුල් වන වෛරසය, සංඛ්‍යාවෙන් ප්‍රගුණ වෙමින් වර්ධනය වී ශ්වසන පද්ධතියට හානි කරයි.
රෝග ලක්ෂණ
උණ, හිසරදය, ඇඟ පත අමාරුව, උගුරේ අමාරුව, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම, සමහර විට වමනය හා පාචනය
සංකූලතා
කුඩා ප්‍රතිශතයකට නියුමෝනියා ඇති විය හැක. රෝග ලක්ෂණ කාලයත් සමඟ වැඩිවේ නම් හෝ ශ්වසන අපහසුතාව, සිහිය මඳ වීම, තද උණ, වලිප්පුව ඇතිවුවහොත් හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර කළ යුතුය. කලාතුරකින් මරණය පවා සිදු විය හැක.
මෙම රෝගය බරපතල විය හැකි කාණ්ඩ නම්
වයස අවුරුදු 2කට අඩු හා 65 ට වැඩි ඇය, ගර්භිණි කාන්තාවන්, වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන්, දිගු කාලීනව ප්‍රෙඩ්නිසිලෝන් නම් ඖෂධය ගන්නා රෝගීන් වැනි අය
ප්‍රතිකාර
වයිරස සඳහා ඇති ප්‍රතිජීවක ඖෂධ උදා: ඔසෙල්ටමිවීර් රෝගය බරපතල වන රෝගීන්ට හා බරපතල විය හැකි කාණ්ඩයට අයත් රෝගීන්ට ප්‍රතිකාර ලෙස යොදා ගනි.
රෝගය වළක්වා ගැනීමට ගත යුතු පියවර හා සෞඛ්‍ය ප්‍රවර්ධන
ශ්‍රී ලංකාව යනු සංචාරකයන්ගේ පාරාදීසයකි. අපේ මවුබිම තුළ සංචාරය කිරීමට ස්ථාන අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් ඇත. එහෙත් කොතරම් සංචාරය කිරීමට ආසාව තිබුණත්, බොහෝ පිරිසකට එම අවස්ථා ගිලිහෙන්නේ සංචාරය කිරීමේදී ඔවුන්ට මතුවන සෞඛ්‍යමය ගැටලු නිසයි. Travel sickness, motion sickness වැනි විවිධ නම්වලින් හඳුන්වන, යම් ගමනක් යෑමේදී ගමනාන්තය ළඟාවීමට පෙර කඩින් කඩ සිදුවන අපහසුතා සහිත අවස්ථා නිසා බොහෝ සංචාරකයන් අසීරුතාවලට මුහුණපායි.
motion sickness යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි සලකා බලමු. බොහෝ වේලා වාහනයක් තුළ හෝ නැවක්, බෝට්ටුවක් තුළ හෝ ගුවන් යානාවක් තුළ ගමන් කරමින් සිටීම නිසා, ඔබගේ ඇතුළු කනේ (inner ear) සිදුවන අසමතුලිතතාවක් හෙයින් නොයෙකුත් ගැටලුමය තත්ත්වයන් ඇතිවීම මෙහි අදහසයි.
නවතම සමීක්ෂණ වාර්තා සඳහන් කරන ආකාරයට නම් අපගේ චලනය හොඳින් පවත්වාගෙන යෑම සඳහා, ස්නායු ආවේග මොළය වෙත නොයෙකුත් ස්ථානවල සිට ලබා දේ. ඇතුළු කනේ සිට එන ආවේග මගින් ගුරුත්වය (gravity) , සමතුලිතතාව (equilibrium) ගැන දැනීමක් මොළයට ලබා දේ. දෑස්වල සිට එන ආවේග මොළයට ලබා දෙන්නේ දෘෂ්ටිය (vision) සම්බන්ධ තොරතුරුයි. ශරීරයේ ගැඹුරු පටකවල සිට එන ආවේග ඔබට proprioception හෙවත්, ඔබගේ සන්ධි ආශි‍්‍රත චලනයන් වැනි දේ ගැන තොරතුරු ලබා දෙයි.
එහෙත් වාහනයක් තුළ ගමන් කරන විටදී මේ සියලු ම ආවේග සම්බන්ධීකරණය වී, මොළයට පැහැදිලි දත්ත ලබා නොදෙයි. එම නිසා බොහෝ දුරට motion sickness තත්ත්වය ඇතිවන බව පරීක්ෂණාත්මක දත්ත වාර්තා කරයි.
මේ තත්ත්වයේදී ඇතිවන රෝග ලක්ෂණ විවිධ අයට විවිධාකාරව දැනේ. එහෙත් සමස්තයක් ලෙස ගත් කළ,

ඔබත් motion sickness මගින් දුක් විඳින කෙනෙක් නම්, ඒ සඳහා ප්‍රතිකර්ම කිහිපයක් ඇත. සෑම විටම ඔබගේ ශරීරයේ අභ්‍යන්තර පටක හා ඇතුළු කනට දැනෙන චලන මගින්, ඔබගේ දෘෂ්ටිය පිටට ගෙන යෑමෙන් වළකින්න. ඔබ රථවාහනයක යයි නම් සෑම විටම දුර සිට එන ආලෝක කිරණ වෙතට දෑස් යොමු කරන්න. ඔබ නැවක යනවා නම් ඈත ක්ෂිතිජය වෙත දෑස් යොමු කරන්න. ගුවන් යානයක යනවා නම් කවුළුවෙන් පිටත බැලීමට සෑම විටම උත්සාහ කරන්න. ඔබට ථධබඪධද ඵඪජඬදඥඵඵ තියනවා නම් කවදාකවත් ඔබ ගමනේ යෙදෙන අතරතුරදී පොත්පත් කියවීම නොකළ යුතුයි. එලෙසම ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට පනවා ඇති ආසනවල ඉඳගැනීම නොකළ යුතුයි.
ඒ වගේම ඔබ සමඟ එම ගමනට එක්වූ තවත් motion sickness සහිත කෙනෙකු සිටී නම් ඔහු සමඟ කතාබහ කිරීමට යෑමෙන් හා ඔහුගේ අපහසුතා දෙස බැලීමට යෑමෙන් වැළකී සිටිය යුතුයි. ඔබ දුර ගමනක් යන්නට බලාපොරොත්තුවෙන් සිටින motion sickness සහිත කෙනෙකු නම්, එම ගමන යෑමට ප්‍රථම ඔබේ වෛද්‍යවරයා හමුවී ඒ සඳහා අවශ්‍ය බෙහෙත් වර්ග ලබාගැනීම මගින් කරදරයකින් තොරව සංචාරය කළ හැකිය.
බොහෝ දෙනා බෙහෙත් ලෙස මේ සඳහා antinistamine වර්ග භාවිත කරයි. මේ මගින් ඔක්කාරය, වමනය, කැරකැවිල්ල වැනි තත්ත්ව යම් දුරකට පාලනය වේ. කෙසේ වෙතත් ගමන් ආරම්භ කිරීමේදී මේ බෙහෙත් වර්ග ශරීරයට ලබාදීම හිතකර වේ.
ඔබටත් motion sickness ඇත්නම්, ඔබ සැලකිලිමත් වී අවශ්‍ය ප්‍රතිකර්ම නොපමාව ලබාගන්න. නැතිනම් සංචාරය කිරීමේදී ඔබට වැඩි කාලයක් ගතකරන්නට වන්නේ අතරමඟයි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඡේ. ඒ. එම්. එස්. ජයතිලක
H1N1 ඉන්ෆ්ලුවන්සාව
ඉන්ෆ්ලුවන්සා රෝගය ශ්වසන පද්ධතිය අශ්‍රිත රෝගයකි. එය මිනිසාගෙන් මිනිසාට බෝවිය හැකි රෝගයකි. රෝගියකු කහින විට හෝ කිවිසුම් අරින විට පිටවන ශ්වසන බිඳිති නිරෝගී කෙනෙකුට යාමෙන් රෝගය බෝවිය හැක. මෙය අලුත් වෛරසයක් නිසා සමාජය තුළ ප්‍රතිශක්තිය අල්පය. එම නිසා මෙම රෝගය සීඝ්රයෙන් පැතිරිය හැක.
රෝග කාරකය
ඉන්ෆ්ලුවන්සා වෛරසය - A H1N1 ප්‍රභේදය
රෝගය කාරකය සිරුර තුළ ක්‍රියාත්මක වන අයුරු
මෙම වෛරසය සිරුර තුළ තුළට ඇතුල් වන්නේ ශ්වසන පද්ධතිය හරහාය. එනම් නාසය හා මුඛය තුළින් ඇතුල් වන වෛරසය, සංඛ්‍යාවෙන් ප්‍රගුණ වෙමින් වර්ධනය වී ශ්වසන පද්ධතියට හානි කරයි.
රෝග ලක්ෂණ
උණ, හිසරදය, ඇඟ පත අමාරුව, උගුරේ අමාරුව, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම, සමහර විට වමනය හා පාචනය
සංකූලතා
කුඩා ප්‍රතිශතයකට නියුමෝනියා ඇති විය හැක. රෝග ලක්ෂණ කාලයත් සමඟ වැඩිවේ නම් හෝ ශ්වසන අපහසුතාව, සිහිය මඳ වීම, තද උණ, වලිප්පුව ඇතිවුවහොත් හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර කළ යුතුය. කලාතුරකින් මරණය පවා සිදු විය හැක.
මෙම රෝගය බරපතල විය හැකි කාණ්ඩ නම්
වයස අවුරුදු 2කට අඩු හා 65 ට වැඩි ඇය, ගර්භිණි කාන්තාවන්, වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන්, දිගු කාලීනව ප්‍රෙඩ්නිසිලෝන් නම් ඖෂධය ගන්නා රෝගීන් වැනි අය
ප්‍රතිකාර
වයිරස සඳහා ඇති ප්‍රතිජීවක ඖෂධ උදා: ඔසෙල්ටමිවීර් රෝගය බරපතල වන රෝගීන්ට හා බරපතල විය හැකි කාණ්ඩයට අයත් රෝගීන්ට ප්‍රතිකාර ලෙස යොදා ගනි.
රෝගය වළක්වා ගැනීමට ගත යුතු පියවර හා සෞඛ්‍ය ප්‍රවර්ධන
- මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන වලට යාමෙන් වළකින්න.
- නිරතුරුව දෑත් සබන් ගල්වා පිරිසිදු ජලයෙන් සෝදාගන්න.
- නිතරම දෑත් වලින් මුව හා නාසය ඇල්ලීමෙන් වළකින්න.
- කැස්සකදී හෝ කිවිසුමකදී ලේන්සුවකින් හෝ ටිෂු කඩදාසියකින් නාසය හා මුව ආවරණය කරගන්න.
- පාවිච්චි කල ටිෂු කඩදාසි ආරක්ෂිතව ඉවත දමන්න. ලේන්සු නිතර සෝදා පිරිසිදු කර ගන්න.
- පෝෂ්‍යදායි ආහාර ගන්න. දියර වර්ග වැඩිපුර පානය කරන්න.
- හොඳින් විවේක ගන්න.
වාහන වල දුර ගමන් යද්දි ඔක්කාරය එනවාද?

motion sickness යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි සලකා බලමු. බොහෝ වේලා වාහනයක් තුළ හෝ නැවක්, බෝට්ටුවක් තුළ හෝ ගුවන් යානාවක් තුළ ගමන් කරමින් සිටීම නිසා, ඔබගේ ඇතුළු කනේ (inner ear) සිදුවන අසමතුලිතතාවක් හෙයින් නොයෙකුත් ගැටලුමය තත්ත්වයන් ඇතිවීම මෙහි අදහසයි.
නවතම සමීක්ෂණ වාර්තා සඳහන් කරන ආකාරයට නම් අපගේ චලනය හොඳින් පවත්වාගෙන යෑම සඳහා, ස්නායු ආවේග මොළය වෙත නොයෙකුත් ස්ථානවල සිට ලබා දේ. ඇතුළු කනේ සිට එන ආවේග මගින් ගුරුත්වය (gravity) , සමතුලිතතාව (equilibrium) ගැන දැනීමක් මොළයට ලබා දේ. දෑස්වල සිට එන ආවේග මොළයට ලබා දෙන්නේ දෘෂ්ටිය (vision) සම්බන්ධ තොරතුරුයි. ශරීරයේ ගැඹුරු පටකවල සිට එන ආවේග ඔබට proprioception හෙවත්, ඔබගේ සන්ධි ආශි‍්‍රත චලනයන් වැනි දේ ගැන තොරතුරු ලබා දෙයි.
එහෙත් වාහනයක් තුළ ගමන් කරන විටදී මේ සියලු ම ආවේග සම්බන්ධීකරණය වී, මොළයට පැහැදිලි දත්ත ලබා නොදෙයි. එම නිසා බොහෝ දුරට motion sickness තත්ත්වය ඇතිවන බව පරීක්ෂණාත්මක දත්ත වාර්තා කරයි.
මේ තත්ත්වයේදී ඇතිවන රෝග ලක්ෂණ විවිධ අයට විවිධාකාරව දැනේ. එහෙත් සමස්තයක් ලෙස ගත් කළ,
* වමනයට ඒම (Vomiting)
* ඔළුව කැරකිල්ල (dizziness)
* හිසරුදාව (headache)
* දහඩිය දැමීම (sweating)
* මලානික වීම (pale)
* වේගයෙන් හුස්ම ගැනීම (rapid breathing)
* ඔක්කාරයට ඒම (nausea)
* ඇඟට අපහසු ගතිය.
මේ තත්ත්වය බොහෝ අවස්ථාවලදී චලනය වීම නතර කළ විටදීම පාහේ ඉවත් වී යයි. සමහරක් අයට මේ තත්ත්වයන් එම පරිසරයට අනුවර්තනය වූ පසු ඉබේම පාහේ නැතිව යයි. ඔබ මුහුදේ යාත්‍රා කරන විටදී හෝ ගුවන් යානයක ගමන් කරන විටදී මේ තත්ත්වය ඇතිවිය හැකිය.* ඔක්කාරයට ඒම (nausea)
* ඇඟට අපහසු ගතිය.

ඔබත් motion sickness මගින් දුක් විඳින කෙනෙක් නම්, ඒ සඳහා ප්‍රතිකර්ම කිහිපයක් ඇත. සෑම විටම ඔබගේ ශරීරයේ අභ්‍යන්තර පටක හා ඇතුළු කනට දැනෙන චලන මගින්, ඔබගේ දෘෂ්ටිය පිටට ගෙන යෑමෙන් වළකින්න. ඔබ රථවාහනයක යයි නම් සෑම විටම දුර සිට එන ආලෝක කිරණ වෙතට දෑස් යොමු කරන්න. ඔබ නැවක යනවා නම් ඈත ක්ෂිතිජය වෙත දෑස් යොමු කරන්න. ගුවන් යානයක යනවා නම් කවුළුවෙන් පිටත බැලීමට සෑම විටම උත්සාහ කරන්න. ඔබට ථධබඪධද ඵඪජඬදඥඵඵ තියනවා නම් කවදාකවත් ඔබ ගමනේ යෙදෙන අතරතුරදී පොත්පත් කියවීම නොකළ යුතුයි. එලෙසම ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට පනවා ඇති ආසනවල ඉඳගැනීම නොකළ යුතුයි.
ඒ වගේම ඔබ සමඟ එම ගමනට එක්වූ තවත් motion sickness සහිත කෙනෙකු සිටී නම් ඔහු සමඟ කතාබහ කිරීමට යෑමෙන් හා ඔහුගේ අපහසුතා දෙස බැලීමට යෑමෙන් වැළකී සිටිය යුතුයි. ඔබ දුර ගමනක් යන්නට බලාපොරොත්තුවෙන් සිටින motion sickness සහිත කෙනෙකු නම්, එම ගමන යෑමට ප්‍රථම ඔබේ වෛද්‍යවරයා හමුවී ඒ සඳහා අවශ්‍ය බෙහෙත් වර්ග ලබාගැනීම මගින් කරදරයකින් තොරව සංචාරය කළ හැකිය.
බොහෝ දෙනා බෙහෙත් ලෙස මේ සඳහා antinistamine වර්ග භාවිත කරයි. මේ මගින් ඔක්කාරය, වමනය, කැරකැවිල්ල වැනි තත්ත්ව යම් දුරකට පාලනය වේ. කෙසේ වෙතත් ගමන් ආරම්භ කිරීමේදී මේ බෙහෙත් වර්ග ශරීරයට ලබාදීම හිතකර වේ.
ඔබටත් motion sickness ඇත්නම්, ඔබ සැලකිලිමත් වී අවශ්‍ය ප්‍රතිකර්ම නොපමාව ලබාගන්න. නැතිනම් සංචාරය කිරීමේදී ඔබට වැඩි කාලයක් ගතකරන්නට වන්නේ අතරමඟයි.
වෛද්‍ය ශිෂ්‍ය මෙලංක සිරිවර්ධන
එවැනි තත්ත්වයක් ඇති දරුවන් ගේ ඇස්වලට නිතරම කඳුළු එයි. ඇස්වල කඳුළු පිරී තිබේ. වරින්වර ඇස්වලින් කබ ගලයි. මේ තත්ත්වය උෂ්ණයට සිදුවන්නකැයි බොහෝ මවුවරු වරදවා වටහා ගනිති. උෂ්ණය නැති වූ විට මෙය ඇරී යාවි යැයි සිතති. එහෙත් මේ රෝග තත්ත්වය නොසලකා හැරිය යුත්තක් නොවේ. කබ හේතුවෙන් ඇස්වලට විෂබීජ ඇතුළු වී ඇස් ආසාදනයට ලක්වේ. කබ ගැලවීමට යාමෙන් ඇස් තුවාල වීමට ඉඩ තිබේ. කඳුළු නාළ අවහිරතාව ඇතැම් විට දවස් ගණනක් පමණක් පැවැතිය හැකිය. සමහරවිට වසර පහක් හයක් කාලයක් වුව තිබිය හැකිය.
ඉපදුණු අලුත දරුවාගේ දෑසේ කඳුළු පිරී, නිතරම ඇසි පිහාටු තෙමී ඇත්නම්, හෝ ඇස් පිහාටු එකට ඇලී ඇත්නම් හෝ දවස පුරා කඳුළු බේරීම හෝ කබ ගැලීම සිදු වේ නම් අක්ෂි වෛද්‍යවරයකුගේ උපදෙස් පැතීම සුදුසුය. මේ තත්ත්වය කලක් තිබී ඉබේම නැතිවී යළි ඇතිවීමට ද පුළුවන.
මෙම රෝගය ඉතා සරල පිළියමක් මඟින් සුවපත් කළ හැකිය. ඒ සඳහා ඇසේ කඳුළු නාළය වෛද්‍ය උපදෙස් අනුව පිරිමැදිය යුතුය. එසේ පිරිමැදීමෙන් සියයට 90 කට පමණ රෝගය සුවය ලැබේ.
අලුත උපන් දරුවකුගේ නම් රෝගය හඳුනාගත් දා සිට මාස 7 - 8 ක් යනතුරු අඛණ්ඩව කඳුළු නාළය පිරිමැදීමෙන් සුවය ලබා ගත හැකිය. ඉන් පසු ද රෝගය සුව නොවුණේ නම් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු වෙත ගිය විට කඳුළු නාළය සුද්ධ කරනු ඇත.
ළමයිනට ඇතිවන ග්ලූකෝමාව
ළමයින්ට ඇතිවන ග්ලූකෝමාව සංජානීය ග්ලූකෝමාව ලෙස හැඳින්වේ. ඇසේ පෝෂණය සඳහා අත්‍යවශ්‍ය වන අම්ය රසය (aqueous) තරලය ඇස තුළ නිපදවී ඇස තුළටම වෑස්සෙන තරලයකි. එම ස්රාවය වෑස්සෙන ස්ථානයෙහි පිහිටා ඇති තුනී පෙනේරයක් බඳු දැල අවහිර වීමෙන් ඇසේ තරලයෙහි පීඩනය වැඩි වේ. එසේ පීඩනය වැඩි වීමෙන් ග්ලූකෝමාව හට ගනී.
ඇසේ දෘෂ්ටි ස්නායුවට ඉන් හානි සිදු වේ. එවිට ඇස් අන්ධ භාවයට පත් විය හැකිය.
ග්ලූකෝමාව බහුලව හටගන්නේ අවුරුදු හතළිහෙන් ඉහළ පුද්ගලයන්ටය. වයස වැඩි වෙන විට ග්ලූකෝමාව ඇති වීමට ඇති ඉඩකඩ ද වැඩිය.
ග්ලූකෝමාව වර්ග දෙකකි.
Open Angle Type ග්ලූකෝමා තත්ත්වයේදී රෝග ලක්ෂණ නැත. එවැනි තත්ත්වයක් හඳුනා ගත හැක්කේ ඇස් පරීක්ෂාවකින් පමණි. අවුරුදු හතළිහෙන් පසුව ඇස් පරීක්ෂාවක් කර ගැනීම ඉතා වැදගත් වන්නේ නොදැනුවත්වම එවැනි අක්ෂි ආබාධවලට ඇතැම් විට ඔබ ගොදුරු වෙමින් සිටිනවා විය හැකි බැවිනි.
දෘෂ්ටිය පමණක් පරීක්ෂා කිරීමෙන් මෙවැනි රෝග තත්ත්වයක් හඳුනා ගත නොහැකිය. ග්ලූකෝමාවේදී පෙනීමෙහි විශාල වෙනසක් සිදු නොවේ. සිදුවන්නේ ඉතා සෙමෙන් පෙනීමේ පරාසය අඩු වී යාමයි. දෘෂ්ටි ස්නායුව මරණයට පත්වූ විට පෙනීම හොඳටම අඩු වී අන්ධ භාවයට පත් වේ.
Closed Angle Type ග්ලූකෝමාව බහුලව හටගන්නේ ස්ත්රීන්ටය. එම රෝගයෙහි රෝග ලක්ෂණ හඳුනා ගත හැකිය. ඉසරදය, වමනය, ඇස් රතු වීම, පෙනීම අඩු වීම, ආලෝකය බැලීමට අපහසුව, හා දේදුණු වර්ණ පෙනීම මෙහි රෝග ලක්ෂණ වේ. මෙයට හේතුව ඇගේ කළු ඉංගිරියාව ඉදිමීමය. වයස 40 - 50 අතර කාන්තාවන්ට බහුලව ඇති වේ. දින ගණනාවක් නොසලකා හැරියොත් අන්ධ භාවයට පත්වීමට ඉඩ තිබේ.
Open angle ග්ලූකෝමා තත්ත්වය සහිත රෝගීන්ට ජීවිතාන්තය දක්වා ඖෂධ ලබා දිය යුතුය.
නැතහොත් ශල්‍යකර්මයකට බඳුන් කළ යුතුය. එවැනි රෝගීන්ගේ ඇසේ පීඩනය අඩු කර අන්ධභාවය වළක්වාගෙන තිබෙන පෙනුම රැකගැනීමට පමණක් හැකිවේ. ශල්‍යකර්මයක් සිදු කළ හොත් ඖෂධ භාවිතයෙන් තොරව සිටීමට හැකිවේ.
උපතින්ම ඇස්වල ඇතිවන පීඩනය හේතුවෙන් ළමයින්ට ද ග්ලූකෝමාව ඇතිවිය හැකිය. ඇසේ ඉදිරිපස අම්යරසය සහිත දියරය පෙරී යන දැල අවහිර වීමෙන් ඇසේ පීඩනය වැඩි වීමෙන් ග්ලූකෝමාව ඇති වේ.
ඇස්වලින් කඳුළු ගැලීම, ඇස් නිතරම කඳුළින් පිරී තිබීම, දැකීමේ අපහසුව ආලෝකයට සංවේදී බව, කළු ඉංගිරියාව ලොකු වීම හා ක්‍රමයෙන් ඇස් විශාල වීම රෝග ලක්ෂණ වේ.
ලංකාවේ ලේ ඥාති විවාහ බහුලය. එවැනි විවාහයකින් ඉපැදෙන ළමයින් අතර ග්ලුකෝමාව බහුලව දක්නට ලැබේ.
කළු ඉංගිරියාව විශාලව පිහිටීම හා ඇස් ක්‍රමයෙන් විශාල වීම.
ඇතැම් විට දරුවකුගේ එක් ඇසක් අනෙකට වඩා ලොකුවට පිහිටීමට ඉඩ තිබේ. උපන් ගමන් වුවත් මේ තත්ත්වය හඳුනා ගත හැකිය. කළු ඉංගිරියාව සුදු පාටින් පිහිටා උපදින අවස්ථා ද වේ. මේ තත්ත්වය ශල්‍ය කර්මයක් මඟින් ස්ථිරවම සුව කළ හැකිය. ළමයා කුඩා යැයි ශල්‍ය කර්මය සිදු කිරීමට බිය වීමෙන් සිදු වන්නේ අන්ධ භාවයට පත් වීමය. ළමයින්ට මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ලේ ඥාති විවාහයි. ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් යන ජාතීන් තුන අතරම ඥාතින් අතර විවාහ බහුලව සිදු වීම නිසා ඉහත රෝග තත්ත්වය ද බහුලව ඇති වනු දැකිය හැකිය. වපරය අපේ රටේ “පින් වපරය” යැයි වරදවා වටහාගන්නා පිරිසක් ද වෙති. එය වාසනාවන්ත තත්ත්වයක් නොව අසාමාන්‍ය පිහිටීමකි. මෙවැනි තත්ත්වයක් දරුවා ඇස් ඇර බලන විටම හඳුනා ගත හැකිය. මෙය අත්‍යවශ්‍යයෙන්ම පරීක්ෂාවට ලක් කළ යුතු තත්ත්වයකි. වපරය ඇති ඇසේ පෙනුම අඩු වීමට ඉඩ තිබේ. ඇතැම් විට උපතේදීම වපරය හේතුවෙන් පෙනීම අඩු වීමට ඉඩ තිබේ.
වපරයක් සහිත දරුවකුගේ ඇස තුළ ඇතැම් විට පිළිකාවක් වැනි අසාධ්‍ය රෝග තත්ත්වයක් තිබීමට ඉඩ ඇත. එහෙයින් වපරය ඉතා ඉක්මනින්ම අක්ෂි රෝග විශේෂඥයකු වෙත පෙන්විය යුතු රෝග තත්ත්වයකි. වපරයක් ඇති දරුවා ඇස් දෙකක් ලෙස භාවිත කරයි. එක ඇහැකින් බලන්නට හුරු වීමෙන් ඇසේ ත්‍රිමාණ දෘෂ්ටියට හානි පමුණුවයි. ත්‍රිමාණ දෘෂ්ටිය යනු අප යම් කිසිවක් දකින විට එම වස්තුවෙහි නියම ප්‍රමාණය දැකීමය. එනම් එම වස්තුවේ හැඩය සහ එය පිහිටි දුර එකවර පෙනෙයි. ද්විමාන දෘෂ්ටියේදී වස්තුව දුටුවද එය පිහිටා ඇති දුර හරියටම තීරණය කිරීමට අපහසු වේ.
වපරයක් සහිත දරුවන්ගේ ඇස් අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතුය. බොහෝ විට උපැස් යුවළක් පැලඳීමෙන් වපරය නිවැරැදි කරගන්නට හැකි වේ. ඇතැම් විට ශල්‍යකර්මයක් මඟින් දෑස් කෙළින් කොට යථා තත්ත්වයට පත් කළ හැකි වේ. ව්‍යායාම මඟින් ද ඇතැමුන්ගේ ඇස්වල පෙනීම දියුණු කළ හැකිය. එහෙත් වපරය සුව කිරීමට ඖෂධ භාවිත නො කෙරේ.
ඇස්වල රෝගයක් හෝ වෙනසක් දුටු සැණින් වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසුය. ඇස්වල රෝග සඳහා අත් බේත් කිරීම හෝ යම් යම් දේ ඇස්වලට දැමීම ආබාධය තව තවත් උග්‍ර වී අන්ධභාවයට පත්විය හැකිය. දරුවාගේ ඇස් පිළිබඳ ඔබ සුපරීක්ෂාකාරී විය යුත්තේ ඇසේ වටිනාකම කුඩා දරුවන්ට ඒ තරමට නොවැටහෙන හෙයිනි.
වපරය පිනක් නොවේ පවක්
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ පද්මා ඉරුගල් බණ්ඩාර
උපතේදීම දරුවන්ට ඇතිවන ඇස් රෝගයක් වන්නේ ඇසේ කඳුළු නාළයේ අවහිරතාව (Nesolacrimal duct Obstruction) යි. දරුවකු ඉපදී සති කිහිපයකින් මෙය හඳුනා ගත හැකි වුවත් බොහෝ විට දරුවාට එවැනි රෝග තත්ත්වයක් ඇතැයි මව්වරුන් හඳුනා ගන්නේ බොහෝ කල්ගත වූ පසුවය.එවැනි තත්ත්වයක් ඇති දරුවන් ගේ ඇස්වලට නිතරම කඳුළු එයි. ඇස්වල කඳුළු පිරී තිබේ. වරින්වර ඇස්වලින් කබ ගලයි. මේ තත්ත්වය උෂ්ණයට සිදුවන්නකැයි බොහෝ මවුවරු වරදවා වටහා ගනිති. උෂ්ණය නැති වූ විට මෙය ඇරී යාවි යැයි සිතති. එහෙත් මේ රෝග තත්ත්වය නොසලකා හැරිය යුත්තක් නොවේ. කබ හේතුවෙන් ඇස්වලට විෂබීජ ඇතුළු වී ඇස් ආසාදනයට ලක්වේ. කබ ගැලවීමට යාමෙන් ඇස් තුවාල වීමට ඉඩ තිබේ. කඳුළු නාළ අවහිරතාව ඇතැම් විට දවස් ගණනක් පමණක් පැවැතිය හැකිය. සමහරවිට වසර පහක් හයක් කාලයක් වුව තිබිය හැකිය.

මෙම රෝගය ඉතා සරල පිළියමක් මඟින් සුවපත් කළ හැකිය. ඒ සඳහා ඇසේ කඳුළු නාළය වෛද්‍ය උපදෙස් අනුව පිරිමැදිය යුතුය. එසේ පිරිමැදීමෙන් සියයට 90 කට පමණ රෝගය සුවය ලැබේ.
අලුත උපන් දරුවකුගේ නම් රෝගය හඳුනාගත් දා සිට මාස 7 - 8 ක් යනතුරු අඛණ්ඩව කඳුළු නාළය පිරිමැදීමෙන් සුවය ලබා ගත හැකිය. ඉන් පසු ද රෝගය සුව නොවුණේ නම් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු වෙත ගිය විට කඳුළු නාළය සුද්ධ කරනු ඇත.
ළමයිනට ඇතිවන ග්ලූකෝමාව
ළමයින්ට ඇතිවන ග්ලූකෝමාව සංජානීය ග්ලූකෝමාව ලෙස හැඳින්වේ. ඇසේ පෝෂණය සඳහා අත්‍යවශ්‍ය වන අම්ය රසය (aqueous) තරලය ඇස තුළ නිපදවී ඇස තුළටම වෑස්සෙන තරලයකි. එම ස්රාවය වෑස්සෙන ස්ථානයෙහි පිහිටා ඇති තුනී පෙනේරයක් බඳු දැල අවහිර වීමෙන් ඇසේ තරලයෙහි පීඩනය වැඩි වේ. එසේ පීඩනය වැඩි වීමෙන් ග්ලූකෝමාව හට ගනී.
ඇසේ දෘෂ්ටි ස්නායුවට ඉන් හානි සිදු වේ. එවිට ඇස් අන්ධ භාවයට පත් විය හැකිය.
ග්ලූකෝමාව බහුලව හටගන්නේ අවුරුදු හතළිහෙන් ඉහළ පුද්ගලයන්ටය. වයස වැඩි වෙන විට ග්ලූකෝමාව ඇති වීමට ඇති ඉඩකඩ ද වැඩිය.
ග්ලූකෝමාව වර්ග දෙකකි.
Open Angle Type ග්ලූකෝමා තත්ත්වයේදී රෝග ලක්ෂණ නැත. එවැනි තත්ත්වයක් හඳුනා ගත හැක්කේ ඇස් පරීක්ෂාවකින් පමණි. අවුරුදු හතළිහෙන් පසුව ඇස් පරීක්ෂාවක් කර ගැනීම ඉතා වැදගත් වන්නේ නොදැනුවත්වම එවැනි අක්ෂි ආබාධවලට ඇතැම් විට ඔබ ගොදුරු වෙමින් සිටිනවා විය හැකි බැවිනි.
දෘෂ්ටිය පමණක් පරීක්ෂා කිරීමෙන් මෙවැනි රෝග තත්ත්වයක් හඳුනා ගත නොහැකිය. ග්ලූකෝමාවේදී පෙනීමෙහි විශාල වෙනසක් සිදු නොවේ. සිදුවන්නේ ඉතා සෙමෙන් පෙනීමේ පරාසය අඩු වී යාමයි. දෘෂ්ටි ස්නායුව මරණයට පත්වූ විට පෙනීම හොඳටම අඩු වී අන්ධ භාවයට පත් වේ.
Closed Angle Type ග්ලූකෝමාව බහුලව හටගන්නේ ස්ත්රීන්ටය. එම රෝගයෙහි රෝග ලක්ෂණ හඳුනා ගත හැකිය. ඉසරදය, වමනය, ඇස් රතු වීම, පෙනීම අඩු වීම, ආලෝකය බැලීමට අපහසුව, හා දේදුණු වර්ණ පෙනීම මෙහි රෝග ලක්ෂණ වේ. මෙයට හේතුව ඇගේ කළු ඉංගිරියාව ඉදිමීමය. වයස 40 - 50 අතර කාන්තාවන්ට බහුලව ඇති වේ. දින ගණනාවක් නොසලකා හැරියොත් අන්ධ භාවයට පත්වීමට ඉඩ තිබේ.
Open angle ග්ලූකෝමා තත්ත්වය සහිත රෝගීන්ට ජීවිතාන්තය දක්වා ඖෂධ ලබා දිය යුතුය.
නැතහොත් ශල්‍යකර්මයකට බඳුන් කළ යුතුය. එවැනි රෝගීන්ගේ ඇසේ පීඩනය අඩු කර අන්ධභාවය වළක්වාගෙන තිබෙන පෙනුම රැකගැනීමට පමණක් හැකිවේ. ශල්‍යකර්මයක් සිදු කළ හොත් ඖෂධ භාවිතයෙන් තොරව සිටීමට හැකිවේ.
උපතින්ම ඇස්වල ඇතිවන පීඩනය හේතුවෙන් ළමයින්ට ද ග්ලූකෝමාව ඇතිවිය හැකිය. ඇසේ ඉදිරිපස අම්යරසය සහිත දියරය පෙරී යන දැල අවහිර වීමෙන් ඇසේ පීඩනය වැඩි වීමෙන් ග්ලූකෝමාව ඇති වේ.
ඇස්වලින් කඳුළු ගැලීම, ඇස් නිතරම කඳුළින් පිරී තිබීම, දැකීමේ අපහසුව ආලෝකයට සංවේදී බව, කළු ඉංගිරියාව ලොකු වීම හා ක්‍රමයෙන් ඇස් විශාල වීම රෝග ලක්ෂණ වේ.
ලංකාවේ ලේ ඥාති විවාහ බහුලය. එවැනි විවාහයකින් ඉපැදෙන ළමයින් අතර ග්ලුකෝමාව බහුලව දක්නට ලැබේ.
කළු ඉංගිරියාව විශාලව පිහිටීම හා ඇස් ක්‍රමයෙන් විශාල වීම.
ඇතැම් විට දරුවකුගේ එක් ඇසක් අනෙකට වඩා ලොකුවට පිහිටීමට ඉඩ තිබේ. උපන් ගමන් වුවත් මේ තත්ත්වය හඳුනා ගත හැකිය. කළු ඉංගිරියාව සුදු පාටින් පිහිටා උපදින අවස්ථා ද වේ. මේ තත්ත්වය ශල්‍ය කර්මයක් මඟින් ස්ථිරවම සුව කළ හැකිය. ළමයා කුඩා යැයි ශල්‍ය කර්මය සිදු කිරීමට බිය වීමෙන් සිදු වන්නේ අන්ධ භාවයට පත් වීමය. ළමයින්ට මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ලේ ඥාති විවාහයි. ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් යන ජාතීන් තුන අතරම ඥාතින් අතර විවාහ බහුලව සිදු වීම නිසා ඉහත රෝග තත්ත්වය ද බහුලව ඇති වනු දැකිය හැකිය. වපරය අපේ රටේ “පින් වපරය” යැයි වරදවා වටහාගන්නා පිරිසක් ද වෙති. එය වාසනාවන්ත තත්ත්වයක් නොව අසාමාන්‍ය පිහිටීමකි. මෙවැනි තත්ත්වයක් දරුවා ඇස් ඇර බලන විටම හඳුනා ගත හැකිය. මෙය අත්‍යවශ්‍යයෙන්ම පරීක්ෂාවට ලක් කළ යුතු තත්ත්වයකි. වපරය ඇති ඇසේ පෙනුම අඩු වීමට ඉඩ තිබේ. ඇතැම් විට උපතේදීම වපරය හේතුවෙන් පෙනීම අඩු වීමට ඉඩ තිබේ.
වපරයක් සහිත දරුවකුගේ ඇස තුළ ඇතැම් විට පිළිකාවක් වැනි අසාධ්‍ය රෝග තත්ත්වයක් තිබීමට ඉඩ ඇත. එහෙයින් වපරය ඉතා ඉක්මනින්ම අක්ෂි රෝග විශේෂඥයකු වෙත පෙන්විය යුතු රෝග තත්ත්වයකි. වපරයක් ඇති දරුවා ඇස් දෙකක් ලෙස භාවිත කරයි. එක ඇහැකින් බලන්නට හුරු වීමෙන් ඇසේ ත්‍රිමාණ දෘෂ්ටියට හානි පමුණුවයි. ත්‍රිමාණ දෘෂ්ටිය යනු අප යම් කිසිවක් දකින විට එම වස්තුවෙහි නියම ප්‍රමාණය දැකීමය. එනම් එම වස්තුවේ හැඩය සහ එය පිහිටි දුර එකවර පෙනෙයි. ද්විමාන දෘෂ්ටියේදී වස්තුව දුටුවද එය පිහිටා ඇති දුර හරියටම තීරණය කිරීමට අපහසු වේ.
වපරයක් සහිත දරුවන්ගේ ඇස් අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතුය. බොහෝ විට උපැස් යුවළක් පැලඳීමෙන් වපරය නිවැරැදි කරගන්නට හැකි වේ. ඇතැම් විට ශල්‍යකර්මයක් මඟින් දෑස් කෙළින් කොට යථා තත්ත්වයට පත් කළ හැකි වේ. ව්‍යායාම මඟින් ද ඇතැමුන්ගේ ඇස්වල පෙනීම දියුණු කළ හැකිය. එහෙත් වපරය සුව කිරීමට ඖෂධ භාවිත නො කෙරේ.
ඇස්වල රෝගයක් හෝ වෙනසක් දුටු සැණින් වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසුය. ඇස්වල රෝග සඳහා අත් බේත් කිරීම හෝ යම් යම් දේ ඇස්වලට දැමීම ආබාධය තව තවත් උග්‍ර වී අන්ධභාවයට පත්විය හැකිය. දරුවාගේ ඇස් පිළිබඳ ඔබ සුපරීක්ෂාකාරී විය යුත්තේ ඇසේ වටිනාකම කුඩා දරුවන්ට ඒ තරමට නොවැටහෙන හෙයිනි.
සාකච්ඡා කෙළේ
සාගරිකා දිසානායක ජයසිංහ
සාගරිකා දිසානායක ජයසිංහ
හෘද රෝගියා අවදානමෙන් මුදාගන්නා ‘දෙවැනි පියවර’

හෘදයාබාධයක් ඇතිවී ප්‍රතිකාර ගැනීමෙන් පසුවත්, බයිපාස් සැත්කමකින් පසුවත්, කිරීට ධමනිය ආශ්‍රිතව සිදුකෙරෙන ශල්‍යකර්මයකින් පසුවත් හෘද රෝගියා සාමාන්‍ය තත්ත්වයකට පත්කිරීම ඉතාම පරිස්සමින් කළ යුත්තකි. ඒ සඳහා වන සුවිශේෂී වැඩපිළිවෙළක් කලෙක පටන් ජාතික රෝහලේ හෘද රෝග අංශයේ ක්‍රියාත්මක වේ. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු, මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු, හෙදියක, භෞතචිකිත්සකවරයකු, පෝෂණවේදියකු, ඖෂධ වේදියකු ඇතුළු පිරිසක් කණ්ඩායමක් ලෙස එකතුවී හෘද රෝගීන් යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියට දායකවේ.
හෘදයාබාධයක් හටගත් අයකුට හෝ හෘදය ආශ්‍රිතව ශල්‍යකර්මයක් සිදුකළ අයකුට මීට කලකට පෙර සම්පූර්ණ ඇඳ විවේකය ලබාදීම සිදුවිය. එහිදී රෝගියාට ඇඳටම වී සිටීමට නියම විය.
එහෙත් අද තත්ත්වය ඊට වඩා වෙනස්ය. වර්තමානයේදී හෘදය ආශ්‍රිතව සිදුකෙරුණු ශල්‍යකර්මයකින් පසුව සහ හෘදයාබාධයකින් පසුව එම රෝගියා යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා විශේෂිත භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම, ව්‍යායාම මෙන්ම වෙනත් ශිල්පීය ක්‍රමද යොදා ගැනේ. මෙහිදී රෝගියාට රෝහලේ දී දෙනු ලබන මූලික ප්‍රතිකාර, ශල්‍යකර්ම ආදිය “පළමු පියවර” ලෙස සැලකේ. “පළමු පියවරට” අයත් වැඩපිළිවෙළ රෝගියා වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ රෝගියා රෝහලේ ගතකරන කාලය තුළය. එහිදී සෑම රෝගියකු පිළිබඳව තනි තනිව අවධානය යොමු කෙරේ.
හෘදයාබාධයක් හටගෙන ප්‍රතිකාර ලබා සති දෙකකින්, කිරීටක ධමනි ආශ්‍රිතව ශල්‍යකර්මයක් සිදුකර සති දෙකකින්, බයිපාස් සැත්කමක් සිදුකර මාසයකින් පසුව රෝගියකු “දෙවැනි පියවර” ලෙස හඳුන්වනු ලබන වැඩසටහනට සම්බන්ධ කෙරේ. එහිදී රෝගියා පැමිණිය යුත්තේ නිවසේ සිටය. දෙවැනි පියවරේ දී හෘදයාබාධයක් සඳහා බලපානු ලබන අවදානම් සාධක ඉවත් කර ගැනීමට රෝගියාට උපදෙස් ලබා දෙනු ලැබේ. අවදානම් සාධක පිළිබඳව සැලකීමේදී වෙනස් කළ හැකි අවදානම් සාධක සහ වෙනස් කළ නොහැකි අවදානම් සාධක ලෙස කොටස් දෙකක් ඇත. දුම්බීම, අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය, තරබාරුකම ව්‍යායාම මඳකම සහ මානසික ආතතිය වැනි කරුණු වෙනස් කළ හැකි අවදානම් සාධක ලෙස සැලකේ. වයසට යාම, ස්ත්‍රී පුරුෂ බව, ජානමය බලපෑම ආදිය වෙනස් කළ නොහැකි අවදානම් සාධකයන්ය. දියවැඩියාව මේ දෙකටම අයත් සාධකයකි. වෙනස් කළ හැකි අවදානම් සාධකවලින් මිදී නැවත හෘදයාබාධයකට ලක්නොවී සිටීමට “දෙවැනි පියවරේදී” ලැබෙන ප්‍රතිකාර සහ උපදෙස් ඉතාම වැදගත්ය.
”දෙවැනි පියවර” ආරම්භ කිරීමට ප්‍රථම විනාඩි 6ක කාලයක් තුළ රෝගියාට ඇවිද යා හැකි දුර පිළිබඳව සොයා බැලේ. ඉන්පසුව නාඩි වේගය, රුධිර පීඩනය ගණනය කර එම විනාඩි 6ක කාලය ඇවිදීම රෝගියාට දැනුණු ආකාරය විමසා බැලේ. එසේම දෙවැනි පියවරට අයත් ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර හෘදයෙන් ශරීරයට සපයන රුධිරය ප්‍රමාණය ද පිළිබඳව ද සොයා බැලීමක් සිදු කෙරේ. එම අගය 40%කට වඩා වැඩි විය යුතුය. දෙවැනි පියවරට අයත් එම වැඩසටහන සෙනසුරාදා සහ බදාදා යන දෙදින තුළ දින 8ක් පුරා පැවැත්වේ. එම වැඩසටහනට රෝගියා පැමිණිය යුත්තේ ළඟම ඥාතියකු සමඟය. රෝගියාගේ රෝගී තත්ත්වය, ඔහුට ව්‍යායාම කිරීමට උදව් විය යුතු ආකාරය පිළිබඳව රෝගියාගේ ළඟම ඥාතීන් දැනුවත් වීම ඉතා වැදගත්ය.
මෙහිදී රෝගියාගේ වත්මන් තත්ත්වය පිළිබඳව ද ඥාතීන් දැනුවත් විය යුතුය. රෝගියාට වැඩ කළ හැකි ප්‍රමාණය පිළිබඳව නිවැරැදි අවබෝධයක් රෝගියාගේ ඥාතීන් විසින් ලබාගත යුතුය. බොහෝවිට හෘදයාබාධයකට ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව එම පුද්ගලයාට කිසිදු වැඩක් කිරීමට නිවැසියන් ඉඩ ලබා නොදේ. ඇතැම් විටෙක රෝගියා කතාකරන ප්‍රමාණය, ඇවිදින දුර පාලනය කිරීමට පවා නිවැසියෝ පෙලඹෙති.
එවිට රෝගියාගේ මානසික සහ ශාරීරික සුවතාව පහතට වැටේ. එසේම ඇතැම් විටෙක රෝගියාගේ තත්ත්වය ගනන් නොගෙන සිටීමට ද ඇතැම් ඥාතීන් පෙළඹෙති. “බයිපාස් එකක් කළ නිසා දැන් ඔයා අවුරුදු 10කින් තරුණ වෙලා. ඒ නිසා දැන් ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්” යැයි පවසන අවස්ථා ද ඇත.
ඉහත සඳහන් දෙආකාරයම වැරදිසහගතය. හෘදයාබාධයකට හෝ හෘදය ආශ්රිත ශල්‍යකර්මයක් කිරීමෙන් පසුව එම රෝගියාට කළ හැකි වැඩ ප්‍රමාණයක් ඇත. එම ප්‍රමාණය පිළිබඳව රෝගියා සහ නිවැසියන් විසින් අවබෝධයක් ලබාගත යුතුය.

විනාඩි 6ක ඇවිදීමකින් පසුව රෝගියාගේ වැඩ කිරීමේ හැකියාව හඳුනාගත හැකිය. “දෙවැනි පියවර”ට අයත් දින අට තුළ රෝගියාට සුදුසු ව්‍යායාම පිළිබඳව මූලික අවබෝධයක් ලබාදේ. හෘද රෝගියකුට සුදුසුම වන්නේ හුස්ම ගනිමින් කරනු ලබන ස්වායු ව්‍යායාමය. ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම එම ව්‍යායාමය. එයින් ඕනෑම අයකුට කළ හැකි පහසුම ව්‍යායාමය වන්නේ ඇවිදීමය.
හෘදයාබාධයකින් පසුව හෝ හෘද ආශ්‍රිතව ශල්‍යකර්මයකින් පසුව රෝගියාට කලක් ඇඳමතට වී සිටීමට සිදුවේ. කලක් එලෙස එක් තැන්ව සිටීම අත්පාවල ශක්තිමත් බව අඩුවීමට හේතු විය හැකිය. රෝගියා එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා අත් පා ශක්තිමත් කරන ව්‍යායාම රෝගියාට පුහුණු කෙරේ.
මෙහිදී රෝගියාට බරක ඔසවන අතරේ ව්‍යායාම කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ. බරක් ඔසවන ව්‍යායාම හෘද රෝගියකුට නුසුදුසු වුවද1 ඬඨ – 3 ඬඨ අතර බරක් සමඟ මාංශපේශීන් ශක්තිමත් කිරීමේ ව්‍යායාම කිරීම සුදුසු බව පෙනී ගොස් ඇත. එහිදී රෝගියාට තම නාඩි වේගය මැනගන්නා ආකාරය පිළිබඳව ද දැනුවත් කෙරේ.
සාමාන්‍යයෙන් හෘද රෝගියකුගේ සාමාන්‍ය නාඩි වේගයට වඩා 20ක් වැඩිවන තෙක් නාඩි වේගය වැඩිවීම ගැටලුවක් නැත. ඊට වඩා නාඩි වේගය වැඩිවන තෙක් ව්‍යායාම කිරීම නුසුදුසුය. දෙවැනි පියවරේ දී රෝගයට සම්බන්ධ විවිධ අංශයන් පිළිබඳව රෝගියා දැනුවත් කෙරේ. හෘදයේ ක්‍රියාකාරිත්වය, තමාට වැලඳී ඇති රෝගය, රෝගයට අදාළ අවදානම් සාධක, එම සාධක අවම කරගන්නා ආකාරය, ඒවා හඳුනා ගැනීමට කරනු ලබන පර්යේෂණ, රෝගියාට නියම කරනු ලබන ඖෂධ ආදී කරුණු රැසක් පිළිබඳවම රෝගියා දැනුවත් කෙරේ.
හෘද රෝගීන්ට දෙනු ලබන ඖෂධවල අහිතකර අතුරුඵල, ඒවා වළක්වා ගැනීමට ගත හැකි පියවර රෝගියා ගත යුතු ආහාර ආදිය පිළිබඳව ද රෝගියා දැනුවත් කෙරේ.
දෙවැනි පියවරේ දී කණ්ඩායමක් ලෙස ව්‍යායාම කරන විට තමා නැවත යථා තත්ත්වයට පත්වන බව රෝගියාට වැටහේ. එයින් රෝගියාට ලැබෙන ආත්මවිශ්වාසය රෝගියාගේ ක්‍රියාකාරකම් යථාතත්ත්වයට පත්වීමට ඉතාම ප්රයෝජනවත්ය. හෘද රෝගීන් සඳහා වන වැඩසටහනේ තුන්වැනි පියවරේ දී නැවත හෘදයාබාධයක් සෑදීමෙන් වැළකී සිටීමට ජීවිත කාලය පුරාම නිවසේදී කළ යුතු ව්‍යායාම පැවතිය යුතු ආකාරය පිළිබඳව රෝගියා මනාව දැනුවත් කෙරේ.
පියවර තුනකින් සමන්විත එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ හෘදයාබාධයකට ලක්වූ අයකුට හෝ හෘදය ආශ්රිත සැත්කමක් කළ අයකුට නැවත වරක් එම රෝගී තත්ත්වයට ගොදුරු නොවී සිටීමටය. එමෙන්ම රෝගියාගේ කායික සහ මානසික සුවය වඩාත් යහපත් කරගැනීම සඳහාය. ඊට අමතරව රෝගයට කලින් එම පුද්ගලයා යෙදුණු වැඩ කටයුතුවල යෙදීමට අවස්ථාව සලසාදීම රෝගය පිළිබඳව වගකීම රෝගියාටම ලබාදීම ද මෙම වැඩසටහනේ අරමුණු අතර වේ.
ඇතැම් විටෙක පවුලේ මුදල් උපයන්නා පියා පමණක් වූ විට පියා හෘදයාබාධයකට ලක්වුවහොත් පවුලේ සියලුම දෙනා ඉතා අසරණ වෙති. පවුලේ සියල්ලන්ගේ මානසික මට්ටම පහත වැටේ. එවැනි පුද්ගලයකු මෙම වැඩසටහනකට එක්වූ විට තමා වැනිම රෝගීන් විශාල පිරිසක් සමඟ එකට සිටීමට ලැබෙන නිසා මෙවැනි තත්ත්වයකට පත්වූ එකම පුද්ගලයා තමා නොවන බව රෝගියාට වැටහේ. එසේම යථා තත්ත්වයට පත්වූ අනෙක් අයමෙන් තමාට ද යථා තත්ත්වයට පත්විය හැකි බව රෝගියාට වැටහේ. එය ඉතා වැදගත් මානසික උත්තේජනයකි. වඩාත් වැදගත් වන්නේ හෘද රෝග ඒකකයෙන් ලැබෙන එම මඟපෙන්වීම අනුවම යමින් නැවත හෘදය ආශ්රිත ආබාධයක් ඇතිවීම වැළැක්වීමට ක්රියාකිරීමය.
Subscribe to:
Posts (Atom)